ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
ඔන්න එහෙනම් අපි බලමු ගිය කොටසෙ මොනාද වුණේ කියලා…අපි දැක්කා මුලින්ම ඇටමුයි, බම්බල් බීයි, බ්ලූ බීට්ල්ගේ ඇග ඇතුළට ගිහින් අර කුරුමිණියාව ඇගෙන් අයින් කරන්න හදන වග. ඒත් ඒක ඒගොල්ලොන්ට කරන්න බැරිවෙනවා. ඒ කුරුමිණියාව කපද්දී, ඌ උගේම ප්‍රතිදේහ නිපදවනවා. ඒනිසා ඇටම්ටයි, බම්බල් බීටයි වැඩේ සම්පූර්ණ කරන්න බැරිවෙනවා. ඒගොල්ලො ආපහු එනවා කිසිම ජයග්‍රහණයකින් තොරව. ඊටපස්සෙ ඇටම් බීට්ල්ට කියනවා,එයා නම් හිතන්නේ, බීට්ල් ජීවතුන් අතර සිටිනකන් කුරුමිණියාව ඉවත් කරන්න බැරිවෙයි කියලා. ඔය අතරෙ, ලෙක්සුයි රීච්ලයි එකතු වෙලා ගොවිපොළක් පටන් ගන්නවා. ඊටපස්සෙ නයිට්වින්ග් ඉම්පල්ස්ටයි, බ්ලූ බීට්ල්ටයි, රොබින්ටයි, ආර්සනල්ටයි කියනව ගොවිපොළ ගිහින් විමර්ශනය කරන්න කියලා. මොකද ලෙක්සුයි රීච්ලයි එකතුවෙනවා කියන එක හොද ප්‍රවෘත්තියක් නොවන නිසා. ඊටපස්සෙ මේගොල්ලො යනවා. ගිහින් රීච්ලගෙ ආකලන ටිකකුත් හොරකන් කරනවා. ඊටපස්සෙ මේගොල්ලොන්ට මුහුණ දෙන්න වෙනවා බ්ලැක් බීට්ල්ට. ඕගොල්ලො දහවෙනි කොටස බැලුවනම්, දන්නවා බ්ලැක් කොච්චරනම් බලවත්ද කියලා. ඉතින් මේ කට්ටියට ලේසිවෙන්නෙ නැහැ. දෙයියන්ට කියන්න,මේගොල්ලොන්ගෙ උදව්වට තවත් කෙනෙක් එනවා බීට්ල් කෙනෙක්. කොළ පාට. ග්‍රීන් බීට්ල්. ග්‍රීන් බීට්ල් කියන්නෙ අගහරු ජීවියෙක්. ඒක හින්දා එයාට මිස් මාර්ශන්ට තියෙන ඔක්කොම බල තියනවා. ඊටපස්සෙ මේගොල්ලො, බ්ලැක්ව තාවකාලිකව සිහිය නැති කරලා පැනගන්නවා. ඊටපස්සෙ ඉතින් ග්‍රීන් එයාගෙ කතාව කියනවා කණ්ඩායමට. ගිය කොටස බලපු අය ඒක දැනගන්න ඇතිනේ. අන්තිමට ලෙක්ස් සැවේජ්ට කියනවා, අපි අපේම කණ්ඩායමක් හදන්න ඕනෙ කියලා.
අපි අද කොටසට යමු. ඕගොල්ලො දහවෙනි කොටස බැලුවනම් දන්නවනේ, මිස් මාර්ශන්, ඇක්වාලෑඩ්ගේ මනස පිච්චුවා කියලා. ගිය කොටස දැක්කානම් ඕගොල්ලො දකින්න ඇති,ඒක හරිගස්සන්න සයිමන් එනවා කියලා. ඒත් සයිමන්ට වැඩේ වරදිනවා. බලන්න ඒ කොහොමද කියලා. ඒක හින්දා ඇක්වාලෑඩ්ගේ මනස හරිගස්සන්න මිස් මාර්ශන්ව පැහැරගෙන එන්න කියලා මැන්ටා, ටයිග්‍රස්ට කියනවා. එහෙනම් අදට යනවා ..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,415 downloadsDownload Young-Justice-S02E13.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
7 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...සබ් එකට තැන්ක්ස්...