logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cowboy Bebop: The Movie (2001) Sinhala Subtitles | දෙව්ලොව දොරටු සොයන දඩයම [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...
Cowboy Bebop
Cowboy Bebop: The Movie (2001) Sinhala Subtitles

ස්වර්ණමය යුගයේ නිමවුනු Cowboy Bebop (1998) ඇනිමෙ කතා මාලාවේ අවසානයට පස්සෙ ඔන්න පොරොන්දු වුනු විදිහටම Cowboy Bebop:The Movie චිත්‍රපටය අරන් ඇනිමෙ ෆැන්ටසියට ගොඩ වදිනවා. කතා මාලාවේ Sequel චිත්‍රපටයක් විදිහට නිකුත් කරපු මේ චිත්‍රපටය ඇත්ත වශයෙන්ම මට පෞද්ගලිකව Story, Animation සහ Music යන තුන අතින් කතා මාලාවට වඩා ඉස්සරහින් තියන්න කැමතියි. ඒක මම එහෙම කියන්න හේතුව ඔයාලටත් මේ චිත්‍රපටය අවසානය වෙනකල් නරඹන කොට පැහැදිලි වේවි කියල මම විශ්වාස කරනවා. එහෙනම් අපි යමු තවත් වැඩි කතා නැතුව මේ චිත්‍රපටය පැත්තට.

Cowboy Bebop:The Movie Theatrical Release Poster

 

1998 වසරේ නිකුත් වුනු Cowboy Bebop ඇනිමෙ කතා මාලාවෙන් පසුව, 2001 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.8 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.38 ක අගයක් ලබාගෙන Top Anime අතර 198 වන ස්ථානයේ මේ වෙන විට රැඳෙනවා. චිත්‍රපටය මුලින් නම් වුනේ Cowboy Bebop:Knocking On Heavens Door යන නමිනුයි. පසුව Cowboy Bebop:The Movie ලෙසට මෙය නිකුත් වුනා. සුපුරුදු විදිහට Cowboy Bebop කතා මාලාව නිර්මාණය කරපු Shinichiro Watanabe සෙන්සේගේම අතින් ලියවුනු මේ චිත්‍රපටය පැය 1 යි මිනිත්තු 55 ක ධාවන කාලයකින් සමන්විතයි. ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කළේ Bones Studio විසිනුයි. Action, Sci-Fi, Adult Cast, Space යන Genre වලට අයත් වෙන මේ චිත්‍රපටය R-17+(Violance & Profanity) යටතේ Rate වෙලා තියෙනවා. මේ චිත්‍රපටයත් කතා මාලාවේ සේම මෙයටම ආවේණික වුනු තේමා ගීත දෙකකින් සමන්විත වෙනවා. එපමණක් නොවෙයි අරාබි සංගීතයෙනුත් මේ චිත්‍රපටය හැඩගැන්වී තිබීම තවත් විශේෂත්වයක් වෙනවා. ඒ වගේම ඒ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3 කට අධික ආදයම්ක් උපයාගෙන තියෙනවා. චිත්‍රපටය 2003 වසරේදී Golden Schmoes Awards හි Best Animated Movie of the Year යටතේ සහ 2004 වසරේදී Online Film Critics Society Award හි Best Animated Film යටතේ nominated වෙලා තිබෙනවා.

මම මුලින් සඳහන් කළා මේ චිත්‍රපටය Sequel චිත්‍රපටයක් බව. ඒත් හැබැයි මේ චිත්‍රපටයේ වෙන සිදුවීම සිද්ධ වෙන්නෙ Cowboy Bebop කතා මාලාවේ අවසානයට පෙර සිද්ධ වෙන සිදුවීමක් විදිහටයි. ඒ කියන්නෙ කතා මාලාවේ 25 සහ 26 කොටස් දෙකට පෙරාතුව යම් දවසක ඇරඹෙන සිදුවීමක් විදිහටයි. ඒ කියන්නෙ තවත් සරලව කිව්වොත් මුළු බිබොප් කණ්ඩායමම අපිට මේ චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා. Cowboy Bebop කතා මාලාව සම්පූර්ණයෙන්ම නරඹපු කෙනෙක් නම් ඔයා දන්නවා එහි අවසානය සිද්ධ වුනේ කොහොමද කියලා. ඒ අනුව ඔයා කතා මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒකත් සම්පූර්ණ කරලම මේකට අත තියන එක ඔයාට පහසුවක් වේවි. මේ චිත්‍රපටයත් කතා මාලාව වගේම “බවුන්ටි හන්ටින්” කියන කාරණාව මත ධාවනය වන්නක්. “බවුන්ටි හන්ටින්” කියන්නෙ මොකක්ද කියලා ආපහු මතක් කළොත්, ඒ කියන්නෙ යම් කිසි අපරාධකාරයෙක්ව අදාළ කොන්දේසි වලට අනුව අල්ලාගෙන අදාල අයට භාරදීලා ඒ වෙනුවෙන් නියම කරපු තෑගි මුදල ලබා ගන්න එක. මෙන්න මේ වැඩේ කරන අය තමයි “බවුන්ටි හන්ටර්” ලා කියල කියන්නෙ. බිබොප් කණ්ඩායමත් මෙන්න මේ කියන බවුන්ටි හන්ටර් කණ්ඩායමක්.

බිබොප් කණ්ඩායමේ සාමාජිකයින් වෙන ස්පයික් ස්පීගල්, ජෙට් බ්ලැක්, ෆේයි වැලන්ටයින්, රැඩිකල් එඩ්වඩ් සහ සුරතල් සුනඛයා වෙන අයින් සුපුරුදු විදිහට එයාලගෙ බවුන්ටි හන්ටින් වැඩ කරගෙන ඉන්නවා. මේ අතරෙ මෙයාලා කියල හැකර් කෙනෙක්ව අල්ලන්න පස්සෙන් යන්න පටන් ගන්නවා. හැබැයි ඒ යන ගමනේ කෙළවර හිටියේ ඒ හැකර් නම් නෙමෙයි. කොහොම හරි මේ හැකර් නොවන නොදන්නා පුද්ගලයා නිසාවෙන් ලොකු පිපිරීමකුත් සිද්ධ වෙනවා. පිපිරීමෙන් ජීවිත හානිත් සිද්ධ වෙනවා. ඒ පිපිරෙන්නෙ මොකක්ද? පිපිරීම කළේ ඇයි? කියන ප්‍රශ්න වලට උත්තර මම නොකියා ඉන්නම්. ඉතින් කොහොමින් කොහොම හරි මේ පුද්ගලයාගෙ ළඟට යන්න ස්පයික් සමත් වුනත්, අන්තිමේදි මේ පුද්ගලයා සහ තවත් කෙල්ලෙක් විතරක් ඉතුරු වෙලා එකපාරටම ඒ අවට ඉන්න හැමෝම එක එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා. එතකොට ස්පයික්ට මොකද වුනේ? හරි අපබ්‍රඃසයක් නේද මේ කියෙව්වෙ… අන්න ඒ නිසා තමයි මේක කතා මාලාවට වඩා Story අතින් ඉහළ තැනක තියෙන්න මම කැමති. අර පිපිරීම මොකක්ද? අභිරහස් පුද්ගලයා කවුද? මිනිස්සු මැරෙන්නෙ ඇයි? නොමැරී ඉතුරු වුනු කෙල්ල කවුද? ස්පයික්ට මොකද වුනේ? මේ කතාවේ තේරුම මොකක්ද? මීට වඩා කතාවෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේ ප්‍රශ්න කන්දරාවට උත්තර හොයන්න නම් ඔයා මේ චිත්‍රපටය අවසානය වෙනකල් අවධානයෙන් නරඹන්න ඕනි.

එහෙනම් නරඹන්න මේ කව්බෝයිවරුන්ගේ ක්‍රියාදාමය. මේක කතා මාලාවට වඩා Action සහ Fights අතින් ටිකක් ඉදිරියෙන් තියෙනවා. ඒ වගේම මේ කතාවේ Hand to Hand Fights වැඩි ප්‍රමාණයක් දකින්න පුලුවන්. ඒ නිසා මිනිත්තු 110 ක කාලය ඔයාට කිසි කම්මැලි කමක් නැතුව නරඹන්න පුලුවන්. සුපුරුදු විදිහට මේ උපසිරැසියත් නිර්මාණය වෙන්නෙ Japanese Audio එකට ගැලපෙන විදිහට. උපසිරැසිය ගැන වගේම චිත්‍රපටය ගැනත් ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. නරඹන්න එහෙනම් මේ වික්‍රමාන්විත අජටාකාශ දඩයම්කරුවන්ගේ අවසාන ජවනිකාව. මේ Cowboy Bebop:The Movie චිත්‍රපටය සමඟින් බිබොප් කව්බෝයිවරුන්ගේ කතන්දරය අවසාන වෙනවා. අලුත්ම කතාවකින් ළඟදීම හමුවෙමු. එතෙක් Happy Anime!

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ.
Cowboy Bebop: The Movie (2001) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

4 thoughts on “Cowboy Bebop: The Movie (2001) Sinhala Subtitles | දෙව්ලොව දොරටු සොයන දඩයම [සිංහල උපසිරසි]

  • Sub ekata thanks bro

    Reply
  • බොහෝම ස්තූතියි…

    Reply
  • Whatever happens, happens – Spike
    Thanks for the sub broo…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *