අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Assassination Classroom (2015) AKA Ansatsu kyôshitsu Sinhala Subtitles | ගුරුවරයව ඝාතනය කරන්න උනොත්. [සිංහල උපසිරැසි]

Rating: 6.8/10. From 9 votes.
Please wait...

Assassination Classroom, මේ චිත්‍රපටිය 2015 නිකුත් වෙච්ච IMDB අගය 6.2 ක් සහ MyDramaList හි 7.7 ක අගයක් අරගත්තු චිත්‍රපටියක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ නමින්ම නිකුත් වුනු ඇනිමේ මාලාව පාදක කරගෙනයි. දැනට චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙන මේ කතාවේ Ryosuke Yamada, Seishiro Kato, Kippei Shiina කියන නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ජපානය කියන්නේ කොහොමත් වෙනස්ම ආරෙකට චිත්‍රපටි නිෂ්පාදනය කරන රටක් බව මේකෙන්ම ඔප්පු වෙනවා.

කතාවට හරුණොත් (Spoiler Alert) : ඔන්න එක්තරා කහපාට බූවලු ජීවියෙක් පෘථිවියට කඩාපාත් වෙනවා. මෙයා එන්නේ හඳ භාගෙට භාගයක්ම විනාශ කරලයි. මෙයාගෙ අදහස තමා තව අවුරුද්දකින් මුලු පෘථිවියම සුන්නත් දූවිලි කරලා දාන එකයි. මෙයාට ඒක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. දන්නවද, මෙයාගෙ උපරිම වේගය ශබ්දයේ වේගය වගේ 20 ගුණයක් වෙනවා.

ඕං මෙයා ඒක එකපාරම නොකර ජපන් රජය එක්ක ගිවිසුමක් ගහනවා. රජයෙන් මෙයාව මරන්න පුළුවන් විදියේ Anti-ටීචර්ස් කියලා උපකරණ වගයක් යම් පිරිසකට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ කාටද සහ ඝාතන පන්ති කාමරයක් බිහිවෙන විදිය දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. ඒ ආරාධනයත් එක්ක මං සමුගන්නවා. 🤘

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

8 thoughts on “Assassination Classroom (2015) AKA Ansatsu kyôshitsu Sinhala Subtitles | ගුරුවරයව ඝාතනය කරන්න උනොත්. [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • meke anime s1 s2 sub demuko

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • අනේ යාලුවනේ Tom Clancys Jack Ryan S04 වලට සබ් දෙන්නකෝ…. plzzz

    Reply
  • බොහෝම ස්තූතියි. assassination classroom: the graduation (2016) සබ් දෙන්න.

    Reply
    • ළඟදි නම් බැරි වෙයි..;

      Reply
  • thank you macho.. hoya hoya hitiya ekak ..
    digatama sub denna jaya wewaaaaaaa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *