ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ Baiscopelk වටා එකතු වෙලා ඉන්න පිරිස නම් පුදුමාකාරයි. අද කාලේ බහුතරය රුපියල් සත වලින් හැමදේම මනින්නට උත්සාහා කරද්දී, සීමිත පිරිසක් අනුන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරමින් මෙවැනි දෙයක නිරත වෙනවා දකිද්දී මට නම් ඇත්තටම හරි පුදුමයි.ඒ අ…
ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ Baiscopelk වටා එකතු වෙලා ඉන්න පිරිස නම් පුදුමාකාරයි. අද කාලේ බහුතරය රුපියල් සත වලින් හැමදේම මනින්නට උත්සාහා කරද්දී, සීමිත පිරිසක් අනුන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරමින් මෙවැනි දෙයක නිරත වෙනවා දකිද්දී මට නම් ඇත්තටම හරි පුදුමයි.ඒ අතරේ හොද දේට හොදයි කියලා නිහතමානීව අගයන්න, ඔවුන්ව දිරි ගන්වන්න වචනෙකින් හරි උත්සාහා කරන අනිත් පිරිස දැක්කාම මට නම් හිතුනේ……
“ෂා… මුන් ටික නම් පට්ටම සෙට් එකක්” කියලයි 🙂 😉
මගේ පලවෙනි උපසිරසිය උන “පවුකාර නගරය” සදහා ලැබුනු ප්‍රතිචාර සහ උපසිරසිය බා ගත කර ගත් සුවිශාල පිරිස දුටුවාම “කොහොමද ඉතින් තවත් උපසිරසියක් නොකර ඉන්නේ” කියලා හිතුනා. 🙂 අපේ හසන්ත අයියා තමා ඔන්න මේක නම් තෝරලා දුන්නේ…
හරි මුලින්ම මේ ෆිල්ම් එක ගැන කියනවා නම් “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා” කියන මහත්මයා 70 දශකය වෙන විට චිත්‍රපට ක්ෂේත්‍රයේ එතරම් ප්‍රචලිත කෙනෙක් නොවුනත් 1972 අවුරුද්දේදි “God Father” කියන ලෝ ප්‍රකට චිත්‍රපටය අධ්‍යක්ෂනය හරහා එතුමා කාගෙත් අවදානයට ලක්වෙනවා. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි ඉතින් “Godfather” කියන්නේ.මේ චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “කොපෝලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු චිත්‍රපට ක්ශේත්‍රය හරහා ඉතාමත් සාර්ථක ගමනක නියැලෙනවා.ඉන් පසුව ඒ හරහා ලැබූ පන්නරයෙන් ඔහු “God Father” දෙවන සහ තුන්වන චිත්‍රපටිත් අධ්‍යක්ෂනයට සහ නිශ්පාදනයට පෙලබෙනවා.
1979 අවුරුද්දේදි එතුමාගේ අධ්‍යක්ෂනය සහ නිශ්පාදනය මත “Apocalypse Now” චිත්‍රපටිය එලි දක්වනවා.මේක IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව මුල් 250 අතර, හරියටම කිවුවොත් 44 වෙනි ස්ථානයේ තියෙන, 8.5 වගේ ඉහළ IMDb අගයක් තියෙන චිත්‍රපටයක්.
අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ තිබුනු කුරිරු යුද්ධය අපේ රණවිරුවන්ට පිංසිදු වෙන්න දැන් අවසන් උවත් මේ වගේ චිත්‍රපට හරහා අපිට යුද්ධයේ තවත් පැතිකඩවල් පෙන්වා දෙනවා. සෙබලුන්ගේ ජීවන රටා, ඔවුන්ගේ හැසිරීම් රටා, මානසික තත්වයන් වගේම යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන අන්දම ආදිය මේචිත්‍රපටියෙනුත් සූක්ෂම ලෙස පෙන්වා දී තිබෙනවා.
කතාව ඇදී යන්නේ ඇමරිකානු සෙබලෙක්ට භාර වෙන මෙහෙයුමක් සම්බන්ධවයි. කැප්ටන් බෙන්ජමින් එල් විලාර්ඩ් නැමැති ඇමරිකානු යුද හමුදාවේ විශේෂ ක්‍රියාන්විත ඒකකයේ සෙබලාට රහසිගත මෙහෙයුමක් සදහා දිනක් කැඳවීමක් ලැබෙනවා. එහිදී ඔහුට අණ ලැබෙනවා ඔහුගේම සගයෙක් ඝාතනය කිරීමට. කර්නල් වෝල්ටර් ඊ කර්ට්ස් නැමැති ඔහු ඇමරිකානු හමුදාවෙන් පැන ගොස්, කාම්බෝජියාවේ ජීවත්වන සාමාන්‍ය ගෝත්‍රික ජනයා හා එක් වී, ඔවුන් සමග මිලේච්ජ පාලනයක් ගෙන යනවා. ඔහුගේ ක්‍රියා කලාපයන් නිසා ජනයා අතර ඔහු දේවත්වයෙන් පවා පිදුම් ලබනවා. එම නිසා ඔහුට එරෙහි වීම අපහසු කාර්යයක් වෙනවා.මේ අතර ඔහුගේ අපරාධ නැවැත්වීමට සහ ඔහුගේ කුරිරු ඝාතන නැවැත්වීමට කැප්ටන් විලාර්ඩ්ව පිටත් කෙරෙනවා.
විලාර්ඩ් විසින් කර්ට්ස් හමු වීමට යන ඒ ගමන සහ ඔවුන් අතර සිදු වෙන දේ කුමක්ද? විලාර්ඩ් ඔහුට ලැබුනු අණ පරිදිම කර්ට්ස්ව ඝාතනය කරාවිද? නැතිනම් විලාර්ඩ් කර්ට්ස් අතින් මරණයට පත් වේවීද? මේ ගැන දැන ගන්න නම් ඉතින් මේක බලන්නම වෙනවා 🙂
එහෙනම් තවත් මේ වගේම හොද චිත්‍රපටයකින් හමුවෙන තුරු සැමට ජය…………..!!!
5,755 downloadsDownload Apocalypse-Now-1979.zip117 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු මනුප්‍රිය
Subtitles
88 comments
Chaminda Lakruwan
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
නියමයි සහෝ වෙලාව ලැබුනු ගමන් එකක් කරමු ;)
ජය වේවා.......!
ජනිත ජයසංඛ
me baana gaman saho..... balalath ekak daaannan aaa JAYAWEWA
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්‍තූතියි. පුලුවන්‍නම් The time machine (1960) / The time machine (2002) ස්Xහල උපසිරසි දෙන්‍නකෝ.
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
බලමුකෝ :) මට බැරි උනත් වෙන කෙනෙක් හෝ සබ් එක දේවී :)
Kulanjana Maduranga
me wge 1kata sub dunna 1ka godak watinawa.api dannawa ape sahodara sahodariyo sub denna kochchara kapa kirimak krnawada kyla.ekata hamadamath api naya gathi.subata thanks THARIDU saho.digatama sub denna haki wewa...jayen jaya...............
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
නලින්
ස්තුතියි තරිදු
නලින්
ස්තුතියි තරිදු සහෝ ! අනිවා අපි හැමෝම බැලිය යුතු කථාවක් මෙක
ස්තුතියි නෙබලපු හැමෝම වෙනුවෙන් මේ මතක් කිරිමට
ජය වේවා!
තරිඳු මනුප්‍රිය
ජය .........!
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
සමීර කරුණාරත්න
දැන් උපසිරැසක් වෙනුවෙන් කමෙන්ටුවක් දාන්නෙත් බොහොම කලාතුරකින්, හැබැයි මේ චිත්‍රපටයේ උපසිරැස දුන්නා කියලා කෙටි පණිවුඩය ආව වෙලාවෙම පොතත් පැත්තකින් තියලා ආවා කියන්න ඕන ටික කියලා යන්න. :D
චිත්‍රපටිය බොහොම පරණ වුනාට මට මේක බලන්න ලැබුනේ නම් මෑතකදී, මම බැලුව බොහොම අගේ ඇති චිත්‍රපටයක්, යුද්ධයක පැතිකඩ ගණනක් හරහා විහිදෙන මේ චිත්‍රපටය ඒ යුද්ධ මිනිස් ජිවිතයට කොහොම බලපානවාද කියන දේ ගැන විචාරයක් වගෙයි කියන එකයි මගේ හැගීම. බොහොම අගේ ඇති වැඩක්.
ඒ වගේමයි සහෝ මේ චිත්‍රපටය හදන්න බොහොම වෙනසක් වෙලා තියනවා, මේකේ තිරයේ පිටුපස බොහොම කතා තියනවා, Martin Sheen නෙමෙයි තෝරාගත් නළුවා වෙන්නේ. නමුත් ඔහු අතට චරිතය ආවා, රූපගත කිරීම් අතරතුර ඔහුර පපුවේ අමාරුවක් එහෙමත් හැදිලා වැඩ නතර වෙලා තියනවා. ඒ වගේමයි අසහාය නළු මාලන් බ්‍රැන්ඩෝගේත් පොඩි පොඩි අවුල් තිබිලා තියනවා මේ චිත්‍රපටය රූපගත කරන අතරතුරේ.
ඔය ඔක්කොටම හපන් චිත්‍රපටයේ දාවන කාලය මිනිත්තු 153, දෙබස් ප්‍රමාණයත් එහෙමම තමයි, ඒ වගේමයි කියන සමහර ඒවා පිස්සු හැදෙන දිගයි, සමහර වාක්‍ය ඉවර නොවී උපසිරැස පේලි 4ක් 5ක් පුරා යනවා. ඉතින් එහෙම දෙයක් බාර අරගෙන මෙහෙම ඉවර කල එක බොහොම අගෙයි අනික් මිනිසුන් වෙනුවෙන්. බොහොම අගේ කරනවා. බොහොම ස්තුතියි....!!! හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා මේක අගේ ඇති කතාවක්....තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ දිරි ගැන්වීමට සහ ඔබේ දැනුම බෙදා ගත්තාට :)
අනිවා ෆිල්ම් එක නම් ගොඩක් හොදයි...බාගත්තාට පාඩු නෑ.
ඔබටත් ජය .........!Prasad Kandamulla
ස්තුතියි..
anuradha
ස්තුතියි තරිදු
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
Isu DP
Ithmath Hoda Movie Ekakin Patan Gaththa Wade Digatama Watina Movies Walata Gumathmaka Sub Obagen Bala Poroththu Wenawa....
Mama Kalin Kiwwa Wagema IMDb Top List Eka Complete Karamu...
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pතරිඳු මනුප්‍රිය
අනිවා සහෝ :)
බොහොම ස්තූතියි :)
ඔබටත් ජය .........!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තරිඳු මනුප්‍රිය
අනිවා ;)
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
Sandaru jay
machn meka mama hoyapu film ekak patta bn...
thnx...තරිඳු මනුප්‍රිය
එල ;)
දැන් හරිනේ එහෙනම් :)
Sandaru jay
Taxi Driver (1976)
machn me film ekata puluwanm subs denna.
patta film ekakEranga
බොහොම ස්තුතියි...!!! ^_^
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
“චූටී මල්ලි”
එල
අනිවා නියම බාන්ඩය්ක් මේක
බලන්න ඔනි
තව හොද එකක් කරමු මචෝ
සබට තුති
ඔබට ජය.........තරිඳු මනුප්‍රිය
අනිවා ;)
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
Jack
ස්තුතියි සහෝ...
තරිඳු මනුප්‍රිය
එල :) (Y)
samee
ඇත්තටම sub වලට ස්තුති කරන්න වචන නැ...... මේක නම් පට්ට movie එකක් කියලා හිතෙනවා.... තරිඳු සහෝට ස්තුතියි නැවතත් . .....
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ඔබටත් ජය .........!
Deshan
මේ වගේ පරණ හොද එ්වටත් දෙනවට ස්තූතියි
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ජය .........!
harsha
මම මේ චිත්‍රපටය ගැන අහලා තිබුනා නමුත් කිසිදා බලන්න ලැබිලා නෑ එනිසා අනිවා බලනවා බලනවාමයි. ස්තූතියි මචෝ
තරිඳු මනුප්‍රිය
අනිවා ෆිල්ම් එක හොදයි. බා ගත්තාට පාඩුවක් නෑ ;)
Sampath
බොහෝම ස්තූතියි සබට..... ජය වේවා...........
තරිඳු මනුප්‍රිය
බොහොම ස්තූතියි සහෝ :)
ජය ………!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ජය ………!
Amil
බොහෝම ස්තූතියි සබට……
මේ වගේ පරණ හොද එ්වටත් sub දෙනවට ස්තූතියි...තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ජය ………!
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහො
ඔයාගේ දෙවනි උපසිරැසිය
දිගටම සබි දෙමු
ඔයාට පුළුවන්නම් ගරම් මසාලා හිංදි ෆිල්ම් 1 ට සබ් දෙන්නකෝ
ලොකු උදව්වක්
හොඳ ටොරන්ට් එකකුත් තියනවාතරිඳු මනුප්‍රිය
බලමු සහෝ :) මේ දවස් වල බාර ගත්ත වෙන එකක් තියෙනවා...ඒක ඉවර උනාම බලමු :)
සංජය
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ...
තරිඳු මනුප්‍රිය
එල :)
Naween
God Father Director ගෙ නම් ඉතිං සුපිරියටම ඇති.බාගෙනම බලමු.වුන මහන්සියට බොහොම ස්තූතියි සහෝ....
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
දමිත්
පරණ වුනත් හොඳ එකක් වගේ . ස්තුතිය සහෝ උපසිරැසියට. ඔයා මුලින්ම කියල තියෙන දේට මමත් එකඟයි. ජයෙන් ජය...
තරිඳු මනුප්‍රිය
එල :)
ජය වේවා...!
Sanjaya
Bohoma Pin Saho...... Film aka downlod wenna demma. Sub akata Thuthi
තරිඳු මනුප්‍රිය
එල :) ජය වේවා.......!
Sisira Hegoda
Thanks.
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. පරණ වුණත් රජ බඩුවක් වගේ. මෙන්න බානවා. ජය෴෴ :P :P
තරිඳු මනුප්‍රිය
අනිවා රොයිලි අයියා :) ජය..........!
Brian de mel
film eka 03.15 hours
ENGLISH SUB eka 03.15 hours
dila thiyana sinhala eka 02.25 hours
weradi nedaතරිඳු මනුප්‍රිය
නෑ, කිසි වැරැද්දක් නෑ. English & Sinhala සබ් දෙකම පැය දෙකහමාරයි :)
ෆිල්ම් එකත් ඒ කාලසීමාවමයි :)kasun
film eka paya 3.15 saho
Anonymous
Movie length 3.15 hours bro....
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
wiki
ඔබට බොහොම ස්තූතියි .....!
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
රවිදු දුෂ්මන්ත
බොහොම ස්තුතියි මචෝ!
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
YaSiTh
බොහොම ස්තුති යාලු
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Anushka
Thank You Bro!
Isuru Dimantha
බොහොම තුති උපසිරැසියට 2015 අන්තිමට බලන ෆිල්ම් එක මේක වේවි
Delmar
නියමයි මචං
සුපිරිම ෆිල්ම් එකක්...
උපසිරසි එක්ක බලද්දි තමයි නියම අරුත තේරුනේ..
පට්ටයි..
උඹේ කාලය කැප කරගෙන මේ වගේ දෙයක් කරනවාට ගොඩක් පිං උඹට සහ අනිත් හැමෝටම..Prasad Kandamulla
මහන්සියට බොහොම ස්තතියි'''''''''''''''''''''''
Tharindu Athukorala
thanks lot
Vihanga Raveen
ela.thanks macho sub ekata
Indumil
උපසිරැසියට තුති……!
Mithun
Sab ekata thx bro
sachin
Wechcha mahansiyata thank u very much bro..thawa thawa film walata sub demu....
kasun@rko
Peya 3.15 film ekata nme needa sub eka tyenne saho
sudaraka1994
eka tamai saho
Saranga J. Liyanagama
බොහොම ස්තුතියි
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!ricadodamien
Thank u tharidu brother & baiscope team for the sub, all the best to baiscope team......
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Chamil-kumara
ස්තූතියි
තරිදු මනුප්‍රිය
අදහස් දක්වපු හැමෝටම බොහොමත් ස්තුතියි :)
Susantha.lk
00:22:18 වෙනකම් හරියටම subtitles වැඩ කරනවා.
ඊටපස්සේ 00:22:35 දි එන්නෙ 01:14:02 ට අදාළ subtitle එක.
එතන ඉඳන් දිගටම අවුල්!මහන්සිය ඉහලින්ම අගය කරනවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොදයි කියලා හිතෙනවා අරගෙනම බලමු ස්තුති සහෝ අපි වෙනුවෙන් මහන්සි උනාට මම දන්නවා සබ් දාන එක ලේසි දෙයක් නෙවේ කියලා මාර ගේමක් දෙන්න ඕනේ ඒකට මමත් හිතාගෙන ඉන්නවා සබ් එකක් කරන්න ඒත් ටිකක් වෙලාව මදි අනිවාර්යෙන්ම ලගදීම එක්ක මමත් දෙනවා බයිස්කෝප් එකට ඔබට ජය වේවා...