While You Were Sleeping AKA Dangshini Jamdeun Saie [E01 & E02] Sinhala Subtitles | ඔබ නිදා සිටින විටදී [සිංහල උපසිරසි]
ඔයාලා කැමතිද අනාගතය දකින්න? ඔයා නිදාගෙන ඉද්දි හීනෙන් අනාගතය පෙනුනොත්ඔයාට මොන වගේ හැඟිමක් දැනෙයිද? ඔයාලට පුළුවන් මේ කොරියානු ටෙලි කතමාලාවෙන් ඒ වගේ කතාවක් ගැන දැනගන්න.
වයිල් යූ වෙය ස්ලීපින් නම් මේ ටෙලි කතාව 2017 අවුරුද්ද්‍ෙ SBS කොරියානු නාළිකාවේ විකාශය වුණු කතා මාලාවක්. මෙහි ප්‍රධාන චරිත තුන වන ජන්ග් ජේ චෑන් ලෙස W- Two Worlds, I Hear Your Voice වැනි බොහෝ ජනප්‍රිය වූ කතා මාලා වල රඟපෑ Lee Jong-suk, නාම් හොන්ග් ජූ ලෙස Bae Suzy සහ හන් වූ ටක් ලෙස Jung Hae-in රංගන දායකත්වය ලබා දෙනවා. legal drama , fantasy ගණයට අයත් වන මෙම කතා මාලාව පරිච්ඡේද 16 ක් යටතේ කොටස් 32 ක් ලෙස ගලා යනවා.
මෙම කතාවට මූලික වන්නේ අනාගතය දකින්න පුළුවන් ගැහැණු ළමයෙක්. ක්ෂේත්‍ර වාර්තාකාරිනියක් වන ඇගේ නම හොන්ග් ජූ. එක දවසක ඇය සිහිනයක් දකිනවා. කවදාවත් දැකලා නැති පිරිමි කෙනෙක්ව වැළඳගෙන ඉන්නවා. ඒ වගේම ඒ දවසේ උදය කාලයේදී එයාට ඒ පිරිමි කෙනාව දකින්නත් ලැබෙනවා. ඒ තමයි එහා ගෙදරට අළුතින් පදිංචියට ආව කෙනා. ඉතින් හොන්ග් ජූගේ මේ අනාගතය දැකීම පිළිබඳ තියන වැදගත්ම කාරණය තමයි එයාට පුළුවන් අනාගතය දකින්න විතරයි. වෙනස් කරන්න බෑ. ඉතින් ඇගේ හොද වගේම නරක අනාවැකිත් සැබෑ වෙන්නේ ඇයට ඒවාට කිසිම විදියකින් මැදිහතවීමක් කරන්න බැරි විදියටයි. ඇය දකිනවා මිනිස්සු මැරෙනවා. ඒවා වළක්වාගන්න පුළුවන් විදිගේ මරණ වුනත් ඇයට ඒක කරන්න බැහැ. ඒත් අන්තිමේ ඇය දකිනවා ඇගේ ජීවිතය වෙනස් කරන හීනය. ඒත් ඒක හොඳ හීනයක් නම් නෙවෙයි. ඒ මොකක්ද? එහා ගෙදරට ආව පිරිමි කෙනාටයි එයාගේ පෙම්වතාටයි තියන සම්බන්ධය මොකක්ද? ඇගේ පෙම්වතා ඇත්තටම කොහොම කෙනෙක්ද? ඇය මුලින්ම දැක්ක හීනය සැබෑ වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දැනගන්න මේ කතාව බලන්න කියලා මම ඔයාලට ආරාධානා කරනවා.
මේ බයිස්කෝප් අඩවිගේ මගේ පළමුවෙනි උපසිරැසිය. මේක මගේ සිහිනයක් මල් පල ගැන්වීමක්. ඉතින් ඒ සිහිනය සාර්ථක කරගන්න උදව් කරපු හැම කෙනෙකුටම බොහොම ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11708 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thank you