Watch Trailer

Young Justice : Invasion [S02 : E07] Sinhala Subtitles | ආර්ටිමිස්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා මුලු යන්ග් ජස්ටිස් ලෝකයම උඩු යටිකුරුවෙලා යන එපියක්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවග…

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා මුලු යන්ග් ජස්ටිස් ලෝකයම උඩු යටිකුරුවෙලා යන එපියක්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.

ගිය කොටස ගැන පොඩ්ඩක් කියමුකො.ෆ්ලෑෂ්ගෙ මුණුබුරා අනාගතේ ඉදන් ආවා. ඒවගේම චෙශරුයි ස්පීඩියි ඇත්තම රෙඩ් ඇරෝව හොයාගත්තා. ඒත් එයාගෙ එක අතක් නැහැ. ඒ ඇත්තම ස්පීඩිව හිර කරලා තියෙන්නේ ටිබෙට්වල. ඒවගේම අයිරිස් ප්‍රෙග්නන්ට් වෙනවා. එතකොට ඉම්පල්ස් කියනවා එයාගෙ බඩේ ඉන්නෙ නිවුන්නු කියලා. ඒවගේම ඔය අස්සේ ෆ්ලෑෂ්ගෙ ලේ හොයන කෙනෙකුත් එනවා නියුට්‍රෝන් කියලා. එයාව කොහොමහරි නවත්වනවා. අන්තිමට ඉම්පල්ස් ආපහු අනාගතේට යන්න හදද්දි තමා දැනගන්නෙ එයාගෙ කාල යන්ත්‍රෙ පිච්චිලා කියලා. ඒක හින්දා එයා අතීතයේ හිරවෙනවා..ෆ්ලෑෂ්ට එයාගෙ මුනුබුරුත් එක්ක ඉන්න වෙනවා. ඒත් පස්සෙ තමා ඕගොල්ලො දැනගන්න ඇත්තෙ ඉම්පල්ස් දන්නවාකියලා අතීතෙට ආවොත් එයාට ආපහු අනාගතේට යන්න බැහැ කියලා. එයා ඉන්න අනාගතේ හරිම අමුතුයි. ෆ්ලෑෂ් මැරිලා. මවුන්ට් ජස්ටිස් එක විනාශවෙලා. මුලු ලෝකෙම අවුල්ජාලාවක් වෙලා. .ඒවගේම ඉම්පල්ස් මේ කරන වැඩෙන් කාල ප්‍රවාහයේ අවුලක් වෙනවා. ඒ කියන්නෙ ෆ්ලෑෂ්පොයින්ට්. ඒවගේම මෙයා අතීතෙට යන්නෙ අර නියුට්‍රෝන් නැත්නම් ෆ්ලෑෂ්ගෙ ලේ ඉල්ලලා එන කෙනා ෆ්ලෑෂ්ව මරන එකෙන් නවත්වන්න. ඒවගේම අනාගතේදී එයාට අතීතයට යන්න උදව් කරන්නෙත් ඒ නියුට්‍රෝන්ම තමා. එයා හදන්නෙ එයාගෙ අතින් ෆ්ලෑෂ්ව මැරිලා වෙච්ච වැරැද්ද හදාගන්න.

අපි අද කොටසට යමු. අගහරුයි අපේ ලෝකයයි අතර සන්නිවේදනය කරන්න සැටලයිට් එකක් දියත් කරන්න ලෑස්තිවෙනවා. අද මෙහෙයුම වෙන්නෙ ටීම් එකට. ඒ සැටලයිට් එක දියත් කරනකන් ඒක සුරකින එක. මේකට ආර්ටිමිසුත් එනවා. ඒත් වොලී ඒකට කැමතිවෙන්නෙ නැහැ. එයාට ඕනෙ දැන් මේ හැමදේන්ම ඈත්වෙලා ඉන්න. ඒත් බ්ලැක්මැන්ටයි, ඇක්වාලෑඩුයි එනවා මේ සැටලයිට් එක නවත්වන්න. එතකොට වෙන සටනකින් ආර්ටිමිස් මැරෙනවා. ඇක්වාලෑඩ් අතින්. ඔන්න ඔච්චරයි කියන්නේ අදට. ඒවගේම මේ කොටස අවසානයේ ලොකූ රහසක් එළිවෙනවා. ඒක දැනගන්න මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,702 downloadsDownload Young-Justice-S02E07.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,702 downloadsDownload Subtitles16 KB

11 comments

  1. denizshulz

    සබ් එකට තෑන්ක්ස්. සීසන් 3 එකත් ඉක්මනටම දෙන්න. ඔබය ජය!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. Eranga23

    Gdk thnx sub ekata..
    Episode tika bala gdk kal bln hitiya sub danakan
    Parakku wela hari sub dunnu ekatanm gdk pin...
    Digatama sub denna ..☺️☺️

  5. menuka1

    supiriiiiii

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..

  8. Ayesh Prashan

    Thank You

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  11. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.