කොහොමද ඉතින් ඔන්න ගෙනාවා මුලු යන්ග් ජස්ටිස් ලෝකයම උඩු යටිකුරුවෙලා යන එපියක්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවග…

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා මුලු යන්ග් ජස්ටිස් ලෝකයම උඩු යටිකුරුවෙලා යන එපියක්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.
මේක ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලා කොටස ගැන කතා කරලා ඉමුකො. ඕගොල්ලො දැක්කනේ බීට්ල්ගෙ මිතුරෙක් අතුරුදහන් වෙනවා. බීට්ල් ඒකට සැක කරන්නෙ එයාගෙ අම්මගෙ පෙම්වතාව.ඒත් එයා නිර්දෝෂයි කියලා ඔප්පු වෙනවනේ. ඔය අතරෙ කෙල්ලො ටික යනවා මෙහෙයුමකට. අර බෝම්බයට සමාන තාක්ෂණය හොයාගෙන බියාලියාවලට. ඒත් ඒගොල්ලො හිතන්නෙ සයිමන් එහෙ දැන් නැහැ කියලා. ඒත් සයිමන් එනවා. තව කල්ලියකුත් එනවා. ඒ කල්ලියේ අපි අදුනන කෙනෙක් ඉන්නවා. අර සීසන් 1එකේ බෙල් රේව් වල හිටිය ජූනියර්. මිස් මාර්ශන්ට ආදරය කළේ. ඒවගේම දැන ගන්නවා මේ කට්ටිය මිනිස්සුව පැහැරගෙන ඇවිත් ඒගොල්ලොන්ව හොරෙන් අදුනන්නනෙ නැති සහයෙකුට ප්‍රවාහනය කරනවා කියලා. ඒත් ඒ සහකයා කවුද කියලනම් දැනගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් ඒ සහයකයා තමා අර හතරවෙනි එපියෙදි රාක්ෂයව විනාශ කළේ. බීට්ල්ගෙ මිතුරාවත් පැහැරගෙන ඇවිත් තියෙන්නේ මෙයාලා තමා. ඒත් එයාව කෙල්ලන්ට බේරගන්න ලැබෙන්නෙ නැහැ. අනේ අවාසනාවන්! දැන් ඉතින් මේ කතාව එන්න එන්න හොද වෙනවා. අපි නොදන්න තැන් ගොඩක් දැන් තියනවා. ඒකෙන් ප්‍රධාන එක තමා මේ ආලෝකයේ අලුත් සහයකයා කවුද කියන එක.
අද කොටසට යමු. අද කොටසෙදි ෆ්ලෑෂ්ගෙ මුණුබුරා එනවා අනාගතෙන්. ඒත් කට්ටිය මුලින්ම මෙයා කියන මුකුත් විශ්වාස කරන්නෙ නැහැ. මෙයාගෙ නම තමා ඉම්පල්ස්. මේ අස්සෙ ෆ්ලෑෂ්ගෙ ලේ හොයාගෙන නියුට්‍රෝන් කියලා කෙනෙක් එනවා. ඒවගේම ෆ්ලෑෂ් නිවුන් දරුවන්ගෙ තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ. මේ මුණුබුරා එන්නෙ අනාගතෙන්නෙ. හැබැයි එ අනාගතේනම් හොද එකක් නෙවේ.ජස්ටිස් ලීගයක් නැති අනාගතක්!ෆ්ලෑෂ් කෙනෙක් නැති අනාගතයක්! ඉතුරු ටික කියන්නෙ නැහැ. ඒක ඕගොල්ලොම බලන්නකො. අදට යනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,586 downloadsDownload Young-Justice-S02E06.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
12 comments
Ishan Madusha
Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්...
denizshulz
thanks for sub. good luck.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAkilaV
Thanks bro.......
S03 balanna ewasillak nathiwa inneSandun777
උපසිරැසියට ස්තූතියි. Season 2 download කර ගන්න මන් උත්සහ කලා ඒත් හරි ගියෙ නැහැ. මට download කරගන්න links දෙන්න පුලුවන්ද?
denizshulz
thanks for sub.
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ