Watch Trailer

Young Justice : Invasion [S02 : E14] Sinhala Subtitles | පලා යන්නෝ!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.

අපි ගිය කොටස මතක් කරගෙන ඉමු. ඕගොල්ලො 12වෙනි කොටසෙන් දැක්කනෙ මැන්ටා ඇක්වාලෑඩ්ව සනීප කරන්න සයිමන්ව ගේනවා. ඊටපස්සෙ ගිය කොටසෙන් දැක්කා. මැන්ටා, ටයිග්‍රස්ට අදුන්වලා දෙනවා සයිමන්ව. සයිමන් ගැන ඉතින් ටයිග්‍රස් දන්නවනේ. එතකොට ටයිග්‍රස්ට තේරෙනවා. සයිමන් ඇක්වාලෑඩ්ව සුව කරොත් තමන්ගෙයි, ඇක්වාලෑඩ්ගෙයි ඔක්කොම රහස් දැනගන්නවා කියලා. ඊටපස්සෙ ටයිග්‍රස් සයිමන්ට අපස්මාරය හැදෙන විෂක් එන්නත් කරනවා. ඊට පස්සෙ මැන්ටාට කියනවා මිස් මාර්ශන්ව ගෙනහල්ලා ඇක්වාලෑඩ්ව සුව කරන්න කියලා. ඊටපස්සෙ මැන්ටා ටයිග්‍රස්වයි, ඩෙත්ස්ට්‍රොක්වයි යවනවා මිස් මාර්ශන්ව අල්ලගෙන එන්න කියලා. ඔය අතරෙ මිස් මාර්ශන් ග්‍රීන් බීට්ල්ගෙ මනස කියවලා, තහවුරු කරගන්නවා ග්‍රීන් හොද පැත්තෙ කෙනෙක් කියලා. ඊටපස්සෙ ලගානුයි, මිස් මාර්ශනුයි යනවා මාර්ශන් මෑන් හන්ටර් ඉස්සෙල්ලා නැවතිලා හිටපු,මිස් මාර්ශන් දැන් නැවතිලා ඉන්න ගෙදරට. ඔය අතරෙ ටයිග්‍රසුයි, ඩෙත්ස්ට්‍රොකුයි ඇවිල්ලා ලගාන්ට ගහලා මිස් මාර්ශන්ව පැහැරගෙන යනවා. ඊටප්ස්සෙ මාර්ශන්ගෙ බෙල්ලට බලය නැති කරන කොලරයක් දාලා එයාගෙ මානසික බලය පමණක් සක්‍රීය කරනවා. ඊටපස්සෙ මාර්ශන්ට කියනවා ඇක්වාලෑඩ්ගෙ බිදිච්ච මනස නැවත සකස් කරන්න කියලා. ඒත් මාර්ශන් ආර්ටිමිස්ට කියනවා. එයා ඇක්වාලෑඩ්ගෙ මනසට තනියෙන් ගියොත්,එයා ඒක තවත් පහර දීමක් විදිහට සලකයි කියලා. ඊටපස්සෙ ආර්ටිමිස් කියනවා එයාවත් එක්කගෙන යන්න එයාව ඇක්වාලෑඩ් පහරදීමක් විදිහට සලකන එකක් නැහැ කියලා. ඊටපස්සෙ දෙන්නාම යනවා ඇක්වාලෑඩ්ගෙ මනසට. ගිහින් පොඩ්ඩ පොඩ්ඩ ඒක හදනවා. ඊටපස්සෙ මාර්ශන් කියනවා මැන්ටාට ඇක්වාලෑඩ්ගෙ මනස හදන්න තව දවස්,සති ගාණක් යයි කියලා. ඒක හින්දා මාර්ශන් ඒ යානයේ තනිවෙනවා. ඒවගේම නයිට්වින්ග්, ලගාන්ටයි, සුපර් බෝයිටයි, ඇක්වාලෑඩ් ගැනයි, ආර්ටිමිස් ගැනයි ඇත්ත කියනවා. එහෙනම් අද කොටසට යමු. දහවෙනි කොටසෙදි රීච් යානයෙන් බේරගත්ත ළමයි ටිකට දැන් බලය ලැබිලා තියෙන්නේ. ඒගොල්ලො දැන් ස්ටාර් ලැබ් එකේ ඉන්නේ. ඒගොල්ලොන්ගෙ බලය පාලනය කරන්න ඉගෙන ගන්න ගමන්. ඔන්න ඒගොල්ලො මේ කොටසෙදි පැනගන්නවා. එහෙනම් බලන්නකෝ ඕගොල්ලෝ. අදට යනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,388 downloadsDownload Young-Justice-S02E14.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,388 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  3. Kulanjana Maduranga

    subata thanks

  4. Ayesh Prashan

    Thank You

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.