ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
අපිගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.අපි දැනගත්තා ආලෝකයේ අලුත්ම සාමාජිකයා කවුද කියලා. ඒ තමා රීච්. ඒවගේම රීච් එක්ක බ්ලැක් බීට්ල් කෙනෙකුත් ඉන්නවා. හෙනම ලොකු ගොඩක් බලවත්. ඒවගේම අර කට්ටියව පැහැරගන්නෙත් මේ රීච්ලට දෙන්න තමා. ඒගොල්ලො බල තියන අය සහ නැති අයව පැහැරගෙන ගිහිල්ලා,ඒගොල්ලො තුළ තියන පශ්ම-ජානය ගැන පරීක්ෂණ කරනවා. මේ පශ්ම ජානය කියන්නෙ මොකක්ද කියලා අද කොටසෙන් ඕගොල්ලොන්ට වැඩියෙන් දැනගන්න ලැබෙයි. ඔන්න රොබිනුයි, බැට් ගර්ලුයි බම්බල් බීයි අර පැහැරගත්ත ළමුන් ඉන්න පෙට්ටියකට හොරෙන් පනිනවා. ඊට පස්සෙ මේ කට්ටියවම ප්‍රවාහනය කරනවා රීච්ලගෙ යානයකට. ඒ පස්සෙ කණ්ඩායමේ අනිත් අය යනවා. ඊට පස්සෙ ඉතින් ලොකු ලොකු සටන් යනවා. මිස් මාර්ශන්ට් ට ඇක්වාලෑඩ්ව අහුවෙනවා. ඊටපස්සෙ මාර්ශන් ඇක්වාලෑඩ්ට මනසින් පහර දෙනවා. එතකොට එයා ඔක්කොම ඇත්ත දැනගන්නවා. ඇක්වාලෑඩ් මැරිලා නැතිවගත් දැනගන්නවා. කොහොමහරි ටීම් එක බීස්ට් බෝයිවයි, ඉම්පල්ස්වයි, බීට්ල්වයි බේරගන්නවා. ඕකෙදි ඉම්පල්ස් ලොකු ඇත්තක් බීට්ල්ට එළි කරනවා. ඉම්පල්ස් අනාගතේ ඉදන් අතීතෙට ආපු හේතුව තමා බ්ලූ බීට්ල්. කවදහරි අනාගතේ දවසක රීච්, බීට්ල්ව පාලනය කරන්න ගන්නවා. ඊටපස්සෙ බීට්ල් මනුස්ස වර්ගයා පාවලා දෙනවා. ඊටපස්සෙ බීට්ල් ලෝකෙ, හිටිය දරුණුම කෙනා බවට ඉතිහාසගත වෙනවා. ඉම්පල්ස් ඇවිල්ලා තියෙන්නේ මේකෙන් බීට්ල්ව නවත්වන්න. ඒවගේම බීට්ල්ගෙ කුරුමිණියා හදලා තියෙන්නේ ටෙඩ් කෝර්ඩ් නෙවේ.රීච් එක!! ඒ කියන්නේ බ්ලූ බීට්ල් කියන්නේ රීච්ලගෙන් කෙනෙක්. කොහොමහරි ඕගොල්ලො දකින්න ඇති බ්ලැක් බීට්ල්ව පරාද කරන්න අමාරුයි කියලා. මිනිහා සුපිරි බලවත්. කොහොමහරි බීල්ට් එයාත් එක්ක සටන් කරලා එයාගෙන් බේරෙනවා. කොහොමහරි කණ්ඩායම පණපිටින් බේරිලා යානයෙන් එනවා. දැන් ඉතින් රීච්ලා ආක්‍රමණය පටන් අරන්නේ තියෙන්නේ. ලීගය යනවා මේක ගැන ජනතාව දැනුවත් කරන්න. ඒ කියන්නේ පරිස්සම් වෙන්න,ආක්‍රමණය පටන් අරන් තියෙන්නේ කියන්න. ඒත් ඒගොල්ලො පරක්කු වැඩියි. රීච්ලා එක්සත් ජාතීන්ගේ ලේකම් හමුවෙලා කියනවා , ඒගොල්ලො ආවෙ සාමය උදෙසා කියලා. ලේකමුත් ඒක පිළිගන්නවා. ඔන්න ඉතින් ලීගයට මුකුත් කරන්න බැරිවෙනවා. රීච් හැමෝටම වඩා ඉස්සර වෙනවා.
ඔන්න අද කොටස කනෑරි ඔක්කොම පැහැරගත් අයගෙන් ප්‍රශ්න කරනවා යම් තොරතුරක් දැනගන්න එහෙන් යුක්තියේ ශාලවට පිටසක්වල ජීවියෙක් පහරදෙනවා. එයා මණ්දාකිණි ශූරයෙක්. එයා පෘථිවියට ඇවිත් තියෙන්නේ එයා ශක්තිමත් කියලා ඔප්පු කරන්න. ඕගොල්ලො මේ කොටස බලලා ඇඩි විස්තර දැනගන්නකෝ. ඔන්න අදට යනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,530 downloadsDownload Young-Justice-S02E11.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
8 comments
Kulanjana Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Ayesh Prashan
Thank You
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


subata thanks