හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි…
හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 වෙනි දින මිලියන ගණනක ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම කතාමාලාවේ දෙවෙනි සමයක් එනතුරු නොඉවසිල්ලෙන් මඟ බලාගෙන සිටින තත්වයට පත් කරමින් නිමා වුනා. ඉතින් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු සියලුම ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් මෙම කතා මාලාවේ දෙවෙනි සමයේ විකාශය මෙම මාසයේදි යලි ඇරඹුනා.
හොඳයි මේ කතාව ගැන මීට වඩා වැඩි විස්තරයක් නම් මම ලියන්න යන්නේ නැහැ. මොකද පළවෙනි සීසන් එකේ මේ ගැන විස්තර තිබුනනේ. අනික පළවෙනි සීසන් එක බලපු අයනේ කොහොමත් දෙවෙනි සීසන් එක බලන්නේ. ඉතින් ඒ නිසා මම ගියවර කොටස අවසාන වුන හැටි ගැන පුංචි මතක් කිරීමක් කරන්නම්. ගියවර කොටස අවසාන වුනේ තමන්ට අවනත නොවී ෆ්ලෝරන්ස් නගරයේ ස්වාධීන සහ නිදහස් පාලනයක් ගෙන ගිය මෙඩිසිවරුන් මෙල්ල කිරීමට රෝමය සහ පාසීවරුන් සැලසුම් කල කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමෙන්. මෙම කොටසේ සෑහෙන උද්වේගකර සිදුවීම් ගොඩක් වුනා. ඒවා අතරින් ජුලියානෝගේ මරණය, ලොරෙන්සෝ තුවාල ලැබීම සහ අවසානයේ ඩා වින්චි සහ ලොරෙන්සෝ සතුරන්ගෙන් වට වුන කාමරයක් මැද හිරවීම වැනි සිදුවීම් මම හිතන විදිහට මේක බලපු අයට තාම අමතක වෙලා නැතුව ඇති. ඉතින් මේ කොටස ආරම්භ වෙන්නේ එතැන් සිටයි. ඉතින් ඩා වින්චි සහ ලොරෙන්සෝට රියාරියෝගෙන් බේරිලා පලා යන්න හැකිවෙයිද? ඔවුන් ඒ සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගනියිද? ඒ වන විට මාරන්තික තුවාල ලබා මරණාසන්නව සිටින ලොරෙන්සෝව බේරගන්න ඩා වින්චිට පුලුවන් වෙයිද? මේ වන විටත් සුරක්ෂිතාගාරයේ යතුරු දෙකෙන් දෙකම ලබාගෙන පළමු වටය ජයග්‍රහණය කරගෙන සිටින ඩා වින්චිට සුරක්ෂිතාගාරය සොයාගන්න පුලුවන් වෙයිද? ප්‍රශ්න ගොඩයිනේ :). ඉතින් එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර සොයාගෙන තව පාරක් ෆ්ලෝරන්ස් නගරයේ ගැටුම් සහ කුමන්ත්‍රණ තුලින් යන සොඳුරු චාරිකාවක් ආරම්භ කරමු.
ඇත්තම කිව්වොත් මේ කොටස මට තරමක් විශේෂ කොටසක්. මොකද මේක තමා මගේ 100 වන උපසිරස.
ඉතින් උපසිරස සියයක් දක්වා ආපු ගමන පිටුපස මට ශක්තියක් වුන විශාල කණ්ඩායමක් ඉන්නවා. හැමදාම උපසිරස වල හරි වැරදි සහ හිරවෙන තැන් බලා නිවැරදි කරන හසන්ත අයියා (අයියා කිව්වට මේ ඉන්නේ මාමෙක් හරිද :P), උපසිරසක් සම්පූර්ණ කරන්න වෙලාවක් නැතුව ගියොත් උඹ ඉඳහන් මම කරන්නම් කියලා පැනගෙන ඇවිත් උදව් කරන සමීරයා, ආදර හුටපටයක ගැඹුරටම එරිලා ඉදගෙනත් උඹ සීය ගහන්නේ නැද්ද බන්, ඉක්මනට ඕක ගහලා දාපන්කෝ කියලා මට ඒ ගැන නිතර මතක් කරපු විමා. මට කෝල් කරලා මල්ලි මරු කතාවක් ඇවිත් තියනවා කියලා මගේ විවේක කාලයෙන් භාගයක් නැති කරලා දාන විකියා, ඇවතාර් කතා මාලාවේ ලිපි හැටකට වඩා මට ලියලා දුන්න උදා, නිතර කතා කරන්න වෙලාව නොලැබුනත් ඕනේ වෙලාවට උදව් කරන රොයිලි අයියා, තිරය පිටුපස ඉදගෙන ටොරන්ට් සෑදීමේ සිට සීඩ් කිරීම දක්වා විශාල වැඩ කොටසක් කරන වාසල අයියා, ඒ වගේම නිතරම මාගල් වගේ කමෙන්ට් දාන ආසිරියා සහ මගේ උපසිරස බාගත කරගත් සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ වගේ සුවිශේෂී කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සතුටුවෙනවා. ඉතින් එහෙනම් ලබන කොටසින් නැවත හමුවෙමු. 😀
140 MB කොපිය මෙතනින් බාගන්න 40efd8404491d4a54b9d29f20ff7bee633e163df 470 MB කොපිය මෙතනින් බාගන්න 4ebc8b22d0613fea4af00669476bf039d0e50b12 1.9 GB කොපිය මෙතනින් බාගන්න 73f2d18f34551a8293a4a3bc0c24b1b0b2b0fe9e 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,006 downloadsDownload Da.Vincis.Demons.S02E01.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
100 comments
DilanH
ගයාන් රූකාන්ත (ජෝනා)
කාලයක් ගියා නේද සියවෙනි උපසිරැසිය දෙන්න
උණුසුම් සුබපැතුම් ...!!!!
සබට තුති කොල්ලෝ ඔන්න ගත්තා එහෙනම් දෙවැනි කතා මාලාවත්
බලන්න පටන් ගන්න පුළුවන්.නලින්
ජය වේවා පුබුදු 100 ක් ගහාණවා කියන්නේ
ආයේ කථා නැහැ!!
ජය වේවා කොල්ලෝ
ns
thanx....
chandima
niyamai gret wadak...100 n upaserasta suba patum..... degatama karagana yamu suba patum agen....
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....මේක එනකම් ගොඩක් කල් බලා ගෙන හිටියා.එවගේ පුබුදු සහෝගේ 100වන උපසිරසියටත් සුභ පතනවා.100ක් ගහනවා කියන්නේ ලෙසි පහසු දෙයක් නෙවෙයි.දිගටම දෙමු.ජය! :P :P :P
Sam
thanks sahoo..100 sub suba pathum..jaya wewa
හර්ෂ ලහිරු
පුබුදුවා 100 ගහලාතියෙන්නේ එසේමෙසේ එකකින් නෙමෙයිනේ :D :D
මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා :D
බොහොම ස්තුතියි පුබුදුවා :D ජයshammi silva
thank u soooo much season 2 enakan api balan hitiye godak amaruwen. again n again thank u soo much.
a wagema oyage 100 weni upasirasiyatath suba pathum. Wish u all the best
දිනිඳු සම්පත්
මමත් ඔන්න මුළු හිතෙන්ම සුභපතනවා පුබුදු සහෝ.. මේකෙ පළවෙනි කතා මාලාව මම ගොඩක් ආසාවෙන් බැලුවා.. දෙවෙනි කතා මාලාවත් සිංහල උපසිරැසි ගන්වලා අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තවත් දීර්ඝ ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජයවේවා!!!
Siraj
නියමයි, සුපිරියි.
මේකේ පලමු කතා මාලව බලලා ඉවර වෙලා ,
දෙවැනි කතා මාලාව එනකන් හිටියේ.
දැන් ඉතින් ඒකත් ආපු ගමන් සිංහල සබ් එක
දුන්නා නේ. දැන් ඉතින් බැලුව හැකියි.
සිංහල සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
ජය වේවා!ඒ වගේම 100වැනි උපසිරැසි නිර්මාණයට මාගේ උනුසුම් සුභ
පැතුම්. මේ වගේ දිගටම උපසිරැසි නිර්මාණය කරන්නට අවැසි
ශක්තිය හා ධෛර්යය ලැබේබා! කියා ප්ර්ර්ථනා කරමි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!Eranga
100වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්..!!!
Jagath
thanks saho.season 2 anakan balagena hitiye.100 upasirasiyata suba pathum
dev
100 weni sub ekata suba patanawa saho..... .
bohoma stuti saho....mn meka enaknma tama balan hitiye.... .shani
thanks
100 sub suba pathum.....
ada dawasema me gana thama balagena hitiyeruchcha
supiri ahh:!!!! meka denakan balan hitiye. jaya wewaaaa
dinidu madushanka
ela ela saho subapethum 100 jaya wewa
සුළැඟිල්ලා
බ්ලැක් සයිල් වලින් පස්සෙ අලුතෙන් ටිවි සො එකක් බලන්නෑ කියලා හිතං හිටියෙ.. දැන් කොහොමද බං නොබලා ඉන්නෙ.. අයියෝ.. ඒලෙවල්..
Dula
Thankz sahooo
u r great we r waiting 4 this
thanks you very muchAyesh
upasiresi 11ta subha pethum
Ayesh
upasiresi 100ta subha pethum
Venura
mchn season 3 ubala baagaththda???? eekath dan awth neh tyenne ??
හසන්ත වික්‍රමරත්න
උපසිරැසි 100 වෙනුවෙන් සුබ පතනවා පුබුදු පුතේ. ;) උඹ මාව නාකි කරන්නද හදන්නේ. කමක් නැහැ තාම නාකි නොවුනට කවදාහරි එහෙමත් වෙන්න එපැයි. එකෙන් කමක් නැහැ. මේ කතාව ගැන ඇහැ ගහගෙන ඉඳලා ඒක ආයෙත් අපිට සිංහලෙන් සමීප කරන්න එකතු උනාට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම උපසිරැසි වල ගුණාත්මක බව ගැන සැලකිලිමත් වෙන සහ නිසැකවම උපසිරසක් කලොත් බලනවා කියන ගොඩට දාපු තවත් හොඳ උපසිරැසි කරුවෙක්. තාම වයසත් නැති එකේ උපසිරැසි 500ක් වත් කරමු නෙහ් :D
Dio
Mechchara ikanata sinhala sub labei kiyala hithuwe na...Super wadak machan... Thank you wenna one :)
Issarahatath me Quick Service eka balaporotthu wenawa
kasun
thankz mchn
sanju lakshan dharmasena
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
DDSameera
Suba pathum mage yaluwe.....!!!
kasun viraj
elazzzz pubudu saho ,200 th gahamu :D
Naveen
උපසිරැසි 100ට සුභ පැතුම් සහෝදරයා.
ජයවේවා!N-Code Inc.
subha pathanawa sahoo upasirasi 100k labadhunnu ekata. sahenna loku wadak. thawath idhiiyata thawa sub denna oone hariya. jayaweewaa
knight
Tnx mchooo.. suba patum... digayama sub aka one mchooo..
jack
සියවෙනි උපසිරසියට සුබ පැතුම් !!
me
Thanks and wish you all the best. Keep up the good work :-)
Amil
ගොඩක් ස්තුතියි මචෝ ..
දෙවැනි කතා මාලාව එනකන් හිටියේ..
සියවෙනි උපසිරසියට සුබ පැතුම් !!දිල්ශාන් කාලිංග(ඩිලා)
100 wenuwen subapathum.
me wage deyak karana eka echchara lesi deyak nemei.
ela...Sisira Hegoda
100 ta Jaya Pathamu. Thanks.
tiron
congratzzzzzzzzzzzzzz thankzzzzzzzzzzzzz
DushmanthaC
thanks bro
akalanka
suba patum machan
dilan
congrats & thanks
silent $
සියවෙනි උපසිරසියට සුබ පැතුම් !! තව තවත්
උපසිරැසි කිරීමට හැකියාව ලැබේවා
!!!!!! ජයවේවාIshara
100 nirmanayata unusum suba pathum.....sahoooooo
:d :d
thank broKulanjana Maduranga
100 weni sub 1ta suba pathum PUBUDU saho.api wenwen sahoge watina kalaya waya krla mechchara kalyak sub dunnata bohoma pin.issarahatath apib wenuwen sub denn dairya shakthiya labewa kyla prarthana kranawa.digu gamanak yamu.wish you all the best...................
VisH
බොහොම ඉස්තුතියි සහොදරය : ) එ වගෙම උපසිරසි සියයටත් සුභපතනව (y)
Imesh
මේක එනකල් හිටියෙ...සබ් එකට ගොඩාක් ස්තූති සහෝ..සුභ පතනවා..ඡය වේවා..
අදිත ප්‍රවීන්
සියවෙනි උපසිරැසියට සුභ පතනවා
මමත් දන්නවා සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා .
ඉතින් උපසිරැසි 100ක් අපිට ලබා දෙන්න වෙහෙස මහන්සි වුණ පුබුදු සහෝට ගොඩක් ස්තුතියි !
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . :Dපියුම් මධුශංඛ
අඩේ මෙන්න බඩු දාලා...... මේක එනකල් කොළුවෝ හිටියෙ.... 100 වෙනි සබ් එකට සුභ පැතුම් සහෝ..... දිගටම කරගෙන යන්ඩ....... :)
මිහාන්
ජය වේවා !
indunil
jaya wewaaaa,good luck
chanuka wijesundara
danui dakke
jayanandana
thx machan , jaya ha sathuta nirathuru labewaa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
හදවතින්ම සුබපතනවා සහෝ 100 වෙනි කඩයිමට පැමිණියාට..
තවත් දිගු කාලයක් උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/da-vincis-demons-season-2.jpg)


ගොඩක් ස්තුතියි මචෝ මේක දෙනකම්ම හිටියේ
සියවෙනි උපසිරසියට සුබ පැතුම් !! තව තවත්
උපසිරැසි කිරීමට හැකියාව ලැබේවා
!!!!!! ජයවේවා