අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Under the Dome [S03 : E07] |උල්කාපාත වර්ෂාව සහ රැජිණ බේරා ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

Under the Dome S3

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 7 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 6 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ජිම් සහ ක්‍රිස්ටීන්ව හිර කරලා විවිධ පර්යේෂණ වලට භාජනය කරනවා. ඒත් ඉතින් ජිම් දන්න වැඩ කෑලි දාලා එතනින් පැන ගන්නවා. ක්‍රිස්ටීන්ව බේර ගන්න එන්නෙ ජූනියර් සහ බාර්බි. බාර්බිව මුණ ගැහුණත් ජූලියාට තමන් දන්න සියළු දේ ගැන ඇත්ත කතාව ඔහුට ඒත්තු ගන්වන්න බැරි වෙනවා. ඇය කියන දේ බාර්බි පිළි ගන්නෙ නෑ. දූපතේ මෙහෙම දේවල් සිද්ධ වෙද්දි නගරයේදි හන්ටර්ව මරන්න හදන ඊවාට පහර දිලා ජෝ සහ නොරී දෙදෙනා ඔහුව බේර ගෙන රැගෙන යනවා. ගියවර කොටසේදි අපි දැක්කා සෑම් ඥාතිත්වය අතහැරලා ක්‍රිස්ටීන්ට පිහියෙන් අනිනවා. ඒ කියන්නෙ දැන් ජෝ, නොරී සහ සෑම් තමයි හොඳ සිහියෙන් ඉන්නෙ. පිහි ඇනුමෙන් අසාධ්‍ය වෙලා ඉන්න ක්‍රිස්ටීන්ව ගුහාව ඇතලට අරන් යන ජූනියර් දකිනවා ඇයව කෝෂයක් තුලට නිර්මාණය වෙන හැටි.

ඉතින් ඔන්න ඔහොම දේවල් ගිය සතියෙ උනාට මේ සතියේ ටිකක් වෙනස් විදියට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඒ කියන්නෙ කතාව පෙන්වන්නෙ එක් එක් ස්ථාන වලදි එක් එක් වෙලාවට සිද්ධ වෙන සිදුවීම් පෙළක් හැටියට. ඒත් කතාවෙ රසයේ කිසි අඩුවක් නැහැ. හිතා ගන්න බැරි දේවල් ගොඩක් සිද්ධ වෙනවා. කතා මාලාවෙ මුල් කොටසේ ඉඳන් සිද්ධ උන දේවල් වල යම් යම් සිදුවීම් අද කතාව තුළින් මතක් කරලා දෙනවා. අද ලොකු විනාසයක් වෙන්න යන්නෙ. ඒ කියන්නෙ ලොකු උල්කාපාත වර්ෂාවක් ඇති වෙනවා. ඒක දැක්කම හිතෙන්නෙ ලෝකයේ අවසානය තමයි කියලා. බාධකයෙන් පිටත එහෙම ලොකු විනාශයක් සිද්ධ වෙන්න යද්දි, බාධකය ඇතුළෙ රැජිණව බේරා ගැනීමට කණ්ඩායම ලොකු වෙහෙසක් දරනවා. රැජිණ කවුද කියලා ඔයාලා දන්නවනේ? එහෙනම් බලන්නකෝ මොකක්ද මේ කියන ලෝක විනාශ කතාව? උල්කාපාත වර්ෂාව? කියලා. කතාව අවසාන වෙනකොට අද තවත් කෙනෙක් ඥාතිත්වය අත්හරිනවා. ඒ වගේම නූල් බෝලෙ පටලැවිල්ල ලිහා ගන්න පොටක් පෑදෙන බවක් පෙන්වනවා.

එහෙනම් අදට මම සමු ගන්නවා. ලබන සතියේ මේ කතා මාලාවේ 8 වනකොටසින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුභ සතියක්!

 

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/L6M1D9″ type=”icon” “center” newwindow=”yes”] 242 MB කොපිය මෙතනින් බාගන්න[/button]
28145C2E1B26B05D28E37EA9811684782AC0CDD2
[button link=”http://goo.gl/mRMAi8″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
78DB7A6784BDB55EE55F82AD7B841733851D7125
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode>>

44 thoughts on “Under the Dome [S03 : E07] |උල්කාපාත වර්ෂාව සහ රැජිණ බේරා ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Udamith Damith (b\k )

    sthuuuuuuthi iiiii

    Reply
  • thank you very much

    Reply
  • chathuranga

    උපසිරැසියට තුති… අක්කියෝ ඊ 8 එකේ සබ් එක දෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ…

    Reply
  • Where the 8 we are looking for

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • niyamii. bohoma isthuthiy

    Reply
  • ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    කතාව නම්
    යන්තම් නියමෙට
    යන්තම් අප්පිරිය විදියට,
    තව ඩිංගක් ඇල්වතුර ගානට ගලාගෙන යනවා.

    බලන්නත් හිතෙනවා, නොබලන්නත් හිතෙනවා
    තව හිතෙනවා අනේ මන්දා කියලා.

    කොකටත් මට අර ගෑණිව එපා වෙලා තියෙන්නේ.
    හැමදාම බලන්නේ ඒ ගෑණි කොයි වෙලාවේ මැරෙයිද කියලා…

    ඉතිං මොකෝ අපිට තියෙන්නේ බලන්න නෙව.
    ඔන්න උපසිරැසිය ගත්තා අක්කේ..
    මේං බලන්න කියලා හදන්නේ.
    උපසිරැසියට ස්තුතියි…
    ඊලඟ එකෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    thanks sis!!!!!!!!

    Reply
  • දැන්නම් බාධකය ගැන නෙමේ ක්‍රිස්ටීන් ප්‍රයිස් ගැන කතාව යන ගතියක් තමා පේන්න තියෙන්නෙ.ගොඩක් ස්තුතියි මේ කතාව හැම සතියකම නොවරදවාම අරගෙන එනවට.ජය වේවා!!!

    Reply
  • සුනෙර මැදවත්ත

    ඔන්න ගත්තා 😀
    ඉක්මන්ට දෙනවට පින් ඈ

    Reply
  • thanks denakan hitiye

    Reply
  • බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    දැන් නම් මම මේ කතාව බලන්නේ ඉන්ඩියි ජිමුයි නිසා..
    අනිත් එකෙක්වත් පේන්න බැහැ මටනම්…
    අනේ මංදා ජිමාට බනින්නද හොද කියන්නද කියලා..
    එහෙනම් මේ කොටහත් ගන්නවා ඔන්න..
    ජය වේවා…

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai sahodari. digatama mewagsma denna. sub 1 thanks.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝදරි 🙂 ජය වේවා !!

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙරින්!

    ජය වේවා!

    Reply
  • ඇයි දෙයියනේ පරක්කු වුනේ? මම බය වෙලා හිටියේ

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සමාධි අක්කේ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Thank you very much sherine. Meka denakan balagena hitiye me dwas wala supirima tv series eka meka thamai . Kalin season dekatama wada me season eka supiri .

    Reply
  • සුරිත විතාරණ

    බොහොම ස්තුතිය් සහෝදරී

    Reply
  • Thank you very much …elz..:-)

    Reply
  • තැන්ක් සිස්ටර්…
    මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ…

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරින් අක්කේ !
    දෙනකම් බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි සබට .
    දිගටම දෙමු.
    😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *