ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
තවනම් කොටස් 3යි තියෙන්නේ. දැන් එහෙනම් ඉවර වෙන්නත් ළගයි නේද? වාව්, කාලය යනවා දැනුනෙවත් නැහැ. හරි හරි බයිලා කියව කියව ඉන්නෙ නැතුව අපි කෙළින්ම ගිය කොටස වෙත යමු. ඕගොල්ලො දැක්කානේ මිස් මාර්ශන් ඇක්වාලෑඩ්ව හොද කරනවා. ඒත් ඇක්වාලෑඩ් තාම හොද නැහැ වගේ රගපානවා. මොකද මැන්ටා හිතාගෙන ඉන්නේ ඇක්වාලෑඩ්ව සුව කරපු ගමන්ම මිස් මාර්ශන්ව මරන්න. ඒක හින්දා කට්ටිය සැලැස්මක් ගැන හිතනකන් ඇක්වාලෑඩ් තවම සනීප නෑ වගේ රගපානවා. ඔය අස්සේ ස්පෝර්ට්ස් මාස්ටරුයි, චෙශරුයි එනවා මැන්ටාගේ යානයට ඇක්වාලෑඩ්ගෙන් පළිගන්න. මේගොල්ලො හදන්නේ මැන්ටාවයි, ඇක්වාලෑඩ්වයි මරන්න. කොහොමහරි ලොකු ලොකු දේවල් ටිකක් සිද්ධ වුණාට පස්සේ චෙශරුයි, ස්පෝර්ට්ස් මාස්ටරුයි දැනගන්නවා ආර්ටිමිස් ඇත්තටම ජීවතුන් අතර ඉන්නවා කියලයි, ටයිග්‍රස් තමා ආර්ටිමිස් කියලයි. ඊට පස්සේ ඉතින් චෙශරුයි, ස්පෝර්ට්ස් මාස්ටරුයි ඇක්වාලෑඩ්ව මරන්නෙ නැතුව යනවා. මිස් මාර්ශනුත් බේරෙනවා. ඊටපස්සේ චෙශර් හෙවත් ජේඩ් ආර්ටිමිස් ගේ අම්මාට ගිහිල්ලා ඇත්ත මොකක්ද කියලා කියනවා.
එහෙනම් අද කොටසට අපි යමු. ඕගොල්ලො දැක්කානේ බ්ලූ බීට්ල් කණ්ඩායම පාවලා දෙන වග. ඔය කණ්ඩායමේ අයව බේරගන්න අර පැනලා යන ළමයි ටික යනවා. ඒවගේම ආර්සනලුත් නිදහස් වෙලා නේ ඉන්නේ. අපි බලමු එහෙනම් මොකක්ද වෙන්නේ කියලා. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,577 downloadsDownload Young-Justice-S02E17.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
9 comments
V.T.Piyumal
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටම සබ් දුන්න එක පට්ට...
මේක ඉවර කරලා Season 3 එකත් ඉක්මනටම ගේමු...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
subata thanks
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro sub ekata