අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Anatomy of a Fall (2023) Sinhala Subtitles | හිම කඳුකර නිවසේ අබිරහස් මරණය… [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 16 votes.
Please wait...

Anatomy of a Fall

Anatomy of a Fall (2023) Sinhala Subtitles

අද සිංහල උපසිරැසි සමඟින් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ඔබට තිළිණ කරන්නේ Anatomy of a Fall (2023) නම් අපරාධ නීති විද්‍යා ගණයට අයත් සම්මානනීය ප්‍රංශ චිත්‍රපටයයි. 2023 වසරේ Cannes සම්මාන උළලේදී, එම උළලේ උසස්ම සම්මානය වන Palme d’Or සම්මානයද, හොඳම සුනඛ රංගන ශිල්පියා වෙනුවෙන් පිදෙන Palm Dog සම්මානයද, 2024 වසරේ Oscar සම්මාන උළලේදී හොඳම මුල් තිරරචනය වෙනුවෙන් ඔස්කා සම්මානයද, 2024 වසරේ César සම්මාන උළලේ හොඳම සිනමාපටය ඇතුළුව සම්මාන හයක් ද, සමඟින් වෙනත් සම්මාන උළෙලවලදී තවත් සම්මාන ගණනාවක් දිනාගන්නට මෙන්ම තවත් සම්මාන ගණනාවකට නිර්දේශ වන්නටත් Anatomy of a Fall (2023) සමත් වුණා. Justine Triet විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු Arthur Harari සමඟ ඒකාබද්ධව තිරරචනය කර තිබෙනවා. 2023 අගෝස්තු 23 වැනිදා මුල්වරට ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණු මේ සිනමාපටය 2024 මාර්තු 15 වන විට ලෝකය පුරා ඩොලර් මිලියන 33.6ක ආදායමක් ලබාගන්නට Anatomy of a Fall (2023) සමත් වුණා. නිකුත් කිරීමෙන් අනතුරුව ලොව පුරා විචාරකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වුණු Anatomy of a Fall (2023) සිනමාපටය Rotten Tomatoes වෙබ් අඩවියේ විචාරාත්මක ප්‍රතිචාර 270කින් 96%ක් ධනාත්මක ප්‍රතිචාර ලබා සමස්තය ලෙස 8.5/10 ක ඉහළ අගයක් ලබාගන්නට සමත් වුණු අතර, IMDb දර්ශකයේ ප්‍රතිචාර 91,000 ඉක්මවන මනාප ප්‍රතිචාර මඟින් 7.8/10 ක ඉහළ අගයක් ලබාගන්නට සමත් ව තිබෙනවා.

මේ විශිෂ්ඨ සිනමා පටයට සිංහල උපසිරැසි කරන්නට කළින් භාරගෙන හිටි හිරාන් සහෝදරයාට සහ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා, කාර්යබහුලත්වය නිසා ඔහුට අවසන් කරන්නට නොහැකි වුණු මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්නට මා ඉල්ලූ අවස්ථාව ලබා දීම ගැන. මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මා කළ අනූ හතරවැනි සිංහල උපසිරැසි නිර්මාණයයි.

ආතර් හරාරි සහ ජස්ටින් ට්‍රයට් යුවළ, 2023 කෑන්ස් සිනමා උළලේදී දිනාගත් Palme d’Or සම්මානය සමඟින් (වමේ) සහ 2024 ඔස්කා සම්මාන උළලේදී හොඳම මුල් තිර පිටපත වෙනුවෙන් දිනාගත් ඔස්කා සම්මාන සමඟින් (දකුණේ).

පැය දෙකයි මිනිත්තු තිස් එකක් පුරා දිවෙන මේ සිනමා පටයේ උපසිරැසිය පේළි 2100ක් ඉක්මවන දීර්ඝ එකක්. එහෙත් එහි භාවිතා වෙන බස් වහර අතිශය සරල සහ තර්කානුකූල නිසා අතිශය නිරවුල් බවකින් යුතුයි. ඉතා ප්‍රබල පිටපතක් සහ ඊට නොදෙවෙනි රංගනයන් මඟින් ජීවමානව ගොඩනැඟෙන චරිත සමඟ උද්වේගකර ලෙස ඝට්ටනය වෙමින් සජීවීව ගලා යන කතාන්දරය මුල සිට අගටම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් යුතුව ඇද බැඳ තබාගන්නට සමත් වෙනවා. මේ දක්ෂ රංගන ශිල්පින් අතර මිනිස් නළු නිළියන්ට නොදෙවෙනි අන්දමින් සිය ප්‍රතිභාව විදහා දක්වන සුනඛ රංගන ශිල්පී Messiගේ රංගනයද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා. මේ රංගනය වෙනුවෙන් ඔහුගේ පුහුණුකාරිය වන Laura Martin Contini මාස දෙකක පමණ කාලයක් Messiව පුහුණු කළ බව සඳහන් වෙනවා. එය සුනඛ රංගනයන් අතර උච්ඡතම ස්ථානය ලෙස පැසසුමට ලක්වෙනවා.

Border collie වර්ගයට අයත් ‘සම්මානනීය සුනඛ රංගන ශිල්පී’ Messi විසින් Anatomy of a Fall හි ඉදිරිපත් කළ අද්විතීය රංගනය වෙනුවෙන් 2023 කෑන්ස් සිනමා උළලේදී පිරිනමනු ලැබූ Palm Dog සම්මානය, සංකේතාත්මකව එම වර්ගයේම සුනඛයෙක් වුණු Stan වෙත පිරිනැමුණු අවස්ථාව (වමේ) 2024 ඔස්කා සම්මාන උළෙලට සහභාගී වුණු Messi, තමන්ටම වෙන් කෙරුණු අසුන මත අසුන්ගෙන සිටින අන්දම (දකුණේ) මෙහි ඔවුන් දෙදෙනාගේ දෙඇස් මැද සහ ළය පෙදෙසේ කළු – සුදු වර්ණ රටාවේ වෙනස ඔබට පැහැදිලිව දැකිය හැක.

Anatomy of a Fall (2023) සිනමාපටය වෙනුවෙන් පිදුණු සම්මාන වලින් කිහිපයක්

1. 96th Academy Awards (2024)

  • Best Original Screenplay (Jstine Triet, Arthr Harari)

2. 81 Golden Globes Awards (2024) – Movies from 2023

  • Best Screenplay (Jstine Triet, Arthr Harari)
  • Best Foreign Language Film

3. BAFTA 2024

  • Best Original Screenplay (Jstine Triet, Arthr Harari)

4. 38 Goya Awards (2024) – Spain

  • Best European Film

5. 49th Cesar Awards (French Academy) (2024) – Films from 2023

  • Best Film (Meiller film)
  • Best Director (Meiller réalisater) (Jstine Triet)
  • Best Actress (Meilleure actrice) (Sandra Huller)
  • Best Supporting Actor (Meilleur acteur dans un second rôle) (Swann Arlaud)
  • Best Original Screenplay (Meiller scénario original) (Jstine Triet, Arthr Harari)
  • Best Editing (Meilleur montage) (Laurent Sénéchal)

6. 76th Cannes Film Festival 2023

  • Golden Palm: Best Picture
  • Palm Dog

7. 36 European Film Awards – EFA 2023

  • Best Film
  • Best Director (Jstine Triet)
  • Best Actress (Sandra Huller)
  • Best Screenplay (Arthr Harari, Jstine Triet)
  • Best Editing (Laurent Sénéchal)

8. 39 Independent Spirit Awards 2024

  • Best Foreign Film

9. New York Film Critics Circle – Year 2023

  • Best Foreign Film

10. NSFC – National Society of Film Critics Awards 2023

  • Best Actress (Sandra Huller)

11. NBR (National Board of Review) – Awards 2023

  • Best Foreign Film

12. Los Angeles Film Critics Awards (LAFCA 2023)

  • Best Lead Performance (Sandra Huller)
  • Best Editing (Laurent Sénéchal)
  • Best Foreign Film

13. Gotham Independent Film Awards: 2023 (Ceremony: 27 nov.)

  • Best Screenplay (Jstine Triet, Arthr Harari)
  • Best International Feature
  • Best Foreign Language Film

14. 26th British Independent Film Awards (2023)

  • Best International Independent Film

2023 කෑන්ස් සිනමා උළලේදී “Anatomy of a Fall” කණ්ඩායම, (වමේ සිට දකුණට) Antoine Reinartz, අධ්‍යක්ෂිකා Justine Triet, Sandra Huller සහ Milo Machado-Graner ඔවුන් දිනාගත් Palme d’Or සම්මානය සමඟින්.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. ග්‍රීනොබල්හි හිමෙන් වැසුණු කඳුකර නිවහනක, විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු වුණු සැමුවෙල් මැලේස්කි, ඔහුගේ භාර්යාව වන සැන්ඩ්‍රා වොයිටර් නම් ලේඛිකාවක සහ පුතු ඩැනියෙල් මැලේස්කි සමඟ කාලය ගත කරමින් සිටිනවා. සිනමාපටය ආරම්භ වන්නේ ලේඛිකාවක වන සැන්ඩ්‍රා, ඇයව සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන්නට එන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක සමඟ පිළිසඳරෙහි නිරත වන දර්ශනයකින්. සැන්ඩ්‍රාගේ සැමියා වන සැමුවෙල් සොල්දරයේ පිළිසකර කිරීමක නිරත වන අතරතුර, මේ සම්මුඛ සාකච්ඡාව ගැන නොසතුටින් ඊට බාධා පළ කරමින් මහත් හඬින් සංගීතය වාදනය කරනවා. මේ අතර අනතුරකට ලක්වීම හේතුවෙන් දෘශ්‍යාබාධිතව සිටින ඩැනියෙල් සිය සුරතල් සුනඛයා වන ස්නූප්ව පිරිසිදු කරන්නේ හිමෙහි ඇවිදින්නට යන්නට ඔහුව සූදානම් කිරීමටයි. ඝෝෂාකාරී සංගීතය නිසා සම්මුඛ සාකච්ඡාව කරගැනීමට නොහැකිවන නිසා ශිෂ්‍යාව සම්මුඛ සාකච්ඡාව කල් තබා නිවසෙන් බැහැරව යන අතර, ඇය සිය වාහනය පණගන්වන මොහොතේ, එම නිවසේ පහතම මාලයෙන් ඩැනියෙල් සහ සුනඛයා එළියට එන අන්දම දකිනවා. ඊටම උඩු මහලේ සඳළුතලයේ සැන්ඩ්‍රා ඇයට සමුදෙන්නට අත වනනවා. ඒ අතර තුන්වන මහලෙන් සැමුවෙල් වැඩ කරන බව ඒත්තු යන අන්දමින් උස් සංගීතය සහ විවිධ ඝෝෂාවන් ඇසෙනවා.

“Anatomy of a Fall” සිනමාපටයේ පසුතලයක් ලෙස යොදා ගැනුණු නිවෙස (වමේ) අධිකරණ පසුතලය වෙනුවෙන් යොදා ගැනුණු Saintes නගරයේ උසාවි සංකීර්ණය (දකුණේ)

නිවසෙන් බැහැර වන ඩැනියෙල් සුනඛයාගේ මඟ පෙන්වීමෙන් ඉදිරියට ගොස් සුනඛයා සමඟ ඇවිදීමෙන් පසුව යළි නිවෙස බලා පැමිණෙනවා. එළෙස පැමිණෙන අතර සුනඛයාගේ හැසිරීමේ වෙනසක් නිසා යම්කිසි උවදුරක් වී ඇති බව ඩැනියෙල් දැනගන්නවා. සිය නිවෙස ඉදිරිපිට හිසෙහි තුවාලයක් සහ රුධිර ගංගාවක් මැද සිය පියාගේ සිරුර ඇති බව ඩැනියෙල් දැනගන්නේ මින් අනතුරුවයි. මළසිරුර අසළට පැමිණීමෙන් පසුව, සිය පියාගේ හදගැස්ම නැවතී ඇති බව දැනගන්නා ඩැනියෙල් හඬමින් සිය මවට කතා කරනවා. මේ අතර සිය කාමරයේ නින්දට ගොස් සිට, මේ කෑගැසීම නිසා අවදිව එළියට බසින සැන්ඩ්‍රා මළසිරුර දැක කැළඹීමට පත්ව පහළට දුවගෙන එනවා. පෙනෙන අන්දමින් එය සොල්දරයෙන් ඇදවැටීමක් (Fall) සමඟ සිදුවුණු මරණයක්. සැමුවෙල් සොල්දොර ජනේලයෙන් පැන්නාද? කිසිවෙකු ඔහුට පහරදී තල්ලු කළාද? නැත්නම් අනතුරක් නිසා ඇද වැටුණාද? ඒ ඇද වැටීම ගැන වෝහාරිකව සහ ව්‍යුහ විද්‍යාව (Anatomy) අනුව කෙරෙන විශ්ලේෂණය අනුවයි කතාවේ ඉදිරිය ගලාගෙන යන්නේ.

සිනමාපටයේ පෝස්ටරයකට ගැනුණු සැමුවෙල් මැලේස්කිගේ මළ සිරුර සොයා ගැනෙන අවස්ථාව.

ඇය විසින් පොලිසිය කැඳවීමෙන් පසුව පොලිස් විමර්ෂණ සහ අධිකරණ වෛද්‍ය විමර්ෂණ ඉදිරියට ඇදෙනවා. හිසට සිදු වුණු හානියෙන් ඔහු මියගිය බව නිගමනය කළ හැකි වුණත් මාරාන්තික තුවාලය සිදුවන්නට හේතුව නිසි ලෙස තීරණය කරගත නොහැකි වෙනවා. මේ නිසා සැමුවෙල්ගේ මරණය මිනීමැරුමක් ද, දිවිනසා ගැනීමක්ද, නැතිනම් අනතුරක්ද යන්න හරිහැටි නිර්ණය කරගැනීමට අධිකරණ වෛද්‍යවරයාට හැකි වන්නේ නැහැ. හිසෙහි ඇතිවුණු තුවාලය වැටීමේදී තියුණු දාරයක ගැටීමෙන් සිදුවිය හැකි වුණත් මළසිරුර හමුවන පිහිටුම අනුව එය බිම වැදීමෙන් ඇතිවුණු එකක් ලෙස පෙනෙන්නේ නැහැ. මානසික පීඩනය වෙනුවෙන් සැමුවෙල් ප්‍රතිකාර ලබමින් සිටියද, ඔහු දිවිනසා ගැනීමේ තත්වයක ඇති බවක් නොපෙනුණු වග ඔහුගේ මනෝ විශ්ලේෂන උපදේශකයා පවසනවා. මෙය ඝාතනය කිරීමක් වීමේ ඉඩ සැළකීමේදී බාහිරින් පැමිණි කිසිවෙකු ගැන කිසිදු හෝඩුවාවක් නැති පසුබිමක, සැමුවෙල්ගේ මරණය ගැන සැකය යොමු වන්නේ මරණය සිදුවූ මොහොතේ නිවසේ සිටි එකම පුද්ගලයා වන, ඔහුගේ බිරිඳ සැන්ඩ්‍රා වෙතයි. විවිධ අභියෝග සහ හැල හැප්පීම් මැද සිය විවාහ ජීවිතය ගෙන ගිය සැන්ඩ්‍රා වෙත සැමියාගේ ඝාතන සැකය එල්ල වීමෙන් ඇතිවන පීඩාකාරී වාතාවරණයත්, ඇගේ දෘශ්‍යාබාධිත පුතු ඩැනියෙල් එම නඩුවේ එකම සාක්ෂිකරුවා වීම හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්වීමත් සමඟ, ඔවුන් දෙදෙනා මුහුණදෙන අසීරුතා මධ්‍යයේ සිය නිර්දෝෂිභාවය ඔප්පු කරන්නට නීතිඥ වින්සන්ට් සමඟින් ගෙනයන අරගලයේ කතාව මේ සිනමා නිර්මාණයට වස්තුවිෂය වෙනවා. සිනමාපටය මුල සිට අග දක්වාම මේ සිද්ධිය ගැන සැකය සහ කුතුහලය නොනැසී පවතින අන්දමින් උද්වේගකර ලෙස ධාවනය වෙනවා.

ඇත්තෙන්ම සැන්ඩ්‍රා සැමුවෙල්ව ඝාතනය කළාද? නැත්නම් සොල්දරයේ පිළිසකර කිරීම අතර අනතුරක් නිසා සැමුවෙල් ලිස්සා බිමට ඇද වැටුණාද? නැතිනම් කිසියම් හේතුවක් මත සැමුවෙල් දිවිනසා ගත්තා ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු චිත්‍රපටය නරඹලාම දැනගන්න.

2024 Oscar සම්මාන උළලේදී Jimmy Kimmelගේ සමාරම්භක කථාව අතරතුර පෙන්වන ලද Messi විසින් අත්පොළොසන් දීමේ කෙටි වීඩියෝ දර්ශනය (වමේ) ලොව පුරා මහත් ජනාදරයට පත් වුණා. එය එම අවස්ථාවට පෙර කෘත්‍රිම සුනඛ පාද දෙකක් යොදාගනිමින් රූගත කෙරුණු අන්දම පසුව නිකුත්කළ වීඩියෝවකින් අනාවරණය කෙරුණා (දකුණේ)

Anatomy of A Fall සිනමා පටයට රංගනයෙන් දායක වෙන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්

  • Sandra Huller ලේඛිකා සැන්ඩ්‍රා වොයිටර් ලෙසින්
  • Samuel Theis සැමුවෙල් මැලේස්කි ලෙසින්
  • Swann Arlaud විත්තියේ නීතිඥ වින්සන්ට් රෙන්සි ලෙසින්
  • Milo Machado-Graner ඩැනියෙල් මැලේස්කි ලෙසින්
  • Antoine Reinartz අභිචෝදකයා ලෙසින්
  • Jehnny Beth මාර්ජ් බර්ගර් ලෙසින්
  • Saadia Bentaieb නූර් ලෙසින්
  • Camille Rutherford සෝ සොලිඩොර් (විශ්ව විද්‍යාල ශිෂ්‍යාව) ලෙසින්
  • Sophie Fillières මොනිකා ලෙසින්
  • Messi සුනඛයා ස්නූප් ලෙසින්

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Anatomy.Of.A.Fall.2023.720p.BluRay.x264.AAC-[YTS.MX] (1.35GB) පිටපතටයි.

මේ සිනමාපටයේ සංවේදී දර්ශන සහ නිරුවත් දර්ශන අන්තර්ගත වන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන බව කාරුණිකව සලකන්න.

උපසිරැසිය ගැන ඔබේ වටිනා අදහස් අප වෙත කමෙන්ටුවකින් දන්වන්න.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් රැඳෙන්න!

ඔබට තෙරුවන් සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Anatomy of a Fall, Anatomy of a Fall (2023), Anatomy of a Fall (2023) Sinhala Subtitles

14 thoughts on “Anatomy of a Fall (2023) Sinhala Subtitles | හිම කඳුකර නිවසේ අබිරහස් මරණය… [සිංහල උපසිරසි]

  • Aththatama kohomada marune?? Film eka baluwta therune na

    Reply
    • පැහැදිලිව කියන්නේ නැහැ.

      Reply
  • Machan fallen leaves ekata sub denna puluwanda..

    Reply
  • thank you brother
    city of lies 2018 puluwan nam sub denna

    Reply
  • මේ වගේ ෆිලුමක් නොබලන ඇස් දෙක මක්කටැයි ඉතිං….
    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියටයි ඔයාගේ මහන්සියටයි….

    Reply
  • Meka Cupiriyak Thanks Mate

    Reply
  • Thankss…bluray ekatama sub dunnata

    Reply
  • Thank you very much Brother

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සිංහල සබ් එකට. ජයවේවා ඔබට

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සිංහල සබ් එකට. ජයවේවා

    Reply
    • Sandra Huller ge “Toni erderman” film ektth sub dennako ayye

      Reply
  • thank you brother

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *