අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයපවුලේ සැමටබලන්නමලයාලම්සිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්

Drishyam 2 (2021) Sinhala Subtitles | මළගිය ඇත්තෝ හඹා එති…! [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 112 votes.
Please wait...

මට ඔයාලට පොඩි කතාවක් කියන්න තියෙනවා. පොඩියි කිව්වට මේක සිනමා ඉතිහාසය හොල්ලපු චිත්‍රපටයක් ගැන කතාවක්. ඉතිං, අපි යමු අවුරුදු 7ක් ආපස්සට. හරියටම කියනවා නම්, අවුරුදු 7යි මාස 2ක් අතීතයට යමු. හරියටම වර්ෂ 2013ක් වෙච්ච දෙසැම්බර් මාසෙ 19 වෙනිදා. ලෝකයේ ලොකුම රටක, පුංචිම පුංචි සිනමා කර්මාන්තයකින්, බොහොම පොඩි සිනමා නිර්මාණයක් එදා දවසේ එළි දැක්වුණා. හැබැයි, එදා ඒ විදියට නිකුත් වෙච්ච ඒ සිනමා නිර්මානය නිසා සමස්ත සිනමා කර්මාන්තයක් උඩු යටිකුරු වේවි කියලා කවුරුවත් නිකමටවත් හිතුවෙ නැතුව ඇති. මේ තමයි ඒ කතන්දරය!

ඉන්දියාව කියන රටේ, මලයාලම් කියන පුංචිම පුංචි සිනමා කර්මාන්තයෙන්, ද්‍රිෂ්‍යම් (2013) කියලා බොහොම පොඩි සිනමා නිර්මාණයක් එළි දැක්වුනා.
ප්‍රධාන රංගන දායකත්වය ලබාදුන්නෙ, එදාමෙදා තුර මලයාලම් සිනමාවෙන් බිහිවූ ජනප්‍රියතම සහ අද්විතීයම රංගන තාරකාව, මෝහන් ලාල්!
Memories (2013) ගහලා පිකප් එකේ හිටපු Jeethu Joseph මහත්මයව රියල් පොරක් කරපු සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
ඉන්දියානු රුපියල් කෝටි 5කට අඩු බජට් එකකින් හදලා, ඉන්දියානු රුපියල් කෝටි 75 ඉක්මවපු ආදායමක් හොයපු සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
මලයාලම් සිනමාවෙන් ඉන්දියානු රුපියල් කෝටි 50 ඉක්මවූ ආදායම් වාර්තාවක් තියපු පලවෙනි සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
Ravichandran ගේ රංගන දායකත්වයෙන් කන්නාඩ භාෂාවෙන් 2014 වර්ෂයේදී Drishya යන නමින්ද,
එම වර්ෂයේදීම Venkatesh ගේ රංගන දායකත්වයෙන් තෙලිඟු භාෂාවෙන් Drushyam යන නමින්ද,
Kamal Haasan ගේ රංගන දායකත්වයෙන් 2015 වර්ෂයේදී දමිළ භාෂාවෙන් Papanasam යන නමින්ද,
එම වර්ෂයේදීම Ajay Devgn ගේ රංගන දායකත්වයෙන් හින්දි භාෂාවෙන් Drishyam යන නමින්ද,
ජැක්සන් ඇන්තනී මහත්මාගේ රංගන දායකත්වයෙන් සිංහල භාෂාවෙන් ධර්මයුද්ධය යන නමින්ද,
එතකින් නොනැවතී, ඉන්දීය සිනමා ඉතිහාසය තුල ප්‍රථම වතාවට ඉන්දීය සිනමා නිර්මාණයක් චීන භාෂාවට ප්‍රති නිර්මාණය වෙමින්,
2019 වර්ෂයේදී චීන භාෂාවෙන් Sheep Without a Shepherd යන නමින්ද ප්‍රති නිර්මාණය වූ සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
Top Rated Indian Movies ලැයිස්තුවේ 33 වෙනි ස්ථානය වගේම,
Top Rated Malayalam Movies ලැයිස්තුවෙත් 17 වෙනි ස්ථානය තමන් සන්තක කරගෙන,
30, 000+ මනාප සංඛ්‍යාවකින් 8.3ක Imdb අගයක් සහිතව විරාජමානව වැජඹෙන සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
ඒ වගේම, පුරා මාස 5කට ආසන්න කාලයක් මුළුල්ලේ ලොව වටා සිනමා ශාලා තුල තිරගත වෙමින්,
වර්තමාන මලයාලම් සිනමාවේ නැගී සිටීම කෙරෙහි සෘජුවම බලපෑ දැවැන්තම සාධකයක් තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.

පුංචි ගමක, තමන්ගෙ බිරිඳ සහ දූවරුන් දෙදෙනා සමගින් කේබල් ටීවී බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත් වෙච්ච ජෝර්ජ් කුට්ටිගෙ ජීවිතයට,
නොසිතූ මොහොතක චණ්ඩ කුණාටුවක් කඩා වදිනවා!
යළි කිසි ලෙසකින් හෝ ප්‍රති නිර්මාණය කල නොහැකි අයුරින් විනාශ වීමට යන සිය ආදරණීය පවුල වෙනුවෙන්,
කාලයක් තිස්සෙ උන්මාදයකින් මෙන් ඔහු නරඹන ලද සුවහසක් සිනමා නිර්මාණයන්හි අඩංගු අනේක විධි උපක්‍රමයන් භාවිතයෙන්,
දැවැන්ත බලවේගයකට එරෙහිව සටන් වදින මේ සාමාන්‍ය මිනිසා අවසානයේ සිය පවුල සුරක්ෂිත කරගනු ලබනවා!
එනමුත්, එම සුරක්ෂිත බාවය කෙතරක් කලකට වලංගු වේවිද?
චිත්‍රපටය අවසානයේ අප සියල්ලන්ගේම සිතෙහි ඇතිවූ ප්‍රශ්නාර්ථය එයයි!
වසර හතයි මාස දෙකකට පසුව අද තමයි ඔබෙත්, මගෙත් ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු ලැබෙන දිනය!

ඒ ගමමයි… ඒ ජෝර්ජ් කුට්ටිමයි… ඒ පවුලමයි…
හැබැයි, අළුත් පොලිස් ප්‍රධානියෙක්!
ඇට නැති දිවට බ්‍රේක් නෑ කියලා කතාවක් තියෙනවනෙ!
බෝම්බෙ පත්තු වෙනවා!
මලගිය ඇත්තො හඹාගෙන එන්න පටන් ගන්නවා!
අළුත් පොලිස් ප්‍රධානියා දුම්මල වරම අතට ගන්නවා!
කලින් වතාවෙ වගේම ජෝර්ජ් කුට්ටිට මේ වතාවෙත් තමන්ගෙ පවුල රැකගන්න පුළුවන් වේවිද?
එහෙමත් නැත්නම්…?

පොඩි අවවාදයක් දෙන්නම්. පලවෙනි චිත්‍රපටය හෝ, ඉහත කියපු ප්‍රති නිර්මාණ හයෙන් එකක් හෝ නොබලපු කෙනෙක් නම් වහාම මුල් චිත්‍රපටිය නරඹලා ඉන්න. එහෙම නැත්නම්, විඳින්න තියෙන සිනමා නිර්මාණයක්, විඳව විඳවා තමයි බලන්න වෙන්නෙ. (මං දැක්කා ලංකාවෙ සමහර යූටියුබ් සිනමා ඔස්තාර්ලා වගයක් රිවීව් කරලා තියෙනවා පලවෙනි ෆිල්ම් එක බලන්න ඕනෙ නෑ, මේක බලන්න පුළුවන් කියලා. උන්ට බම්බු ගහගන්න කියන්න. එකම කතා බීජය පදනම් වෙච්ච ෆිල්ම් දෙකක, දෙවනි ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්, පලවෙනි ෆිල්ම් එක නොබලා දෙවනි ෆිල්ම් එක බලලා තේරුම් ගන්න පුළුවන් කියලා කියන්න උන්දැලට අහවල් ඥානය පහලවෙලාද දන්නෑ)

ද්‍රිෂ්‍යම් කියන්නෙ ඉන්දියාවම හොල්ලපු නමක්!
මලයාලම කියන්නෙ මොකක්ද කියලා ලෝකෙටම කෑගහලා පෙන්නපු භාණ්ඩයක්!
මෝහන් ලාල් කියන්නෙ මලයාලමේ ටොප් බ්‍රෑන්ඩ් එකක්!
Jeethu Joseph කියන්නෙ වැටෙන සුනංගුවට නැගිටින එළකිරි ඩයල් එකක්!
මේ ඔක්කොමම් කලවම් වෙච්ච ද්‍රිෂ්‍යම් දෙවනි කොටස කියන්නෙ…
දෙවනි චිත්‍රපටියෙන් පලවෙනි චිත්‍රපටයෙ නම්බුවත් එක්කම ඉවර කරාවි කියලා හිතපු ෆෑන්ස්ලට කැරකිලා වැටෙන්නම හොඳවයින් කනේ පාරක් ගහපු…
රිලීස් වෙලා පැය කිහිපයක් යද්දිම,
Top Rated Malayalam Movies සහ Top Rated Indian Movies ලිස්ට් වලට පැනගන්න පුළුවන් වෙච්ච…
සරල…
ඒ වගේම සංකීර්ණ…
පලවෙනි හාෆ් එකේදි හරිම ආදරයෙන් හිමීට ඔළුව අතගගා ඉඳලා…
දෙවනි හාෆ් එක පටන්ගන්නවත් එක්කම හුස්ම ගන්නවත් ඉඩක් නොදී,
එක පිට එක යඳඩු මුෂ්ටි ප්‍රහාරයන්ගෙන් මුසපත් වන තෙක්ම පහරදෙන…
සිනමා රසිකයෙක් විදියට එදාමෙදා තුර මං දැකපු හොඳම සීක්වල් එකක්!

කමෙන්ට් වලින් දැක්ක කාරණා කීපයකට මේ වෙලාවෙ පිළිතුරක් දෙන්නම්. චෝදනාවක් තිබ්බා බයිස්කෝප් එකෙන් අළුත් ෆිල්ම් වලට දැන් සබ් දෙන්නෙ නැහැ කියලා. කොරෝනා වසංගතයත් එක්ක නිකුත් වෙන්න තිබ්බ බහුතරයක් චිත්‍රපට කල් ගියා. එහෙමත් එකක් තමයි OTT ෆ්ලැට්ෆෝම් හරහා නිකුත් වුණේ. ඔය අතරවාරයේ ගුණාත්මකභාවයෙන් ඉතාමත් අඩු මට්ටමේ චිත්‍රපට බොහෝමයක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත්තා. මේවයින් බොහොමයක් ඉන්දියන් ඒවා. කියන්න කණගාටුයි, මේ සමහර ඒවා චිත්‍රපටයක් කියලා නම් කරන්නවත් සුදුසුකම් නැති ඒවා විදියටයි මං නම් දැක්කෙ. හරියට නිකං ගෙදර ඉන්න ගමන් ආතල් එකට ගහපු ෆිල්ම්ද කියලත් වෙලාවකට හිතුණා. ඉතිං, ලංකාවෙ අපේ සමහරක් අයියලා මොකද කලේ, හිටු කියලා අර ජරාවල් වලට සබ් හදලා සයිට් වල දාගන්න පටන්ගත්තා. එහෙම දාලා නිකං හිටියෙත් නැහැ, ඔන්න අපි තමයි මුලින්ම දුන්නෙ, අපි විතරයි මේවට සබ් දුන්නෙ කියලා පම්පෝරි ගහන්නත් ගත්තා. මේවා දැකලා සමහර අය කියන්න ගත්තා, ඇයි බයිස්කෝප්ලා අර ෆිල්ම් වලට සබ් දෙන්නෙ නැත්තෙ, බයිස්කෝප්ලා දැන් අළුත් ෆිල්ම් වලට සබ් දෙන්නෙ නැහැ කියලා. ඒත්, බුද්ධිමත් ප්‍රේක්ෂකයෙක් නම් ඔබට දැන් උනත් සයිට් එකේ චෙක් කරලා බලන්න පුළුවන්, මේ වසංගත කාල සීමාවෙදි නිකුත් වෙච්ච ගුණාත්මක චිත්‍රපට අතරින් සැලකියයුතු ප්‍රමාණයක අලුත් චිත්‍රපට වලට අපි උපසිරැසි ලබාදීලා තියෙන්නෙ. ඒ වගේම, අළුත් චිත්‍රපටි අඩු නිසා ඒ වෙනුවට පැරණි, මගහැරුණු චිත්‍රපට වලටත් උපසිරැසි දීලා ඇති ඒ වෙනුවෙනුත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා. චිත්‍රපටය අලුත් නම්, මොන ජරාවක් වුණත් කමක් නෑ දීලා දාලා සයිට් එක පුරවගන්න ඕනෙ කියන මතයේ නෙමෙයි පෞද්ගලිකව මම නම් ඉන්නෙ. ඇයි අපි කෙනෙක්ට රසවිඳින්න බැරි මට්ටමේ අඩු කොලිටියෙ සිනමා නිර්මාණ දෙන්නෙ? සයිට් එකේ ට්‍රැෆික් වැඩි කරගෙන ඇඩ් දාගන්නද? අපි හැම වෙලාවකම ගුණාත්මක සිනමා නිර්මාණයන් සඳහා ගුණාත්මක උපසිරැසි ලබාදීම පමණක්ම කල යුතුයි යන්න තමයි මගේ අදහස නම්.

අනිත් චෝදනාව තමයි බයිස්කෝප්ලා දැන් හැමෝටම පරක්කු වෙලා සබ් දෙන්නෙ කියන එක. ඒකට මං මෙහෙම උත්තරයක් දෙන්නම්. සබ් එකක ලයින් 1000ක් පරිවර්තනය කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා ඇහුවොත් ගොඩක් දෙනා කියාවි දන්නෙ නැහැ කියලා. ඒ නිසා මං මෙහෙම කියන්නම්. එකේ ඉඳලා දාහට ගණන් කරන්න කොච්චර වෙලාවක් යනවද? අන්න ඊට සාපේක්ෂව හිතන්නෙකො චිත්‍රපටයක් බලන ගමන් දෙබස් 1000-2000 ක් පරිවර්තනය කරලා ටයිප් කරන්න කොච්චර වෙලාවක් යාවිද කියලා. එහෙම හිතුවා නම් ඔය පරක්කුයි කියන අය කවුරුවත් පරක්කුයි කියන එකක් නැහැ. එතකොට තව කෙනෙක් කියාවි, එහෙනම් ඔය අනිත් අය අච්චර ඉක්මණට දෙන්නෙ මොකද උන් අමුතු උන්ද කියලා. ඔව්, උන් අමුතු උන් තමයි. අපි තමයි සබ් එක මුලින්ම දුන්නෙ කියලා පට්ටම් ගහගන්න ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් එකක් උඩින් උඩින් හදලා දෙන එකත්, දහයක් විතර එකතු වෙලා එක සබ් එක බෙදාගෙන කරලා, දෙන්නම් වාලේ සබ් දෙන එකත්, මේවා අමුතු එකෙක්ට ඇරෙන්න වෙන එකෙක්ට කරන්න බැහැ නේන්නම්. කාලයක් තිබ්බා, ලංකාවටම උපසිරැසි ලබාදෙන ප්‍රධාන මට්ටමේ වෙබ් අඩවි දෙකයි තිබුණෙ. චිත්‍රපටයක හොඳ පිටපතක් නිකුත්වෙලා දවස් 4-5ක් යනකොට ඒ වෙබ් අඩවි වලින් උපසිරැසි ලබාදුන්නා. ඒකටත් එක්ක වර්තමානය වෙද්දි රෑ 12ට විතර හොඳ පිටපතක් නිකුත්වෙන චිත්‍රපටයට පාන්දර 2 වෙනකොට සබ් එක දෙන්න පුළුවන් ජාතියෙ සුපිරි සබ් මැෂින් ටිකක් බිහිවෙලා ඉන්නවා. [ලොකු මහන්සියක් දරලා හෝල් කොපියට සබ් එක හදලා, හොඳ පිටපතක් ආ සැණින් අප්ඩේට් කරලා දෙන උපසිරැසිකරුවන් ගැන නෙමෙයි මං මේ කියන්නෙ] පැය 2-3ට ලයින් 1500-2000ක් පරිවර්තනය කරලා ටයිප් කරන්නත් පුළුවන්නම් ඒ කෙනා කොහොමටවත් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න නම් බැහැ. හැබැයි, අදාල පුද්ගලයො දන්නවා තමන් මේ කරන්නෙ වැරැද්දක් කියලා. මේවා මහ බාල වැඩ විදියටයි මං නම් දකින්නෙ. මේ අඳ-බාල වැඩ වලින් කිසිම විදියකින් ගුණාත්මක උපසිරැසියක් නම් බිහිවෙන්නෙ නැහැ. මේ නිසා තමයි සමහරු සිංහල සබ් කිව්වම “අපෝ! මොන ජරාවක්ද!” කියන මට්ටමට මේ කලාව වැටිලා තියෙන්නෙ. හැබැයි, ගුණාත්මකභාවය ගැන හැමදාමත් ඉහලින්ම හිතන අපි ඉස්සර වගේම කාලය අරගෙන, වඩාත් හොඳ උපසිරැසියක් අරගෙන එන්නයි මහන්සි වෙන්නෙ. හැමදාමත් අපිත් එක්ක ඉන්න බුද්ධිමත් ප්‍රේක්ෂකයා දන්නවා අරහෙන් මෙහෙන් දෙන සිප්පි කටු කෑලි වගේ නෙමෙයි අපි දෙන ඒවා කියලා. ඉතිං, මන්ද පමා කියලා අහන අයට කියන්න තියෙන්නෙ, පමාවක් නැහැ, හොඳම දේ දෙන්නයි මේ උත්සාහය කියලා.

කිසිම කෙනෙක් එක්ක තරහක් වත්, තරඟයක් වත් නැහැ. කියන්න තියෙන්නෙ, කරන දේ කොලිටියට කරන්න. තරඟය තියෙන එක හොඳයි. ඕනෙම ක්ෂේත්‍රයක තරඟයක් තියෙනකොට තමයි ඒ ක්ෂේත්‍ර දියුණු වෙන්නෙ. හැබැයි, පලවෙනියා වෙන්න කියලා අදාල ක්ෂේත්‍රය විනාශ කරගෙන යනවානම් ඒ වගේ අයට වැඩි පැවැත්මක් නැහැ කියන එකයි මගේ නම් විශ්වාසය. මේ උපසිරැසි කලාව විනාස කරන්න එපා. අපේ වුනත් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ උපසිරැසි වල වුණත් වැරදි අඩුපාඩුවක් දකිනවානම්, නිවැරදි වියයුතු දෙයක් තියෙනවානම් [email protected] ලිපියනට පැහැදිලිව ඊමේල් පණිවිඩයක් එවන්න. ඒ පිලිබඳව හොයලා බලාලා, වැරද්දක්/අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්‍යයෙන්ම නිවැරදි කිරීමක් සිදුකරනවා. අපි කවුරුවත් 100% අංග සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනෙ. එහෙම නැතුව පොඩි දෙයක් අල්ලගෙන කීබෝඩ් වීරයො වෙන්න සමාජ ජාලා වල රැඟුවට නම් තමන්ට වෙන සෙතකුත් නැහැ, අනුන්ට වෙන සෙතකුත් නැහැ. අවුරුදු 12ක් පුරාවට මේ ගුණාත්මකබව රැකගෙන ආපු නිසයි බයිස්කෝප් කියන නාමය අදටත් ලංකාවෙ අංක එකේ විනෝදාත්මක වෙබ් අඩවිය විදියට ඔබතුමන්ලා කිරුළු පලන්දාගෙන ඉන්නෙ.

අවසාන වශයෙන්, අලුත් සීරීස් පටන්ගන්නෙ නැත්තෙ ඇයි කියලා අහලා තිබ්බා. සරලම සහ කෙටිතම පිලිතුර, සීරීස් රීනිව් වෙද්දි ඒවා ඇදගෙන යන්න අපහසු වීම. එහෙම වෙන්න ආසන්නම හේතුව, එපිසෝඩ් එකක් පොඩ්ඩ පරක්කු වෙනකොට අම්මා-තාත්තගෙන් පටන් අරගෙන හත්මුතු පරම්පරාවටම පිං දෙන දායක සභාවෙ කල් ක්‍රියාව තමයි. ඒ නිසා, මින් ඉදිරියට අලුතින් සීරීස් ලබාදෙන්නෙ විකාශය වෙලා අවසන් වූ ඒවා හෝ, මිනි සීරීස් පමණයි. ඒ තීරණයේ කිසි වෙනසක් වෙන්නෙ නැහැ. ඈවරයි! දෑවරයි! තුන් ඈවරයි!

ඔන්න එහෙනම් දැවෙන ප්‍රශ්න කීපයකට පිලිතුරු දුන්නා. චාන්ස් එක ලැබිච්ච වෙලාවෙ ඔක්කොම ටික කියලා දැම්මා. වෙබ් අඩවියේ වගකීමක් දරණ කෙනෙක් විදියට, වැරදි අදහසක් සමාජගත වෙමින් යනවා දැක්ක නිසයි ඒ වෙනුවෙන් පිලිතුරු දෙන්න හිතුවෙ. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම බුද්ධිමත් ඔබ සැමට බාරයි. එහෙනම්, ඔබ අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉදිරියට රකින බවට පොරොන්දු වෙමින්, ආරාධනා කරනවා ජෝර්ජ් කුට්ටියේ වික්‍රමාන්විත දෙවන චාරිකාව හා අත්වැල් බැඳගැනීමට එක්වන මෙන්!

ප. ලි : විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න තරිඳු රුක්ෂාන් සහෝදරයට. බාගයක් කරමුද කියලා අහපුගමන්, නෑ-බෑ කියන්නෙ නැතුව උදව්වට ආවට. පෙබරවාරි 18 වෙනිදා රෑ 10 පහුවෙලා ටොරන්ට් පිටපත් නිකුත් වෙච්ච, ලයින් 2800+ දැවැන්ත දෙබස් ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච චිත්‍රපටයකට, ඊට පහුවෙනිදා හවස 7 විතර වෙනකොට උපසිරැසි ලබාදෙන්න අපි දෙන්නා කාපු කට්ට දන්නෙ අපි දෙන්නම විතරයි 😛 (මේ උපසිරැසිය නිර්මාණය කරන්නෙ රාජකාරි වැඩත් කරන අතරතුර) . ඒ වගේම, විශේෂයෙන්ම මතක් කරනවා පලවෙනි චිත්‍රපටයට උපසිරැසි ලබාදුන්න චලිඳු දේශාන් සහෝදරයවත්.

 

Form is Temporary
Class is Permanent
BaiscopeLK Forever !!!

 

ලිපි සැකසුම : සිසිල ප්‍රසාද්

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය වෙබ් / එච්.ඩී. පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37978 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank [Sisila Prasad]

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank [Tharindu Rukshan]

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

120 thoughts on “Drishyam 2 (2021) Sinhala Subtitles | මළගිය ඇත්තෝ හඹා එති…! [සිංහල උපසිරසි]

  • Roshantha Silva

    Thanks sub ekata..

    Reply
  • D Galahad

    Baiscope සිංහලෙන් නම් baiscopelk.com හැර වෙන කවරක්ද…. ජයෙන් ජයම වේවා!

    Reply
  • Thanks brother jaya wewa,,,,be safe…

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • lokayata bambu gahaganta kiyala ubalage gamana ubala palayan broo

    Reply
  • sub wada nane…. Mokadda font eka. mata godak awasthawala eka wela thiyenawa. oyala font ekath danwanam wadagath…
    Sthuthiy hamadetama team ekata…
    jayen jayama wewa…

    Reply
  • මොහොට්ටි

    බාගත්තා, සබ් එකට ගොඩක් ස්තුතියි

    Reply
  • Harshana Atapattu

    Tnax for sub guys..keep it up

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අළුතින් ටීවී සීරියස් වලට දෙන එක නවත්තන්න එපා ප්ලීස්…
    ඔයාලගෙන් කෙනෙක් කතාවක් බාගෙට නවත්තලා ගියත්, තව කෙනෙක් ඇවිල්ලා ඒ කතාව බාරගෙන කරන්න තියෙන සම්භාවිතාව වැඩියි.
    ඒ නිසා සීසන් පරක්කු උනත් කමක් නෑ. දෙන්න බලන්න. ප්ලීස්.

    Reply
  • Malith Samarawickrama

    thanks bro sub ekata

    Reply
  • මචන් ඔයාලා මේ Copyright වලින් බේරෙන්න සිංහලෙන් නම දාන එකෙන් වැඩක් වෙන්නෙ නෑ මේක Google Add වෙලා තියෙනවනම්.

    Reply
  • Thanks …………..good luck ………….

    Reply
  • thanks machan sub ekata.

    eka deyak kiyanna thiyanawa. mokakda bn me kolama. film ekata link ekak na. namath sinhalen dammama api search karanne mokak gahalada. me film eka baiscopedownload ekewath hoyaganna ba.

    Reply
    • aththa machan. film eka hoyanna widihak na. sinhalen nama danna epa. dammath english walin name eka dala downloads eketh e naminma danna. mamath meka nokiya idie sub ekak karanna kattak kana nisa.

      Reply
  • උපසිරැසියට ග‌ෝඩක් ස්තුතියි. දිගටම කරග‌ෙ
    න යන්. ජයව‌ෙවා!!

    Reply
  • Sasitha Asaranga

    yts eken download kare webrip ekata match wenawa ne sub eka?
    thanks bro ikmanta dunnata sub eka.

    Reply
    • machn yts eke khmd search karanne ????nama mokak kiyalada machn

      Reply
  • film eka download kranna link ekak dannako?

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි.

    සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර රඟපාන Yamla Pagla Deewana: Phir Se – 2018

    විවේක් ඔබ් රෝයි රඟපාන PM Narendra Modi – 2019

    මිතුන් චක්‍රබෝති, නස් රුදින් ෂාහ් රඟපාන The Tashkent Files – 2019

    ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed of Roses – 2017

    යන හින්දි ෆිල්ම් ටිකට උපසිරැසි දෙන මෙන් හින්දි චිත්‍රපට සඳහා උපසිරැසි දෙන උපසිරැසි කරුවන්ගෙන්
    ඉල්ලීමක් කිරීමට කැමතියි.

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • channa madhushan

    jeethu josep kynne pissek echcharai kynna tynne

    Reply
  • mehema film loweth na.. pattama patta kiyanne aye kiyala wadak na. anivaryen balanna inna aya Drishyam 1 balala inna..

    Reply
  • මට සබ් තියන ෆ්‍රොන්ට් එක පෙන්නනෙ නෑ ඇයි ඒ

    Reply
  • Supirima Filumak. Thanks brothers la dennatama…

    Reply
  • thanks…baioscope is the best! oya kauruwath kiyana ewa ganan ganna epa. anunge sub copy karala site wala dana aya thamai nama ketha karanna hadanne.

    Reply
  • අජන්ත මුතුකුමාරණ

    ඔව් අපි දන්නව ඔයාල මේකට ගොඩක් මහන්සි වෙනව කියල.. ඒ උනාට ඔයා කියන කතාව වැරදියි.. ඔයාලගෙ සබ් පරක්කුයි කියල ඔයාලට සයිට් එකේ usersලා බනිනව ඇති ඒක ඇත්ත.. මමත් දැකල තියෙනවා.. ඉතින් ඒකට ඔයා කොහොමද අර අනිත් වෙබ් අඩවි වලට කෙලින්ම දෝෂාරෝපණය කරන්නෙ? ඒ කිසිම සයිට් එකක මම දැකල නෑ සබ් ගහන අය මේ විදියට ඔයාලගෙ සයිට් එකට දෝෂාරෝපණය කරනවා.. ඔයා කියන විදියට ලංකාවෙ තියෙන්න ඕනි එක සබ් සයිට් එකයිනෙ.. ඔයාට එහෙම ඒ සයිට් වලට බනින්න කිසිම අයිතියක් නෑ, ඔයා එයාලට කිරි සප්පයො කියනවනෙ, ඒ සබ් වල ගූගල් ට්‍රාන්ස්ලේට් තියෙනවලුනෙ, ඒ සයිට් අද ඊයෙ පටන්ගත්ත ඒවලුනෙ.. ඔයාට මතකද මේ සයිට් එක මුලින්ම පටන්ගත්ත කාලෙ සහ වර්තමානයේ මේ සයිට් එකට අලුතින් බැඳෙන අයගෙ උපසිරැසි චෙක් කරල බැලුවොත් ඒවගෙත් ගොඩක් ඒව හදල තියෙන්නෙ ගූගල් ට්‍රාන්ස්ලේට් කරල ගත්ත සබ් එක සංස්කරණය කරලා.. එදා ඉඳන්ම ෆිල්ම් බලන අපිට ඒක අඳුරගන්න ගොඩක් ලේසියි. ඔයාලගෙ අද ගොඩක් ජනප්‍රිය උපසිරැසිකරුවො පවා එහෙමයි.. මොකද මම මේ සයිට් එක හදපු කාලෙ ඉඳල මේකෙන් සබ් ගන්න නිසා මම ඒක හොඳටම දන්නවා, ආරම්භයේදි කවුරුත් එහෙමයි ටිකෙන් ටික තමයි එයාට දියුණු වෙන්න පුලුවන්. අලුතින් සයිට් නෙට් එකට ආව කියල, ඒවගෙන් ඔයාලට කලින් සබ් දුන්න කියලවත් එයාල නරක සබ් දුන්න කියලවත් ඔයා කියන විදියට ඔයාලා expertලා නම් මේ හැසිරීම අපි නම් අනුමත කරන්නෙ නෑ.. සමාජජාල වල පවා ඔයාලගෙ සයිට් එකට අද වෙනකොට ගොඩක් නරක ප්‍රතිචාර ලැබිල තියෙන්නෙ.. ඔයා වගේ අය මේ විදියට ෆිල්ම් එක ගැන විතරක් දාන්න තියෙන ලිපිය තමන්ගෙ වෛරය සන්සිඳවගන්න භාවිතා කරන නිසා.. (subscene, opensub, tamilmv වගේ සයිට් වලින් දෙන සබ් එකනෙ ගොඩක් වෙලාවට ඔයාලත් අරගෙන ට්‍රාන්ස්ලේට් කරන්නෙ, ඉතින් ඒ සයිට් වල මෙහෙම ප්‍රශ්නයක් නැත්තෙ, ඔයා අද මේ කරපු වැඩේ “ඔයාලගෙ අය හැමදාම කරන වැඩේ” ඒ සයිට් වල “ඔයාලට වඩා මහන්සි වෙලා” සබ් ගහන මිනිස්සු නොකරන නිසා කියල මතක තියාගන්න.. ඉතින් මමත් ගොඩක් ගෞරව කරනවා ඒ ගෞරවය නැති කරගන්න එපා.. ජයවේවා බයිස්කෝප්!

    Reply
    • සිසිල ප්‍රසාද්

      නියමයි. ලිපියෙ සඳහන් වෙලා තියෙන දේවල් හොඳටම අනිත් පැත්තට තේරුම් අරගෙන කියලා පේනවා. ඔබතුමාගෙ අදහස් සහ මානසික මට්ටම අනුව යමක් තේරුම් කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඉන්නෙ කියලා මට හිතෙන්නෙ. ඒ නිසා, මගේ කාලය ඒ වෙනුවෙන් වැයකරලා විස්තරාත්මක පිලිතුරක් ලබාදෙන එකෙන් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. මගේ අදහස් මම ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ ගැන හරියාකරව දන්න පිරිස මාත් එක්ක එකඟවේවි. එහෙම සැකයක් තියෙනවානම් පල්ලෙහාට ගිහිල්ලා කමෙන්ට් ටික කියවගෙන එන්න. කියලා තියෙන දේවල් ඔබතුමාට දිරවන්නෙ නැත්නම්, ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අය දෙන සබ් එකත් දාගෙන බැලුවා කියලා මගේ නම් කිසි තරහක් නැහැ. ජයවේවා!

      Reply
      • Anonymous

        අම්මෝ කස්ටිය ඔහොම මරාගන්න එපා දෙයියනේ….මට නම් පරන මගුල් නැතිව අලුත් ෆිල්ම් දෙනවනම් ඕන එකක්

        Reply
    • අදාල සයිට් එකක එකෙක් ඇවිල්ලා

      Reply
    • Buddhika Lakmal

      අනිත් රටවල්වල සබ් කරන එකාගෙ නම කපලා තමන් කරා වගේ ඩී වීඩී වලට රයිට් කරලා විකුණන්නේ නෑ බං.. ටිකක් කොටුවට ගිහිං බලපං නිරෝ සීඩී කෙවින් සීඩී ලා ඩීවීඩී ෆිල්ම්වලට සබ් ගන්නෙ කොහෙන්ද කියලා.. නම කපලා උන්ගෙ නම දාගෙන…

      Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • රොෂාන් ශමීර ජයසිංහ

    නියමයි…
    දෙන්නටම බොහොම ස්තූතියි..
    සිංහල උපසිරසි මහගෙදරට ජය වේවා…

    Reply
  • me airtel add eka ain karanna berida?.. mokawath karanna be e redda load wenawa.. anyway good luck..

    Reply
  • ඔයාලා එතකොට ඊලගට එන ෆ්ලෑශ් සුපර්ගර්ල් සීසන් වලට සබ් දෙන එක නවත්තනවද?

    Reply
  • ජබුලා

    උපසිරසට බොහොම ස්තූති.එනකම් බලන් හිටපු එකක්. පොඩි suggestion එකක් දෙන්න හිතුනා. මම දැක්කා ගොඩක් ෆිල්ම් වල name එක දාද්දි English වලින් දාන්නේ නැතිව සිංහලෙන් විතරක්ම දානවා.එහෙම තියෙද්දි google search හෝ baiscopelk search එකෙන් හෝ සර්ච් කරාට ෆිල්ම් එකේ සබ් එක ඩිස්ප්ල්යේ වෙන්නෙ නෑ.එහෙම එකක් දෙකක් සෙට් උන්හම මං ඔයාලගෙ සයිට් එක පුරා හොයලා බැලුවා.එහෙම ඒවා ගොඩක් තියනවා. කාලයක් ගිහින් ෆිල්ම් එකකට සබ් හොයද්දි හොයන කෙනාට හොයා ගන්න බැරි වෙනවා වගේම, ඔයාලා මහන්සියෙන් ගුණාතමකව කරන සබ් එක ඒ හෙතූව නිසාම reach නෝවි තියනවා.උදාහරණයක් විදිහට “ද්‍රිශයම්” කියලා විතරක් දාන්නේ නැතුව “ද්‍රිශ්‍යම්/drishyam” කියලා දාන්න.ඒක සොයන්නාට වග්ගෙම උපසිරසිකරුවාටත් හොද දෙයක් වෙයි

    Reply
    • සිසිල ප්‍රසාද්

      චිත්‍රපටයේ නම සිංහලෙන් දානකොට පස්සෙ කාලෙක සර්ච් කරලා හොයාගන්න අමාරුයි කියන කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත්, එහෙම සිංහලෙන් නම දාන්න හේතුව කොපිරයිට්. මේ වෙද්දි ගොඩක් ඉන්දියන් ෆිල්ම් වලට අපි මේ විදියට නම සිංහලෙන් දාලා පෝස්ට් හදලා තියෙනවා. ඒ වගේම, කොරියන් ඒවට. මේ කොපිරයිට් ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගිහිල්ලා තියෙනවද කියනවානම්, මේ ද්‍රිශ්‍යම් ෆිල්ම් එක රිලීස් කරන්නත් කලින් තමයි ඇමසන් ප්‍රයිම් ඉන්දියා එකෙන් අපිට වෝර්නින් මේල් එකක් එවලා තිබ්බේ. තේරෙන විදියට කියනවානම් “උඹලා අපේ ෆිල්ම් එක උඹලගෙ සයිට් එකේ දීලා එහෙම අහුවෙන්නෙපා” කියන වෝර්නින් එක තමයි අපිට දැන් එන්නෙ. ඉතිං, මේ තත්වය යම්තාක් දුරට අවම කරගන්න තමයි පෝස්ට් එක සිංහලෙන් හදන්නෙ. අපිත් කැමැත්තකින් කරන දෙයක් නෙමෙයි මේ වැඩේ. පස්සෙ කාලෙක සර්ච් කරන්න අමාරුයි කියලා නොදී ඉන්නවට වඩා, කොහොමහරි දීලා දානවා කියන එක හොඳයිනෙ.

      Reply
      • අපි ඔහේ download කරෆෙන බලනවා. උබලා කන කට්ට බං.thankz baiscope

        Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට… බයිස්කෝප් එකේ සබ් එක තමා හොදම… කොහොමත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් බලන්න ඔයාලගේ සබ් එක තමා සෙට් වෙන්නේ.. දෙන්නටම ජය වේවා…

    Reply
  • Muditha Dissanayaka

    අළුවී ගිය ප්‍රශ්න කීපයක් තිබුණා ඒවාට පිළිතුරු හම්බුනා සසිසිලය. කිසි අවුලක් නෑ හැමදාම අපි බයිස්කෝප් එක්ක ඉන්නවා දෙදහස් 13 ඉඳලා අද දක්වාම. පොඩ්ඩක් මේ සයිට් එකට ගොඩ වෙන කාලය අඩු වුණා. නමුත් හැමදාම මෙම site එක චෙක් කිරීමට අමතක කරන්නෙ නෑ. ජය වේවා

    Reply
  • niyamayi eka husmata baluva

    Reply
  • මේකේ 1 බලලා නෑ. Blu Ray එක ඩවුන්ලෝඩ් කරන් බලන්න ගියාට ඒකට සබ් එක සයින් කරගන්න හම්බුනේ නෑ. කෝම හරි ධර්ම යුද්ධය බැලුවා.. 1 කොටස බලන්නේ නැතුව මේක බලන්න පුලුවන් කියපු උන්ට සිරාවටම පිස්සු. 1 නොබලා මේක බලනවා කියන්නේ මැච් එකක හයිලයිට් විතරක් බලනවා වගේ..

    දෙන්නටම ඒනම් බෝම ස්තූතියි..

    අර චෝදනා වලට උත්තර දීලා තියෙන කොටසේ සමහර ඒවාට නන් එකඟ නෑ. තරඟය ප්‍රේක්ශකයෝ විදියට අපිට හොඳයි. අනික් සයිට් වලින් සබ් දුන්නට අපි බයිස්කෝප් එකේ සබ් එක එනකල් හිටියා.. හැබැයි දැන් බයිස්කෝප් එකේ සබ් සමහර ඒවා ගොඩක් පරක්කු ගතියක් තියෙනවා. සබ් දීලා වැඩක් නෑ කියන ෆිල්ම් එන බව ඇත්ත. හැබැයි හොඳ ෆිල්ම් වලත් බයිස්කෝප් එකේ සබ් ආවේ ගොඩක් පරක්කු වෙලා. සබ් දීපු කට්ටිය දැන් අඩු එක පිළිගන්නවා.

    Reply
    • සිසිල ප්‍රසාද්

      ලිපියෙ පැහැදිලිව සඳහන් කරලා තියෙන කාරණා කියවලා නැහැ. තරඟය වැඩක් නැහැ කියලා ලිපියෙ කොතනකවත්. තරඟයට දෙනවා වගේම, කොලිටි එක මේන්ටේන් කරන්න කියලයි තියෙන්නෙ.
      සමහර උපසිරැසි සමහර වෙලාවට ප්‍රමාද වෙන්න පුළුවන්. උපසිරැසිකරුවා කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. අනිත් මිනිස්සු වගේම අතපය හතර තියෙන මිනිස්සු. ගොඩක් දෙනෙක් අධ්‍යාපනය හදාරන හෝ රැකියා කරන අය. ඒ දේවල් අතරෙ ලැබෙන විවේකයෙන් තමයි මේ දේ කරන්නෙ. අපි ලබාදෙන උපසිරැසියෙන් මුදල් උපයන පිරිසක් හිටියට, උපසිරැසිකරුවන් විදියට අපි මේකෙන් ආදායමක් ලබන්නෙ නැහැ. ඒ නිසා, යම් යම් සාධරණ හේතු නිසා සමහර උපසිරැසි ප්‍රමාද වෙන්න පුලුවන්. [වෙන කෙනෙක්ට දීලා කරවන්න තිබ්බා නේද වගේ විහිළු අදහස් සමහර අයට හිතේවි. සුපර් හිට් ෆිල්ම් එකකට වගේ නම්, සබ් එක ප්‍රමාද වෙනවා නම් වෙන කෙනෙක්ට බාරදීලා කරවන්න පුළුවන්] මේක මං හොඳටම අත්දැකපු දෙයක්, නිකමට හරි දෙබස් 50-100ක් හරි පරිවර්තනය කරලා, ඒකෙ අමාරුව දන්න කෙනෙක් කවදාවත් අහන්නෙ නෑ ඇයි පරක්කු කියලා.
      සබ් දීපු අය අඩුයි තමයි. ඒකට හේතුව පොඩ්ඩ එහාමෙහා වෙනකොට රෙදි උස්සගෙන එන දායක සභාවෙ බැතිමත්තුම තමයි.

      Reply
  • Sohan Jayasooriya

    මං මුලින්ම බැලුවෙ 2015 ආපු ද්‍රිශ්යම් හින්දි එක.. 2013 ආපු ඔරිජිනල් මලයාලම් එක බලලා තිබ්බෙ නෑ.. හින්දි එකේ නලුවො ටික වෙනස් නිසා අද ඔන්න 2013 එකයි, මේකයි දෙකම බැලුවා.. අම්මෝ කියන්න වචන නෑ අයියේ සුපිරි ෆිල්ම් එක.. ඒ වගේම සුපිරියටම තිබ්බ සබ් එක..සිසිල අයියයි, තරිදු අයියයි සෙට් උනා කියන්නෙ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ සුපිරි.. ස්තූතියි දෙන්නටම සබ් එකට.. ලිපියෙ යටම තියන ටිකෙන් ඒ ප්‍රශ්න වලට උත්තර දීපු එකත් ගොඩක්ම වටිනව අයියෙ.. ජය වේවා

    Reply
    • මධුර

      ඉස්සෙල්ලා මොන සයිට් එකේ සබ් එක දාලා තිබ්බත් මෙකෙන් සබ් එක එනකන් ෆිල්ම එක නොබලන මන් වගේ තව උනුත් ඇති ආදරෙයි බයිස්කෝප් හැමෝටම ❤

      Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට
    පට්ට ෆිල්ම් එකක් වගේ
    බලමූ

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • කියන්න ඕනේ ටික සුපිරියටම කියලා තියනවා ජය වේවා

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි දෙපළටම.ජයවේවා!

    Reply
  • චාරුනි

    සුපිරි චිත්‍රපටවලට තරිදු අයියාගේ නම තියෙන්නම ඔනි ස්තූතියි හැමොටම තව දෙයක් කියන්නම් බයිස්කොප් වෙබ් එකෙන් චිත්‍රපටයක් සබ් කරලා පැන් එක ටි.වි එකට ගහලා කවදාවත් අම්මා තාත්තාගෙන් හෝ ෆිල්ම් එක බලන කාගෙන්වත් සබ් හොද නැ තෙරෙන්නේ නැ කියලා කතා අහලා නැ වසර ගණනාවක් තිස්සේ රුපවාහිනි නාලිකාවල වගෙම වගකිමෙන් සබ් එක ලබාදෙන එකම වෙබ් අඩවිය බයිස්කොප් විතරයි

    Reply
  • thanks sahoo ..dennatama

    Reply
  • වීරවවිජේ

    එලම එළ.. ගොඩක් ස්තූතියි සබට සහෝ..

    ඒක්යෑ කියන්නෙ දැං ඉතිං අපෙ උන්ටත් නිකං ඉන්න කියල යෑ 1 කොපි කරා නං 2 කොටසත් හදපංදො ඉතිම්….

    Reply
  • ගොඩක් හොඳ ච්ත්‍රපට්යක්.
    ඉක්මනින් උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතීයි.

    Reply
  • චමින්ද

    ස්තුතියි සහෝ සබට. කියපු කතා නම් එල.

    Reply
  • isuru srinath sjs

    මුලින්ම දෙන්නටම බොහොම ස්තුතියි කියන්න ඕන.. ඇත්තටම මේ උඩ ලිපිය මම දෙවනි සැරයටත් කියෙව්වා.. ඒ තරමට ඒ ලිපියේ තියෙන වචන මාරම ව්දියට හදවතට දැනෙනවා.. කියලා තියෙන හැම දෙයක්ම 100% ක් ඊටත් එහා ඇත්ත…
    අපි හැමදාමත් Baiscopelk එක්කමයි.. ඒකත් අර උඩ ලිපියෙ කියලා තියෙනව වගේ “ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි…!!”

    ආයෙත් බොහොම ස්තුතියි කියනවා සිංහල උපසිරැසියට.. ජය වේවා !!

    Reply
  • Anonymous

    meke torrant eka ganne nadda

    Reply
    • isuru srinath sjs

      baiscopedownloads එකේ තියෙනවා..

      Reply
  • sasanka sathyajith

    Thanks for The Sub

    Reply
  • හෙළිලි

    එකදිගට බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් බලන්න ලැබුනේ කාලෙකින්. එහෙම බලපු ගොඩක් ෆිල්ම් වල කැමතිම නළුවෙක් හෝ නිළියක් හිටියා. ඒත් මේක වෙනස්. මෝහන් ලාල්ගේ ෆෑන් කෙනෙකුත් නොවී මේක බැලුවේ එකදිගට බලන්න පුලුවන් ෆිල්මෙකක් බලන්න තිබුන පෙරේතකම නිසාමයි. ලිපියේ කියලා තියනවා වගේ රීමේක් එකක් හරි බලලා නැත්නම් මේක බලන්නෙපා කියන කතාවට මාත් එකඟයි. ජෝර්ජ් කුට්ටිගේ පවුලේ හිතවතෙක් වෙලා මේක බලන් ඉද්දි තමයි නියම අත්දැකීම ගන්න පුලුවන්. සිංහල උපසිරැසිය ගැන නම් ඉතින් කියන්න වචන නෑ. ඒ කැපකිරීමට ගෞරව කරනවා. මේ ෆිල්මෙක ආවා කිව්වම කී දෙනෙක් නම් උපසිරැසිය එනකල් බලන් ඉන්න ඇත්ද.. (මාත් ඒ ගොඩේ) ඉංග්‍රීසියෙන් ඕක බලලා දාන්න බැරිකමක් තිබුනේ නෑ. හැබැයි සිංහල උපසිරැසියෙන් බලන රහ දැනන් හිටපු නිසා ඉවසගෙන හිටියා. ඉතින් නැවත නැවතත් ස්තූතියි බයිස්කෝප් සිංහලෙන්!

    Reply
    • චමින්ද

      ස්තුතියි සහෝ. කියපු කතා නම් මසුරන්.

      Reply
  • මයුර

    සබ එකට තැන්ක්ස් වේවා දෙන්නටම. ලෙට්ස් රොක්!!!!!!!!

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සිසිල, තරිඳු සහෝලා දෙන්නටම
    මේකට ගැලපෙනම දෙන්නම වැඩේට බැහැලා කියලා දැනගත්තම මාර සතුටක් ආවේ.
    උඩ කියලා තියෙන දේවලුත් 100%ට 1000%ක්ම අනුමත කරනවා
    එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙනකන් දෙන්නටම ජය වේවා !!!

    Reply
  • නලින් පෙරේරා

    සුපිරි සිසිල, තරිදු සහෝදරයෝ දෙන්නටම. බඩු දැක්ක ගමන් බැවෙන්න දැම්මා… මෙච්චර ඉක්මනට සබ දෙයි කියලා මමත් හිතුවේ නැහැ…

    ලගදි ජාලයට ආපු කිරි සප්පයෝ ටිකක් තමයි ඔය ගුගල් වැඩේ කරගෙන සබ් කෙරුවාව ගූ කරගෙන යන්නේ. වැඩිය ඕනේ නැහැ අපි දාපු ආර්ට්වර්ක් පවා ඒ විදිහටම කොපි කරද්දී සබ් ගැන තව කවර කතාද? කවුරු කොහොම කරත් අපි කරගෙන ආපු දේවල් අපි වටේ මුල ඉදල හිටපු අය දන්නවා… ඒ අය අපෙන් ගැලවෙන්නේ නැහැ.

    දෙන්නටම ස්තුතියි. ජයවේව!

    Reply
    • isuru srinath sjs

      අනිවා.. ඒක නම් ඇත්ත..

      Reply
  • සබ් එකට ගොඩක් තෑන්ක්ස් සිසිල සහෝ…මෙච්චර ඉක්මනට මේකට සබ් එක දුන්නට ස්තූතියි.සයිට් එකේ ‘අඩුපාඩු’ කියල අපි දකින දේවල් ගැන කමෙන්ට් කරපු අයගෙන් කෙනෙක් මාත්.අවංකෙන්ම ඒක දැම්මෙ දන්න කියන යාළුවො සමහරු ඉස්සර බයිස්කෝප් එකත් එක්ක ඉඳල දැන් වෙන සයිට් වලින් සබ් බාගන්න පුරුදු වෙලා නිසා.බයිස්කෝප් එක්ක හිටපු රසිකයො හැමදාම ඒ විදියටම බයිස්කෝප් එක්ක ඉන්නවට කැමතියි.නමුත් අඩුපාඩු කියල කියපු දේවල් ප්‍රායෝගිකව කරද්දි මතුවෙන ගැටලු සහ යම්‍ යම් වෙනත් කාරණා ලිපියෙ විස්තරාත්මකව ඉදිරිපත් කරාට ගොඩක් ස්තූතියි.අපේ කමෙන්ට් වලින් යම් වැරදි දෙයක් කියවුණා නම් සමාවෙන්න කියල කියනව.මම දාපු කමෙන්ට් එකත් anonymous කියල මූණ වහගත්තු කවුරු හරි පහළින් නැවත පලකරල තියනව.අපේ බකපණ්ඩිතකම් මතක් කරන්න වෙන්න ඇති එහෙම කරේ.හැබැයි ඒ කෙනාටත් කියන්නෙ පණ්ඩිතකමට නෙමේ එහෙම කමෙන්ට් කරේ බයිස්කෝප් එකට තියන පක්ෂපාතිත්වය නිසයි කියල.සයිට් එකේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරන් යන්න සිසිල සහෝ ඇතුළු සමස්ත ඇඩ්මින් මණ්ඩලයටත් සියලුම උපසිරැසිකරුවන්ටත් අවශ්‍ය කාලය හා කැපවීම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ජයවේවා!!

    Reply
  • dilanka madushan

    Bohoma Isthuthi sub walata, digu gamanak eddi ninda prashansa hamdema enwa, wadipurama enne banum tamai, ewata salenna epa baiscope team eka.. api hamdama oba samagai…

    Reply
  • සිසිල සහ කරිදු දෙදෙනාටම අප සැමගේ උපහාරය. සබ් එකක් කරන එකේ අපහසුව හා කැපවීම ගැන අවබෝධයක් ලබදීම ගැන බොහොම හොදයි.

    Reply
  • ගොඩාක් ස්තූතියි බයිස්කෝප් එනකල් බලාගෙන හිටියේ …ආදරෙයි දෙන්නට ම

    Reply
  • Baiscop thama supiri kisima awlak ne sub wala

    Reply
  • baiscop no 1 in srilanka

    Reply
  • Pasindu Hashan

    Supiri Bro.Keep it up❤️

    Reply
  • thank you very much

    Reply
  • palitha de silva

    thankyou verymuch…

    Reply
  • රංගික සිනෙත් කාරියවසම්

    මග බලන් හිටපු ෆිලුමක්. මේකට මෙතරම් ඉක්මනට සබ දෙයි කියලා හිතුවෙ නෑ සහෝ.ජයම වෙිවා … මලයාලමට සබ් දෙනවානම් හැමදාම දුන්නේ අංක එකේ බයිස්කෝප් තමා ඉතිම්.ජයම වේවා සිසිල සහෝට සහ පෙරිය⁣ට. එලම වැඩක් හැමදාම මතක හිටින වැඩක්. ජය

    Reply
  • Anonymous

    එල … එල ….
    මලයාලම් මායාවට අහුවුනෙ මේ 2013 ෆිල්ම් එකෙන් ම යි…

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Anonymous

    ස්තුතියි සහෝ…මේ ටික කියන්නෙ සයිට් එකේ සබ් දෙන සියලු දෙනා ඇතුලු ඇඩ්මින් මණ්ඩලයට.සිංහල සබ් එක්ක ෆිල්ම් ටීවී සීරීස් බලන්න මම ඇතුළු හුඟක් දෙනා පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි සබ් කියවල තේරුම් ගන්න බැරි නිසා නෙමේ.අපේ භාෂාව එක්ක බලනව තරම් ඉංග්‍රීසි සබ් එක්ක බැලුවම කතාව සමීප වෙන්නෙ නැති නිසා.එතනදි සිංහල සබ් කිං විදියට ඉස්සර ඉඳන්ම අපේ හිත්වල වැජඹෙන සයිට් එක බයිස්කෝප් එක.විශේෂයෙන්ම game of thrones වගේ පට්ට කතා බලන්න ලාංකිකයන්ව පොළඹවල ශ්‍රී ලාංකීය රසාස්වාදය වෙනම මානයකට අරන් ගියෙ ඔයාල.නමුත් අද වෙද්දි බයිස්කෝප් එකට ඒ තිබ්බ තැන නැතිවෙන මට්ටමක් ඇවිත් තියනව.ඉස්සර ආපු පරක්කුවට ඕන ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් සයිට් එකේ පලවුණත් අද වෙද්දි එක්කෝ ඇවිත් මාසයක් විතර ගිහින් තමා සයිට් එකේ පලවෙන්නෙ නැත්තම් ඇතැම් ඒවට සබ් සයිට් එකේ ඇත්තෙම නෑ..ඒත් හුඟක් දෙනා එහෙම ඉන්නෙ නෑ.ගුණාත්මකභාවයෙ යම් අඩුපාඩු තිබ්බත් වටේ තියෙන සයිට් කලින් සබ් දෙනව කට්ටිය බොහෝදුරට ඒ සයිට් වලින් බාගන්නව ෂුවර්.ඒකත් එක්ක බයිස්කෝප් එකට තිබ්බ තැන නැතිවෙනව නිරායාසයෙන්.netflix,amazon prime,HBO වගේ ststreaming services වලින් මෑතකදී ආපු පට්ට ටීවී සීරීස් කීපයක්ම තියනව බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න.ඒත් අනිත් සයිට් වලින් සබ් දීල හුඟක් ඒවට.බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න අලුත් ෆිල්ම් එහෙමත් සෑහෙන්න තියනව.නමුත් ඇයි කියල හිතාගන්න බෑ පරණ ෆිල්ම් ලොට් එකක් ඇදගෙන සබ් දෙන්න පටන් අරන්.පරණ ෆිල්ම් වල රසිකයො අඩුයි.හුඟක් අය බලාපොරොත්තු වෙන්නෙ අලුතින් නිකුත් වෙන දේවල්.පරණ ඒවට සබ් එපා කියල නෙමේ කියන්නෙ.ඒත් අවශ්‍ය දේට දැන් ප්‍රමුඛත්වය ලැබෙනව අඩුයි.බයිස්කෝප් එක ගැන හිතේ තිබ්බ පක්ෂපාතිත්වය එහෙම්මයි.ඒ නිසාමයි මේ ටික කියන්නෙ.කරුණාකරල සයිට් එක ඉස්සර තිබ්බ වගේ කාර්‍යක්ෂම තත්වෙට අරන් එන්න කටයුතු කරන්න කියල ඉල්ලනව.අපි හැමදාමත් බයිස්කෝප් එක එක්ක…ජයවේවා!!!

    ~උපුටාගැනිමකි~

    Reply
  • Gihan perera

    පට්ට මචන් නියමයි….කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා…අන්න එහෙම තමයි ඉන්න ඕන..මේකේ ඔක්කොම version ටික බලලා තියෙනවා… පට්ට ෆිලුමක්. … දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා සහෝදරවරු දෙන්නාටම….

    Reply
  • Ishan madhushanka

    මේක නම් ආපු දවසෙම දීපු එකට තෑන්ක්ස් ආ,,කියපු කතාවක් නම් ඇත්ත..ලගදී ආපු වෙන සයිට් පේජ් වල සබ් නම් මෙලො රහක් නෑ.බාශාව ගැන කිසි දැනුමක් නෑ කෙලින්ම මදුර එකෙන් කොපි කරලා ගහලද කොහෙද,,
    උදා= collector(දිසාපති)සබ් එකේ යන්නේ(එකතු කරන්නා)

    Reply
  • THE NEW FOLDER

    සබ් එකට ස්තුතියි,
    මොනව වුනත් ඈත්ත , ගුණාත්මකභාවය අතින් ඔබලාගේ අඩවිය ඉතා ඉහලයි,
    රිදෙන අයට රිදුනාවේ.ගොඩක් අය කරන්නේ ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා,
    උඩින් පල්ලෙන් සබ් හදන එක තමා
    GOD BLESS YOU

    Reply
  • මරු ඒ වගේම හිතට ආවාට මගේ අතින් ලියවුණේ නැති වචන ටිකක් තමයි කියන්න ඕණ වුණාටත් වඩා හොඳටම ලියලා තියෙන්නේ ❤️ මේක නොබලා කොහොමද? ඉන්දියාවෙ කතාවක් කියලා ආඩම්බරයෙන් බලන්න පුලුවන් අතලොස්සක් කතා තමයි මේ❤️ දෙන්නටම ස්තුතියි…

    Reply
  • සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට දෙන්නටම ගොඩක් ස්තූතියි.

    Reply
  • Gihan Lakmal

    වචන ටික නම්රි දෙන්නම දීල.. සුපිරි මචන්ලා… ❤️

    Reply
  • සියන්ත

    ලෙසටම කියලා නේ..බොයික්
    පට්ට මරු සහ
    තුති වේවා තුති වේවා දෙපලටම
    මෙන්න බාගත්තා.

    Reply
  • Deegayu Abeysekera

    kiyanna ona widiyatama kiyala thiyanawa ahaganna ona wela thibuna ayata

    bana bana mekema inne nathuwa paw nodi giyanan hari wage wakyakuth dammanan thamai gamma

    Reply
  • හිතට වැදුනා වචන ටික. ෆිල්ම් එක බලන්න නිකන්ම ආස වෙනවා මේ වචන වලට

    Reply
  • කීව හැමදේම ඇත්ත. අපි කවදත් හොද ෆිල්ම් එකක් අවොත් බය්ස්කෝප් එකේ සබ් දානකන් බලාගෙන ඉන්නවා. හොද ගුනාත්මක සබ් එකක් ගන්න. Tnxs බ්‍රෝ සබ් එකට. ජය

    Reply
    • රංග ප්‍රසන්න

      සා වෑව් සිසිල… තරහ මරහ ඉවරයක් කරලා යාලු වෙමු ඒයි. සන්තෝසයි…. කෙටියෙන්ම කියනවා නම් සුපිරිම

      Reply
  • පිස්සුවක් මේකනං.. පැය කීයද ගියේ.. මෙන්න සබ් එක දීලා

    Reply
  • හේමන්ත

    පට්ටයි ඕයි….!!!

    ස්තුතියි සිසිල…. ස්තුතියි තරිඳු….!
    ඒ වගේම මේත දැම්ම කියල දැනුවත් කරපු කවිඳුටත්…..

    Reply
  • විමා

    අඩ්ඩෝ…
    මෙන්න වැඩ්ඩො. ❤️

    Reply
  • තාරක නුවන් දිල්හාර

    තද තද,
    උපසිරැසි ඕනෙමයි මේක බලන්න.
    තදියම වැඩි කමට ඊයේ රෑම බැලුවා.
    ඒත් සබ් එක්ක ආයේ බලන්නම ඕන අදම.
    ස්තුතියි දෙන්නටම..
    BaiscopeLKForever
    ජය..!!!

    Reply
  • නියමයි මචෝ..
    පට්ට විස්තරයක් දීලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති වේවා ඩබලටම..
    උඩින් කියලා තියෙන හැමදේම 200%ක්ම ඇත්ත..
    දෙන්නටම ජය වේවා!

    Reply
  • චාරුක ලක්ෂිත

    සුපිරි..
    ෆිල්ම් එකටත්…
    ලිපියටත්..
    දිගටම කරන් යමු..
    ජය වෙවා…

    Reply
  • Nethini123

    බොහොම ස්තූතියි උපසිරැස ඉක්මනටම ලබා දුන්නට…

    Reply
  • Godak sthuthi mee kala kepawimata…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *