අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles | විපරිතයෝ – බිඳුණු පෙම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles

X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හතරවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම මේ ටීවී සිරිස් එකට ඔයාලගේ ලොකු කැමැත්තක් තියන බව කමෙන්ට් වලින් පැහැදිලියි. ඒකට ස්තුතියි. ඒත් පොඩි දෙයක් කියන්න ඕන. මේකේ ටොරන්ට් හොයල මහන්සි වෙන්න එපා. මොකද සීඩ්ස් තියන ටොරන්ට් අඩුයි. ඒක හින්ද තමා පහල තියන උපදෙස මම පොස්ට් එකට ඇතුලත් කරන්නේ. පොස්ට් එක කියවනවා නම් ඔයාලට වීඩියෝ පිටපත ගන්න තැන පැහැදිලිව කියල තියනවා මම.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 1 Episode 5 Captive Hearts

ඉතින් මේ කොටස පටන්ගන්නේ ජින් එක්ක සයික්ලොප්ස් පොඩ්ඩක් විනෝද වෙන්න එලියට යාමත් එක්ක. ඔයාල දන්නවනේ එයාල දෙන්න පෙම්වතුන් කියල. පොඩ්ඩක් ඒ ගැන දුකෙන් ඉන්නවා ඉතින් අපේ මේ වුල්වරින්. මොකද එයාත් ජින්ට ආදරය කරනවා නේ. කොහොම උනත් ජින් එක්ක සයික්ලොප්ස්, මොර්ලොක් කියන සැඟවිලා ජීවත්වෙන විපරීතයන් කණ්ඩායමට අහුවෙන එකත් එක්ස් මෑන් කණ්ඩායමේ උදව් ඇතුව එයාලගෙන් ගැලවෙන එකත් තමා මේ කොටසෙන් පෙන්නන්නේ.

X-Men Season 1 Episode 6 Cold Vengeance

ඕන කෙනෙක්ට තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ආදරය කරනවා බලන් ඉන්න අමාරුයි නේ. ඉතින් ඒ හැඟීමම තියන අපේ වුල්වරින් ජින් සයික්ලොප්ස් ආදරය හින්දම එක්ස් මෑන් කණ්ඩායම දාල යනවා. එයා යන්නේ කලබල පරිසරයෙන් මිදිලා එස්කිමෝවරු ඉන්න ආක්ටික් ප්‍රදේශයට. ඉතින් එහෙට ගිහින් වත් සැනසිල්ලේ ඉන්න බැ. මොකද එයා පස්සෙන් සෙබර්ටුත් එනවා පලි ගන්න. ඉතින් මේ දෙන්නගේ තරහ පිරිමහ ගන්න සටනට අහිංසක ධීවරයෝ ටිකක් මැදිවෙන එකත් එයාල බේර ගන්න එකත් තමා මෙම කොටසෙන් දකින්න ලැබෙන්නේ.

හොඳයි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles

X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

**REPOSTING FORM 2017**
X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles

7 thoughts on “X-Men (TV Series 1992–1997) [S01 : E05 & E06] with Sinhala Subtitles | විපරිතයෝ – බිඳුණු පෙම [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • thanks a lot Asanka Pradeep saho sub ekata

    Reply
  • Sub එකට ගොඩාක් ස්තූති. Telegram චැනල් එකත් අප්ඩේට් කරන්න

    Reply
  • බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *