Watch Trailer

Untraceable (2008) Sinhala Subtitles | ජංජාලේ ජරමර… [සිංහල උපසිරැසි සහිතව]

ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම ස…

ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම සිංහල වචන සපයා දීමෙන්. ඒ තිදෙනාටම ස්තූති කරලම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

කතාව කෙටියෙන්ම කියනවනම් ජෙනිෆර් මාෂ් කියන්නේ FBI පොට්ලන්ඩ් ක්ෂේත්‍ර කාර්යයාලයේ සයිබර් අපරාධ අංශයේ පරීක්ෂක වරියක්. ඔවුන් වෙබ් අඩවි වලින් එන නොයෙකුත් පිෂින් ඇටෑක් ගැන ඇස යොමු කරමින් ඉන්නවා. මේ අතර ඔවුන්ට www.killwithme.com නම් සයිට් එක හම්බ වෙනවා. {ඔය ගොල්ලොත් මේක බාන්න දාලම ඒ සයිට් එක පැත්තට ගිහින් බලන්නකෝ…….} ඒකේ නම අනුවම ඒ සයිට් එකෙන් වෙන්නෙ සජීවීව මිනිහෙක්ට වධ දීලා මරා දාන එක. විශේෂත්වය නම් online බලන කට්ටිය වැඩි වෙද්දි මරණය ඉක්මන් වීම. මේක කරන පුද්ගලයා සෑහෙන සූක්ෂමව වැඩ කරන තැනැත්තෙක්.

මෙම අතිශය සූක්ෂම හැකර් ව නීතිය ඉදිරියට ගෙන එන්න පුලුවන් වෙයිද? ඔහු ඒක මොවුන්ගෙන් සැඟවී කිරීමට සමත් වන්නේ කෙසේද? බාගනෙම බලමු නේ.

බාන්න දාලා අමතක නොකර අර සයිට් එක පැත්තෙත් ගිහින් බලන්න. ඒක ඇත්තටම තියෙන සයිට් එකක්. එහි අතුරුඵල වලට මම වගකියනු නොලැබේ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,619 downloadsDownload Untraceable-2008-Blu-Ray.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,619 downloadsDownload Subtitles71 KB

62 comments

  1. tharuksha123

    maxa :D

  2. chathurarcrc

    නියමයි නියමයි රොයිලි සහොට ජය.
    බන්න දාන්න කලින්ම අර සයිට් එකට ගියට කමක් නැද්ද දන්නේ නැ? :P

  3. ameera

    thanks machan... sinhala sub nam niyamai...

  4. chamila

    රොයිලි = අනිවා බෑමක්.... :P

  5. ගයන්ත

    Fb Message එක විතරයි බැලුවෙ.. කෙලින්ම Download වෙන්න දැම්මා..
    බාලම බලමු... තැංකූ.. :D

  6. උදිත ඉසුරංග

    site එකත් එල film එකත් බාන්න දැම්ම

  7. DareDevil87

    මේකත් බාමි..

  8. දිනුෂ්ක උදාර ( රොකියා )

    එදා මූනු පොතේ මේ විස්තරේ දාල තියනකොටම මම හිතුව මේ ෆිල්ම් එක ගැන වෙන්ඩ ඇති කියන්නෙ කියල. දැන් ඉතින් සිංහල සබ් එක්ක ආයිත් පාරක් බලන්න වෙනවනෙ. රොයිලි සහෝදරයට බොහොම ස්තූතියි.

  9. සහන්

    අතුරුපල ගැනනම්......? killwithme කියන්නෙ මේ ෆිල්ම් එක ලගදි(ඒ කියන්නෙ මේක එන්න කලින්) එනව කියන්න දාපු ඇඩ් එකක්, ඒකෙ පොඩි puzzle game එකක් තියෙන්නෙ.

  10. සරදියල්

    මේක හැමෝම බලන්න පටේ පට්ට ෆිලිම.
    හැබයි පුතෝ සයිට් එක්ටනම් යන්ට එපා :)

  11. shiwantha

    thanx machan dl wenna damma :)

  12. රන්දික පෙරේරා

    නියමයි .... මම පොඩිකාලේ මේ වගේ චිත්‍රපටියක් බැලුවා. (හැබැයි ගෙදරට හොරෙන්) නියමයි වෙනස්ම චිත්‍රපටියක් බලන්න ඕන.
    මේ දවස් වල වැඩ අධික නිසා මට ටිකක් වේලාව අඩුයි ඒත් මේක අතරින්නේ කොහොමද?

  13. Ram raj

    මමත් බලන්නම්

  14. කපිල

    ෆිල්ම් එක බාන්න දැම්මා... හොඳ ඇති තියල හිතනවා....

  15. සමන්

    උපසිරැසි පේන්නේ මේ විදිහට ?????????
    VLC පේයර් එකෙන් මම බලන්නේ
    අන්ක් පේයර් වල ?????? මේ විදිහටවත් පේන්නෑ
    මොකක් හෝ අඩුපාඩුවක්ද ? උදවුවක් දෙන්ඩ

  16. රොයිලි

    @ tharuksha123,ameera, chamila, ගයන්ත, උදිත ඉසුරංග, DareDevil87, shiwantha, රන්දික පෙරේරා, Ram raj, කපිල,

    ස්තූතියි කට්ටියටම. බලලම කියන්නකෝ..... :)

    @ chathurarcrc, සහන්,

    :-P මෙහෙමනෙ මචං. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවානේ. :)

    @ දිනුෂ්ක උදාර ( රොකියා ), සරදියෙල්

    ස්තූතියි මචං දෙන්නගෙම සහයෝගයට. ;)

    @ සමන්,

    මචං VLC Player එකේ නම් සිංහල වැඩ කරන්නේ නෑ. ඒත් jet audio, media player classic වගේ ඒවලනම් වැඩ කරනවා. බාන ෆිල්ම් එකයි සබ් ෆයිල් එකයි එක ෆෝල්ඩරයකයට දාලා බලන්න. අනිවා වැඩ කරනවා. :)

  17. සමන්

    ස්තූතියි රොයිලි වැඩේ ගොඩ jet audio එකෙන් ගොඩගියා
    media player classic එකනම් වැඩනෑ

  18. Suvin

    meka nam darunu film ekak! man balala thiyenawa! darunu widiyata maranne....

  19. Rotiya

    එල එල බාමි බාමි.

  20. අරුණ

    මේක බැලුව.. ෆිල්ම් එක ඇත... සබ් බාල නැවත බාමි

  21. kingtazan

    ela

  22. http://kingtazan.myopenid.com/

    ela

  23. Anonymous

    Thank u very much

  24. ashan

    බාමි බාමි........... :)

  25. ධනුශ්ක

    sub file 1k mata enne 23kb RAR file ekak widiyatane. eka player wala sub 1k widiyata wada karanne na.

  26. රොයිලි

    @ සමන්,

    jet audio කියන්නේ කොහොමත් ලෙඩ අඩු Player එකක්. ;)

    @ suvin, rotiya, අරුණ, kingtazan, නිර්ණාමික, ashan,

    එල මචංලා බලලා කියන්නකෝ කොහොමද කියලා. :)

    @ ධනුශ්ක,

    මොකක්ද මචං ඔයා පාවිච්චි කරන player එක? මම සමන්ට දාලා තියෙන කමෙන්ට් එක පොඩ්ඩක් බලන්නකෝ මචං.

  27. sachin

    බාන්න ඕනෑ... අද උදේ දවස් දෙකයි පැය 14ක් ගිය film එකක් බෑවා... hopin this will not be like that....

  28. prasad

    Ane mata kiyala denna සිංහල උපසිරැසි Download karala Kohomada Me film aka Balanne kiyala

    Aka Download karama Mage PC ake Open Venne Adobe Reader videyata

    Mata Aka Kiyala Denne Kauruhari

    Mage Mob 0772070552

  29. chamila

    @ prasad
    වැඩේ ගොඩනේ නේද...... :P

  30. සසික නානායක්කාර

    ස්තුතියි...! උබේ සිංහල නම් අනිවා බාමි...

  31. රොයිලි

    sachin,
    Oooops.... :)

    @ prasad,

    chamila සහෝදරයා උදව් කරලා වගේ මට පෙනෙන විදියට.

    @ chamila,

    ස්තූතියි මචං.

    @සසික නානායක්කාර,

    මගේ සිංහල??? ඒක හොඳ නැහැල්ලුනේ මචං සමහරුන්ට. කොහොම වුනත් ස්තූතියි ;)

  32. ධනුශ්ක

    mama try kala hama player ekakinma (KM player, Power DVD, media player, jet audio....ect) but the problem same.

  33. Zome

    Ah sira thanxz machanla

  34. Uraj Deemantha

    ඔන්න වැඩේ.... දැන් මේක කඩු සබ් එක්ක බැලුවා විතරයි..... :D දැන් ඉතින් සිංහල සබ් එක්කත් බලන්න වෙනවා.... :)

    රොයිලියා සබ් දැම්මහම, ඒවා එක්කත් නොබලා කොහොමද....??

    බොහෝම ස්තූතියි රොයිලි මචෝ මේ සිංහල සබ් දෙන වැඩේට... :)

  35. AL1717

    Banna Kalin Ma Site Ekata Giya Kathawa Etha Nettha Hoyanna...
    Ela Ela Banawa Banawa....

  36. kasun

    mama Ma Saite Eakin Film banna kamathin wanna hathu........
    01. Film Hoda Qulity veema .....
    02. Seeds La hodata ennnawa...
    03. sinhala sub dena eaka...

  37. Anonymous

    subtitle dammata thanks machan,but film eka subtiltle pennae nah [[[[[[[[[]]]]]]]]]
    ah wage nae yannae ,mokadda karnae onae

  38. අමිල නුවන් රණසිංහ

    බොහොම ස්තූතියි. මමත් download කලා‍‍. නමුත් තාම බලන්න නම් බැරිවුනා. (වෙලාවක් නැති නිසා). හොද film එකක් කියලා හිතෙනවා. බලලම comment එකක් දාන්නම්කො.

    අමිල නුවන් රණසිංහ

  39. visal perera

    ela kiri aaaaaaaaaaa.....uba nam PORAK Ma thama machooooo.....

  40. hemantha samarakoon

    මම ලිපි ලැයිස්තුව නැවත දාන්න කිව්වෙ මේ නිසා. මට මිස් වුණ පරණ ෆිල්ම් නැවත බාගන්න.
    ඔන්න මේකත් බානවා.
    පරණ ඒවට දාන කමෙන්ට් ඔය ගොල්ලො බලයිද දන්නෙත් නැහැ.

  41. KriSh

    බොහොම ස්තූතියි.ඔයාලාෙග් මහන්සිය අගයමින් මමත් sub file එක බා ගත්තා.එකම අවුල තමයි මටනම් Piratebay site එකට යන්න බැරි එකයි.අනිත් අයට සයිට් එක වැඩද???

  42. chandrasiri

    හරි මචං මමත් ගත්තා බලලා හොද නරක කියන්නම්.thankas

  43. Priyantha De Silva

    මම දැන් මේ බලන්නයි යන්නෙ. තෑන්ක්ස් මචෝලා මේව අපිට මහන්සිවෙලා දුන්නට

  44. Subtitle Searcher

    සිංහල උපසිරැසි වලට ස්තූතියි

  45. miky

    godak film wala link den weda karanne nethi paatak penne :(

  46. Shashi Fernando

    ada mata meka balanna hituna, balamuko bala balalaa.. :D

  47. Shashi Fernando

    man eye meka baluwa, ela, patta, mage ratings walata anuwa 10n 6k denna puluwan.

  48. අබා

    පට්ට බයිස්කෝප් එකක් නොවැ

  49. dinesh

    සහෝදරයා ඔබේ පිටුවේ තියෙන්නේ ගොඩක් හොද චිත්‍ර පටි ටිකක්. අවාසනාවකට මට ඒවගේ උපසිරසි ගොනුව පෙන්නුම් කරන්නේ නැනේ. ඒ මොකද කියල සහ එක කරගන්නේ කොහොමද කියල ඔබට මට පැහැදිලි කරලා දෙන්න ප්ලුවන්නම් ගොඩක් පින්. බොහොම ස්තුති.

Load more comments