වර්තමාන යුගයෙ මිනිසා ජීවත් වන්නෙ ඉතාමත් කාර්‍යබහුලයි ලෝකයක. ඉතිං මේ වන විය මිනිසාගෙ විශාල වැඩ කටයුතු තොගයක් ඉතාමත් පහසුව කරගන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම ලියුමක් ලියල මුද්දර ගහගෙන ඒක ගිහින් තැපැල් පෙට්ටිය වලට දම දම ලතවීමට අවශ්‍ය වන්නෙ නැත. එයට දැන් ජංගම දුරකථන කියල ජාතියක් පවතිනව. ලොකු ලොකු වැඩ නැහ…
වර්තමාන යුගයෙ මිනිසා ජීවත් වන්නෙ ඉතාමත් කාර්‍යබහුලයි ලෝකයක. ඉතිං මේ වන විය මිනිසාගෙ විශාල වැඩ කටයුතු තොගයක් ඉතාමත් පහසුව කරගන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම ලියුමක් ලියල මුද්දර ගහගෙන ඒක ගිහින් තැපැල් පෙට්ටිය වලට දම දම ලතවීමට අවශ්‍ය වන්නෙ නැත. එයට දැන් ජංගම දුරකථන කියල ජාතියක් පවතිනව. ලොකු ලොකු වැඩ නැහැ අවශ්‍ය දේ ගැහුව සෙන්ඩ් එඹුව ඒ ක්ෂණික අවශ්‍ය කෙනාට ලැබිලත් ඉවරයි. හැබැයි ඉතිං දුරකථනයක් නැති කෙනෙක් නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙමත් කියල යවන්න බැරිවම නෙමේ විකල්ප අවස්ථා අපිට අරගන්න පුළුවන්. ඔය කිව්ව වගේ අද කාලෙ මෙවැනි ආකරයෙ වෙහෙස මහන්සි වී කරන වැඩ ඉතා පහසුවෙන්ම වගේ කරගන්න හැකියාවක් පවතිනවා. ඒත් ඉතිං මේ දියුණු වී පවතින තාක්ෂණිය මෙතනින් නවතින්නෙ නැහැ තවත් අලුත් අලුත් සොයාගැනීම් කරනවා. ඒවගෙම තමයි අනාගතය වන විය ලෝකයම තාක්ෂණයකට නතු වී අවසන්. ඒවගේම තමයි තාක්ෂණය අපිව කම්මැලි, හැඟීම්-දැනීම් නොමැති, බලාපොරොත්තු රහිත මනුශ්‍යයින් කොට්ටාශයක් බවට පත් කර හමාරයි. හැබැයි ඉතිං තාක්ෂණයෙ යම් යම් හොඳ පැතිකඩවල් ද පවා තිබෙනවා. ඔබට එවැනි හොඳ සහ නරක ඇතුළත් චිත්‍රපටයක් නරඹන්න අවශ්‍ය නම් මම The Searching (2018) චිත්‍රපට බලන්න නිර්දේශ කරනවා. ඉතිං මම අද කතා කරන්න යන්නෙ ගොඩක්ම නරක පැතිකඩ ගැන. පරිගණකය ගැන ගත්තොත් එහෙම පාසල් යන දරුවෙක් අවශ්‍ය දේ නැතිව අනවශ්‍ය දේ සඳහා කාලය වැය කිරීම හේතුවෙන් සම්පුර්ණයෙන් වගේ විනාශ වී යනවා. ඒවගේම කියා නිම කර නොහැකි සාමජ මාධ්‍යය හේතුවෙන් අද වන විට තරුණ ජීවිත කීයක් නම් නැති වී ගොස් ඇත්ද?? මෙවැනි ආකරයෙ ගොඩක් පැතිකඩවල් තිබෙනව තාක්ෂණික බාවිතයෙන් මේ මිනිස් ජීවිත උඩියටිකුරු වෙන. ඔන්න අද ගෙනාපු චිත්‍රපටයෙන් ඔබට ඒ ගැන වඩාත් හොඳින් පැහැදිලි වෙයි.
Black Mirror මේ වෙනකොට ගොඩක් කට්ටියට මේ වචනය හුරු ඇති. සමහරුක් නම් අහලවත් නැතිව ඇති. ඔන්න ඉතිං ඒ අය වෙනුවෙන් පොඩි හැඳින්වීමක් කරන්නම් මොකක්ද මේ Black Mirror කියන්නෙ කියල. IMDb Top 250 රූපවාහිනී කතාමලා ටික දන්නව ඇතිනෙ. එහි මෙම Black Mirror කතාමාලාව මනාප 277,345 ක් අරගෙන එහි 13 ස්ථානය ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙය අයිති වන්නෙ Drama | Sci-Fi | Thriller යන කාණ්ඩයට. අනික මෙයට නිර්දේශ නාම 72 කින් සම්මාන 22 අරගැනීමට සමත් වෙච්ච කතාවක්. ඒවගේම තමයි මෙය බ්‍රිටිෂ් කතාමලාවක්. ඒවගේම තමයි ඔබ වෙත අපූරු කතාමාලා සහ රූපවාහිනී කතාමාලාවන් රාශියක් රැගෙන එන Netflix අයගෙ වැඩක්. මෙහි දැනට සීසන් 4 ඇවිත් තියෙනව. සීසන් 5 ත් මේ අවුරුද්දෙ නිකුත් වෙයි කියල තමයි කියන්නෙ. ඒ ගැන නම් ඉතිං හරියටම කියන්න දන්නෙ නැහැ. අපි බලාගෙන ඉමුකො. තව කියනවා නම් මෙහි එක් එක් කොටස වෙනස් වෙනවා. හරියට ඔයාල බලන සිරීස් වගේ නෙමේ. ඒ ඒ කොටස ආවේණික කතාවක් තමයි තියෙන්නෙ. අනික සමහර කොටස් අනාගතය වෙන්නත් පුළුවන්, වර්ථමානය තත්ත්වය ගැන උනත් කියවෙනවා. ඉතින් මෙහි වැඩියෙන්ම වගේ අපිව පෙන්වා දෙන්නෙ “නවීන තාක්ෂණය නිසා අපිට සිදුවන බලපෑම්”. මීට අමතරව යම් යම් කරුණුත් පිළිඹිබු කරනවා හැබැයි ඉතිං වැඩියෙන්ම වගේ පෙන්වා දෙන්නෙ අර උඩ සඳහන් කරපු දේ ගැනයි. හැඳින්වීම නම් ලොකුවට නැහැ තමයි පොඩියට කිව්වෙ. මොකද කතාමලාවක් සහ චිත්‍රපටය කිසිඳු සම්බන්ධයක් නැහැ. නමුත් මූලික කරුණු ටික දැනගෙන ඉන්න එපැයිනෙ. හරි,ඒ කොහොමහරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
චිත්‍රපටය හට මේ වන විට IMDb අගය 7.7 ක අගයක් අරගැනීමට සමත්වෙලා තියෙනව වගේම කුණු තක්කාලි අගය 77% අරගන්න සමත් වී තිබෙනවා.චිත්‍රපටයෙ කාණ්ඩය අර උඩ කිව්ව වගේම නමුත් Mystery කියන කාණ්ඩයට චිත්‍රපටය හට හිමි වෙනවා. ඔයාලට චිත්‍රපටය බලනකොටම තේරෙයි ඇයි Mystery දැම්මෙ කියල. මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Fionn Whitehead | Craig Parkinson | Alice Lowe | Asim Chaudhry | Tallulah Haddon | Jonathan Aris යන නළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ස්ටෙෆන් කියන්නෙ වයස අවුරුදු පහක් වැනි කුඩා කාලයකදී තම අම්මව නැතිවෙච්ච කෙනෙක්. හැබැයි මොහු එය තමන්ගෙ වැරැද්දක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්. මොකද මෙයාගෙ අම්මව මැරෙන්නෙ කෝච්චි පිලීපැනීමකින්. ඉතිං මෙයත් එදා අම්මත් එක්ක ඒ කෝච්චියෙම යන්න හිටිය නමුත් දෛවයට අනුවනෙ හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ. ඔහුට එදා දවසෙ තමන්ගෙ අම්ම එක්ක යන්නෙ නැහැ. මොකද ඔහු ළඟින්ම හිටිය සෙල්ලම් බඩුවක්(හාවෙක්) නැතිවෙනවා. ඉතිං මොහු ඒක නැතිව කොහෙවත් යන්නෙ නැහැ. නැතිවෙනවා කිව්වට නැතිවෙනවාම නෙමේ ඔහුගෙ තාත්තා ඇවිත් ඒක සඟවනවා. කෝමහරි වෙන්න තියෙන දේවල් ඒ වෙනකොටත් වෙලා ඉවරයි. මොහු ලොකු වෙලා ගේම් ප්‍රෝගෑම් කරන කෙනෙක් වෙන්න තරම් හිතාගෙන ඉන්නෙ. ඉතිං මොහු දවසක් ජෙරොම් F.ඩේවිස් නැමති ලේඛකයගෙ පොතකින් උපුටාගෙන තමන්ගෙම ගේම් එකක් නිර්මාණය කරනවා. ඉතිං මොහුට ටකර්සොෆ්ට් නැමති ගේම් සාදන කම්පැනියකින් අඩගහනව එය ඔවුන්ට පෙන්වීම සඳහා. එතකොට තමයි ගොඩක් ජනප්‍රිය ගේම් සාදන කෙනෙක් වන කොලින්ස්ව හම්බවෙන්නෙ. ඉතිං ස්ටෙෆන් තමන්ගෙ මෙම ක්‍රිඩාවෙන් කරන්න පුළුවන් දේ ගැන හැමදෙයක්ම වගේ පවසනවා. පස්සෙ ටකර්සොෆ්ට් හි අයිතිකරු මොහුට එයට බැදෙන්න ආරාධනා කරනවා. ඒවගේම තමයි මොහුගෙ ගේම් එක නත්තල් වෙද්දී නිකුත් කරන ලෙසත් පවසනවා. ඔන්න දැන් මාස කීපයක් ගතවෙලා ගිහින්. ඔහුගෙ ගේම් එක එළිදක්වන මාසය. ඉතිං මෙම ගේම් එක එළිදැක්වීමෙදී එයට රෑන්ක් එකක් ලාබාදෙනව. හරියටම IMDb වගේ. හැබැයි මෙම විචාරකයා පවසනව ඔහුගෙ මෙම ගේම් එක හරිනැති බවට. ස්ටෙෆන් ගොඩක්ම අවුල් යනව මේ හේතුව නිසා. පස්සෙ ඔහු “ආපහු සැරයක් උත්සහ කරමු” කියා තම තාත්තාට පවසමින් නැවත සම්මුඛ පරීක්ෂණ ගිය දවසට පැමිණෙනවා. මොකක්? ස්ටෙෆන් කොහොමද එහෙම එකපාරටම මාස පහක් පස්සට ගියෙ? කාලය හරහා ගමන් කරාවත්ද? මට විශ්වාස කරන්නත් බැහැ? ඔන්න ඔය සොඳුරු වචන ටික තමන්ගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා නිසැකයි. අවසාන තෙක් නරඹන්නකො ඔබවත් වෙන මාවතකට යොමු කරනවා නිසැකයි.
ප.ලි – මෙම චිත්‍රපටය එක්ක තවත් එකක් රිලීස් උනා All The Ending නමින්. ඉතිං ඒක පැය 5 ක දාවන කාලයක් තිබෙන එකක්. ඒවගේම එය අවශ්‍ය නැහැ. ඉතිං ඔබට පුළුවන් නම් පැය 1 ක දාවන කාලයක් තියෙන පිටපත අරගන්න කියනවා. ඒවගේම තමයි හැමෝම දැන් කියන්නෙ “මේ කතාමලාවටත් උපසිරැස ලබාදෙන්නකො” කියන ඉල්ලීම. ඔන්න ඒකටත් උත්තරයක් ලබාදෙන්නම්කො. කොච්චර හොඳ කතාමලා තිබුණත් අපේ අය ඒවා බලන්නෙ නැහැ. ගොඩක්ම කට්ටිය බලන්නෙ,
“ගෑණිගෙ පදේට දුවන මිනිහෙක්, දුන්නක් තියන් වටේ යන එකෙක්, කාලය හරහා ගිහින් ගොන් ආතල් ගන්න සෙට් එකක්, විකට ඇඳුමක් ඇඳගෙන රඟන එකෙක්, පොඩි කාලෙ ඉඳන් පොඩි ළමයින්ගෙ වීරයෙක් වෙච්ච කෙනෙක්ගෙ පරම්පාරාව කන්න ආ අලුත් එකියෙක්.”
ඔන්න ඔය කියවපු තමයි කට්ටිය වැඩි ඇල්මක් දක්වන්නෙ. ඉතිං මෙවැනි Sci-Fi වැනි ගණයට අයත් කාතාවක් කාලය වැය කරගෙන දුන්නත් ඩවුන්ලෝඩ් 200+ වත් යන්නෙ නැහැ. ඉතිං එවැනි දෙයකට මැරෙන එක බොරු වැඩක්නෙ. ඔය හේතුව නිසා තරම් කොච්චර හොඳ එව්ව තිබුණත් ලබානොදෙන්නෙ. එහෙනම් ඉතිං ඔයාල චිත්‍රපටය බලල කියන්න කොහොමද කියල.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
There’s Massages In Every Game.
© කොලින් රිට්මන් ©

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,442 downloadsDownload Black-Mirror-Bandersnatch-2018.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
66 comments
Krishan NiShalya
Nidi
රවිඳු!
ඉර පායන්නෙත්, බබලන්නෙත් කවුරුන්වත් කියන නිසා නෙවෙයි.
කාගේවත් අණකට කීකරු වෙලාත් නෙවෙයි.
ඒ වගේමයි, මල් පැළයක් හිටවල සාත්තු කළත්
හදාගන්න හරි අමාරුයි.
වල් පැළ නම් නිකම්ම හැදෙනවා.
වැඩි දෙනෙකුට සෙතක්, යහපතක් වෙන දේවල්වලට
කැමති වෙන අය මේ මිහිතලයේ ඉන්නේ අඩුවෙන්!
මට පෙනුණු දෙයක් තමයි
මේ සයිට් එකේ වුණත් හොඳම, අර්ථවත්ම, කලාත්මකම ෆිල්ම්ස්වලට
කමෙන්ට්ස්සුත් අඩුයි. බාගෙන තියෙනවාත් අඩුයි.
මං නම් හිතන්නේ ඒකත් එක-එක්කෙනාගේ රුචිය අනුව
තීරණය වෙන නිසා, හිත පාරවා ගත යුතු නැහැයි කියලයි.
මං කමෙන්ට් එකක් දාන්නේ ෆිලම් එක බැලුවට පස්සේ.
මේකත් තවම බාගත්තෙවත් නැහැ. බාගත්ත ඒවත් ගොඩක් තියෙනවා බලන්න.
මේ ෆිල්ම් එකත් කොයි කපේ බලන්න වෙයිද දන්නෑ.
ඒත්, ඔයාලා වගේ හැමෝටම ස්තුතියි
හොඳ ෆිල්ම්ස්වලට සබ්ස් දීලා
රසිකයන් වෙනුවෙන් කරන මෙහෙවරට!!!!!!!!!!!!!!!!!!ashan karannagoda
ekanam sahathika aththa kathawa. hoda nirmana walata kamathi kattiya inne bohoma sulu denai. kattiya balannema wikara wadihariyak.
tharidu16
අර අන්තිමට කියලා තියෙන කථාව නම්, ලෝකය පීළිබද ඔබේ දැනුමේ අල්ප බවයි පෙන්න තියෙන්නේ. බුදුන් හමුවේ සිටි අය පවා ධර්මය තේරුම් නොගත් අවස්ථා තිබුනා. ඒ වාගේ, දාර්ශනික සංකල්ප හා එවැනි මාතෘකා හැමෝටම හරියන්නේ නැ. ඒ නිසා හැමෝම මෙවැනි චිත්‍රපට බලන්නේ නැ. IQ මට්ටමක් ගැන දන්නවා ඇතිනේ.
සරච්චන්ද්‍ර මහත්තයා කියල තියනවානේ, එයාගේ නාට්‍ය දුප්පත් ගම්වල පෙන්වලා වැඩක් නැ කියලා. ඒ කියන්නේ සැප පහසුකම් තියෙන, නිදහස් බුද්ධියක් තියෙන අයට තමයි සාහිත්‍ය රසාස්වාදය කරන්න පුළුවන්. එදිනෙදා ජීවන ප්‍රශ්න එක්ක ගැටෙන මිනිස්සුන්ට ඔය විකාර වලට වෙලාව නැ. මේ ෆිල්ම් ගැන උනත් එහෙමයි. එදිදෙනාදා ජිවන ප්‍රශ්න එක්ක හැප්පෙන මිනිස්සු විනෝදයක් සපයන දෙයක් මිසක, තවත් ඔලුව වෙහෙසකරන දෙයක් නරඹන්න කැමැති නැ. ඒ නිසා ඔබලාගේ කාර්යය වෙන්න ඕනි හොද දේවල් දෙන එක. නැතුව කොච්චර දෙනෙක් ඩවුන්ලෝඩ් කරවාද කියන එක නෙවෙයි. අනික හොද කරන්නේ යමක් බලාගෙන නම් ඒක ගනුදෙනුවක්. මුහුදු වතුර කොච්චර තිබ්බත් බොන්න පුළුවන් වතුර තියෙන්න 0.1%. ඒවාගේ අනික් අයගේ රසවින්දනය ඔහේ තිබුනාවේ. ඔයාගේ කර්ත්තවය්‍ය ඔයා කරන්න. කමෙන්ටුවක්වත් නැතිවුනාම බොරින් තමයි. එත් ඒවා බල්න එපා. අනික් අයගේ රසවින්දනයට ගරහන්නත් එපා. ඒවා හැමදාම බල්නේ නැ. ඒවා ඇතිවුනාම මේවත් අතර මැද බලයි. ෆන් දේවල් තමයි ලොකේ වැඩි. එහෙමයි කියලා සීරියස් දේවල්වලට තියෙන ආසාව නැතිවෙන්නේ නැ. ආතල් සින්දුවලට වඩා මින්සසු කැමැති විරහාගීත වලට. ඔබේ වැඩේ ඔබ කරන්න. සදාජය. ස්තූතියි.
madhawanuwan
thanks bro.bro puluwan nam blackmirror ekata sub denna.season 4ma download karala tiyenne.english sub ekka beluwata terenne ne.puluwan nam t.v. series ekata sub denna.hithanawata wada pirisak inna ida tiyanawa
upps
Thanks malli.film akath supiri.oyaga sub supiri.a wagama site akath supiri.thanks all
krishanmadusanka
download diha balala sub denna epa bro.hoda nirmana walata sub denna mokada gunathamaka nirmanawalata sub denakota me site eke watinakama wadi.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nimnakakavindu
Ft bn
Channa Anuruddha
Sub එකට ස්තුතිය.
පුලුවන් නම් Black Mirror tv series එකටත් sub දෙන්න.gihan perera
අමුතුම කතාවක්...දිගටම උපසිරැසි දෙමු සහෝ...ජය වෙිවා...දෙවි පිහිටයි...
Dinidu kujana ruwanara
ස්තුතී මචන්
All the ending එකට උපසිරැස ලබා ගන්න කැමති අයත් ඉන්නව කියල දැන ගන්න..ආයේ පොඩ්ඩක් ඒක සලකා බලන්න..පට්ට ෆිලුමක ඒක නැතිව වැඩක් නෑs_w_yodasingha
Black Mirror terunada saho0???
New day
සුපිරි මචං
Cj
තැන්කුයි වේවා
Prabodha Madhusankha Hettiarachchi
Godsk sthuthi bro sub ekata....
Supun_boy
ගොඩාක් ස්තුතියි !
buddhi
thnks sub ekata
Kulanjana Maduranga
subata thanks.....
Tharaka
THANKS.................
harshani11112
ස්තුති සහො
ashan karannagoda
sub ekata thanx machan. cardboard veerayo gana katha balanna asa kattiya wadiy kiyalanam math piligannawa. eth me wage tv series ekak thiyenawanam puluwannam sub diyan machan. dwnloads 200k nemei 1k unath ubata sathutak danewi hoda deyak ganna ekek hari innawa kiyala. budusaranai..!!!!
Mg Weerasingha
ehema na macho watinakamak thiyana minisu watinakamak thiyana de hoyanawa niyamai kathawa ela.. puluwan thram sampradaika nowechcha theekshana buddiyen wimasanna puluwan onama kthawakata dayakathwaya dakwanna.. oba me krana meheya godaaak wastinwa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
ස්තූතියි
Sanjeewa2010
Thnxxxxxxxxxx
LahiruTharanga1
Thanks bro
AsithaDilruwan
ela saho thanks
luckysun
Super bro
darkshadow95
machan thanks sub ekata. "all the endings" ekatath sub eka diyanko machoo. nikan atharaman una wage bn eka balala
Kavinda
මුලින්ම කියන්න ඕන සුබ එකට තැන්ක්ස්.
“ගෑණිගෙ පදේට දුවන මිනිහෙක්, දුන්නක් තියන් වටේ යන එකෙක්, කාලය හරහා ගිහින් ගොන් ආතල් ගන්න සෙට් එකක්, විකට ඇඳුමක් ඇඳගෙන රඟන එකෙක්, පොඩි කාලෙ ඉඳන් පොඩි ළමයින්ගෙ වීරයෙක් වෙච්ච කෙනෙක්ගෙ පරම්පාරාව කන්න ආ අලුත් එකියෙක්.” මේ කියල තියන කතාව නොකිව්ව නම් හොදයි මොකද එක එක්කෙනාගේ රුචි අරුචි කම් වෙනස් ඒවගේම බලන්න දකින්න ආස කරන දේවල් වෙනස් (හැමෝම එක වගේ නෑ නේ සහෝ ) එක නිසා තම තමන් කැමති දේවල් ඒ ඒ අය බලපු දෙන්. මොකද එක ඔවුන්ගේ කැමැත්ත අපි කැමති දේවල් ටික අපි බලමු. අපි sci-fi ඒවා හොදයි කියද්දී එයාල කියාවි fantasy හොදයි කියල අපි බලන දේ හොදයි කියල හිතාගෙන අපි බලමු එයාල බලන එක හොදයි කියල හිතාගෙන එයාල බලාවි.
වැරදි දෙයක් හිත රිදෙන දෙයක් කියවුන නම් සොරි එත් ලිපිය උඩ ඉදල පහලට කියවල අන්තිම ටික කියවද්දී දැනුනේ අපි අනිත් අයගේ රසවින්දනය හෑල්ලු කරන දෙයක් නේද කියල තියෙන්නේ කියල එක නිසා මේ කතාව කිවුවේ.
tharidu16
එකගයි.
අර අන්තිමට කියලා තියෙන කථාව නම්, ලෝකය පීළිබද ඔබේ දැනුමේ අල්ප බවයි පෙන්න තියෙන්නේ. බුදුන් හමුවේ සිටි අය පවා ධර්මය තේරුම් නොගත් අවස්ථා තිබුනා. ඒ වාගේ, දාර්ශනික සංකල්ප හා එවැනි මාතෘකා හැමෝටම හරියන්නේ නැ. ඒ නිසා හැමෝම මෙවැනි චිත්‍රපට බලන්නේ නැ. IQ මට්ටමක් ගැන දන්නවා ඇතිනේ.
සරච්චන්ද්‍ර මහත්තයා කියල තියනවානේ, එයාගේ නාට්‍ය දුප්පත් ගම්වල පෙන්වලා වැඩක් නැ කියලා. ඒ කියන්නේ සැප පහසුකම් තියෙන, නිදහස් බුද්ධියක් තියෙන අයට තමයි සාහිත්‍ය රසාස්වාදය කරන්න පුළුවන්. එදිනෙදා ජීවන ප්‍රශ්න එක්ක ගැටෙන මිනිස්සුන්ට ඔය විකාර වලට වෙලාව නැ. මේ ෆිල්ම් ගැන උනත් එහෙමයි. එදිදෙනාදා ජිවන ප්‍රශ්න එක්ක හැප්පෙන මිනිස්සු විනෝදයක් සපයන දෙයක් මිසක, තවත් ඔලුව වෙහෙසකරන දෙයක් නරඹන්න කැමැති නැ. ඒ නිසා ඔබලාගේ කාර්යය වෙන්න ඕනි හොද දේවල් දෙන එක. නැතුව කොච්චර දෙනෙක් ඩවුන්ලෝඩ් කරවාද කියන එක නෙවෙයි. අනික හොද කරන්නේ යමක් බලාගෙන නම් ඒක ගනුදෙනුවක්. මුහුදු වතුර කොච්චර තිබ්බත් බොන්න පුළුවන් වතුර තියෙන්න 0.1%. ඒවාගේ අනික් අයගේ රසවින්දනය ඔහේ තිබුනාවේ. ඔයාගේ කර්ත්තවය්‍ය ඔයා කරන්න. කමෙන්ටුවක්වත් නැතිවුනාම බොරින් තමයි. එත් ඒවා බල්න එපා. අනික් අයගේ රසවින්දනයට ගරහන්නත් එපා. ඒවා හැමදාම බල්නේ නැ. ඒවා ඇතිවුනාම මේවත් අතර මැද බලයි. ෆන් දේවල් තමයි ලොකේ වැඩි. එහෙමයි කියලා සීරියස් දේවල්වලට තියෙන ආසාව නැතිවෙන්නේ නැ. ආතල් සින්දුවලට වඩා මින්සසු කැමැති විරහාගීත වලට. ඔබේ වැඩේ ඔබ කරන්න. සදාජය. ස්තූතියි.Ravindu Rukshan
හරි සහෝලා ඔයාලා කියපු දේ වැටහුණා. හැබැයි මම මෙතනදි මොන දේ කිව්වත් බලන කෙනා ඕනම දෙයක් බලනව. මම මෙතනදී ගොඩක්ම අදහස් කරේ යතාර්ථය විතරයි. ඒවගෙම අවංකවම මම ඩවුන්ලෝඩ් බලල කරන්නෙ මොකද දැන් හරියට කමෙන්ට් එකක්වත් වැටෙන්නෙ නැති තරමයි ඉතිං ඩවුන්ලෝඩ් තමයි බලල දෙන්නෙ. ඒවගෙම මා මෙය උපහාසයට නොකියූ දෙයක් බව සලකන්න හුදෙක් යතාර්ථය පමණයි. අනික ඔයලා cw ෆෑන්ස්ලා කියල දන්නවා.
තුති
Menaka Kariyawasam
patta machan thanks sub ekata
Udara Damith Dissanayaka
matanam oya monawath kamak naa
kipayak aruna kota ahu una tiwi siriyas eka balanawatharidu16
අර අන්තිමට කියලා තියෙන කථාව නම්, ලෝකය පීළිබද ඔබේ දැනුමේ අල්ප බවයි පෙන්න තියෙන්නේ. බුදුන් හමුවේ සිටි අය පවා ධර්මය තේරුම් නොගත් අවස්ථා තිබුනා. ඒ වාගේ, දාර්ශනික සංකල්ප හා එවැනි මාතෘකා හැමෝටම හරියන්නේ නැ. ඒ නිසා හැමෝම මෙවැනි චිත්‍රපට බලන්නේ නැ. IQ මට්ටමක් ගැන දන්නවා ඇතිනේ.
සරච්චන්ද්‍ර මහත්තයා කියල තියනවානේ, එයාගේ නාට්‍ය දුප්පත් ගම්වල පෙන්වලා වැඩක් නැ කියලා. ඒ කියන්නේ සැප පහසුකම් තියෙන, නිදහස් බුද්ධියක් තියෙන අයට තමයි සාහිත්‍ය රසාස්වාදය කරන්න පුළුවන්. එදිනෙදා ජීවන ප්‍රශ්න එක්ක ගැටෙන මිනිස්සුන්ට ඔය විකාර වලට වෙලාව නැ. මේ ෆිල්ම් ගැන උනත් එහෙමයි. එදිදෙනාදා ජිවන ප්‍රශ්න එක්ක හැප්පෙන මිනිස්සු විනෝදයක් සපයන දෙයක් මිසක, තවත් ඔලුව වෙහෙසකරන දෙයක් නරඹන්න කැමැති නැ. ඒ නිසා ඔබලාගේ කාර්යය වෙන්න ඕනි හොද දේවල් දෙන එක. නැතුව කොච්චර දෙනෙක් ඩවුන්ලෝඩ් කරවාද කියන එක නෙවෙයි. අනික හොද කරන්නේ යමක් බලාගෙන නම් ඒක ගනුදෙනුවක්. මුහුදු වතුර කොච්චර තිබ්බත් බොන්න පුළුවන් වතුර තියෙන්න 0.1%. ඒවාගේ අනික් අයගේ රසවින්දනය ඔහේ තිබුනාවේ. ඔයාගේ කර්ත්තවය්‍ය ඔයා කරන්න. කමෙන්ටුවක්වත් නැතිවුනාම බොරින් තමයි. එත් ඒවා බල්න එපා. අනික් අයගේ රසවින්දනයට ගරහන්නත් එපා. ඒවා හැමදාම බල්නේ නැ. ඒවා ඇතිවුනාම මේවත් අතර මැද බලයි. ෆන් දේවල් තමයි ලොකේ වැඩි. එහෙමයි කියලා සීරියස් දේවල්වලට තියෙන ආසාව නැතිවෙන්නේ නැ. ආතල් සින්දුවලට වඩා මින්සසු කැමැති විරහාගීත වලට. ඔබේ වැඩේ ඔබ කරන්න. සදාජය. ස්තූතියි.baiscopelkishu
sub ekata thanx machn
dusmantha
thanks
LB Roshan
thanks saho
LimeGreenSoda
ThanksBro
Bandarajbandara
ELa ජයවේවා
nish47
jaya wewa mchn
D.Chamara
bohoma sthuthi sahooo jaya
bLack_sNow
Thanks bro sub ekata
Tharakamadhumal
Niyamai hemadama liyanna good luck
Chanmatara
Sub එකට thanx සහෝ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Dileepa77
ඇත්තම කිව්වොත් මට ඒ කථාව තේරුණේ නෑනේ.. ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sandharu
Thanks bro
pramuditha2002
patta paharak
s_w_yodasingha
Kathawa teruna kenek poddak pahadili karanna puluwanda??? Aru kohomada sidda wena dewal wenas karanne??? ekama siddiya eka eka vidiyata wenne kohomada?? anika uwa video karana sean eka mokadda? ara amma train ekata yana seen ekath set ekak gahala film ekak wage soot karanawa pennanne.. ane manda, mata pissu wage.,.......................
Anonymous
meke thiyenne anagathe netflix la audience ekata dena aluthma experience eka. ekama kathawa oyata kemathi akaraye story ekakin end wenawa balanna puluwan.. aka aluthma,amuthuma concept ekak entertainment industry ekata.. oka liyana chalie brooker pattama molayak...samarawita kawada hari eyage oya concept eka lokaya use karanna patan gannath puluwan.
awdino143
ආදර්ශමත් කතාවක්.... ගොඩක් ස්තූතියි...
තවත් මෙවැනි කතා මාලාවන් ලබාදෙන්න....hasinuwa
sub .ekta thanks
hasitha nimanka senarath
Tv series ekath karannako 200kata wadanm balay ape aya sure.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොම ස්තුතියි... සුපිරි කතාවලට උපසිරැසි ලබදෙනවට
Black Mirror TV Series එකටත් පුළුවන් නම් උපසිරැසි ලබාදෙන්න
Good Luck Bro..!
ッ