MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේයුද්ධයුශාන් පීයුමාල්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 8 votes.
Please wait...

Check Point (2017)

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ චිත්‍රපටයත් උපසිරැසි ගැන්වීම සිදුකලේ.

Action, Thriller, Warයන කාණ්ඩ නියෝජනය කරන්නාවූ මෙම චිත්‍රපටය, නිළ වශයෙන් නිකුත්වීමට නියමිතව ඇත්තේ, 2017 වර්ෂයේ මාර්තු මස 7 වෙනිදා. ඒ නිසාවෙන්, මෙම ලිපිය ලියන මොහොත වන විටත්, මෙම චිත්‍රපටය සඳහා තවමත් Imdb දර්ශකයේ කිසිඳු අගයක් සටහන් වෙලා නැහැ. එමෙන්ම, ක්‍රියාදාම චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන නළු නිලියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙනවා.

චිත්‍රපටය සඳහා පසුබිම් වන්නේ, ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි පෝර්ට් සිටි නම් කුඩා නගරයක්. හිටි හැටියේම, මෙම නගරය තුල සිටින්නාවූ හමුදා සෙබළුන් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ මැරීන් සෙබළුන් මේ ආකාරයට කිසිවෙකුට හෝ සොයාගත නොහැකි ලෙස අභිරහස් අන්දමින් ඝාතනය වෙනවා. නමුත්, මේ පසුපස සිටින්නේ කවුරුදැයි කිසිවෙකු හෝ දන්නේ නැහැ. නමුත්, දිනක් හදිසියේම මේ සියල්ල කණපිට හැරෙනවා. මෙම ඝාතකයින්ගේ සැලසුම් හෙළිදරව් වෙනවා. මොවුන්ගේ අරමුණ වන්නේ, යුධ සමයේදී ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් භාවිතා කරන ලදැයි පැවසෙන උමං මාර්ගයක් භාවිතා කරමින්, කෙලින්ම ධවල මන්දිරයට ප්‍රහාරයක් එල්ලකොට, පාලන තන්ත්‍රයේ බලය ලබාගැනීමටයි. අතිශය නවීන අවි ආයුධ වලින් සන්නද්ධ කුලී හමුදාවකින් සහ නවීකරණය කරන ලද පැරණි යුධ නැවකින් සන්නද්ධ මොවුන්ගේ සැලැස්මට එරෙහිව, නිර්භීත මැරීන් සෙබළුන් කිහිප දෙනෙකු නැගී සිටිනවා. මොවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කරමින්, සමස්ත කුලී හමුදාවක් පරාජය කරමින්, ඇමරිකානු රජය රැක ගැනීමට මොවුනට හැකියාව ලැබේවිද…?

කැමති අය අරගෙන බලන්න. හැමෝටම ගැලපේවිද කියලා නම් සැක සහිතයි. චිත්‍රපටයේ පලවෙනි අර්ධයේ ක්‍රියාදාම අඩු වුනත්, දෙවැනි අර්ධයේ නම් වැඩි වශයෙන් ක්‍රියාදාම සඳහා වෙන්වෙලා තියෙන්නෙ. කොහොමත්, පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො.

එහෙනම්, නැවත චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Check Point (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Check.Point.2017.720p.BluRay.950MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියළුම BluRay පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9798 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

18 thoughts on “Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

  • thankzz mcn sub ekata

    Reply
  • Hi iphone walata download karanda barida

    Reply
  • Film aka wadak na sub akta thnks bro

    Reply
  • Thank you machan……jayawewa……!

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Udara Damith B/K

    ඔයාලා දෙදෙනාටම ස්තූතියි

    Reply
  • අසිත

    elama sahola thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔයාලා දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි මේ කරන කැපවීමට

    Reply
  • බොහොම ස්තුතියි සහෝ සබ් එකට… ජය වේවා…

    Reply
  • Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *