අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Charlie’s Angels (2019) Sinhala Subtitles | චාලිගේ සුරදූතිකාවන් [සිංහල උපසිරැසි සමග]

Rating: 8.6/10. From 57 votes.
Please wait...

Mardaani 2 වන චිත්‍රපටයත් එක්කම උපසිරැසි ගැන්වීමට බාරගෙන තිබුණු අනික් චිත්‍රපටයෙත් වෙබ් පිටපතක් නිකුත් වුනා, ඉතින් වැඩත් එක්ක ටිකක් පරක්කු වුනා උපසිරැසිය අරගෙන එන්න. චිත්‍රපටය තමයි Charlie’s Angels (2019). සුප්‍රකට චාලිගේ සුරදූතිකාවන්ගේ චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම විදියටයි මෙය තිරගත වෙන්නේ. මීට පෙර Charlie’s Angels (2000), Charlie’s Angels: Full Throttle (2003) නමින් චිත්‍රපට දෙකක් තිරගත වී තිබෙනවා ඔබට මතක ඇති. ක්‍රියාදාම සහ කොමඩි කියන කාණ්ඩ යටතට වැටෙන මෙය තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Elizabeth Banks. චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයන්නේ සුප්‍රකට Twilight චිත්‍රපටමාලාවේ බෙලාගේ චරිතයට දායකත්වය සැපයූ Kristen Stewart, ඊට අමතරව ඇලඩින් චිත්‍රපටයෙන් අප හඳුනන Naomi Scott ඒ වගේම Ella Balinska, Elizabeth Banks, Djimon Hounsou, Sam Claflin, Patrick Stewart යන සිනමා තරු. ඒ වගේම චිත්‍රපටයේ ඇති ලස්සන ගීත කීපයක් සඳහා Ariana Grande, Mieley Cyrus, Lana Del Rey සහභාගී වෙලා තියෙනවා. 2019 නොවැම්බර් 15 එක්සත් ජනපදයේදී තිරගත වීම ආරම්භ කළ මෙය ලොව පුරා තිරගත කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 71 ක ආදායමක් ලබාගෙන තියෙනවා. විචාරකයින්ගෙන් හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ගොඩක්ම ඉතින් ස්ත්‍රීවාදය පෙන්නුම්කරනවා කියලා තමයි බැනුම් අහලා තියෙන්නේ.

කතාව දිහාට හැරුනොත්, ආරම්භ වෙන්නේ ජොනී කියන මංකොල්ලකාරයත් එක්ක මුකුළු කරන සුරදූතිකාවකගේ ජවනිකාවකින්. වෙන මොකටවත් නෙවෙයි මංකොල්ලකාරයාව අල්ලගන්න. මේ සුරදූතිකාවන් විශේෂ පුහුණුවක් ලැබූ නියෝජිතවරියන්. වැඩකරන්නේ ටවුන්සෙන්ඩ් කියලා පුද්ගලික රහස්පරීක්ෂක ආයතනයකට. මෙයාලව මෙහෙයවන්නේ චාලී. මේ සුරදූතිකාවන් චාලිව දැකලා නැහැ. මෙයාලා වැඩ කරන්නේ බොස්ලී කියන නිළය දරන අය යටතේ. ඉතින් මේ බොස්ලිලා සෑහෙන පිරිසක් චාලි යටතේ වැඩ කරනවා.

බලශක්තිය සම්බන්ධව පර්යේෂණ කරන ආයතනයක් කැලිස්ටෝ නමින් උපකරණයක් නිපදනවා. මේකෙන් කරන්නේ විද්‍යුත් චුම්භක බලය පාවිච්චි කරලා පිරිසිදු බලශක්තිය නිපදවීමක්. ඒක බලශක්තිය සම්බන්ධව ලෝකයේ පෙරළියක් කරන්න පුළුවන් උපකරණයක් කියලා තමයි කියන්නේ. මේ උපකරණය නිර්මාණය කරපු ප්‍රධාන ඉංජිනේරුවරිය තමයි එලේනා හාෆ්ලින්. එයාට තේරෙනවා මේ උපකරණයේ දෝෂයක් තියෙනවා කියලා. ඉතින් එයා මේ ගැන ආයතනයේ ඉහළට දැනුම් දෙන්න උත්සහ කලත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මෙයාගේ වාර්තාවත් යට ගහලා. ඉතින් අහම්බෙන් වගේ හම්බෙන් ටවුන්සෙන්ඩ් ඒජන්සියේ සම්බන්ධතාවයක් හරහා, මෙයා මේ ගැන ලොවට එළි කරන්නයි සූදානම් වෙන්නේ. ඒත් මේ උපකරණය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නිසා අපරාධකාරයින්ට අවශ්‍ය වෙනවා එලේනාව මරලා දාන්න. එලේනවත් බේරගෙන මේ උපකරණය තමන් අතට ගන්න තමයි සුරදූතිකාවන් උත්සහ කරන්නේ. බලමු එයලාට ඒක කරන්න පුළුවන්ද කියලා. මේ අපරාධකාරයින් ඇත්තටම කවුද?. කතාව පටන්ගද්දි අල්ලගත්ත මංකොල්ලකාර ජොනී කවුද. මේ බොස්ලිලා විශ්වාස කරන්න පුළුවන්ද? කවුද චාලි කියන්නේ. එලේනාගේ ජීවිතේ බේරෙයිද? මේ හැම එකකටම උත්තර ලැබෙයි චිත්‍රපටය නැරඹුවාම. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, උපසිරැසිය බාගත කරගන්නග චිත්‍රපටය නරඹන්න. ඒ වගේම අදහස් කමෙන්ට් කරන්නත්. ජය…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26221 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

56 thoughts on “Charlie’s Angels (2019) Sinhala Subtitles | චාලිගේ සුරදූතිකාවන් [සිංහල උපසිරැසි සමග]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Wijitha A.

    Niyamai Saho sub eka hodata karala tibba. Thnax.

    Reply
  • Nilantha Cooray

    මචන් මග නතර කරපු outlander සීරීස් එක දියන්කො

    Reply
  • Anonymous

    Tnx බයිස්කෝප්

    Reply
  • Tharindu07

    Thanks Machooo…..!!!

    Reply
    • Anonymous

      Tnx බයිස්කෝප්

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. කාලෙකින් මතක් වෙලා තියෙන්නෙ සබ් එකක් දෙන්න. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Anjana Wickramasinghe

    Thank you

    Reply
  • Lahiru M Shan

    උපසිරසියට ස්තූතියි

    Reply
  • D.Chamara

    bohoma sthuthi saho

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • YasasPerera

    thanks bro.. good work..

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට…BR එකක් ආව ගමන් බලමු. ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • Good work friend, Thanks for the sub.

    Reply
  • Pramukmili

    Thanx bro………….

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි.Smallville season 4 ඉදන් සබ් දෙනවද plz?

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝ.
    ජය

    Reply
  • Dhanushkadill

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    The Curse of the Were-Rabbit (2005)

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    Bluray එනකම්ම ඉන්නවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *