Watch Trailer

Young Justice : Invasion [S02 : E09] Sinhala Subtitles | බිඳ වැටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරන් ආවා. තව කොටස් 11 යි තියෙන්නේ. එතකොට සීසන් 2 එක ඉවරයි. ඊටපස්සෙ සීසන් 3තමා ඉතින් තියෙන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එ…

කොහොමද ඉතින්? ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරන් ආවා. තව කොටස් 11 යි තියෙන්නේ. එතකොට සීසන් 2 එක ඉවරයි. ඊටපස්සෙ සීසන් 3තමා ඉතින් තියෙන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.

අපි ඉතින් පහුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරමු එහෙනම්.ඇත්තම ස්පීඩි රෝහලක ප්‍රතිකාර ගන්නවනේ. එයාට ග්‍රීන් ඇරෝයි රෝයියි ඇත්ත කියනවා. ඇත්ත කියන්නෙ එයාට වෙච්ච දේ. අවුරුදු 8 කට කලින් ස්පීඩි ලෙක්ස්කෝර්ප් එකේ මූලස්ථානයක් විමර්ශනය කරමින් සිටියදී එයාව ලෙක්ස් අල්ලගන්නවා. ඇත්තටම කිව්වොත් පැහැරගන්නවා. ලෙක්ස් විතරක් නෙවේ මේකට සම්බන්ධ. ආලෝකයත් සම්බන්ධයි. ඊට පස්සෙ වෙච්ච කිසිම දෙයක් ස්පීඩිට මතක නැහැ. ඊට පස්සෙ ඇරෝයි රෝයියි කියනවා මිනිස් ක්ලෝන සෑදීමේ ක්‍රියාවලියට ඕනෙ DNA සපයාගැනීම සදහා ලෙක්ස් ස්පීඩිගේ අත කැපුවා කියලා. ඊට පස්සෙ ස්පීඩිව ටිබෙට්වල හිරකරලා තියනවා. මේක අහපු ගමන් ස්පීඩිට කේන්ති යනවා. එයා ග්‍රීන් ඇරෝට බනිනවා තමන් ගැන හෙව්වෙ නැත්තෙ ඇයි කියලා. ඊට පස්සෙ ස්පීඩි හොරෙන්ම රෝහලෙන් පැනලා යනවා ලෙක්ස්ගෙන් පළිගන්න. අන්තිමට ලෙක්ස් ස්පීඩිට බොරුඅතක් දෙනවා. අයුධ සන්නද්ද අතක්. ස්පීඩි ඒක අරන් ලෙක්ස්ව මරන්නෙ නැතුව ඉන්නවා. ඔය අස්සෙ සුපීගෙ උපන්දිනේ. සුපීට විශ් කරන්නෙ වෙන්ඩි විතරයි. මිස් මාර්ශන් විශ් කරන්නෙ නැහැ.එහෙන් රොකට් බදින්න යනවා. ඕවා ඔහෙම වෙද්දි ස්පීඩි තමන්ගෙ නම වෙනස් කරනවා ආර්සනල් විදිහට.

හරි අපි අද කොටස බලමුකො. දැන් ආර්ටිමිස්, ඇක්වාලෑඩ්ගෙ යානයේ ටයිග්‍රස් විදිහට ඉන්නවා. ඒත් තාම යානයේ කට්ටියටයි, ආලෝකයේ කට්ටියටයි ඇක්වාලෑඩ් ගැන සැකයි. එයා තාම වෙනස් වෙලා නැහැ කියලයි සමහර අය හිතන්නේ. ඒක හින්දා තම්න් දැන් වෙනස් වෙලා ඉන්නෙ කියලා ඔප්පු කරන්න ඇක්වාලෑඩ්ට වෙනවා යුක්තියේ කන්ද පුපුරන්න සහ බීට්ල්ව අල්ලගෙන එන්න. දැන් මොනා වෙයිද?බලන්නකො. මේකනම් මගාරින්න හොද කොටසක්නම් නෙවේ. ඔන්න කිව්වා. දහවෙනි කොටසෙන් හම්බුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,349 downloadsDownload Young-Justice-S02E09.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,349 downloadsDownload Subtitles17 KB

8 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    subata thanks

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Ayesh Prashan

    Thank You

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  8. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.