අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉසුරු සම්පත් සිරිසේනක්‍රියාදාමචිත්‍රපටිචීනත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසි

7 Guardians of the Tomb (2018) AKA Guardians of the Tomb Sinhala Subtitles | පුරාණ සොහොන් කුටියක බිහිසුණු පුරාවෘත්තය…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 59 votes.
Please wait...

ඔන්න එහෙනම් ආයෙමත් තවත් අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. මේ වතාවෙ තෝරගත්තෙ 2018 පෙබරවාරි මස 23 වැනිදා පටන් තිරගත වීම ඇරඹි Action | Adventure යන සිනමා වර්ගීකරණයන්ට අයත් වන සලරුවක්. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kimble Rendall නම් අධ්‍යක්ෂකවරයා විසින්. තිර පිටපත් නිර්මාණය කරල තියෙන්නෙ Kimble Rendall හා Paul Staheli විසින්. Guardians of the Tomb චිත්‍රපටයේ දෙබස් සඳහා ඉංග්‍රීසි හා මැන්ඩරින් භාෂාව යොදාගෙන ඇති අතර The Twilight චිත්‍රපට මාලාවේ Emmett Cullenගේ චරිතයට රංගනයෙන් දායක වූ Kellan Lutz ඇතුළුව Li Bingbing,Wu Chun හා Kelsey Grammer තම රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 90 ක කාලයක් පුරාවට ධාවනය වන, IMDb දර්ශකයේ 4.9/10ක අගයක් ලබාගෙන ඇති මෙම සලරුවේ රූගත කිරීම් සිදුකර ඇත්තේ Village Roadshow Studios, Oxenford, Queensland, Australia සහ Gold Coast, Queensland, Australia යන ස්ථාන වලදීයි. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු Nest Holdings හා Sleeping Otters Productions යන සමාගම් මඟින් සිදුකර ඇති අතර බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත්තේ Asia Releasing,Digi-Optic Films,Arclight Films හා Batrax Entertainment යන සමාගම් මඟිනුයි.

කතාව ගැන කෙටියෙන් කියනව නම් බයෝටෙක් කියන ඖෂධ සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී තනතුරේ ඉඳපු ජෝන් ලී වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීමක් කරන්න ආසන්න වෙලා තියන අවස්තාවේදී ගුවන් අනතුරකින් මියයනවා. එයාට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුව ජියා, විශකුරු සත්වයින් ගැන ප්‍රවීණයෙක්, පුතා ලූක්, ගවේශකයෙක්. ඉතින් දවසක ජෝන් ලීගේ සහයකයා විදිහට සේවය කරපු ඩොක්ට මේසන් කිට්‍රිජ් ජියාව හම්බවෙන්න ඇවිත් එයාට කියනවා ගවේශණ කටයුත්තකට ගිය එයාගෙ මල්ලි ලූක් අතුරුදහන් වෙලා කියල. ඉතින් මේසන් ලූක්ව හොයන්න කණ්ඩායමක් සූදානම් කරගෙන ඒ කණ්ඩායමට ජියාවත් එකතු කරගන්නවා. ලූක් අතුරුදහන්වෙලා හිටියත් එයාගෙ GPS එකෙන් එන සංඥාවක් අනුව මේ කට්ටිය අතෑරලා දාපු පතලකින් භූගත ප්‍රදේශයකට ඇතුළුවෙනවා. ඒත් පස්සෙ මෙයාල දැනගන්නවා එයාල මේ ඇවිත් තියෙන්නෙ පුරාණ චීන අධිරාජ්‍යයෙකුගේ සොහොන් කුටියක් ඇතුළත් භූගත නගරයකට කියල. මේ නගරය ගැන කියවෙන පුරාවෘතයක් අනුව මෙයාල දැනගන්නවා ඒ අධිරාජ්‍යයා අමරණීයත්වය හොයාගන්න උත්සහ කරපු කෙනෙක් බව. ඉතින් තමන්ගෙ මල්ලි හොයාගෙන මේ භූගත නගරයට ආපු ජියාට වගෙම අනික් කට්ටියටත් ගොඩක් කරදර වලට මුහුණදෙන්න සිද්දවෙනවා. විසකුර සත්තු ජාතියකුත් මෙයාලට පහරදෙනවා. ඒ වගෙම ජියා දැනගන්නවා මේසන් මේ සිද්දවුණු හැමදේකටම සම්බන්දයි කියල. ලූක්ව මේ ගවේශණයට එව්වෙ මේසන් කියලත් ජියා දැනගන්නවා. මේසන් මේ ගමන එන්නෙ ලූක්ව බේරගන්න නම් නෙවෙයි. එයා එන්න අමරණීය බව ලබාගන්න පුළුවන් බෙහෙත හොයාගෙනයි. ඉතින් මේ භූගත නගරයේදි මුහුණපාන්න සිද්දවෙන ජර මර වලින් ජියාටයි කට්ටියටයි බේරෙන්න පුළුවන් වෙයිද? මේසන්ට අමරණීය බව ලබාගන්න හැකිවෙයිද? ජියාට තමන්ගෙ මල්ලිව බේරගන්න පුළුවන් වෙයිද? මේ කට්ටියට පෞරාණික නගරයෙන් පණපිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද? සියල්ල නරඹන ඔබට බාරයි…

“උන් අපිව මෙතනට අරන් ඇවිත් තියෙන්නෙ,
ඝාතකාගාරයකට යවන හරක් රංචුවක් වගේ අපිව ගාල් කරන්නයි.”
– ජියා.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

61 thoughts on “7 Guardians of the Tomb (2018) AKA Guardians of the Tomb Sinhala Subtitles | පුරාණ සොහොන් කුටියක බිහිසුණු පුරාවෘත්තය…! [සිංහල උපසිරසි සමඟ]

  • machan gola

    sub ekata thankz borther.. e unata elaga sare kathwa me trm spoil nokara hitiyoth hodai kyl thama mata nm hithenne.. lipiya hodai.. habai kathwa wadiyn kyl tynwa.. apita kuthuhalaya ena dewal godak spoil krl.. elaga sare ema nokara lipiya liyanna kyl request ekak tynwa,, anyway thankz for the sub again…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • sthuthi me upasirisiya api wetha aragena awata

    Reply
  • Guardians.of.the.Tomb.2017.720p.10bit.BluRay.6CH.x265.HEVC-PSA ekata sub eka gelapenne ne.hadanawada kauruhari

    Reply
  • Nadeeranga

    බයිස්කොප් ඩවුන්ලොඩ් එකේ හැෂ් ටැග් br පිටපතට සබ් එක ගැලපෙන්නැනේ සහෝ තවම..තැන්ක්ස් සබ් එකට..

    Reply
  • Sub ekata thanks saho……
    Jayen jaya……….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Pasan_Madusankha

    Upasiresiya Labaa Dunnaata Bohoma Sthuthiy Saho.. Digatama Karagena Yamu. Jaya Wewaa..!

    Reply
  • prabath850331960

    film link eka dennako

    Reply
  • Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya..

    Reply
  • matchn meke blue ray sub 1th hariyata wada naa ne.

    Reply
  • Go to the continue bro

    Reply
  • Killerbuvi

    Blu-ray deepnko bn

    Reply
  • kabayathilaka

    Thanks bro sub ekata…..

    Reply
  • Sajithakalanka

    Sub1 ganna behe

    Reply
  • DHLP.JAYAWEERA 0088

    Thx bro sub ekata

    Reply
  • Rashmika dumidu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ජය වේවා!……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Niyama wadak thanz saho

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks Bro !!!

    Reply
  • Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?

    Reply
  • pradeep darshana

    Supiri sub eka hodai

    Reply
  • HARSHANA9211

    thanks,,,,,,,,,,,,,,,

    Reply
  • sub ekata thanks saho.. ela

    Reply
  • niyamai thanks jayen jaya

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..

    Reply
  • ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..
    download කරලා තියාගත්තේ සබ් එක දෙනකම්….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *