අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dhootha [S01 : E02] Sinhala Subtitles | සොයා යන, සොයා එන සත්‍යය. (18+)[සිංහල උපසිරසි]

Rating: 5.0/10. From 1 vote.
Please wait...
Dhootha (2023) [Season 01] Sinhala Subtitles
Dhootha [S01 : E02] Sinhala Subtitles

රිය අනතුරේ සැලැස්ම එයාගේ සමකාලීනයා වුණ චාල්ස්ගෙ වැඩක් වෙන්න ඇති කියලා සාගර් සැක කරා. මොකද ප්‍රධාන කර්තෘ තනතුර ලැබෙන්න තිබුණේ චාල්ස්ට. සගර්, චාල්ස්ගේ මානසික තත්වය ගැන නොයෙක් දේවල් කියලා ඒ තනතුර එයාටම ලැබෙන්න මග පාදා ගත්තා. කොහොම වුණත් මේක සාගර්ගේ යාළුවා වගේම පෞද්ගලික සහයිකාව වුණ අමෘතා විශ්වාස කළේ නැහැ. සාගර් චාල්ස් දෙන්නා කාලයක ඉඳන් හඳුනන යාළුවෝ දෙන්නෙක් නිසා, ගිහින් චාල්ස්ව හම්බවෙලා කතා කරන්න කියලා අමෘතා කියනවා.

අමෘතා කිව්ව හින්දා සාගර් චාල්ස් එක්ක කතා කරන්න එයාව හම්බවෙන්න එයාගේ ගෙදරට පිටත් වුණා. සාගර් චාල්ස්ගෙ ගෙදර ඇතුලට යද්දි ගෙදර පත්තර කොළ වලින් පිරිලා තිබුණා. පහුගිය මාසයක කාලය ඉඳන් චාල්ස් උන්මත්තක විදියට හැසිරෙන්න අරගෙන තිබුණා. චාල්ස්ට දිගින් දිගටම කතා කළත් ප්‍රතිචාරයක් දුන්නෙ නැහැ. සාගර් චාල්ස්ගෙ කාමරය දිහාවට ගියා. චාල්ස්ගේ කාමරම පත්තර කොළ කැබලි වලින් පිරිලා තිබුණා. කාමරය මැද චාල්ස් තුවක්කුවක් අතේ තියාගෙන හිටගෙන හිටියා. චාල්ස් ඒ වෙනකොටත් සාගර්ට වුණ අනතුර ගැන හැමදෙයක්ම දැනගෙන හිටියා.

Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles

ඒ වගේම පත්තර කොළ කැබැල්ලක් පෙන්වමින් “අනතුරට කලින් මේ වගේ පත්තර කෑල්ලක් ලැබුණද? ඒකේ බල්ලා මැරෙනවා කියලා ලියවිලා තිබුණද” කියලා අහනවා. සාගර් තුෂ්ණිම්භූත වෙලා ගියා. “ඊලඟට උඹ සාගර්! උඹට කෙලවිලා තියෙන්නෙ. දැන් ඉඳන් ඒක උඹව හොල්මන් කරන්න ගනීවි. උඹේ පවුලේ එකා එකා ගානේ මැරෙන්න ගනීවි. ඒකෙන් බේරෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි” කියලා චාල්ස් කටට තුවක්කුව තියලා වෙඩි තියාගෙන මැරුණා. වෙඩිල්ල කොයිතරම් සැරට පත්තු වුණාද කියනවා නම් ඊට ඈතින් හිටිය සාගර්ගේ ඇඟෙත් ලේ පැල්ලම් වැදුණා.

සාගර් චාල්ස්ගෙ අතේ තිබුණ පත්තර කොළ කෑල්ල අරගෙන බැලුවා. ඒකේ තිබුණේ චාල්ස් සියදිවි නසාගන්න විදියත්, ඒ දිහා සාගර් බලාගෙන ඉන්න විදියත් දැක්වෙන කාටූන් එකක්. චාල්ස්ගේ මරණය ගැන පරීක්ෂණය නියෝජ්‍ය පොලිස් කොමසාරීස් ක්‍රාන්තිට බාර දෙනවා. ක්‍රාන්ති විමර්ශනය කිරීම් පටන් ගත්තා. චාල්ස්ගේ මරණය සිද්ද වෙන වෙලාවෙදි එතන ඉඳන් කවුරු හරි බලාගෙන හිටියා කියලා ක්‍රාන්ති හොයාගන්නවා. චාල්ස්ගේ ෆෝන් එකේ කෝල් චෙක් කරලා බලද්දි චාල්ස්ට සාගර්ගෙන් මිස්ඩ් කෝල් 8ක් තියෙනවා දකිනවා.

චාල්ස්ගෙ අතේ තිබුණේ රට ඇතුලෙදිම නිෂ්පාදනය කරපු තුවක්කුවක්. මේ තුවක්කුව එයාට ලැබුණෙ කොහොමද කියලා සෝදිසි කරන්න ගන්නවා. මේ විමර්ශනය එක පැත්තකින් තුවක්කු වෙළෙන්දා දිහාවට හැරෙද්දි තවත් අතකින් සාගර් දිහාවට හැරෙනවා. සාගර්ට තමන්ගේ පවුල මරන්න සැලසුම් කරන්නෙ කවුද කියලා හොයාගන්න උවමනා වෙලා තිබුණා. ඒත් ඇත්තටම ටිපර් එකේ කණ්ණාඩියට පත්තරයක් වැටුණු නිසා පේන්නෙ නැතිව තමයි සාගර්ගෙ කාර් එකේ හප්පලා තිබුනේ.

ඒත් ඒක විශ්වාස කරන්න කැමති නැති වුණු සගර් SI අජේ ඝෝෂ්ට රු. ලක්ෂයක මුදලක් පගාව දීලා ටිපර් එකේ ඩ්‍රයිවර් කෝටිගෙන් ගහලා හරි, වෙනත් මොන විදියකින් හරි ඇත්ත දැනගන්න කියනවා. ඒ අනුව ඝෝෂ්, කෝටිට දරුණු විදියට වධ දෙන්න පටන් ගන්නවා. කෝටිගෙන් ඇත්ත දැනගන්න පුළුවන් වේවිද? චාල්ස් ‘ඒක‘ කියලා කිව්වෙ මොකක් ගැනද? සාගර්ටත් චාල්ස්ගේ ඉරණමම අත් වේවිද?

Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.

බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා.

ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.

සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.

චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles Dhootha [S01 : E02] Sinhala Subtitles

මේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

4 thoughts on “Dhootha [S01 : E02] Sinhala Subtitles | සොයා යන, සොයා එන සත්‍යය. (18+)[සිංහල උපසිරසි]

  • sub ekata thanks malli

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *