අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Cyberpunk: Edgerunners [S01 : E03 & E04] Sinhala Subtitles | සයිබ(ර්)පන්ක්වරු හෙවත් එජ්රන(ර්)ස්වරු. [සිංහල උපසිරසි] (+18)

Rating: 10.0/10. From 5 votes.
Please wait...

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ.

දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි කෙටියෙන් මතක් කර ගනිමු.

සියල්ල යාන්ත්‍රීකරණය වුණු තාක්ෂණයෙන් පිරිපුන් නමුත්, සමානාත්මතාවය ගිලිහී ගිය සමාජයක් තිබුනු නගරයක් තමයි නයිට් සිටි කියලා කියන්නෙ.වයස අවුරුදු 17 ක් වුනු ඩේවිඩ් මාර්ටිනස් කියලා කියන්නෙ මේ නගරයේ ජීවත් වෙන තමන්ගෙ හැමදේටම අම්මා විතරක් ඉන්න කොල්ලෙක්.පවුලේ වියදම් පියවා ගන්න බැරුව යම් යම් අවස්ථාවල දී අසරණ වෙන්න මේ දෙන්නට සිද්ධ වුනා.මෙහෙම ඉන්න අතරෙදි හදිසි රිය අනතුරකින් ඩේවිඩ්ගේ අම්මා මැරෙනවා.ඊට පස්සෙ හැම ණය බරක්ම තමන්ගෙ කර මතට වැටුනු ඩේවිඩ්, අම්මා සතුව තිබුනු සයිබෝර්ග් යාන්ත්‍රික කොටසක් තමාට බද්ධ කරගන්න තීරණය කරනවා.බද්ධ කරන් සල්ලි හොයන එක තමයි මෙයාගෙ අරමුණ වුනේ.ඒ වගේම අම්මගේ හීනය ඉටු කරන එකත් ඒකට ඇතුළත් වුනා.

ඉතින් මේ බද්ධ කිරීම නිසා ඩේවිඩ්ට පියවි ඇසටත් නොපෙනෙන තරම් අධික වේගයකින් එහා මෙහා ගමන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.මේ අතරෙදි ඩේවිඩ්ට ලුසී කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා.හැබැයි මෙයත් සයිබෝර්ග් කෙනෙක්.කරන්නෙ හොරකම් කරලා සල්ලි හොයන එක.යම් සිදුවීම් කිහිපයකට පස්සෙ ලුසී එක්ක එකතු වෙලා වැඩ කරන්න ඩේවිඩ් කැමති වෙනවා.ඊට පස්සෙ ලුසී එක්ක ලුසීගේ ගෙදරට යන ඩේවිඩ්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ සිද්ධ වෙනවා.ඒ අකරතැබ්බය මොකක්ද? ලුසී කියන්නෙ ඇත්තටම කවුද? ඊළඟට ඩේවිඩ්ට මොකද වෙන්නෙ? කියලා ඔයාට මේ කොටස් දෙකෙන් බලාගන්න පුලුවන්.

කලින් වගේම මේ උපසිරැසිත් 18+ ලේබලය එක්කයි අරගෙන එන්නේ.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

6 thoughts on “Cyberpunk: Edgerunners [S01 : E03 & E04] Sinhala Subtitles | සයිබ(ර්)පන්ක්වරු හෙවත් එජ්රන(ර්)ස්වරු. [සිංහල උපසිරසි] (+18)

  • Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you…!

    Kindly Requests;
    Wednesday (2022 ‧ Horror/Fantasy ‧ 1 Season)Troll (2022 ‧ Fiction/Fantasy ‧ 1h 41m)Genius (2017 ‧ Anthology series ‧ 3 seasons)

    Reply
    • Wednesday (2022 ‧ Horror/Fantasy ‧ 1 Season)
      Troll (2022 ‧ Fiction/Fantasy ‧ 1h 41m)
      Genius (2017 ‧ Anthology series ‧ 3 seasons)

      Reply
    • ලංකන් weebs

      Thank you too.❤️

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *