ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න මටත් හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහො…

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න මටත් හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි කරන්නං කියල ආසාවෙන් බාරගත්තට සබ් එක අධ්‍යාපන වැඩ අස්සේ කරන එක ලේසි වුණා..ඒ නිසා ඔයාලට මේක කලින් කරපු කළිදු වාසුක සහෝ සමීර සහො තරම් ඉක්මනින් දෙන්න හැකියාවක් ලැබුණෙ නෑ…හැමෝම බලන වටිනා කියන කතාවක් පරක්කු වෙලා දෙන්න වුණ එක ගැන මටම දුකයි.. ඒකට මං ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව…කියෙව්ව ඇති කෙලින්ම කතාවට බහිමු නේද..
කලින් එපියෙදි ඔයාලට මතක ඇති කතාව වෙනම පැත්තකට යොමු කරපු එපියක් තමයි කලින් එපිය කියන්නෙ..පුරාතන ජපානය කතාවට ගෙනල්ල අලුත්ම කෝණයක් කතාවට එක්කහු කලාය කීවොත් වඩාත් නිවැරදියි..ගිය සතියෙ එපියෙදි ඔයාලට මතක ඇති උද්‍යානය කෙලවරේ, මේව්ගේ කණ්ඩායම අහුවෙනව අලුත් නින්ජා කල්ලියකට …මේ කල්ලිය එයාලව අරං යනව අලුත්ම උද්‍යානයකට.. සමූරායිවරුන්ගෙ ලෝකයට..එහෙමත් නැත්තං ෂොගූන් වර්ල්ඩ් කියල තමයි මේ උද්‍යානය හඳුන්වන්නෙ..ඇත්තම කියනව නං මේ උද්‍යානය ගැන මුලින්ම ඉඟි කීපයක් දීල තිබුණ මුල්ම සීසන් එකේ අන්තිම එපියෙ..උදාහරණ විදිහට ගන්නව නං ඩොලෝස් මූලස්ථානයේ යම් යම් තැන්වල SW අකුරු කොටල තිබුණ..තව මූලස්ථානය ඇතුලෙ දකින්න තිබුණ සමුරායි ඇඳුම්..
ඔය විදිහට මේ 6 වෙනි උද්‍යානය ගැන පොඩි පොඩි ඉඟි දීලා තිබුණත් ගිය එපියෙ තමා හරියටම මේ අලුත් උද්‍යානය අපිට විවෘත වුණේ..
ඉතිං මේ සමුරායිවරුන්ගේ ලෝකයට ගෙනාපු මේව්ගේ කණ්ඩායම මේකෙ තියන කුඩා නගරයට රැගෙන යනව..මෙහෙදි තමා මෙයාලට අකානෙ කියන චරිතය මුණගැහෙන්නෙ..ඔයාලට මතක ඇතිනෙ මේ අකානෙ කියන කෙනා ප්‍රදේශයේ හිටපු හමුදාපතිවරයෙක් එක්ක ගනුදෙනුවකට එනව ඒත් පස්සෙ එයා අතින් හමුදාපතිවරයාගෙ චර පුරුෂයෙකු මැරෙනව..මේකට පලිය වශයෙන් හමුදාපතිවරය නින්ජලව දාලා අකානෙගෙ දුව සකුරව වගේම සබ්ජුගේට් නගරයටම හිටපු එකම සමුරායි වරයව පැහැරගන්නව..සටන අතරතුරදි මේව් මනස පාවිච්චි කරලා නින්ජා කෙනෙක්ට සියදිවි නහගන්න වැඩේ සලස්සපු හැටි ඔයාලට මතක ඇති, මේව් සහ අකානෙ එක්කහු වෙලා හමුදාපතිවරයගෙ කෑම්ප් එකට රිංගනව සකුරව බේරගන්න එතකොට තමා එයාල හොයාගන්න ලැබෙන්නෙ හමුදාපතිවරය ඉන්නෙ තුවාල වෙලා අස්ථාවර තත්වයේ කියල..අවසානයෙදි අකානෙ හමුදාපතිවරයව මරනව..ඒත් ඒවෙනකොටත් එයා පමා වැඩියි හමුදාපතිවරය අතින් සකුරා මැරිල..ඔන්න ඔහොම තමා කලින් එපිය ගෙවීගෙන ගෙවීගෙන ගියෙ..
අද කතාවෙදි මේව් ඇතුළු එයාගෙ කණ්ඩායම අකානෙට තමන්ගෙ දුවගෙ අන්තිම සමුදීම කරන්න උදව් කරල භූගත උමං මාර්ගයක් හරහා සමුරායි ලෝකයෙන් පිටවෙනව.. ආපහු බටහිර ලෝකයට එන මේව් එයාගෙ දුවව හොයාගන්නව අන්තිමේදි..ඒ වගේම මේ අතරෙදි අනික් පැත්තෙන් චාලට් සහ ඈශ්ලි පීටර්ව මේසාවට ගේනව..තවත් පැත්තකින් ඩොලෝරස් ඇතුළු එයාගෙ කණ්ඩායම එයාලගෙ පුපුරණ ද්‍රව්‍ය පුරවපු කෝච්චිය යොදාගෙන මේස් වලට එන්න පාර හදාගන්නව.,මේ වෙනකල් ආපු එපිසෝඩ් වලින් හොඳම එපිය කියන්න පුළුවන් මේක..ඒක හින්ද මං වැඩි යමක් කියන්න යන්නෑ මේ එපිය ගැන.. මොකද කීවෝත් රසය අඩුවෙනව..ඔයාලම බලාගන්න..ඒවගේම කියන්න ඕන ඊළඟ එපියෙ ඉඳන් මේ කතා මාලාව දිගටම අරං එන්නෙ හසන්න වික්‍රමරත්න සහෝ..ආය අහන්න දෙයක් සනිකව දෙයි බය වෙන්න එපා.. ඔන්න මං ගියා.. ජය වේවා…!!!….
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,392 downloadsDownload Westworld-S02-E06-1.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
27 comments
kkasthurisinghe
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි මචං.. ජය වේවා..!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
100
Sub eakata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bilesha Jayathunga
Thanks for Sub!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nilantha7
thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
niranga_gunawardhana
Thanks machan !!!
umesh@55
thanks sub ekata, jaya wewa ....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
sineth devapriya
හත්වෙනි එපියත් ආවෝ.....
Sanath Indika
thx broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chandima0
thanks bro sub ekata
suduu
sub ekata thanks broo..ash vs evil dead s3 ekai The Exorcist s2 ekatai sub eka diyan
asankahemantha1991
S2 එකේ e9 වෙනකම්ම ඇවිල්ල ඒ ටිකක්ටත් සබ් දෙන්න පුළුවන් ලොකු දෙයක්
E6 වෙනකම්ම සබ් දුන්න හැමෝටම
බොහොම ස්තුතියි .Dewadithya
Thanks!!
Nisal_R
Thanks bro
chanaka_naveen
thank you
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
AsithaDilruwan
ela saho thanks
suchroxx
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks....