අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)හෙළිලි හේමමාලි

The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E16] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්..! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔහ් චෝ රිම් කියන්නෙ උසස් පාසල් සිසුවියක්. ඒ වගේම ප්‍රහසන නාට්‍ය කණ්ඩායමක සාමාජිකාවක්. චෝයි මෝ ගක් කියන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්.ක්වොන් ජේ හී කියන්නේ සුප්‍රසිද්ධ සූපවේදියෙක්. වෛද්‍ය චුන් බේක් ග්යුන්ග් කියන්නේ කා අතරත් හොඳ හිත දිනන් හිටිය වෛද්‍යවරයෙක්, ඒ වගේම ක්වොන් ජේ හී ගේ හිතවතෙක්. මේ හැමෝම එක්ක මේ කතාවේ තව චරිත කීපයක් තිබුනා. ඒ තමයි,පරීක්ෂක කන්ග්, පරීක්ෂක යෙහ්, පරීක්ෂක කි සහ පරීක්ෂකතුමිය යෝම් මි.
 
මේ හැමෝම අතරින් විශේෂ තුන්දෙනෙක් හිටියා. ඔහ් චෝ රිම් විශේෂ වුනේ එයාට තිබුන සුවඳ දැකගැනීමේ හැකියාව නිසා. මෝ ගක් අනිත් අයට වඩා විශේෂ වුනේ එයාට සංවේදන දැනෙන්නේ නැති නිසා. ක්වොන් ජේ හී විශේෂ වුනේ එයාට මිනිස්සුන්ගේ මූණු අඳුනගන්න බැරි නිසා.කාටවත් හොයාගන්න බැරි වුන අභිරහස් ඝාතන දාමයක සුල මුල හොයාගන්න වෙහෙසෙන පරීක්ෂක යෝම් මී ප්‍රමුඛ කණ්ඩායමත් එක්ක චෝයි මෝ ගක් සම්බන්ධ වෙනවා. චෝයි  මෝ ගක් මේ හැමදේටම සම්බන්ධ වෙන්නේ අවුරුදු තුනකට කලින් අභිරහස් විදියට ඝාතනේ වුන එයාගේ එකම නංගි චෝයි එවුන් සෙයෝල් ගේ මිනීමරුවා හොයාගන්නයි. ඔය අතරේ අහම්බෙන් වගේ වෙන අනතුරකින් මෝ ගක් ට චෝ රිම් ව හමුවෙනවා. ඒ වගේ අහම්බෙන් හමු වුන චෝ රිම් අවසානයේ දාම ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරිය කියලා මෝ ගක් දැනගනිද්දි  ඒ කිසිම දෙයක් ගැන මතකයක් නැති චෝ රිම්, මෝ ගක් එක්ක ආදරෙන් බැඳෙනවා.
 
චෝ රිම් ගේ අසාමාන්‍ය සුවඳ දැකීමේ හැකියාව උපයෝගි කරගෙන අපරාධ රැසක සුලමුල හොයාගන්න විශේෂවිමර්ශන ඒකකේට පුලුවන් වෙනවා. ඒ නිසා මේ විමර්ශන කණ්ඩායම එකම පවුලක් වගේ බැඳෙනවා. අවසානයේ පිළිගන්න අපහසු වුනත් සුප්‍රකට සූපවේදි ක්වොන් ජෙ හී, ලේ පිපාසිත මිනීමරුවෙක් බව ලෝකෙටම හෙළි වෙනවා.
 
මේ ගෙන එන්නේ ඒ කතාවේ අවසන් කොටසයි. අවසන් කොටස මම නම් කළේ ”ආයෙමත් ආදරෙන්” කියලයි. අපේ  ”සංවේදි ආදරවන්තයෝ” දෙන්නා අපට සතුටු හිතෙන අවසානයක් අරගෙන එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න. එහෙමනම් ද ගර්ල් හූ සීස් ස්මෙල්ස් වෙබ්ටූන් එක පදනම් කරන් නිර්මාණය වුන  සෙන්සරි කපල් 2015 සමඟ  අවසානය දක්වා රැදී සිටි, ප්‍රතිචාර වලින් මාව දිරිමත් කරපු බයිස්කෝප්වාසි ඔබ සැමට බොහොම ස්තූතියි!
 
ආයිමත් හමුවනතුරු ආයුබෝවන්, වාසනාවන්!

 

Due to copyright issues, we do not provide any torrent link.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

One thought on “The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E16] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්..! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *