Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E04] with Sinhala Subtitles | මොටෙන්ඩො [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 144 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හතරවන කතාංගය. පස්වෙන කොටසත් ඇවිත් තිබ්බට සතියක පරක්කුවෙන් හතරවන කොටස දෙන එක ගැන සමාව ඉල්ලනවා ඇත්තට තව දෙයක් කියන්න ඕනා, මෙම එක්ස් මෑන් කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහරියක් කතන බාශාවෙන්. ඒ හින්දා පෙර සීසන් මම බොහෝ විට උපසිරස…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 144 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ හතරවන කතාංගය. පස්වෙන කොටසත් ඇවිත් තිබ්බට සතියක පරක්කුවෙන් හතරවන කොටස දෙන එක ගැන සමාව ඉල්ලනවා

ඇත්තට තව දෙයක් කියන්න ඕනා, මෙම එක්ස් මෑන් කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහරියක් කතන බාශාවෙන්. ඒ හින්දා පෙර සීසන් මම බොහෝ විට උපසිරසි කලේ එහෙම.ඒවගේම ස්ටෝම් , බිස්ට් එහෙම කතා කරන්නේ තනිකර පොතේ ඉංග්‍රීසි. ලෝගන් උතුරු ඇමරිකානු ඉංග්‍රීසි. ගැම්බිට් මෙක්සිකානු මිශ්‍ර ඉංග්‍රීසි වගේම රෝග් අපි සරල බාශාවෙන් කියන සංකර ඉංග්‍රීසි, ජින් සහ එග්සෙවියර් උනත් එහෙමයි ටිකක් ඔරිජිනල් එංගලන්ත ඉංග්‍රීසි වලට බරයි. මෙම කතාමාලාවේ නිර්මාපකයෝ පවා එම චරිතවලට ආවේනික බාෂා රටාවක් යොදාගන්න උත්සාහ කළා කිව හින්දා මම ඒ ඒ චරිත වලට සුදුසු දෙබස් ක්‍රම තමා බාවිතා කලේ. ඇත්තටම සාමාන්‍ය චිත්‍රපට ඉංග්‍රීසි කතා කරන්නේ ජුබිලි පමණයි. මම සාමාන්‍ය කැමැත්ත ඒ ඒ චරිතවලට ආවේනික ලෙස වචන යොදා උපසිරසි හදන්න උනත් උපසිරසි බලන සමහර අයට ඒක නොගැලපෙන බව කි නිසා මෙම උපසිරසියේ සිට ඔයාලට වර්ග දෙකකින් උපසිරසි ෆයිල් ලැබෙනවා. ඒ සුපුරුදු මගේ ඒ ඒ චරිත අනුව උපසිරසි වචන යෙදු සාමාන්‍ය උපසිරැසිය සහ චරිතයට අනුව නොවන සාමාන්‍ය පොදු සරල චිත්‍රපට දෙබස් අකාරයේ ඉංග්‍රීසි ඇතුලත් සිම්ප්ලිෆයිඩ් උපසිරැසිය. ගොඩක් වෙලාවට බිස්ට් , ස්ටෝම් සහ ජින් ගේ දෙබස් තමා වෙනස් වෙන්නේ. ඉතින් ඔබට කැමති උපසිරැසිය තෝරාගෙන බලන්න

මේ කොටස නම් මෙම එක්ස් මෑන් කතා මාලාවේ දෙවන සීසන් එකේ එකොලොස්වන කොටස හා සම්බන්දයි. ඒ කොටස බලල නැහැ නම් පළමුව ඒක බලන්න කියල ඉල්ලා සිටිනවා. ස්ටෝම් සහ ෆෝජ් අතර අප්‍රකට ආදර සම්බන්දයෙ කුඩා කොටසකුත් මාවල් විශ්වයේ දරුණු සතුරෙකුගේත් ආගමනය මෙම කොටසේ සිදුවෙනවා.

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

1,392 downloadsDownload X-Men-Season-6-EP04.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles

Subtitles

1,392 downloadsDownload Subtitles34 KB

4 comments

  1. Nishan S Ariyarathna

    අනේ බොහොම ස්තුතියි ගොඩක් දවස් episode එක download කරලා බලාගෙන හිටියා..ඉක්මනට අනිත් එකත් දෙන්න සුද්දා ❤️❤️❤️ පරණ season වල වැඩ ඉවර වෙන්න langada ( season 4 & 5 ) ඒක හොඳයි අනේ අර උඹ / උඹලා කියල එහෙම කියද්දී අමුතු යි සමහර characters... දිගටම මේ අලුත් විදිහට ත‍් sub දෙන්න යාලු.... ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  2. Hasith

    1992- 97 series eke ithiru season 2 one

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.