අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Cyberpunk: Edgerunners [S01 : E05 & E06] Sinhala Subtitles | නොවැළැක්විය හැකි රෝගය. [සිංහල උපසිරසි] (+18)

Rating: 10.0/10. From 3 votes.
Please wait...

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 5 හා 6 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ.

දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි කෙටියෙන් මතක් කර ගනිමු.

හදිසි රිය අනතුරකින් තමන්ගේ අම්මා මිය ගියායින් පස්සේ ණය බරින් මිරිකෙමින් හිටපු ඩේවිඩ් මාර්ටිනස් කියන වයස අවුරුදු 17 වෙන කොල්ලා තීරණය කරනවා අම්මට අයිති වෙලා තිබුනු සයිබෝර්ග් කොඳු ඇට පේළිය බද්ධ කරගෙන සල්ලි හොයන්න.මේ අතරෙදි මුණ ගැහුනු ලුසී කියන සයිබෝර්ග් කෙල්ල එක්ක එකතු වෙලා වැඩ කරන්න ඩේවිඩ් තීරණය කරනවා.ඉතින් මේ ලුසී නිසා සයිබර්පන්ක්වරු මුණ ගැහෙන්නත් වගේම, ලුසීත් එයාලගේ කෙනෙක් කියලා දැනගන්නත් ඩේවිඩ්ට පුලුවන් වෙනවා.ඩේවිඩ් බද්ධ කරන් ඉන්න මේ ‘සැන්ඩැවිස්ටන්’ කියන දේ පස්සෙන් ආපු සයිබර්පන්ක්වරුන්ට ඒක නොදී එයාලා වෙනුවෙන් වැඩ කරන්න ඩේවිඩ් එකඟතාවයකට එනවා.ඩේවිඩ්ගේ වටිනාකම ඔප්පු කරන්න එයාට ලැබෙනවා අවස්ථාවක්.ඒ තමයි දත්ත හොරකමක් සාර්ථකව සිදු කරන එක.ඉතින් ඒ හොරකම සාර්ථක කරගෙන නිළ වශයෙන් සයිබර්පන්ක් කණ්ඩායමට එකතු වෙලා සයිබර්පන්ක් කෙනෙක් වෙන්න ඩේවිඩ්ට පුලුවන් වෙනවා.

ඉතින් ටිකෙන් ටික කට්ටිය අතරෙ යාළු කම ගොඩනැගෙද්දි ඩේවිඩ්ට ඕනි වෙනවා සයිබර්පන්ක් කෙනෙක් විදිහට නිසි පුහුණුවක් ලබන්න.ඒකට කණ්ඩායමේ හැමෝම ඩේවිඩ්ට උදව් කරනවා.මේ අතරෙ ඩේවිඩ් හා ලුසී අතර ආදරයකුත් ඇති වෙනවා.ඒ මේ සිදුවීම් ඔක්කොටම පස්සෙ ‘සයිබර් සයිකො’ කෙනෙක් මෙයාලට පහර දෙනවා.’සයිබර් සයිකො’ කෙනෙක් කියන්නෙ සරලවම, බද්ධ කරගත්තු සයිබවෙයා කොටස් නිසා මනුෂ්‍යත්වය අහිමි වුනු කෙනෙක් කියලා හඳුන්වන්න පුලුවන්.මේ පහරදීමෙදි කණ්ඩායමේ පිලර් මැරෙනවා.මේ පහර දීමෙන් පස්සෙ කණ්ඩායමට මොකද වෙන්නෙ? සයිබර්පන්ක්වරු වෙනුවෙන් තවත් ලොකු ප්‍රහාරයක් අත ළඟද? ඩේවිඩ් අනාගතට මුහුණ දෙන්නෙ කොහොමද? සයිබර්පන්ක්වරුන්ට මීළඟට එන වැඩේ මොකක්ද? කියලා මේ කොටස් දෙකෙන් බලාගන්න පුලුවන්.ඒ වගේම මේ කොටස් දෙක එක්තරා විදිහකින් කතාවෙ හැරවුම් ලක්ෂ්‍යයක් වීමට නියමිත කොටස් දෙකක් වෙනවා.

කලින් වගේම මේ උපසිරැසිත් 18+ ලේබලය එක්කයි අරගෙන එන්නේ.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

3 thoughts on “Cyberpunk: Edgerunners [S01 : E05 & E06] Sinhala Subtitles | නොවැළැක්විය හැකි රෝගය. [සිංහල උපසිරසි] (+18)

  • Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *