Cobra Kai (2018) [S01 : E07] Sinhala Subtitles | කවදාවත් පරාජය බාරගන්න එපා..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් මිත්‍රවරුණි..!
ඉතිං ඔන්න රවිඳු මලයගෙ ඉල්ලීමක් නිසා මමත් කෝබ්‍රා කායි එකට බැඳුණ. බැඳුණ වගේ නෙවෙයි ඉතිං වැඩ රාජකාරි එක්ක මේක ගොඩදාගන්න එක නම් ටිකක් අමාරු වුණා. දවස ගාණෙ රස්සාවත් ගොඩ දාගෙන සබ් සබ් කර කර තමයි මේ අමාරුවෙන් දුවන්නෙ. කොහොමහරි මම නිසා මේක විකාශය කිරීම පමා වුණාදෝ කියලත් හිතෙනව. ඉතිං ඔක්කොම කොටස් ටික බලල මේක කරන්න ගත්තනං මේ කපේ ඉවරයක් කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා කලින් කොටස ගැන මොකුත් නොකියා අද කොටස ගැන විතරක් මම විස්තර කරන්නම්.
කොහොමහරි අපි ඔන්න කරාටේ වලට අත්පොත් තියන්න බලාගෙන ඉන්න රොබීට, ලරූසෝ කාර් හෝදවල, අතුගාවල, ජනෙල් සුද්ද කරවල අවශ්‍ය මූලික අඩිතාලම හදනව. රොබීට අදහසක් නෑ මේ යකා මේ පරවැඩ කරවගන්නව මිසක් කරාටෙ කියල දෙන්නෙ නෑනෙ කියල. ඉතිං අද රොබී අහනව පරවැඩ කරනව මිසක් කෝ මට කරාටෙ උගන්වන්නෙ නැද්ද කියල. එතකොට තමයි කාර් හෝදපු එකේ ඇත්ත කතාව මෙයාට තේරුම් යන්නෙ. මේ අස්සෙ ඔන්න 18න් පහළ කරාටේ ශූරතා තරඟාවලියක් තියන්න යනව කියල සෙන්සෙයි ලොරෙන්ස් දැන ගන්නව. හැබැයි ලියාපදිංචි වෙන්න ගියාම ඔන්න තරු විසිවෙන්නෙ, කෝබ්‍රා කායි ජීවිත කාලයටම තරඟාවලියකට යන්න බැරි වෙන්න තහනම් කරල කියල දැනගත්තම. මේක මෙහෙම වෙන අතරෙ ඩයස්ට ඕනෙ සෑම්ව යාළු කරගන්න. මෙන්න මේකට සෙන්සෙයි හොඳ උපදෙස් ටිකක් දෙනව. ලොකු කතා ටිකකුත් කියල. කොහොමහරි ඩයස් සෑම්ගෙ ලව් එක ගොඩදාගන්න දඟලද්දි ලොරෙන්ස් උත්සාහ කරනව කරාටේ තරඟාවලියට යන්න අවසර ලබා ගන්න, මෙතනදි ලරූසෝ කෝබ්‍රා කායි ඩෝජෝ එක තරඟාවලියට ඉදිරිපත්වීම තදින්ම ප්‍රතික්ෂේප කරනව. ඉතිං ලොරෙන්න්ස් කියන්නෙ මළ පනින හාදයෙක්නේ. කොහොමහරි ඔන්න මළ පැනගෙන එනකොට ඩයස් දීපු උපදෙස් මතක් කරගෙන ඉවසල ඉන්න උත්සාහ කරල බලනව. ඉතිං එහෙනම් බලාගන්නකො ගුරා ගෝලයට දීපු උපදෙසුයි, ගෝලය ගුරාට දුන්නු උපදෙසුයි එක්ක දෙන්නට දෙන්න ගෑණු ළමයයි, තරඟවලියයි දෙකම ගොඩ දාගනීද කියල. මමත් ගිහින් එන්නම්. ජය වේවා..!
“බෑ” කියල දෙයක් නෑ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7639 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thanks…………………
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks ………………good luck …………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි….සබ් එකට තැන්ක්ස්…
subata thanks
උපසිරැසියට බොහොම ස්තූතියි.
thanks
Thank you bro sub ekata
Thanks ❤️
thanks saho!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…