Chicago PD [S02 : E23] | අවසන් තීරණය! [සිංහල උපසිරැසි සමඟ]
[one_half_last]
ඔන්න එහෙනම් Chicago.PD පොලිස් මාලා නාටකයේ මැයි මස 20 දින විකාශය උන දෙවන සමයේ අවසන් කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. මේ කොටස නම් කරලා තියෙන්නේ Born Into Bad News කියලා. ඉතින් එහෙනං අපි කෝකටත් කියල කලින් කොටසේ මොකෝ උනේ කියලා මතක් කර ගම්මු.
22 වන කොටසෙන්…
ගියවර කොටසේදී අපේ පොලිස් කල්ලියට හැප්පෙන්න වුනේ අවි ගත් මංකොල්ල කරුවන් කිහිපදෙනෙක් එක්ක. හෑන්ක් ඔහුන් එක්ක මුහුණට මුහුණ හමුවෙලා ඒ ප්‍රශ්නේ විසදන අතරේ ලින්ඩ්සේ තවම නාඩියාට වෙච්ච දේ නිසා හිතේ අමාරුවෙන් ඉන්නවා. ඒවගේම ලින්ඩ්සේට අලුත්, ඒවගේම පරණ යාලුවෙක් ලින්ඩ්සේගේ අම්මා මුනගස්වනවා.ඒ එයාගේ හිත වෙනස් කරන්න ඇය දරන උපායක් විදිහට. 22 වන කොටසේ අවසන බාගයේදී දකින්න ඇතිනේ පැරණි මිතුරා එක්ක කොහොමද අවසන් වුනේ කියලා.
23 වන කොටසෙන්…
අද කොටසේදී අපේ පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ තවත් පැරණි මිත්‍රයෙක්ට උදව් කරන්නයි. ඒ තමයි කමාන්ඩර් පේරි. කලින් මොහු තමයි චිකොගෝ පොලිසියේ ලොක්කා වෙලා හිටියේ, දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ මෙවර නැවතත් කමාන්ඩර් පේරි හෑන්ක්ව හමුවෙන්න එන්නේ තමන්ගේ ඥාති පුතෙක් ඉන්නවා පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ. ඔහුට වැඩ කරන්න වෙලා තියෙන්නේ ජාවාරම්කරුවන්ව මංකොල්ලකන පොලිස් කාරයෝ ටිකක් එක්කයි. ඉතින් එකෙන් මොහුව බේරලා දෙන්න කියන ඉල්ලීම එක්කයි කමාන්ඩර් පේරි හෑන්ක්ව හොයාගෙන එන්නේ. එහෙනම් අපි බලමු හෑන්ක් ඇතුළු අපේ බුද්ධි අංශ නිලදාරීන් කොහොමද මේ දඩබ්බරයෝ ටික මෙල්ල කරන්නේ කියලා. ඒවගේම අවසානයේ ලින්ඩ්සේ තමන්ගේ ජීවිතය ගැන යම් තීරණයක් ගන්නවා. මේ ඉතින් දෙවන සමයේ අවසන් කොටස නිසා වැඩිය කතා නැතුව මේ කොටස රස විදින්න කියලා ඔයාලා හැමෝටම අරාධනා කරනවා.
නැවතත් මතක් කරන්න ඕනෑ චිකාගෝ පි.ඩි නරඹන ඔයාලා හැමෝම නිසා තමයි මග නැවතිලා තිබ්බ මේ කතාසමය හැකි ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් උනේ. මේ වෙනුවෙන් දායකත්වය දුන්න ගයාන් රූකාන්ත සහොටත්, නිර්මාණි විජේසිංහ සොයුරියටත්, ඒවගේම පළමු කතා සමයේ ඉදන් අද වෙනකල් චිකාගෝ පි.ඩි නරඹන, අදහස් ප්‍රකාශ කරන, සියලුම දෙනාටත්, නන් අයුරින් සයෝගය දීපු අපේ බයිස්කෝප් අඩවියේ සංස්කාරක තුමන්ලාටත්, සැම සියලු දෙනාටත් මේ වෙලාවේ ස්තුතියි වන්ත වෙනවා.
එහෙනම් මේ අවසන් කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම ඉක්මනින්ම මෙහි තෙවන කතා සමයෙන් නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
[button link=”https://goo.gl/IV2Ab5″ type=”icon” “center” newwindow=”yes”] 276 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1585 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
ගොඩක් ස්තූතියි සබ් වලට.
thn mchan sub ekata
S3 eketh sub demu digatama ehemanam
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!