අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Better Call Saul [S04 : E07] Sinhala Subtitles | ආපහු මෝඩවැඩක්! [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

අද කොටස ගැන බැලුවොත් මේ කොටස නම් කරලා තියෙන්නේ Something Stupid කියලයි. මේක තමයි හතරවෙනි කතා මාලාවේ හත්වෙනි කොටස. විකාශය වුනේ 2018 සැප්තැම්බර් 17 වෙනිදා.

පසුගිය කොටසින් මොකද උනේ කියලා බලමු.

කතාව පටං ගනිද්දී 1993 වෙච්ච කතාවක් මූලික කරගෙනයි කතාව ආරම්භ වෙන්නේ. ජිමී මැක්ගිල් 65ස් වෙනි සම්මාන උළෙලේ ප්‍රථිපල ගැන කතා කරමින් ඡන්ද පත්‍රිකා එකතු කරගෙන ඉන්නවා. මේ අතර චක් මැක්ගිල් විසින් අසාර්ථක වෙලා තිබුන නඩුවක් ඉතාමත් සාර්ථක ලෙස අවසන් කරා කියලා ප්‍රකාශ කරනවා. මේ අතරම කිම් වෙක්ස්ලර්ට එයාගේ නීතීඥ මොළයෙන් වැඩක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ජිමී චක් ගාවට ගිහින් නඩුව අවසන් කරපු එකට සුභ පතනවා. ඒ කරලා ජිමී ලියුම් ටික ගිහින් දෙන අතරතුර වට පිට කවුරුත් ඉන්නවද බලලා නීතීඥ ලිපිගොනු තියෙන කාර්යාලයට හොරෙන් රිංගනවා.

රාත්‍රියේ දී කිම් මෙසා වෙර්ඩා එකේ නඩු ගැන බලන ගමන් ඉන්නකොට එයාට හුරුපුරුදු නඩු වගයක් ගැන මතක් වෙනවා. ඊට පහුවෙනිදා උදේ කිම් රිච් ක්ෂෙයිවක්ර්ට්ව හම්බවෙලා එයාලගේ බැංකු අංශයේ නඩුවල වැඩ බලන කෙනා විදිහට පත් කරන්න කියලා කියනවා වගේම ඒ අවස්ථාව කිම්ට ලැබෙනවා. ඒ කරලා කිම් ජිම්ට දවල් ආහාරයකට එන්න කියලා බොරුවට කියනවා රිච් තමයි කිම්ට කතා කරලා ඒ අංශයට එයාව බදවාගත්තේ කියලා. කිම්ගේ මේ කතාව ජිමීට ලොකු කම්පනයක් ගෙනත් දුන්නා. ඒත් ජිමී කිම්ට කියනවා ඒ රස්සාව දිගටම කරගෙන යන්න කියලා.

ජිමීගේ පළමු වෙනි වැඩිහිටි සේවාදායකයාගේ නෑදෑයෙක් කතා කරලා කියනවා ජෙරල්ඩින් මැරිලා කියලා. මේකෙන් කම්පනයට පත්වෙන ජිමී ගෙදර ගිහින් ජෙරල්ඩින්ව යොදාගෙන හදපු වෙළඳ දැන්වීමක් ආපහු සැරයක් බලනවා.

ගස් ෆ්‍රින්ග් සහ මයික් එර්මන්ට්‍රට් වර්නර් සියේග්ලර්ටයි එයාගේ කණ්ඩායමයට මත්ද්‍රව්‍ය විද්‍යාගාරය හදන අතරතුර විවේක ගන්න තැනක් නිර්මාණය කරනවා. මයික් වර්නර්ට සහ එයාගේ කණ්ඩායමට ඕන කරන දේවල්, ආරක්ෂාව වගේම තව ගොඩක් දේවල් ගැන ගස් ට කියනවා. ඒ වගේම මයික් ස්ටේසි ගාවට ගිහින් කියනවා හෙන්රිව කට්ටිය ඉස්සරහා හෙලිදරව් කරපු එක වැරදියි කියලා සමාව ඉල්ලනවා. ඒ වගේම මයික්ට ස්ටේසි අවස්ථාවක් දෙනවා කයිලීව ආපහු දකින්නත්.

මේ අතර ගස් යනවා රෝහල්ගත වෙලා ඉන්න හෙක්ටර්ව බලන්න. එතනදී ගස් පොඩි කාලේ වවපු ගහක ගෙඩි සතෙක් කාපු එකට කරපු දෙයක් ගැන කියනවා.

ජිමී HHM එකට යනවා එයාට ඇවිත් තිබුන ඩොලර් 5000ක චෙක් එක අරගන්න. මෑත කාලයේ සිද්ධ වුන දේවල් එක්ක HHM එකේ වැඩ කරන අය අස්වෙලා යනවා කියලා හෝවර්ඩ් ජිමීට කියනවා. ජිමී එතනින් යන්න කලින් හෝවර්ඩ්ගේ ධෛර්යය වැඩෙන්න ලොකු කතාවක් දානවා.

ජිමී එයාට ලැබුන චෙක් එකෙන් ෆෝන් වගයක් මිළට ගන්නවා. ඉතින් මේ ෆෝන් ටිකත් අරගෙන ආපහු පාරේ විකුණන්න හදනකොට කලින් පාර ජිමීව කොල්ලකාපු කොල්ලෝ තුන්දෙනාම ආපහු මේ සැරෙත් ජිමීව කොල්ලකන්න උත්සාහ කරනවා. ජිමී මේ තුන්දෙනාට උඟුලක් අටවනවා. තවත් මිනිස්සු දෙන්නෙක්ව පාවිච්චි කරලා ජිමී මේ කොල්ලෝ තුන්දෙනාව බය කරවලා ජිමීට නිදහසේ පාරේ ෆෝන් විකුණන වැඩේ කරගෙන යන්න ඉඩදෙන්න කියලා පැහැදිලි කරනවා.

අද එතැන් පටන්.
අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

4 thoughts on “Better Call Saul [S04 : E07] Sinhala Subtitles | ආපහු මෝඩවැඩක්! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata tnx ikmanata so 5,6 subuth denna

    Reply
  • ane me series eka iwara wenakn sub tika diyan bokka thanks sub ekata boza

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රදර්,ඉතුරු ටිකත් ඉක්මනට කරමු.ජය ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *