අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E01] Sinhala Subtitles | 4587 රැදවියා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 78 votes.
Please wait...

ඇරෝ හයවන කතාමාලාව ආරම්භ වූයේ ලියැන් යූ විනාශයෙන් පසුවයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.

කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.

රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වූයේ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් FBI සහයද ඇතුව ඔලිවර්ට හැකියාව ලැබෙනවා ඩියැස්ගෙ සංවිධානය විනාශ කර දමන්නට.. නමුත් රිකාඩෝ ඩියෑස්නම් කොහොමින්හරි බේරිලා පැනගන්නවා.. ඉතින් නගරය බේරගන්න එකට ඔලිවර්ට මේ පාර වන්දි ගෙවන්නට සිද්දවුනේ තමන්ගෙ ජිවිතයෙන්.. ඔහු ග්‍රීන් ඇරෝ බව පිළි අරගෙන ස්ව කැමැත්තෙන්ම සිරගත වෙනවා… ඉතින් ඒක ග්‍රීන් ඇරෝගෙ අවසානයද කියලත් හිතුනා..

නමුත් මේ හත්වන කතාමාලාව නිසා අපට කියන්නට පුළුවන් එය ඔලිවර් ක්වින්ගෙ ජිවිතයේ සහ ග්‍රීන් ඇරෝගෙ අවසානය නොවන වග.. ඔලිවර් බන්ධනාගාරය තුළ ගත කරන්නේ ඉතාමත් අසීරු ජිවිතයක්.. ඒකට හේතුව වෙන්නෙ ඉතින් ග්‍රීන් ඇරෝට එතන සෑහෙන්න හතුරෝ පිරිසක් ඉන්න එක.. ඒ හැම කෙනාම වාගේ බලන් ඉන්නෙ ලෙයින් පළිගන්නයි. බන්ධනාගාරය තුළ කලින් කතාමාලාවන්හි දැකලා තියෙන චරිත කීපයක්ම දක්නට ලැබෙනවා.. ඒ අතර ඩැනී බ්‍රික්වෙල්, බෙන් ටර්නර් වැනි අය ඉන්නවා..

ඉතින් ඔලිවර් හිරේ ගියාට පස්සේ නගරයේ අපරාධ වැඩි වෙලා වගේ තමා පේන්නේ. පොලිසිය කොච්චර වෙහෙස මහන්සි උනත් පලක් වෙලා නැති පාටයි. මිනිස්සු හරිම බයෙන් ජිවත් වෙන්නෙ. ඒ නිසාමද මන්දා අලුත් ග්‍රීන් ඇරෝ කෙනෙක් මතුවෙලා තියෙනවා. මේ ඇරෝව දැක්කම මතක් උනේ ඇරෝ පළමු සහ දෙවැනි කතාමාලාවන්වල හිටිය ඇරෝව.. මං එහෙම කිව්වේ ඇයිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ එහෙනම්. ඒ වගේම තමා ඇරෝ කණ්ඩායම වෙන්වෙලා ගිහින් තම තමන්ගේ ලෝකවල වෙනමම ජිවිත ගත කරනවා. ඒ වගේම රිකාඩෝ ඩියැස් තාම නිදැල්ලේ..

එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න යන්නේ නෑ.. ඒ වගේම තව දෙයක් විශේෂයෙන් කියන්ඩ ඕනා.. මං මේ කතාමාලාව බාරගත්තේ බොහොම වැඩ රාජකාරි මධ්‍යයේ හසන්ත මහතාගේ දැඩි මරණ තර්ජන හමුවේ ඔන්න.. ඒ නිසා ඉස්සරහට උපසිරැසිය දවසක් දෙකක් පමා වෙන්න ඉඩ තියෙනවා. එහෙම දෙයක් උනොත් කට්ටියට තියෙන්නේ හසන්ත මහතා සම්බන්ධ කරගන්න. මොකද මේ පාර කතාවේ පූර්ණ වගකීම තියෙන්නේ ඔහු අතේ..

ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

99 thoughts on “Arrow [S07 : E01] Sinhala Subtitles | 4587 රැදවියා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………….

    Reply
    • G.A.kavindukalhara

      Thanks sub එකට අයියේ….. ❤️

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thakz bro ekanan maga balanunne

    Reply
  • Sanju_kelum

    Thanq 2 ikmanata danna..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

    Reply
  • asela piyumal

    thanks…………………..

    Reply
  • Chamodh_Karunamuni

    බොහොම ස්තුතියි ..ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..
    ජය වේවා!!!

    Reply
  • malinda ruwan

    thanks for sub…

    Reply
  • KingRaawana

    WEB Rip walatath denna Please

    Reply
  • Nimesh sasanka

    suba enkal blana hitiye..thanx saho

    Reply
  • thanks bro sub ekata

    Reply
  • madhawa_max

    Thank u very much broo

    Reply
  • Nuwan_Hero

    Thanks
    Haunting of Hill House Tv Series Ekata Sub Denna Pulwannnam

    Reply
  • Madushanka

    Thanks very much !!!

    Reply
  • madushan_pubudu

    thanks for sub

    Reply
  • sub ekata tnz… digatama sub one me wage… elamah

    Reply
  • Rithma keshan

    Thnq Bokka sub eka ikmnt dunnata 🙂

    Reply
  • විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    එල
    මන්නම් බලනවෝ

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • Thanks bro…..jayawewa…..!

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා………!!!!!!!!!!!

    Reply
  • Kavishkapraween

    Thanks bro sub ekt

    Reply
  • Hewage Perera

    Sub ekata thanz macho. Suba

    Reply
  • SihanSithara

    හම්මට මේකට sub කරන උබත් Arrow පිස්සෙක් උන එක මරු.තෑන්ක්ස් මචෝ….දිගටම ඔනේ

    Reply
  • Hasindu Devinda

    නියමයි මචන් මන් හිතුව සබ් එන්න දවස් 3ක් වත් යයි කියල

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn. Sub eka dunnata.

    Reply
  • thanks brooo…jaya wewa

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි දන්න කෙනෙක් ටොරන්ට් සයිට් එකක් කියන්නකෝ ඩවුන්ලෝඩ් කරගන්න

    Reply
  • ravidu ishan

    Tnx mcho sub ekata

    Reply
  • sandaruwan

    thenks pandara bala giya wedata hawasa aniwa sub enawa kiyala suwer nisa tenks

    Reply
  • shiron_madushaanka

    arrow s7 e1 eka kohenda bn downlode karaganne mata hoya ganna bene bn

    Reply
    • ravidu ishan

      Fb eke group ekak thiye .eken ..lesiy

      Reply
      • Kavindu Anushka

        Group ekath ohmma kiyapanko ban

        Reply
  • lakshan.s.d

    බොහෝම ස්තුතී… ජය වේවා.

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Sub akata thanks saho.

    Reply
  • තැන්ක් යූ බ්‍රදර් සබ් එකට දිගටම දෙන්න ඕන හොදේ well done keep it up bro

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. දවස් දෙක තුනක් පරක්කු උනත් කමක් නෑ සහෝ උපසිරස අරන් එන්න. මොකද ඇරේ,ෆ්ලෑශ් රසිකයන්ගේ කටවල් හොද නෑනේ. මතකනේ කලින් සීසන්. ටී.වී සීරිස් වලට සබ් දෙන එක නතර උනෙත් මේ දෙක නිසා. ඒක නිසා අපේ කට්ටියත් කියන්නේ සබ දෙන්කම් ඉවසලා ඉන්න. අනිත් දේ Titans කතා මාලාව. DC,Marvel අදාලා නෑ හැමෝම බලන්න. කාලෙකින් බලන්න ලැබුන හොදම කතාවක්…
    බුදුසරණයි..ජය වේවා!

    Reply
  • දෙනුවන්

    සබ් එකට ස්තූතියි. ජයවේවා❤

    Reply
  • DilanDilshan

    amme kollo elama thamai…thada thada enakm balan hitiye..digatama sub demuu..jaya wewaa..

    Reply
  • එල.. එල.. සබ් එක දෙනකම් ඉන්නේ බලන්.. keep it up..

    Reply
  • හම්මේ ඉතින්…සබට ස්තුති සහෝ..❤️❤️

    Reply
  • Ayesh Prashan

    Hammoooo… Dannema Nathuwa Season 7th Awa.. Thank You

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *