Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]
අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි වෙලාවේ හප්පලා, අපේ ජීවිත නැති කරලා දාවිද” කියලා දෙගිඩියාවෙන් තමයි ඉන්න ඇත්තෙ. සමහරවිට බයට දාඩිය දාන්නත් ඇති නේද? හරි, මේත් කියන්න හදන්නේ ඩ්‍රයිවර් කෙනෙක් ගැන තමයි. හැබැයි, එසේ මෙසේ ඩ්‍රයිවර් කෙනෙක් ගැන නම් නෙමෙයි. මෙයාගේ ඩ්‍රයිවින් කොච්චර භයානකද කියනවා නම්, වාහනේ ගමන් කරන හිතක් පපුවක් නැති, නිර්භීත, දරුණු අපරාධකාරයෙක්ට පවා, නළල රැලි වැටිලා, ඇස් උඩ ගිහිල්ලා, තමන්ගේ ප්‍රාණය ගැන බයක් ඇතිවෙන්න ගතවෙන්නේ බොහොම සුළු නිමේෂයයි. කවුද මේ ඩ්‍රයිවර්?
බේබි! නමින් බේබි වගේම වැඩි වයසක් නැති කොළු ගැටයෙක්. වැඩිය කතා බහක් නැහැ. ඇත්තම කියනවා නම් කොහෙත්ම නැහැ වගෙයි. පොඩි කාලේදී අනතුරක් වෙලා තියෙනවා. ඒ අනතුරින් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා. ඒ අනතුර නිසාම ශ්‍රවණ ආබාධයකුත් ඇතිවෙනවා. කොයි වේලාවෙන් කණෙන් නොනවත්වාම “ගුමු-ගුමු” ශබ්දයක් ඇතිවෙනවා. මේ ශබ්දය නිසාම දවසේ වැඩි වෙලාවක් හෙඩ්සෙට් එක කනේ ගහගෙන තමයි ඉන්නේ. ඒ වගේම, අව් කණ්නාඩි පළඳිනවා. රස්සාවක් විදියට කරන්නේ මංකොල්ලකෑම් සඳහා අපරාධකාරයොන්ට ප්‍රවාහනය සපයලා දෙනවා. අතිශය තියුණු බුද්ධි මහිමය සහ කුඩා කාලයේ පටන්ම වාහන එළවීමේ ලැබූ නිපුණත්වය නිසා, රිය පැදවීමෙන් මොහුත් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් ජගතෙක් නැහැයි කියලා කිව්වොත් බොරුවක් නෙමෙයි. සුක්කානම අතට ගත්තට පස්සේ රියදුරු ආසනයේ වාඩිවෙලා ඉන්නේ රියදුරෙක් නෙමෙයි. දුම්මල වරම අතට ගත්තපු, ආවේශ වෙච්ච යකැදුරෙක්.
කතාව ගැන නම් මුකුත්ම කිව්වේ නැහැ. ප්‍රධාන චරිතය ගැන කෙටි හැඳින්වීමක් කළා විතරයි. Action, Adventure, Crime, Comedy, Music යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජුනි මස 28 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, ඇමරිකානු ඩොලර් මිලියන 34ක් වියපැහැදම් කර නිෂ්පාදනය කරද්දී, ඇමරිකානු ඩොලර් මිලියන 214 ක දැවැන්ත බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමට සමත්වූවා. ඒ වගේම, මෙම සටහන ලියවෙන මොහොත වණ විට, එක් ලක්ෂ පහළොස්දහස ඉක්මවූ මනාප සංඛාවකින් IMDB දර්ශකය තුල 8.1 ක් වැනි ඉහළම අගයක් කරා ගමන් කිරීමට සමත් වී තිබෙනවා. Rotten Tomatoes හි 93% ක මනාප ප්‍රතිශතයක් හිමිකරගත් මෙම සිනමා සිත්තම පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට ඉහත දත්ත සාක්ෂි සපයාවි.
චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Allegiant (2016), Paper Towns (2015), Insurgent (2015), The Fault in Our Stars (2014), Divergent (2014) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට සපැමිණි Ansel Elgort විසිනි. ප්‍රධාන නිළිය ලෙස, Pride and Prejudice and Zombies (2016), Cinderella (2015), Burnt (2015), Wrath of the Titans (2012) යන චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Lily James සහභාගී වෙනවා. ඊට අමතරව, Daredevil කතා මාළාව තුලින් සහ ඉදිරියේදී තිරගතවීමට නියමිත The Punisher කතා මාළාව තුල “පනිෂර්” චරිතය සඳහා පණ පොවන්නා වූද, The Walking Dead කතා මාලාව තුලින්ද, The Accountant (2016), Sicario (2015), Fury (2014) යන චිත්‍රපට තුලද රංගනයෙන් දායක වූ Jon Bernthal මෙම චිත්‍රපටය තුල ආරාධිත රංගනයක් සඳහා සහභාගී වනු ඇති. The World’s End (2013), Scott Pilgrim vs. the World (2010), Hot Fuzz (2007) ආදී විශිෂ්ට චිත්‍රපට රාශියක් ලෝක සිනමාවට දායාද කරන ලද Edgar Wright විසින් මෙම සලරුව අධ්‍යක්ෂණය සහ තිර රචනය කරනු ලබනවා.
විශේෂයෙන් කියන්න ඕනේ, මේ චිත්‍රපටියට උපසිරසි ගන්වන්න හිතේ කිසිම අදහසක් තිබුනේ නැහැ. ඒත්, කොහොමින් කොහොම හරි කැරකිලා මට ඒ සඳහා අවස්තාව ලැබුණා. ඒ සඳහා ස්තුතිවන්ත වෙන්න ඕනේ හසන්ත අයියට. ඒ වගේම, උපසිරසි ගැන්වීමේදී ඇතිවෙච්ච ගැටළු සහිත තැන් වලදී උපකාර කලෙත් හසන්ත අයියම තමයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
එහෙනම්, කට්ටිය අරගෙනම බලන්නකෝ. තව දෙයක් කියන්න තියෙනවා. ඒත්, ලිපිය දිග වැඩියි. ඊළඟ උපසිරසියෙන් හෙට අනිද්දටම කියන්නම්. චිත්‍රපටිය හැමෝම අරගෙන බලන්න. කාලෙකින් නරඹන්න ලැබෙන වෙනස්ම ආකාරයක චිත්‍රපටියක් කියලා වගකීමෙන් කියනවා. තවමත් සැකයක් තියෙනවා නම් ඔහොම්මම ට්‍රේලර් එකක් බලලම ඉන්නකෝ. එහෙනම්, ගිහින් එන්නම්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Baby.Driver.2017.720p.BRRip.x264-MkvCage
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
56892 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
sub eka download karanna ba 404 error eka vatenava
ෆික්ස් කළා සහෝ.
TnxX සහෝහෝහෝ…ජයවේවා..!!
Thanks
Thanks
thanks
Sub ekt thank… nama film ek purawat sub ekt ekka yana nisa blnna amaruyi
හම්මේ මේකනම් පට්ටයක් මෙච්චර කල් මගඇරිල තිබ්බනෙ අම්මපා.සිසිල අයියගෙ සබ් එකත් තිතට.සබ් එකට බොහොම ස්තූතියි අයියෙ!
Patta
ela ela thankzzzz
Tnx mchn sub ekata …!!
Thanks bro
thank you!!!
Oyala karna me wade godak hoda wadak suba anagathayak suba aluth awruddk… puluwanm oya aiya kenekt baida mge username ekt tyen pasword rk kiyanna mokak hari hethuwak hinda mge gmail ekt ena pasword ek username ekt galapenna kiyanw.puluwn udawwk karann
බාගෙන අවුරුද්දකට විතර පස්සේ බැලුවේ. මරු!
බේබිගේ සිසිල්කමයි ෆිල්ම් එකේ ප්‍රසාදාත්මක බවයි දෙකට
සිසිල්ස් ප්‍රසාද්ගේ සබ්ස් නියමෙට බ්ලෙන්ඩ් වෙනවා!
ස්තුතියි සිසිල!
thanks….
sub ekata thanks saho
ela saho thanks
Thanks bro
Thanks verymuch
Tnx for the Subtitle……….
Thankzzzzzzzz
tnx bro nice work
සබ් එකනම් ලයිනටම තියෙනවා මචං
Nice & tnx bro
Thank you bro
WAde nam niyamai bro.godak sthuthi ubala nisai api mewwa hodata lunu abul athuwa balanne.sinhala sub eka natuwa film ekak balanawa kiyanne matanam lunu nathuwa parippu kanawa wage tama thanq bro ..
මේ ෆිලුම බැලුවම මට අර ගිරවු දෙන්නගෙ කතාව මතක් වුනා එක ගිරවෙක් වැටෙනවා තාපසාරාමයකට අනිත්එක්කෙනා හොරැ ලගට.මෙකෙනම් දෙන්නම ඉන්නෙ හොරැ ලග.එත baby එයාගෙ සියා කියනව නරක වැඩ කරන්න එපා නරකයි කියල එක නිසායි එක හොරා උනත් හොද.එත් බැට්ස්ට කවුරැ හරි කියල තියෙන්නෙ ඔය අපෙ සල්ලි අපිට අයිති එවා ගනිං කොටපං මරපං………………..හොද ෆිලුමක් ස්තුති cool ප්‍රසාද් අයියේ
Thanks bro
thanks bro !!
thanks sisila sahooo sub akata…
obata jaya
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks mchn sub ekata. Patta movie ekak. Digatama sub denna. Good Luck
Thank you Brooo
බොහොම ස්තූතියි හොඳ ෆිල්ම් එකක්.
බේබි අන්තිමේදි හිරෙන් නිදහස් වෙනවද?අවුරුදු 25කට කියලා නේද හිරේට දාන්නෙ.ඒත් ඉක්ම්න්ට එලියට එනවා නේ?
thx br0
මම මෙ බයිස්කොප් එකට එන්නෙ සබ් එකක් බාගෙන යන්න විතරයි මෙ මගෙ පලවෙනි කමෙන්ට් එක මෙක ඩාන හෙතුව තම
අපිට මෙ සබ් වල අයිතිය ගන්න ඔනෙ කමක් නෑ එක හින්ද ස්ක්‍රීන් එක පුරා තමන්ගෙ නම මුලු ෆිලුම් එක පුරාවටම යවන්න එපා බන් අප්පිරිය්ය්. රොයිලිගෙ සබක් නන් බාන්න හිතෙන්නම නෑ දැන් මෙ මෙකෙත් දැක්ක හීන්ද දැම්මෙ
සබ් කරපු කෙනාගේ නම දැක්කම අප්පිරියයි නම්, ඒ කෙනා හදපු සබ් එකත් නොබලා ඉන්න. ප්‍රශ්නේ ඉවරයිනේ.
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, ජීවිතේටවත් හොඳයි කියලා කමෙන්ට් එකක් දාපු නැති ඈයොන්ට තමයි, පොඩි හරි වැරද්දක් දැක්කාම කමෙන්ට් කරන්න පුළුවන් නේද කියලා මතක් වෙන්නේ. බලන්න බැරි නම් නොබලා ඉන්න. ඔය වගේ අය මේ පැත්තේ වත් නාවා කියලා කිසි තරහක් නැහැ.
ela macha
thnks
ft
thanks සහෝ.
Bohoma sthuthi saho!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
THANKS
thanks
yts download karaganna,,,,, easy way… thanks bro…. supiri sub eka….
thanks bro xD
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
meke torrent wala nane totent file ekak tiyana kenek dennako
බොහොම තැන්ක්ස්
lipiyennam therenne supirima filumak kiyalai. bagenama balamuko. upasirusiyata godak sthuthi
nice work mchn. digatama karagana yamu
Niyamai tnks saho Jayawewa……………………….
පේන විදියටනම් transporter එකේ කොපියක් වගේ ..,බලලම තීරණය කරන්න ඕනේ ..,බොහොම ස්තුති සහෝ sub එකට …,
බොහොම ස්තුතියි…!
sub ekata thanks saho.. jaya wewa!!
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Tnx sahoo
BRrip anakam hitiye
sub akata thanks wawa
Elama saho thanks
IMDB 250 wala tibba film ekak
dan nam eken wisik wela
patta filumak
jaya wewa!!!
Thanks machan
ගොඩක් ස්තුතියි…
Thank you so much
Meka patta!! Sub Ekata Thanks Bro !
Download කරන්න බැනෙ
sub aka download karanna baa err akk anawa
Thx sisilaya obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
සුපිරිම film එකක්…ගොඩක් ස්තුතියි…
Thanks
Thanks bro
බොහොම ස්තුතියි…!
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Patta saho
Kohomada bn baanne meken
උපසිරැසියට බොහොම ස්තුතියි…
Bo Thuthi…~
අම්මෝ මේකේ ට්‍රෙලර් එක දාපු දවසෙ ඉදල බලන් හිටියෙ….
වැඩත් එක්ක බයිස්කෝප් පැත්තෙ එන්න බැරි උනා ඇද නම් බානවා
එලම මචෝ සබ් එක දාපු එකට ….ගොඩක් ස්තුතියි …
දිගටම සබ් දෙන්න …
thankz…
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Thanks
Thanks……
thanks bro
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට.
හොඳ ෆිලුමක් වගේ. මේක කොහෙන් හරි සෙට් වෙනවා ශුවර්. 😛
අනිවා බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
thnx bro!
උපසිරැසියට බොහෝම ස්තුතියි…
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය…!
Thanks
Sisilaya nam katha na eakenma banava but brrip eanakan ivasanava thx for sub digatama demu obata jaya
බොහොම ස්තූතියි
#Hail_Hydra
බොහොම ස්තූතියි සහෝ……
Patta broooo……
Thx
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
enakan balan hitiye. thanks saho
niayamai…patta filumak ne.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
super film eka
thanks bro
thankz saho,
Niyamai Sisila Aiya Jaya Wewa!!!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
සුපිරි කතාවක් වගේ..
බොහොම ස්තූතියි.උපසිරැසියට ජය.
නියම ෆිලුම.. සබ නැතුව එක පාරක් බලුවා දැන් සබ තියෙන නිසා ආයේ පාරක් බලනවා..
සිංහල උපසිරසි වලට ස්තුතියි.
Patta film eka godak pin thama kiyanna thiyenne
බොහොම ස්තූතියි.උපසිරැසියට ජය.
Munna michael dvdrip ekta sub oni bro Good Luck
Ubalata pin putheeee
Thank you .. half girlfriend eke sinhala sub denawada .. thama eke sub nane ..???
Ela….ela…huga dhavaskin neda..kohoma hari..subata thnx..bohoma pin
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. සුපිරිම පිලුමක් වගේ. එල කිරි. ගොඩාක් පිං.
Thanks bro
පොස්ටර් එකට නම් මට වැඩි හිත ගියෙ නැ එ මෙකෙ කිසිම වගතුගක් දැනගෙන නම් නෙවෙ .ටොරෙන්ට් වැටිල තියෙනව දැක්ක එ වත් නිකම් වත් අවුස්සල බැලුවෙ නැ මොකක්ද මෙ කියල . ඔන්න ෆිල්ම් එක උපසිරැසි එක්ක වැටිල එතකොට දැක්කෙ Imdb 8ක් තිබුනදෝ කියල දෙපාරක් හිතුවෙ නැ අයේ සබ් එකත් නිසා රෑම ඩව්න්ලොර්ඩින් දැම්ම. ඔන්න දැම් තමා ලිපිය බලන්න ආවෙ ලිපිය මොන හරුපයක් වගෙද කියල .. හම්මෙ ෆට්ට කතාවක් වගේනෙ තියෙන්නෙ . බලමු එහෙනම් හොද ටයිම් එකක් අල්ලලාම.. උපසිරැසි ගැන්විමට ගොඩක් ස්තුතියි සහෝදරයා . නියමයි .God job bro
Paharaaaaaaaaaaaaa
ස්තූතියි ….. ජයවේවා බ්‍රෝ….
Thanks …………….good luck ………………….
Thanks for the subtitle
Thanks for subtitle
kohenda bn meka downlod karanne
ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජය
Elaaa elaa kolla..thank u…..ahamben hari karapu eka loku deyak…ilaga sub ekath ikmantama diyan bn..good luck bro…
ammo mekanam supiri trailer eka baluwama hitha ganna puluwan sub ekata thanks bro…….
Thankyou
Tks lot bro
sub ekata thanx macho…..
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
Film ekath ekka download link eka danna barida bro?
thnx bro
බොහොම ස්තූතියි සහෝ……