ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
අපි සුපුරුදු පරිදි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. අපි දැක්කා රීච් කොච්චර කපටීද කියලා. ඒගොල්ලො මිනිස්සුන්ට පෙන්නන්නේ ඒගොල්ලො හරි හොද කට්ටියක් කියලා.ඉතින්. අර ගොන් ගොඩ්ෆ්රේත් ඒකට උල්පන්දම් දෙනවා. එයා ඉතින් කොහොමත් දැක්කේ ලීග් එකේ වැරදිනේ. ඒත් කොහොමහරි කැප්ටන් ඇටම් කියනවා ලේකම් ට්සෙන්ග්ට, රීච් එක මිනිස්සු පැහැරගත්තා කියලා. ඒත් රීච් එකේ තානාපති කියනවා, ඇටම් බොරු කියන්නේ. පුලුවන්නම් ඔප්පු කරන්න කියලා. ඔප්පු කරන්න ඉතින් සාක්ෂි නැහැනෙ. ඉතින් කැප්ටන් ඇටම් අසරණ වෙනවා. ඔය අස්සෙ යුක්තියේ ශාලාවට පිටසක්වල ජීවියෙක් කඩා වදිනවා. එයාට ඕනෙ වෙන්නෙ හැම ලෝකෙකටම ගිහින්. ඒ ලෝකෙ ඉන්න ශක්තිවන්තම අයත් එක්ක සටන් කරලා තමන් ශක්තිවන්තම කියලා ඔප්පු කරන්න. ඉතින් ඔන්න ඔතනදි ලොකු සටනක් යනවා. කොහොමහරි ඉතින් කණ්ඩායම දිනනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට යුක්තියේ ශාලාව කඩා වැටෙනවා. අහෝ!! යුක්තියේ කන්දත් ඉවරයි, යුක්තියේ ශාලාවත් ඉවරයි. ඔය අතරෙ රීච් එළි කරනවා මුලු ලෝකයාටම වොට්ච්ටවර් එක ගැන. ඒක ලීග් එකේ රහසක්. ඒක ගැන සාමාන්‍ය ජනතාව දන්නෙ නැහැ. දැන්, ඉතින් ලීගය ගැන ජනතාවට තවත් එපා එයි. ඔය අතරෙ, නයිට්වින්ග් අර යුක්තියේ කන්දෙ නැවතිලා ඉන්න බීස්ට් බෝයිට, මිස් මාර්ශන්ට,සුපර් බෝයිට තාවකාලික නවාතැන් පොළක් දෙනවා. දැන් අපි දන්නවා නේ බ්ලූ බීට්ල්ගෙ කුරුමිණියා හදලා තියෙන්නේ රීච් එක කියලා. බ්ලූ බීට්ල් ලීග් එකටයි, කණ්ඩායමටයි අන්තිමටම කියනවා අනාගතේ වෙනදේ. ඒවගේමත් කියනවා කුරුමිණියාව එයාගෙ ඇගෙන් අයින් කරන්න කියලා…!!!!
අපි අද කොටසට යමු. අද කොටසේ ලෙක්සුයි, රීච්ලයි එකතු වෙලා අලුත් ගොවිපොළක් පටන් ගන්නවා. ඉතින් කණ්ඩායමේ කට්ටියක් යනවා එතන විමර්ශනය කරන්න. ඔතනින් එහා කියන්නෙ නැහැ. තව බීට්ල් කෙනෙකුත් එනවා මේ කොටසෙදී.පස්සෙ හමුවෙමු !!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,541 downloadsDownload Young-Justice-S02E12.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
9 comments
රොයිලි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Kulanjana Maduranga
subata thanks saho....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
THANKSSSSSSSSSS
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P