කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල නෑ පරක්කු වෙ…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල නෑ පරක්කු වෙලත් සබ් එක දුන්නත් එකෙන්ම කමන්ට් එකක් දාගෙන සබ අරගෙන යනවා. අනිත් එක නම් වශයෙන් උනත් කමන්ට් එකක් දාගෙන යන ඒ සුපුරුදු සෙට් එක මතකයි ඒ නිසා මොන වැඩේ තිබ්බත් පුළුවන් තරම් ඉක්මනට සබ් එක කරන්න හිතෙනවා 😀 අද නම් පරක්කු උනේ අකුණු සහිත කාලගුනේ නිසා ඒත් කොහොම හරි සබ් එක ගෙනාව. එකක් නෙමේ ඔන්න දෙකක්ම තියෙනව අද. එහෙනම් වෙච්ච දේවල් ටික කෙටියෙන් මතක් කරගෙන ඉමු. අහ්හ් ඒ වගේම කියන්න ඕන අනිත් අයගෙත් සබ් පරක්කු මේ වැස්ස සහිත කාලගුනේ නිසා පනිෂර් ඇරෝ වගේම තව සබ් ටිකකුත් පමා වෙයි ඉදිරි දින ටිකේ.
පළමු කතා සමය (2013)
2013 වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන වයිකින්වරුන්ගේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ අර්ල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වගත් මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ…
දෙවන කතා සමය (2014)
දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..
තෙවැනි කතා සමය (2015)
දෙවැන්න නිම වෙන්නේ තෙවන්නට පාර කපමින්, ඒ රැග්නා ලගතා ප්‍රමුඛ වයිකින් වරුන්ගේ ආක්‍රමණය නව ඉසව්වක් කරා මෙහෙයවමින්, ඒ තමා ප්‍රංශය, තෙවන්නේදී වයිකින්වරුන් පැරිසියට පහර දෙනව, ඒ විතරක් නෙමේ බරපතල විදියට සටනින් පැරදිලා පහුබහිනව? කොහොමින්හරි මේ වෙනකම් රැග්නැගේ විස්වාසනීය හිතවත්ව හුන් ඇතෙල්ස්ටන්ට මැරුම් කන්න සිද්දවෙනවා, ඒ රැග්නැගේ තවත් හිතවතෙක් වෙච්චි ෆ්ලොකි අතින්, ඒ කාරණයට හේතු උනේ රැග්න කතෝලිකයෙක් ලෙස බෞතිස්ම ලැබීම. ඒ බෞතිස්ම ලැබීම සිද්දකලේ උපක්‍රමයක් වශයෙන් උනත් මේ වෙනකොට රැග්න තම විස්වසනීය මිතුරා ඇතෙල්ස්ටන් ගෙල පලධි කුරුසය සහිත මාලය පලදගන්න අයුරු අපට දක්නට ලැබුණ, පැරිසියත් අපුර්ව අන්දමේ උපක්‍රමයකින් අල්ලගත්තු රැග්නා තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ තමන්ගේ සහෝදරයා රෝලෝව පැරිසියේ රඳවලා, රැග්නට තමන්ගේ ගම රට බලා එන්න උනේ අයි කියල මතක ඇතිනේ? ඒ වගේම වයිකින් ගමට ආපු අමුත්තවත් මතක ඇති කියල හිතනවා. ඒ විතරක් නෙමේ එංගලන්තයේ වයිකින් ජනාවාසයට සිද්දවුනේ මොනාද කියලත් මතක ඇති කියල හිතනව.
සිව්වැනි කතා සමය (2016)
මේ කතා සමය තමා වයිකින් කතා මාලාවේ දුක්බරම කතා සමය. මේ වෙනකම් හැමෝගෙම ප්රියතමයා වෙච්ච රැග්නා ලොත්බ්‍රොක් කතාවෙන් සමුගන්නවා, නොහිතපු විදියකට. බියෝන් රැග්නගේ අඩිපාරේ වෙනම ගමනක් යනවා අලුත් ලෝකයක් හොයාගෙන. ඒත් එක්කම රැග්නගේ දෙවැනි බිරිඳගේ ළමයි හතරදෙනා මේ වෙද්දී තුන්දෙනෙක් බවත පත්වෙලා ඉන්නවා. මතකනේ අයිවර් වැඩේ දුන්න එක්කෙනෙක්ට. ඒත් එක්කම මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා. රගන ලගතව අත්හැරීමෙන් පස්සේ ලගත තනියම සැහෙන දුරක් ආව හැබැයි මේ වෙනකොට ලගතට ලේසියෙන් රැජින විදියට ඉන්න ඉඩක් ලැබෙන්නේ නෑ, කුමන්ත්‍රණ දියත් වෙනවා. ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජවරුන්ගේ දෛවය නිමා වෙලා අලුත් චරිතයක් කතාවට එනවා. ඒ බිෂොප් වරයෙක්, බලගතු බිෂොප් වරයෙක් බව අවසාන එපිසෝඩ් එකේදී බොහොම පැහැදිලියි.
ඉතිං ඔය විදියට තමයි මේ වෙනකම් කතාව ගලාගෙන ආවේ. පස්වෙනි කතා සමයත් ගියවර වගේම කොටස් දෙකකින් විකාශනය වෙන්නේ, ඒ වගේම හයවෙනි කතා සමයකුත් එන බව නිවේදනය කරලා ඉවරයි. එහෙනම් අද ඉදන් අයෙමත් වයිකින්වරු එක්ක ලෝකය හොල්ලන්න සෙට් වෙමු අද ඉඳලා 😀
” ඩයනලා, කාඩෂියන්ලා පිරුණ ලෝකෙක ලගතා වගේ කෙල්ලෙක් වෙයං ♥ “
Due to copyright issues, we do not provide any torrent links.
Vikings.S05E01-E02.HDTV.x264-KILLERS Vikings.S05E01-E02.HDTV.XviD-AFG Vikings.S05E01-E02.HDTV.XviD-RMX Vikings.S05E01-E02.480p.HDTV.x264-mSD Vikings.S05E01-E02.480p.HDTV.x264-RMTeam Vikings.S05E01-E02.720p.HDTV.HEVC.x265-RMTeam Vikings.S05E01-E02.720p.HDTV.2CH.x265.HEVC-PSA Vikings.S05E01-E02.720p.HEVC.x265-MeGusta Vikings.S05E01-E02.720p.HDTV.x264-KILLERSමෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDTV පිටපත් සඳහා අදාළ වේ.
28,076 downloadsDownload Vikings.S05E01-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
118 comments
kushani sanjula
ට්‍ෘ තමන්න
Ammi elama balagena hitiye danakan
ravi
AMMO EKA
THKNZ SAHOOlakshan
ko bn arrow
Kalpajith
Ela
chan
mr robot s3 sub den nadda kauruth?
KUsh
tnx shao enakm hitiye pisuwen wage. hikz... arrow eketh sub denna ikmanata
Shamen Chinthaka
thanks machan !!!!
Pawan
thanks sub ekata
Gayan Krishantha
හම්මා එපිය බාගෙන සබ දෙනකන් බලන් හිටියේ , බොහොම ස්තූතියි...
Devinda
Vima Ty Bro...Gdk Pin.bt legatha mage.echcharai.:D
කවිශ්ක
Thenks Saho sub ekata
KP7
Elazz.. Sub Eka Denakam Balagena Idiye.. Thanks Bro..
Heshan
Thanks.
lahiru
loweth subata thnks mchan............ elamaaa
Sameera Jayadarshana
ela mcn
gmail
tahanks machn godak
Tharindu Nirmana Silva
tnx
kZara
elamaaaaa
Deemntha
තැන්කූ බොක්ක...එපියට දාල තියෙන නම් නම් මරු
Ravindu
Thnxxx bn
Hope
Ammooo.... Thx bn
Rashan
Meka enakan balan hitiye.bohoma sthuthi saho sub ekata.
eranga
thanks bro...
Pradeep M Gamlath
Thanks bro...***
Nüwäñthå Dúlån
අද කෝමහරි බලන්න ඕන,
මොනා උනත් රැග්නා නැතුව පාලුයි
තෑන්ක්ස් විමෝ..Dinu Senal
Thanks
nalaka
thanks machan......
හර්ෂණ
රග්නා නැති මේ ලොව පාලුයි අඳුරුයි.. :'(
Kumara
Thanks Bro !!!!
wijenayaka
thanks sub ekata....
Dinusha
Tnq saho
Kasun Widusha
Tnx bokkah
Buddhika PN
රග්නා නැතුව අවුල ... එහෙම කියලා නොබලා ඉන්න පුලුවන්ද........
janitha
thank you
Jayz
Ammoo enakanma balan hitiye ......
Pattama series eka ....
Thnx sahoo sub ekatamahesh
අම්මො සබ් එක දෙනකන් බලන හිටියේ බොහොම ස්තුතිය සබ් එකට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ඔන්න එහෙනම් අපිත් එකතු උනා කතාවට..
Kaushan Herath
ආව ගමන්ම දුන්න නේ.ඉස්සරහටත් මෙහෙමම දෙමු
Samith
අම්මො සබ් එක දෙනකන් බලන හිටියේ ..මොනා උනත් රැග්නා නැතුව පාලුයි..
බොහොම ස්තුතිය සබ් එකට...චාරුක ලක්ෂිත
ELA....
DIL
Sub walata thanks dr. asawen balagena hitiya series ekak..
Chalitha
Elamh brow
sndharuwan
patta bro...jayenyama wewa
Subhash pushpakumara
Ammo ... anakan maga balan hitiye.. deiyo dakka wage... thxs appa.. digatama wellawata sub aka denna ආශිර්වාද වේවා ....!
Sandakelum
Elm bn tnx ubt
sajiya
ela bro.....
Dilan*
thankzzz
LSM HUSKAA
ela vima thnks bro.denakn hitiye bro ela pin ahhhhh.........
nadUn
Ade pissu hedila hitiyeeee.....
Vikings.... aevith nehhhh
ekenma patta bro ....
tankuuuuuuuuuuuuuuuuuu saho ekenmaa..............
Jayawewaaaaaaaaaaaaa...........................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
එල සහෝ දිගටම දෙන්න