Watch Trailer

Young Justice : Invasion [S02 : E10] Sinhala Subtitles | ආක්‍රමණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 10 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 10 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.

අපි ගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. දැන් ඕගොල්ලො දන්නවනේ ලගාන් ඉන්නෙ ඇක්වාලෑඩ් එක්ක කියලා. අර ආර්ටිමිස්ව මරපු කෝටසෙදි ඇක්වාලෑඩ් ලගාන්ව අල්ලගත්තා. දැන් ඉතින් ඇක්වාලෑඩ් හිතාගෙන ඉන්නෙ එයාගෙ පක්ෂපාතීත්වය තාත්තට තේරිලා කියලා. මොකද තමන්ගෙම ටීම් එකේ එක්කෙනෙක්ව මැරුවා .තව එක්කෙනෙක්ව අල්ලගත්තා. ඒත් බ්ලැක් මැන්ටා ඒක තේරුම් ගත්තට, අනිත් අයට තාම ඇක්වාලෑඩ් ගැන සැකයි. ඒගොල්ලොන්ට තවත් සාක්ෂි ඕනෙ වෙනවා ඇක්වාලෑඩ් ඉස්සර කෙනා නෙවේ කියලා පෙන්නන්න. ඒක හින්දා මේ පාර ඇක්වාලෑඩ්ට සීද්ද වෙනවා බීට්ල්ව අල්ලගෙන එන්න. කොහොමහරි ඉම්පල්සුයි බීට්ලුයි යනවා කාලෙ ගත කරන්න. ඔය අතරෙ බීට්ල්ව හොයාගෙන ඇක්වාලෑඩ් සහ එයාගෙ කට්ටිය එතනට එනවා. ඔය කට්ටිය අතරෙ ආර්ටිමිසුත් ඉන්නවා. එයා දැන් ඉන්නෙ ටයිග්‍රස් විදිහටයි. ඔය අස්සෙ සටනකුත් යනවා. ඉම්පල්ස් අර බීට්ල්ව හොයාගත්ත උපකරණය උදුරගන්නවා ඇක්වාලෑඩ්ගෙන්. ඊට පස්සෙ ඒකත් අරන් බීට්ල් එක්ක ,ඇක්වාලෑඩ්ගෙන් බේරිලා යුක්තියේ කන්දට යනවා. නයිට්වින්ග්ට ඒ උපකරණය දුන්නහම නයිට්වින්ග් දෙන්නටම බනිනවා ඇයි නාදුනන පිටසක්වල තාක්ෂණයක් ගුහාවට ගෙනාවේ කියලා. මේ උපාය ඇක්වාලෑඩ් දාපු එකක් ඕනෙකමින්ම. අර ඉම්පල්ස් ගුහාවට ගෙනිච්ච උපකරණයෙන් ගුහාවේ තියන සියලුම ආරක්ෂක පද්ධති ටික අඩපණ වෙනවා. ඊට පස්සෙ ඇක්වාලෑඩ් ඇතුළු කට්ටියම ගුහාවට එනවා.සටනකින් පස්සේ බීට්ල්වයි, බීස්ට් බෝයිවයි, ඉම්පල්ස්වයි අල්ලගෙන යනවා. ඒ අතරෙ කන්දෙ බෝම්බයක් හයිකරලා යනවා. ඒ බෝම්බය අර මලීනා දූපත විනාශ කරපුම වර්ගයේ බෝම්බයක්. ඊටපස්සේ ඇක්වාලෑඩ් යුක්තියේ කන්ද පුපුරවනවා. දැන් ඉතින් බ්ලැක් මැන්ටාට මාර සැටිස් .මොකද මේකෙන් නම් ඇක්වාලෑඩ්ගේ පක්ෂපාතීත්වය හෙළිවෙනවනෙ. මොකද යුක්තියේ කන්ද පුපුරවලා, තවත් තුන්දෙනෙකුත් පැහැරගෙන ආවා. ඊට පස්සෙ මැන්ටා, ඇක්වාලෑඩ්ව ආලෝකයට හදුන්වලා දෙනවා. ආලෝකයේ ඉන්න අය කියනවා ඇක්වාලෑඩ්ට ආලෝකයේ අලුත් සාමාජිකයා හදුනාගන්න දැන් තමා වෙලාව කියලා. ඔය අතරෙ මෙල් ගුහාවේ හිටපු නයිට්වින්ග්වයි, සුපර් බෝයිවයි බේරගන්නවා. ඊටපස්සෙ ඒගොල්ලො යුක්තියේ ශාලාවට යනවා. ඊටපස්සේ කිඩ් ෆ්ලෑෂ් එනවා සිදුවූ දේ ආරංචි වෙලා. එතකොට තමා දැනගන්නේ නයිට්වින්ග්ට ඒ සටන අතරතුර ඇක්වාලෑඩ් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් දීලා කියලා. ඒකේ සිද්ද වෙන දේවල් වල සියලුම තොරතුරු තියනවා. ඒත් කිඩ් ෆ්ලෑෂ්ට මේක ගැන තරහයි. එයා කියනවා නයිට්වින්ග්ට, ඇක්වලෑඩ් සමහරවිට ඇත්තටම පාවලා දෙන්නෙක් වෙන්න පුලුවන් කියලා.

ඔන්න එහෙනම් අද කොටසට යමු.අද එක බැලුවෙ නැත්නම් ඉතින් වැඩක් නැහැ. අද එකේ තමා ඇත්තම ආක්‍රමණය පටන්ගන්නේ. ඕගොල්ලොන්ට මේක බැලුවොත් ආලෝකයේ අලුත් සාමාජිකයා කවුද කියලා හොයාගන්න පුලුවන්. ඒවගේම ඉම්පල්ස් අතීතෙට ආපූ ඇත්තම හේතුව බ්ලූ බීට්ල් කියන්නේ අපි හිතන් ඉන්න ජාතියේ කෙනෙක් නම් නෙවේ. ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,451 downloadsDownload Young-Justice-S02E10.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,451 downloadsDownload Subtitles15 KB

9 comments

  1. V.T.Piyumal

    Thanks bro sub ekata! Jaya wewa!!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Ayesh Prashan

    Thank You

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  9. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.