Watch Trailer

777 Charlie (2022) Sinhala Subtitles | ජීවිතයට පාර කියූ ආදරණීය මිතුරා..!! [සිංහල උපසිරසි]

KGF 2 එකෙන් පස්සේ කන්නඩ සිනමාව ගැන ලෝකයක් කතා කරන දවසක් ආයෙත් උදා වෙන්න නම් KGF 3 එනකම්ම ඉන්න වෙනවා කියලා හිතන් හිටියට මෙන්න ඊට මාස කිහිපයකින්ම ඒ දවස උදාවෙලා තිබ්බේ කවුරුත් නොහිතපු විදිහට. හැබැයි වෙනමම කොහෙන්දෝ ආපු චිත්‍රපටියකින්. කිසිම “ස්ටාර්” කෙනෙක්වත් නැති මේ චිත්‍රපටියට කර තියන් හිටියේ අපි වෙන…

KGF 2 එකෙන් පස්සේ කන්නඩ සිනමාව ගැන ලෝකයක් කතා කරන දවසක් ආයෙත් උදා වෙන්න නම් KGF 3 එනකම්ම ඉන්න වෙනවා කියලා හිතන් හිටියට මෙන්න ඊට මාස කිහිපයකින්ම ඒ දවස උදාවෙලා තිබ්බේ කවුරුත් නොහිතපු විදිහට. හැබැයි වෙනමම කොහෙන්දෝ ආපු චිත්‍රපටියකින්. කිසිම “ස්ටාර්” කෙනෙක්වත් නැති මේ චිත්‍රපටියට කර තියන් හිටියේ අපි වෙනදා දකින කකුල් දෙකේ හාදයෙක් නම් නෙමේ. කකුල් හතරක හාදයෙක්. ඊට අමතරව එයා නැට්ටක්, තෙත හොම්බක් වගේම ඇඟ ඇතුලේ ලෝකේ ලස්සනම වගේම ආදරණීය හදවතක් තියෙන කෙනෙක්. මේ හාදයා පැය දෙකහමාරක් ඇතුළත සුපිරි තරුවක් වෙනවා. මුළු ලෝකයකම ආදරය දිනාගන්න, කාගෙත් හිත් වල ලැගුම් ගත්තු කෙනෙක් වෙනවා.

එහෙනම් එන්න, අපි දැනගමු මේ අවුරුද්දේ කන්නඩ සිනමාවේ සිද්ධ වුණු දෙවැනි බෝම්බ ප්‍රහාරය මොකක්ද, ඒකට වගකිවයුත්තා කවුද කියලා. බෝම්බ ප්‍රහාරයක් කියලා කිව්වට වරදක් නැහැ, මොකද අඩු බරපැනක් යොදලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය කෝටි 100 පහු කරපුආදායමක් ලබාගෙන Blockbuster ලේබලය අලවගත්තු නිසා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරයෙත් කිසිම අඩුවක් නැති බව පේනවා 12000ක අධික මනාප සංඛ්‍යාවකින් ලබාගත්තු 9.1ක දැවැන්ත IMDb අගය නිසා. ඉතින් අපි දැනගමු මොකක්ද මේ අති සාර්ථක සිනමාපටය මොකක්ද කියලා. වෙනදා වගේම පල්ලෙහා වචන සහ අදහස් සොරකම් කරනවා Filmi Indian චැනලයේ දීක්ෂා අක්කගෙන්. එයා දැක්කොත් සමාවෙත්වා!! දැක්කත් තේරෙන්නේ නැති නිසා අවුලකුත් නැහැ..

මහා භාරතය ගැන අපි කවුරුත්අහලා තියෙනවනේ. කොහෙන් කොහෙන් හරි ඇහිලා ඇතිනේ කෞරව, පාණ්ඩයන් අතර ඇතිවුණු යුද්ධය සහ අවසානයේ ක්‍රිෂ්ණාගේ මායාවන් එහෙම. ඒත් මහා භාරතයෙන් පස්සෙ මොකද වුණේ කියලා ඔයාලා අහලාතියෙනවද. දන්නවද අර උඩ කියපු පාණ්ඩව පවුලේ ලොකුම සහෝදරයා යුදීශ්, ස්වර්ගය අත ඇරලා දැම්මා, ඒකත් එක බල්ලෙක් වෙනුවෙන්. ඒ කතාව දන්නෙ නෑ නේද? එහෙනම් තවත් හොඳයි. ඉතින් ඔය කතාව චිත්‍රපටයක මුහුණුවරකින් අපි ඉස්සරහටම ගෙනත් දාලා තියනවා, මේ අද කාලෙට ගැලපෙන විදිහට.

777 Charlie, මේ චිත්‍රපටිය කන්නඩ සිනමා කර්මාන්තයට විතරක් නෙමේ මුළු ඉන්දියාවටම ආඩම්බරයක් දනවන්න පුලුවන් විදිහේ චිත්‍රපටයක්. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, පිටරට ඈයෝ අපෙන් ගොඩක් දේවල් හොරකම් කරගෙන ගියා සහ තවමත් අරන් යනවා, ඒත් මෙන්න මේ චාලිව නම් අපෙන් උස්සන් යන්න බැරිවෙයි. ඒ තරමටම චාලි කියන්නේ හොලිවුඩයට පවා අභියෝග කරන සිනමාපටයක් කියලා මං කියනවා.

මේ කතාව පටන් ගන්නේ, ධර්මා කියන තරුණයාගෙන්, මිනිහා තමන්ගේ ජීවිතේ අරන් යන්නේ තනියමමයි, ගුප්ත විදිහට. එයා උදේට වැඩට යනව, හවසට වැටෙන්න බොනව. රෑට ඉට්ලි පිඟානක් කනවා. එකෙක්වවත් තඹ සතේකට මායිම් කරන්නේ නෑ. ඉර පායනවා බැහැලා යනවා, ඒ අතරේ ධර්මාගේ ජීවිත චක්‍රය හැමදාම පුරුදු විදිහට කැරකෙනවා, හරියට නිකන් මිනිහා මැරෙන්න බලාගෙන ජීවත් වෙන සිද්ධියක් තමා පේන්න තිබුණේ. ඉතින් ඔය අතරේ මේ කතාවට එකතු වෙනව හරි අබිරහස් අමුත්තෙක්. මෙයා කවුද කොහෙන්ද  කොහොමද ආවේ කියලා කවුරුත් දන්නේ නෑ. දන්නේ මෙච්චරයි, මෙයාගේ හිතේ ධර්මා වෙනුවෙන් විශේෂ ආදරයක් ලෙන්ගතුකමක් තිබ්බා පළවෙනි දවසේ ඉඳන්ම. වැඩේ කියන්නේ පිට මිනිස්සු ඉන්නවද මලාද කියලා කනකට ගණන් නොගන්න මේ මනුස්සයව, මේ අමුත්තා තමන්ගෙ මුළු ලෝකයම කරගෙනයි හිටියේ. ඒත් ධර්මා ධර්මාම තමා. අනිත් හැමදේම වගේ එයා මේ කෙනාවත් බල්ලටම දාලයි තිබුණේ. එතකොට මේ කතාව කොහොමද ඉස්සරහට ගියේ? මේ ධර්මාගේ ඒකාකාරී ශාපලත් ජීවිතේ වෙනස් මගකට ගියේ කොහොමද? එන්න, 777 Charlie (2022) ඇවිත් තියෙන්නේ ඒ කතාව අරගෙන.

මේකයි බොසා, ඔයා චිත්‍රපටි ගොඩක් බලලා ඇති. ඒවයින් ආසම ඒවයේ දිග… ලිස්ට් එකකුත් ඇති. ඉතින් දැන් ඒ ලිස්ට් එක තව ටිකක් දික්කරගන්න වෙලාව ඇවිල්ලා. මොකද කිව්වොත්, 777 Charlie කියන්නේ චිත්‍රපටියක් නෙමේ එක්තරා විදිහක අත්දැකීමක්. ඔයාට මේක විනිශ්චය කරන්න බෑ, මේක ඇතුලේ ජීවත් වෙන්න විතරයි පුළුවන්. චාලි කියන්නේ හැඟීමක්, ඒක වචන වලින් කියන එක කරන්න බැරි වැඩක් වෙයි. ඔව් හැබැයි පොඩ්ඩක් ඉන්න. මේ චිත්‍රපටිය සුරතලුන්ට ආදරය කරන අයට සහ ගෙදර කකුල් හතරේ ඈයෝ ඇති කරන අයට විතරක් තියෙන චිත්‍රපටයක්ය, උන්ට විතරයි ඕවා සෙට් වෙන්නේ කියලා ඔයා කියනවා නම් අන්න ඔයාට වැරදිලා. මේක ඇවිල්ලා අංග සම්පූර්ණ සිනමාවක්, මේකෙන් කුතුහලය, ත්‍රාසය, හාස්‍යය, දුක හැමදේම අඩුවක් නැතුවම ලැබෙනවා. ඔයා කවුරු වුණත් මොන විදිහේ කෙනෙක් වුණත් මේ පැය දෙකහමාර තුළ ඔයා ගන්න වින්දනයේ කිසිම අඩුවක් දැනෙන එකක් නැහැ.

චිත්‍රපටියේ ප්‍රධාන නළුවා (කකුල් දෙකේ කෙනා) රක්ෂිත් ෂෙට්ටිගේ රංගනය ගැන ටිකක් කිව්වොත් මිනිහා ඉතින් චරිතයට කිඳා බැහැලයි ඉන්නේ, මානසිකව සහ කායිකව ජීවිතෙන් වැටිලා ඉන්න මනුස්සයෙක්ගේ ඉඳන් පරිවර්තනයට ලක්වෙන ධර්මාව මිනිහා හරියටම පෙන්නලා තියෙනවා. හැඟීම් නිරූපණය කොහොමද කියනවා නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ වගේම, මේකේ අවසානය ගැන නම් අහන්නවත් එපා, ඒ ලොකේෂන් නම් මාරයි කියන්නේ මහාභාරතය එක්ක තියෙන සම්බන්ධය හරිම කට්ට විදිහට පාවිච්චි කරලා තියෙනවා. අවසානය කොහොමද කියනවා නම්, එක පැත්තකින් මොලේ හයියෙන් හයියෙන් වැඩ කරන අතරේ අනිත් පැත්තෙන් හදවතේ තත්ත්වය නම් අන්තයටම සවුත්තු වෙන්න ගන්නවා. ඒ වෙලාවට දැනෙන ලබ් ඩබ් සද්දෙන්ම ඔයාට ඒක වැටහෙයි. අවසානයක් කිව්වට, මේ චිත්‍රපටය අවසානයේ නම් හැබෑම ආරම්භය සිද්ධ වෙයි, ඊට පස්සේ ඔයා ජීවත් වෙන්න ගන්නේ චාලිගේ ඒ ලෝකයේ ඉඳන්.

හොඳම වැඩේ කියන්නේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා චාලි (කකුල් හතරේ කෙනා), චිත්‍රපටය පුරාවටම එකම දෙබසක්වත් කිව්වේ නැතත් එයාගේ හැම දර්ශනයක්ම ඔයාට 100%ක්ම විඳින්න පුළුවන් වෙනවා. ඒකෙන් හිතාගත්තහැකිහොඳ සිනමාවකට වැදගත් වෙන්නේ ඒක හින්දිද දමිළද තෙලුගුද මලයාලම්ද කන්නඩද කියන එක නෙමේ, අවශ්‍ය හොඳ අන්තර්ගතයක් විතරයි. ඒ වගේම චිත්‍රපටියේ සංගීතය ගැන නොකියම බැහැ, ඒ ගීත අහද්දි ඇඟ ඇතුලෙන් මාරම ශක්තියක් හැඟීමක් දැනෙනවා. තව කියන්න දෙයක් නැහැ. ඇත්තටම කියන්න දෙයක් නැහැ. මං නවතිනවා.

මේ චිත්‍රපටිය කොච්චර හොඳද කියලා මං කොච්චර කිව්වත්, ඔයා කොච්චර ඇහුවත් ඒකෙන් තේරුමක් වෙන්නේ නැහැ. තිරය ඉස්සරහ ඉඳගෙන පැය දෙකහමාරකට පස්සේ ඇස් වලින් ප්‍රතිඵල ගලාගෙන එද්දි ඔයාටම දැනෙයි මේ චිත්‍රපටිය මොන තරම් විශේෂයිද කියලා. ඔස්කාර්, ෆිල්ම් ෆෙයා වගේ සිනමා සම්මාන තියෙනවනේ, චාලි කියන්නේ ඒවා ඩැහැගන්න චිත්‍රපටයක් නෙමේ වගේම කෝටි 200ක 300ක ආදායම් හොයන චිත්‍රපටයක් නෙමේ. ඒත් මේ කතාව ලියලා තියාගන්න, අදින් අවුරුදු 4, 5කට පස්සේ ඉන්දියන් සිනමා ප්‍රේක්ෂකයන් කීදෙනෙක් නම් ඉන්නවද, ඒ අයගෙන් බහුතරයක් මේ චිත්‍රපටිය බලලා තියේවි. මොකද, 777 Charlieගෙන් තොරව ඉස්සරහට ඉන්දියන් සිනමාව අසම්පූර්ණයි වගේ දැනෙන නිසා.

ඉතින් අනිත් චිත්‍රපට වලට වගේ මේකට තරු දෙන්න මට හිත දෙන්නේ නෑ, මොකද කලින් කිව්වා වගේ මේක සිනමාවකට එහා ගියපු අත්දැකීමක්. ඒත් දෙන්න ඕන නිසා දෙනවා 5න් 5ම. එක තරුවක් මහා භාරත කතා කොටසක් හරිම සියුම් විදිහට චිත්‍රපටයට උකහාගෙන නිර්මාණශීලීව ප්‍රදර්ශනය කරන එකට, අනිත් තරුව සම්ප්‍රදායික කම්මැලි විදිහට නිකම්ම සමාජයට පණිවිඩයක් දීලා දාන්නේ නැතුව ඒක හැඟීම් සහ විනෝදය මිශ්‍ර කරලා මුදාහැරියට. තුන්වෙනි තරුව අවසානය වෙනුවෙන්, ඒ වෙලේ දැනෙන හැඟීම සමහරවිට ඉන්දියාවේ අද වෙනකම් කිසිම චිත්‍රපටයකින් දීලා නැතුව ඇති. හතරවෙනි තරුව රක්ෂිත් ෂෙට්ටි සහ මිනිහගේ තිර පිටපත් තේරීම වෙනුවෙන්. සමහරවිට මේ හාදයා මුළු ඉන්දියාවේම සිනමාවේ මුහුණුවර වෙනස් කරාවි. පස්වෙනි තරුව පසුබිම් සංගීතය වෙනුවෙන්, මේ මුළු සිනමා අත්දැකීමමම වෙන මට්ටමකට අරන් ගියපු සංගීතයක් ඒ තිබුණේ. එක තැනක බල්ලා බුරන ශබ්දයෙන්ම සංගීතයක් දාලා තිබ්බා, ඉතින් නිර්මාණශීලිත්වය ගැන අහන්න දෙයක් තියේද?

ඉතින් යාළුවනේ එළඹෙන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, සතියේ ඕනම දවසක් වේවා වෙලාවක් හම්බෙන්නේ කීයටද මුළු පවුලම එක්කාසු කරගෙන මේ චාලිව හම්බවෙන්න. පොරොන්දු වෙනවා මෙයා ඔයාලගේ ජීවිතේ වෙනස් කරලම දාවි. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා, චිත්‍රපටිය අවසන් කරලා පුටුවෙන් නැගිටලා යන ඔයා ගෙවල් පාරේ ඉන්න බල්ලට ගලකින් කෙලලා අරිනවා නම්, කාලා වැඩි වෙන කෑම ටික එහෙමම කුණු බක්කියට විසි කරනවා නම්, වාහනේ යද්දි බ්‍රේක් පාරක් ගහන්න/ වාහනේ අයින් කරගන්න තරම් ඒ වීදි ජීවිතයක වැදගැම්මක් වැටහෙන්නේ නැත්තම්, කුෂ්ට හැදුනු / ඇට පෑදුනු වීදි සතෙක්ව දැක්කම මේ චාලිට වගේ ආදරේ හිතෙන්නේ නැත්නම්, අනුකම්පාවක් දැනෙන්නේ නැත්තම් ඒ පීඩාව නොදැනුනා නම්, අපේ 777 Charlie කණ්ඩායම ගත්තු මේ උත්සාහය එහෙම්පිටින්ම අසාර්ථක වෙලා තියේවි. ඔයා චිත්‍රපටිය ඇස් දෙකෙන් බලලා විතරයි!! ජීවිතයක් වෙනස් කරන්න අපෙන් වැයවෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්. ඒත් ඒ වෙනුවෙන් මුළු ජීවිතයක්ම වෙනස් වෙනවා. චාලි අපිට දෙන්නේ ඒ පණිවිඩය. පුළුවන් නම් ඒ අනූව වෙනස් වෙමු. එක හිතක් වෙනස් වුණා නම්, ඒ හින්දා එක ජීවිතයක් වෙනස් වුණා නම් චාලි ගත්තු කෝටි 100ක ආදායම ඒ ඉස්සරහ බොහොම පොඩි දෙයක්.

(චාලි ගැන තවත් විස්තර, ඡායාරූප බලාගන්න/දැනගන්න ඕන නම් එයාලගේ වෙබ් අඩවිය 777charlie.කොම් එකට යන්න පුළුවන්)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

63,956 downloadsDownload 777-Charlie-2022-Updated.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

63,956 downloadsDownload Subtitles54 KB

109 comments

  1. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සබ් වැටෙනකල් හිටියෙ බලන්න. ජයවේවා!

  3. Ravindra

    Thanks sub ekata

  4. Kushan

    Sub akta thanks

    1. ලහිරු

      මං මේ සබ් එක බයිස්කෝප් එක ආවද කියලා බලන්න ආවා විතරයි.ගොඩක් පේජ් වල මේ ෆිල්ම් එකෙ වීඩියෝ දාලා තිබ්බා.මාර ආසවක් තිබ්බේ.තෑන්ක්ස් සහෝ ❤️

  5. මිනුල

    ඇගිලි ගැන ගැන හිටියේ මේක බලන කන්
    බොහොම ස්තුතියි සහෝ

  6. අචින්ත

    අඩෝ දැන් ඉතිං බලන්නම වෙනව නෙ

    1. Anonymous

      තෑන්ක්ස් වේවා

  7. Anonymous

    Plz update ek villain sinhala sub to bluray version

  8. Naveen

    උපසිරසියට තුති

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Seth

    Kgf enna kalin idalama gunathmaka kannada film ona taram haduna,awasanawata ewa balanna sinhala sub thibune na,idiriyata ho baiscope thulin mewani nirmana labadei kyla balaporoththu wenawa

  11. sajitha samod

    Thank you

  12. Neo

    Thanks brother
    Keep it up

  13. Anonymous

    Sub 1ta thanks wendona...

  14. බව්වාස් world

    ෆිලුමක් නෙවෙයි වෙනම ලෝකයක් ...

  15. Anonymous

    kawuru dunnath wadak naa baiscope eken me wage ekak ikmanata denawa kynne kotiyak watinoo..

  16. Pasindu Madumal

    ලිපිය නම් මාරම වටිනවා
    සබට තුති සහෝ, ජයවේවා බයිස්කෝප් ❤️

  17. Buddhika Lakmal (laKMal)

    එනකම්ම බලාගෙන හිටපු ෆිලුමක්.... ලිපියටත් බොහෝම ස්තූතියි මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  19. Bandara

    Thanks Lot 777-charlie-2022

  20. Rashi Iddamalgoda

    මටනම් ලිපිය කියවද්දිම ඇඩුනා.. ඒ හැගිම ලිපියෙන්ම දිලා... තැනක්ස් Brother ..sub එකට... B,s.

  21. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  22. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

    1. Anonymous

      film link eka dennako

  23. Anonymous

    අඩේහ් සුපිරියක් වගේ
    එල එල ✌

  24. Anonymous

    ❤️❤️❤️❤️

  25. Thisara Kanchana

    ❤️❤️❤️❤️

  26. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  27. Eranda

    Thanks brother

  28. dulan

    ස්තුතියි !

  29. Anonymous

    චාලිගෙයි ධර්මගෙයි combination එකනම් කියන්න වචන නෑ

  30. Ruchira

    Athmy mn eka kotask wath skip kare ne eka husmata baluwe.. Marama sundara kathwak anttima hariyedi mata nm aduna.. Kochr sathu inwda me wage asarana wechi.. Thanks saho oyage mahsniyta

  31. Rumesh

    ස්තුතියි සහෝ

  32. Kavi

    බොහොම ස්තූතියි සහෝ ඉක්මනින්ම සබ අරන් ආවට
    ජය වේවා!

  33. Anonymous

    ❤️

  34. Anonymous

    Treat to watch.. Thank you for your effort brother

  35. maari

    thanks pana

  36. J.d

    උපසිරසියට ස්තුතියි

  37. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    1. Anonymous

      Thank u

  38. AKEESHA

    paper girls සිරිස් එකට sub denko

  39. Anonymous

    එලකිරි සුපිරිකිරි

  40. Dineth de silva

    Thanks brother

  41. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ් පිං

  42. Anonymous

    pattama movie ekak hodatama sub eka karala thiyenawa thank you bn

  43. Anonymous

    thanks brother

  44. Amil Gamage

    thanks for the sub

  45. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!

  46. Anonymous

    තෑන්ක්ස් ලොක්කා

  47. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  48. Lahiru

    Thanks brother

  49. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  50. ගැමියා

    777 Charlie නොබලන දෑස් මක්කටෙයි කිව්වලු

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.