MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත ගුණසේකරඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Dumb & Dumber (1994) | පිස්සු නැත්තන් ෂෝක්!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 13 votes.
Please wait...

Dumb & Dumber (1994)

ඔක්කොටම කලින් හැමෝටම 😀 “සුබ නව වසරක් වේවා!!”. මේ අලුත් අවුරුද්දේ විවේකීව ඉන්න ගමන් හිතේ හැටියට 😀 හිනාවෙවී බලන්ඩ පුළුවන් බයිස්කෝප් එකක් තමයි මං මේ පාර උපසිරසි ගන්වලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, මේ බයිස්කෝප් එක Peter Farrelly, Bobby Farrelly කියන Farrelly සහෝදරයෝ තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 1994 දෙසැම්බර් 06 තමයි මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ. හොලිවුඩයේ ඉන්න සුපිරිම හාස්‍ය උත්පාදක චිත්‍රපට නළුවන් වන Jim Carrey සහ Jeff Daniels තමයි මේකේ ප්‍රධාන චරිත විදිහට රඟන්නේ. ඊට අමතරව Lauren Holly, Cam Neely, Brady Bluhm කියන කස්ටියත් මේකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. IMDb දර්ශකයේ 7.2ක් වගේ ඉහළ නිර්දේශිත අගයක් මේ බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා.

මේ බයිස්කෝප් එකේ තියෙන්නේ ලොයිඩ් සහ හැරී කියන කල්‍යාණ මිත්‍රයෝ දෙන්නෙකුගේ කතාවක්. ඇත්තම කිව්වොත් මෙයාලට සිද්ධවෙන අකරතැබ්බ සහ මෙයාලා කරන මෝඩ වැඩ තමයි මේකේ තියෙන්නේ. ඒ අස්සෙන් පොඩි ආදර කතාවකුත් යනවා. ලොයිඩ් කියන්නේ ලිමෝසීන් රියැදුරෙක්. ඉතින් මෙයා දවසක් මේරි කියලා තරුණියක් ගුවන් තොටුපොළට ඇරලවනවා. ඒ යන අතරතුර ලොයිඩ්ට මේරි ගැන ආදරයක් ඇතිවෙනවා. මේ මේරි කියන ලස්සන තරුණිය තමන්ගේ බ්‍රීෆ්කේස් එක ගුවන් තොටුපොළේ දාලා යනවා.ඉතින් මේක දකින ලොයිඩ් ඒක ගන්නවා. ඒත් ඒක ආපහු මේරිට දෙන්න යනකොට ගුවන් යානය ගිහින් ඉවරයි. ඉතින් මෙයා බෝඩිමට ඇවිත් මේ කතාව තමන්ගේ හොඳම යාළුවා, හැරීට කියනවා. ඊට පස්සේ මේ බ්‍රීෆ්කේස් එක මේරිට ගිහින් දීලා තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්ඩ ඕනේ කියලා ලොයිඩ් යෝජනා කරනවා. එහෙම කරලා බ්‍රීෆ්කේස් එක දෙන්ඩසැතපුම් 2000ක් විතර දුර මේරි නැවතිලා ඉන්න ගෙදරට යනවා. ඒක තියෙන්නේ “ඇස්පන්” කියන පිටිසර නගරේ.

ඉතින් මෙයාලා මේ ගමන යනකොට වෙන දේවල් සහ ගිහින් වෙන දේවල් තමයි මේ බයිස්කෝප් එකේ තියෙන්නේ. ඇත්තටම කියනවනම් මේක මම කාලෙකින් බලපු එළකිරිම කොමඩි ෆිල්ම් එකක්.බයිස්කෝප් එක පරණ වුණාට මේකේ තියෙන විහිළුවලට හුස්ම හිරවෙන්ඩම 😀 හිනා යනවා. අපේ ශ්‍රී ලංකාවේ කොමඩි ෆිල්ම් වල බන්දු සමරසිංහ එක්ක ටෙනිසන් කුරේ සෙට් වුනහම කරන වැඩ ඕන කෙනෙක් දන්නවනේ. ඒක මං අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. ඉතින් මේ Jim Carrey සහ Jeff Daniels කියන දෙන්නත් ඊට දෙවෙනි වෙන්නේ නෑ. කථාවේ රසය නැතිවෙන නිසා මං වැඩි විස්තර කියන්නේ නෑ. ඔයාලා බයිස්කෝප් එක බලන්ඩකෝ. බලලා මං කියපු දේ ඇත්ත නැත්ත කොමෙන්ටුවක කොටන්ඩ. ජයවේවා!! 😀

සැ.යු: හාස්‍ය උත්පාදක බයිස්කෝප් නරඹන විට සිනහව පාලනය කරගත නොහැකි පුද්ගලයින් පිළිබඳ වගකියනු නොලැබේ.

Dumb & Dumber (1994) on IMDb

 

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 149 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

50 thoughts on “Dumb & Dumber (1994) | පිස්සු නැත්තන් ෂෝක්!! [සිංහල උපසිරසි සමඟ]

  • mchn sub eka weda nane

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • මේ වගේ film බැලුවාම ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. thanks for super subtitles .

    Reply
  • සබ් එකට තුති………මේකේ 2 ඇවිල්ලා තියෙන්නේ එකටත් සබ් එකක් දෙන්න බලමු නේද

    Reply
  • charindu Deemantha

    thnx machan meke part 2 ekatat sub ekak hadala diynkoo tnxxxxxxx 😀 😉

    Reply
  • ඉස්සර 10වතාවක් විතර බලල තියෙනවා. සිංහල උපසිරැසි තියෙන නිසා බෑවෙ. ඒ වුනාට නෑනෙ. පළවෙනි විනාඩි කීපයේ විතරයි උපසිරැසි තියෙන්නෙ. ආයෙ බාන්න උනා English subtitles.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • nilupul perera

    dan download akata damme.balanna deyak ne,jim carrey kiwwanam ithin pissuma thamai.”ACE VENTURA 2″sub akath dammanam niyamai kollo.thanks honde.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    හිනාවෙන්න තියෙනව නම් ආය ඉතිං දෙපාරක් හිතන්නෙ නැතිව බාන්න දානව.
    නියමයි මචෝ අචින්ත.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • mudiya / මුදියා

    අඩේ අනිව බලන්න ඕනි.
    මේව බැලුවම හිතේ තියෙන ඕනි ප්‍රශ්නයක් අමතක කරල දාන්න පුළුවන්.
    නියමයි අචින්තයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පට්ට සහෝ අනිවා බලන්න ඕනි,ජයවේවා.

    Reply
  • Supiri film ekak wagema supirima naluwek meke innawa.. jim carry’ eyage onama film ekak me site eke danna.. kisima film ekaka kisima adupaduwak ne wagema, digatama balanna puluwan films thiyenne… mekath e wagema supiri ekak… thanks oyalata..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේ වගේ සුපිරි චිත්‍රපටි ලබා දෙනවට ගොඩක් ස්තුතියි.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • කොමෙන්ටු කොටපු කස්ටියටයි, කොටන්ඩ ඉන්න කස්ටියටයි බොහෝම ස්තූතියි!!! 😀
    තවත් එළකිරි බයිස්කෝප් එකකින් සෙට් වෙමු…!! ජයවේවා!!!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pattama film ekak..
    mama kkalin balala tiyenawa..
    den sub ekkam abalanna puluwan.

    Reply
  • super ohoma yannnnnnnnnn……….

    Reply
  • Ruwan Chamara

    මම කැමතිම නළුවෙක් මෙයාගේ ෆිල්ම් ගොඩක් තියෙනවා එ ටිකත් ඉක්මනටම ඇඩි කරයි කියලා හිතනවා ස්තුතියි “අචින්ත” ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි උනාට තවත් මේ වගේ එවද දාන්න……..

    Reply
  • Chaturange

    machan meka mara patta film ekak…thanks..ane machanla “wolf of wall street” movie ekata sub danne naddoooooooooo..leonardo dicaprio inne..ikmanata danndoooooo…

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    අප්පටසිරි පට්ට කොමඩියක් වගේ නේ
    සබට බොහොම ස්තුතියි අචින්ත සහිතව මේ වගේ ඉල ඇදෙන ඒවා ටිකක් හොයලා අපිට දිහන් කොලුවෝ 🙂

    Reply
  • පට්ට. Jim Carrey ඉන්නවනම් අනිවා බලනවා.

    Reply
  • “චූටී මල්ලි”

    hinaayana eiwaanam maru ban 😀 😀
    thawa dhiyan sahoe
    sabata thuthi
    obata jaya……………

    Reply
  • Halo Brother Film(Hindi)
    Anniyan(Tamil)
    Film deka sub danna

    Reply
  • Download Manager

    Man balala thiyena best comedy movie eka. 😀
    Thanx machan

    Reply
  • බොහොම ස්තුතියි !

    Reply
  • Film eka namm maxxahh vageee…onna ehenamm bagaththaaaa….thankss sahoo sub ekatahhh…

    Reply
  • හර්ෂ ලහිරු

    මේක මං බලලා තියනවා කියන්න වචන නෑ
    පට්ටම ෆිල්ම් එකක් ස්තුතියි සහො 😀 ජය

    Reply
  • film ekanam patta, ewunata ara dennata me naluwo denna samana karanna epa, 🙂 🙂

    Reply
    • ඒක හැබැයි! ඒක හැබැයි!! එහේ එයාලා මෙහේ මෙයාලා . 😀

      Reply
  • නළුවෝ දෙන්නනන් පට්ට හොදට ඇති ෆිල්ම්
    එකත් ගොඩක් ස්තුතියි උපසිරසියට සහෝ

    Reply
  • යශෝධ

    ස්තූතියි මචන්….

    ජය වේවා..

    දිගටම සබ් දෙමු.. එලස්ස්….

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    godaak sthuthie macho…………

    Reply
    • “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Dumb & Dumber (1994)

      putlocker.com/file/80BBDFE10E21595C

      Reply

Leave a Reply to ccnp Cancel reply

Your email address will not be published. Required fields are marked *