අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Asur [S02 : E01] Sinhala Subtitles | මරණයේ නර්ථනය. [සිංහල උපසිරැසි] (18+)

Rating: 9.4/10. From 16 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.!!! රාජකාරි සහ වගකීම් වැඩිවීම හේතුවෙන් වෙනදාට වඩා කාර්යබහුල වෙලා ඉන්න මේ මොහොතේ නොකරම බැරි කොටස් 8 කින් යුක්ත ටීවී සීරීස් එකක පළමුවන කොටස සදහා මාගේ 21 වන සිංහල උපසිරසි නිර්මාණය විදියට සෑහෙන කාලෙකට පස්සේ ඔබ හමුවට අරගෙන ආවා. මෙම කතා මාලාව පළමු වන කතාංගයේ සිට 8 වන කතාංගය දක්වා එක හුස්මට නොනවත්වා කුතුහලයකින් යුතුව නැරඹිය හැකි සුපිරිතම නිර්මාණයක් යැයි කීවහොත් මා නිවැරදියි. ඉතින් වැඩි කතාවක් නොකරම මෙහි ඇති රසයට හානියක් නොවන ලෙස කතා මාලාව සහ දෙවන කතාංගය ගැන කෙටි විස්තරයක් මෙසේ ගෙනහැර දක්වන්නම්.

පලමු කතා මාලාව විකාශනය වී වසර තුනක් ගෙවුනු පසු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් Asur දෙවන කතා මාලාව ජියෝ සිනමා Ott මාධ්‍ය ඔස්සේ ජුනි මස 01 දා සිට ප්‍රේක්ෂකයින්ට නැරඹීමට නිකුත් කෙරුණා. වසර තුනක් තිස්සේ ප්‍රේක්ෂකයින් මෙම කතා මාලාව කෙරෙහි තැබු බලාපොරොත්තු වලට කතා මාලාවේ සෑම කතාංගයකටම වටිනාකමක් ලබාදීමට හැකිවුණා. නරඹන විට ඔබටත් එය පසක් වේවි. කතා මාලා ද්විත්වයම රචනා කර ඇත්තේ Gaurav Shukla, Niren Bhatt, Abhijeet Khuman, Chirag Salian, Abhishek Garg යන ශිල්පීන් විසිනි. කතා මාලා ද්විත්වයම අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Oni Sen විසින් වන අතර නිෂ්පාදන බරපැන Tanveer Bookwala විසින් සිදුකර ඇත.

පළමු කතා මාලාව ගැන ලුහුඬින්….

සෑම දර්ශනයක් පාසාම කුතුහලය සහ ඉහල පෙලේ රසවින්ඳනයක් ලබාදුන් අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ හින්දු මිත්‍යා කතාවල සම්මිශ්‍රණයන්ගෙන් සැදුම්ලත් ඉස්තරම් අද්විතීය ත්‍රාසජනක කතාවකින් හෙබි ඉන්දියානු වෙබ් කතා මාලාවක් ලෙස Asur පලමු වැනි කතා මාලාව හඳුන්වා දෙන්නට පුළුවන්! පලමු කතා මාලාව සඳහා ප්‍රධාන චරිතයන්ගෙන් එකක් සුවිශේෂි රංගන හැකියාවලින් පිරිපුන් Arshad Warsi නම් හින්දි සිනමා නළුවා විසින් හොබවනවා. Asur කතා මාලාව ඔහුගේ පළමු වැනි Ott කතා මාලා සම්ප්‍රාප්තිය වීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකියි!

දෙවන කතා මාලාව ගැන යමක්….

කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් ප්‍රේක්ෂකයා මුසපත් කරවන වර්තමාන සහ අනාගත තාක්ෂණික ප්‍රවනතාවයක් ගෙන ඇති මෙය ක්වන්ටම් පරිගණක තාක්ෂණය පවා අනුකරණය කරමින් නිර්මාණය කර ඇත. ඉතා සිත්ගන්නා සුළු තාත්වික දර්ශන සහ ඊටම ගැලපෙන පසුතලද යොදාගනිමින් ඉතා සියුම් ලෙස රචනා කරන ලද තිර රචනයකින් සහ මනරම් ලෙස සකසන ලද දෙබස් වලින් සමන්විත ඉහල රසවින්ඳනයක් ලබාදෙන කතා මාලාවක් ලෙස දෙවන කතා මාලාව පිළිබඳව මෙසේ ලුහුඬින් හඳුන්වා දිය හැක.

දෙවන කතා මාලාව සඳහා ලැබුණු යහපත් ප්‍රතිචාර කිහිපයක්…

එසේ නම් මෙම කතා මාලාව නැරඹීමට ඉහත සඳහන් තොරතුරු ප්‍රමාණවත් වේ යැයි උපකල්පනය කරනවා. පළමු කතා මාලාව මේ වන විට නැරඹු අයට මෙතැන් පටන් මෙම කතා මාලාවත් නරඹන්නට පුළුවන් පළමු කතා මාලාව නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකර එය නරඹා සිටින ලෙසට ඇරයුම් කරනවා. පළමු කතා මාලාවට මෙය ඉඳුරාම සම්බන්ධ වෙන නිසාවෙන්! එවිට ඔබට හොඳ උසස් රසවින්ඳනයක් ලබාගත හැකිවෙයි. පළමු කතා මාලාව සඳහාද අප බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිංහල උපසිරැසි ලබාදී තිබෙන බවද මතක් කරමින් අදටම නවතිනවා.

සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි!!!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

11 thoughts on “Asur [S02 : E01] Sinhala Subtitles | මරණයේ නර්ථනය. [සිංහල උපසිරැසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Meke season 01 thinawada baiscopelk eke

    Reply
  • අඩො ටැන්කුයි බං.ආසම series එකක්.මෙ තරම් ඉක්මනට දුන්නාට ස්තුතියි මචං

    Reply
  • thanks for the sub brother!

    Reply
  • ගොඩක්ම ස්තූතියි චාමික සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
    • Thanks jayawewa…!

      Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • Denakal බලාගෙන හිටියේ series akama download කරගෙන ……thank u subtitles akata ❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *