අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dhootha [S01 : E03] Sinhala Subtitles | දේශපාලනය සහ මාධ්‍යවේදය නම් අඹු සැමියන්. (18+)[සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Dhootha (2023) [Season 01] Sinhala Subtitles
Dhootha [S01 : E03] Sinhala Subtitles

SI අජේ ඝෝෂ් ටිපර් ඩ්‍රයිවර් කෝටිට වධ දෙන්න ගත්තා. කොච්චර වධ දුන්නත් ටිපර් එකේ වීදුරුව උඩට කොහෙන්දෝ ආව පත්තරයක් වැටුණු නිසා පාර පේන්නෙ නැතිව වාහනය පාලනය කරගන්න බැරි වෙලා සාගර්ගේ කාර් එකේ හැප්පුවා කියලා කිව්වා ඇරෙන්න වෙන කිසිම දෙයක් කිව්වෙ නැහැ. මේ අතරෙදි ක්‍රාන්ති මිය ගිය චාල්ස්ගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වෙනවා. ටික වෙලාවකට පස්සෙ එතනට සාගර් එනවා. සාගර් පල්ලියට ඇතුල් වෙද්දි එදා චාල්ස්ගේ ගෙදර ගාවදි දැකපු බයික් කාරයා ඇඳගෙන හිටිය ජැකට් එක එලියෙන් තියෙනවා දකිනවා.

සාගර් එදා චාල්ස්ගේ ගෙදර හිටියා කියන්න තියෙන එකම සාක්ෂිය මේ බයික් කාරයා. සාගර් යාඥාවට සහභාගී වෙමින් ඉන්න අතරේ ඒ බයික් කාරයා සාගර්ටත් නොදැනීම මාරු වෙලා යනවා. සාගර් ඒ වෙද්දිත් පරක්කුයි. චාල්ස්ගේ මරණය ගැන සෝදිසි කරන්න ක්‍රාන්ති සාගර්ගේ ගෙදරට එනවා. සාගර් චල්ස්ට කෝල් ගත්තත් හම්බවෙන්න ගියේ නැහැ කියලත් ඊයේ දවසෙම ඔෆිස් එකේ හිටියා කියලත් කියනවා. සාක්ෂි උවමනා නම් අමෘතාගෙන් අහන්න පුළුවන් කියලත් කියනවා. ක්‍රාන්ති අහන දේවල් වලට උත්තර දුන්නත් ක්‍රාන්ති, සාගර්ගේ තැතිගැන්මක් දැක්කා.

ඒත් ක්‍රාන්ති, ඊයේ රෑ සාගර් කාර්‍යාලයේ හිටියා කියලා විශ්වාස කරන්නෙ නැහැ. සාගර්ගෙ ගෙදරින් පිට වුණ ක්‍රාන්ති, සාගර්ගේ ෆෝන් එකෙන් අමෘතාට කෝල් එකක් යනවද කියලා හොයලා බලනවා. හරියටම ක්‍රාන්ති සාගර්ගේ ගෙදරින් පිටවෙලා ටික මොහොතකින් සාගර් අමෘතාට කෝල් එකක් අරගෙන තිබුණා. ගුටි පහරවල් වලට මොර හඬ දෙමින් හිටිය කෝටිගේ කටට ඝෝෂ් පත්තර කොළ ඔබනවා. දඟල දඟලා හිටිය කෝටි එක් වරම නිහඬ වුණා. ඝෝෂ් මොකද කියලා බලද්දි කෝටි හුස්ම ගත්තෙ නැහැ. කෝටි මැරිලා. බයෙන් භීරාන්ත වුණ ඝෝෂ් කෝල් එකක් අරගෙන සාගර්ට කෝටි මැරුණ බව කියනවා.

Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles

සාගර්ට කෝටිගේ මරණය එක්ක කිසිම සම්බන්ධයක් නැති බවත්, එයාටම මොකක් හරි කරලා කෝටිගේ මරණය වහගන්න කියලා කියනවා. සාගර් මේ ප්‍රශ්නය මඟහැරලා යන්න හැදුවත් මහ රෑ සාගර්ට ඝෝෂ්ගෙන් කෝල් එකක් එනවා. සාගර්ගෙ ෆාර්ම් හවුස් එකේ ජෙනරේටර් කාමරයට කෝටිගෙ මිනිය ගෙනත් දැම්ම බවත් ඉතිරිය සාගර්ටම බලාගන්න කියලා ඝෝෂ් කියනවා. සාගර් හනි හනිකම ගෙදරින් පිටත් වෙලා ෆාර්ම් හවුස් එකට යනවා. ජෙනරේටර් කාමරයට ගිහින් බලද්දි බිත්ති පුරාම ලේ පැල්ලම් තිබුණා. බැලින්නම් කෝටි මැරිලා තිබුණේ නැහැ.

ගොඩක් අමාරුවෙන් පණ අදිමින් ජෙනරේටර් කාමරයේ එහාට මෙහාට ඇද යමින් හිටියා. ඒත් අවාසනාවන්ත විදියට සාගර්ගේ ඇස් ඉස්සරහම කෝටි පය පැටලී හිටවා තිබුණ මන්නයක් උඩට ඇදගෙන වැටිලා එතනදිම මැරෙනවා. මන්නය පිට පැත්තෙන් පසාරු අරගෙන බඩ පැත්තෙන් මතු වුණා. මන්නයේ උඩ කෙළවරේ පත්තර කොල කැබැල්ලක් රැඳිලා තිබුණා.

ඒ කොල කැබැල්ලේ “සමාචාර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ සාගර් වර්මා අවුදුරිගේ ෆාර්ම් හවුස් එකේදී මියගිය ලොරි රථ රියැදුරු…” විදියට ලියවිලා තිබුණා. සාගර් කෝටිගේ සිරුර ඒ ළඟම තිබුණ පාළු වත්තේ වළ දමනවා. පාවිච්චි කරපු ආයුධත් හෝදලා, ජෙනරේටර් කාමරයත් හොඳට සුද්ද කරනවා. බිත්තිවල තිබුණු ලේ පැල්ලම් වහලා දාන්න හුණු ගානවා.

ක්‍රාන්ති තුවක්කු වෙළෙන්දා ගැන දිගටම සෝදිසි කරගෙන යනවා. වෙළෙන්දන් මේ තුවක්කු උත්තර් ප්‍රශේෂ්, බිහාර් වලින් ගෙන්වා ගන්නෙ ටිපර් ඩ්‍රයිවර්ලා හරහා. කොහොම හරි මේ සෝදිසිය අහම්බෙන් කෝටි දිහාවට හැරෙනවා. කෝටිගේ ගෙදරට ගිහින් සෝදිසි කරද්දි, කෝටි එයාගේ බිරිඳට ඇප අරගෙන පොලිසියෙන් එලියට ආවා කිව්වට තවම ගෙදර ආවේ නැහැ කියලා කියනවා. කෝටිගෙ නමින් පොලිසියේ වාර්තා බලද්දි අහම්බෙන් වගේ කෝටි සාගර්ගේ කාර් එකේ හප්පලා කියලා දැනගන්න ලැබෙනවා.

ක්‍රාන්ති කෝටිට මොකද වුණේ කියලා බලන්න පැමිණිල්ල ලැබිලා තිබුණ මන්කාපුරම් පොලිස් ස්ථානයට යනවා. ක්‍රාන්ති, SI අජේ ඝෝෂ්ගෙන් කෝටි ගැන ප්‍රශ්න කරන්න ගත්තා. කෝටිගේ, චාල්ස්ගේ මරණ වල අපරාධකාරයා විදියට සාගර්ව කොටු වේවිද? තවත් ඉදිරියට සාගර්ව හොයාගෙන එන අවාසනාවන්ත සිද්ධි මොනවාද?

Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිාලා, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.
බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24ManamYavarum NalamIshqGang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා. ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා.

මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.

සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.

චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles Dhootha [S01 : E03] Sinhala Subtitles

මේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

4 thoughts on “Dhootha [S01 : E03] Sinhala Subtitles | දේශපාලනය සහ මාධ්‍යවේදය නම් අඹු සැමියන්. (18+)[සිංහල උපසිරසි]

  • … මේ සීරිස් එකට සබ් දෙනවට බොහෝම ස්තූතියි සහෝ …

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *