Evangelion:3.0+1.0 Thrice Upon a Time (2021) Sinhala Subtitles | විනාශයෙන් ලියූ නව ලොවක උත්පත්තිය. [සිංහල උපසිරසි] (18+)
Masterpiece Evangelion Universe එකේ වගේම Rebuild of Evangelion හි අවසානය සමඟින් චමත්කාරජනක වගේම ගැඹුරුතම වගේම දීර්ඝතම කතාව රැගත්, ඇනිමෙ ලෝකයේ වැඩිම කතා බහට ලක් වුනු ගැඹුරුතම සිදුවීම් දාමයක් රැගෙන එමින් ඇනිමෙ ලෝකයේ සැම අතින්ම වාර්තා පිහිටුවපු, අවසාන එවන්ගැලියන් සිනමා නිර්මාණයට ඇනිමෙ රසිකයින් හැමෝවම වෙනදා වගේම කොන්නිචිවා කියල පිළිගන්නවා. මේ චිත්‍රපටය හුඟක් විශේෂයි. ඒ විශේෂ බව මේකෙ story, animation, music කියන කාරණා තුන නිසාම හේතු වුනා කිව්වොත් ඒක සාධාරණ මදි වගේ කියලයි මගේ හැඟීම. අපි මේ මුල පුරන්නෙ ඒ තරම්ම perfect කතාවකට.🔥 සුපුරුදු සම්ප්‍රදායෙන් බැහැරව ගිහින් ඒ විශේෂතා මොනවද කියල මුලින් කියල ඉන්නම්.
🔹ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ ජපන් චිත්‍රපට අතරින් 28 වන ස්ථානයේ සිටීම.
🔹ජපානයේ වැඩිම ආදායමක් ඉපැයූ ජපන් චිත්‍රපට අතරින් 16 වන ස්ථානයේ සිටීම.
🔹2021 වසරේ දෙවැනි වැඩිම ආදායම ඉපැයූ ජපන් චිත්‍රපටය වීම.
🔹Evangelion franchise හි වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වීම.
🔹2022 වසරේ Tokyo Anime Award හි Film Catagory යටතේ Animation of the Year යටතේ Winner වීම.
🔹2022 වසරේ Awards of the Japanese Academy හි Best Animation Film යටතේ Winner වීම.
🔹2022 වසරේ Awards of the Japanese Academy හි Most Popular Film යටතේ Winner වීම.
🔹2021 වසරේ New Mexico Film Critics හි Best Animated Film යටතේ Winner වීම.
🔹2022 වසරේ International Cinephile Society Award හි Best Animated Film යටතේ Nominee වීම.
🔹2022 වසරේ Crunchyroll Anime Awards හි Best Film යටතේ Nominee වීම.
🔹2022 වසරේ Anime Trending Awards හි Anime Movie of the Year යටතේ Nominee වීම.
🔹2021 වසරේ Florida Film Critics Circle Awards හි Best Animated Film යටතේ Nominee වීම.
🔹Rotten Tomatoes අගය 100% ක් ලබා ගත් ඇනිමෙ චිත්‍රපටයක් වීම.
🔹දීර්ඝතම ධාවන කාලයක් හිමි ඇනිමෙ චිත්‍රපට කිහිපය අතරින් එකක් වීම.
ඉන්න ඔය කාරණා නිසා තමයි මේකට විශේෂත්වයක් එකතු වෙලා තියෙන්නෙ. ඒ විශේෂත්වයන් ඒ විදිහට එකතු වුනේ මේ Series එකේ තියෙන අලංකාරවත් වගේම ගැඹුරු බව නිසාමයි කියල කිව්වොත් ඇත්තටම නිවැරදියි. කෝකටත් මම මේ මුළු Evangelion Series එකම ආයෙත් මතක් කරන්නම්. ඒ වගේම ඔයා මේ එකක්වත් තාමත් නරඹල නැති කෙනෙක් නම් මේ ඔක්කොම පිළිවෙළින් නරඹා මේ Thrice Upon a Time චිත්‍රපටය නැරඹීම අනිවාර්යයි. ඒ ඔක්කොටමත් මේ වෙද්දි සිංහල උපසිරැසි නිකුත් කරලයි තියෙන්නෙ.✌️
01. Neon Genesis Evangelion (1995)
02. The End of Evangelion (1997)
මෙතනින් මේ Original Evangelion Series එක අවසන් වෙනවා. ඊට පස්සෙ පටන් ගන්නෙ Rebuild of Evangelion Universe එක. ඒක එන්නෙ මේ විදිහට.
Titles of Rebuild Series
01. Evangelion:1.0 You Are(Not)Alone (2007)
02. Evangelion:2.0 You Can(Not)Advance (2009)
03. Evangelion:3.0 You Can(Not)Redo (2012)
04. Evangelion:3.0+1.0 Thrice Upon a Time (2021)
Theatrical Version Poster of Evangelion:3.0+1.0 Thrice Upon a Time
2021 වසරේ දී නිකුත් වුනු මේ Evangelion:3.0+1.0 Thrice Upon a Time චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ පෙරදිම මේ Masterpiece Evangelion Universe හි නිර්මාතෘ වෙන Hideaki Anno සෙන්සේ විසින්මයි.
Evangelion නිර්මාතෘ Hideaki Anno සෙන්සේ
පෙර චිත්‍රපට පරිදිම මේකත් Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු මේ චිත්‍රපටය IMBD දර්ශකයේ 8.0 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.61 ක ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා. මුලදී සඳහන් කළා වගේම දීර්ඝතම ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය පැය 2 යි මිනිත්තු 35 ක් පුරා ධාවනය වෙනවා. පෙර චිත්‍රපට පරිදිම Khara Studio එකෙන් ගෙනෙන මේ චිත්‍රපටයත්, පෙර පරිදිම Utada Hikaru විසින් ගායනා කරන “One Last Kiss” හා “Beautiful World” නම් Ending Theme Song දෙකෙන් හැඩ ගැන්වෙනවා. මීට පෙර චිත්‍රපටවලත් Ending Theme Songs ගායනා කළෙත් මේ ගායිකාවම බව ඔබට හඬ ඇසුවම මතකයට නැගේවි.❤️ ඒ වගේම මේ චිත්‍රපටය ජපන් යෙන් බිලියන 10.28 ක(ඇමෙරිකානු ඩොලර් මිලියන 93.67 ක්) Box Office ආදායමක් උපයා තිබෙනවා.
අද කතාව ගැන මොකුත් නොකිය ඉන්නයි මුලින් අදහස තිබුනේ. ඒත් මේකෙදි වෙන්න යන දේට මම පොඩි ආරම්භයක් දෙන්නම්. Evangelion 3.0 හි චිත්‍රපටයේ සිදුවීම් ගැන කෙටියෙන් මතක් කළොත් අපිට දැකගන්න ලැබුනා, මේ කතාවේ කියවෙන තෙවන ඝට්ටනය(Third Impact) කියන සිදුවීම සිද්ධවෙලා තිබෙන බව. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලත් නෑ. ඉතින් ඒක ආසන්න තෙවන ඝට්ටනය(N3I=Nearly 3rd Impact) කියල හඳුන්වනවා. ඒ වගේම Eva Unit-01 එක ඇතුලේ හිරවුනු ශින්ජි ඉකාරි අවුරුදු 14 කට පස්සෙ අවධි වෙනවා. ඒ වෙනකොට ලෝකය විතරක් නෙමෙයි මිනිස්සු පවා බොහෝ වෙනස්කම් වලට මුහුණ පාලා තියෙන විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම විශේෂ දෙයක් වුනු, Nerv එකෙන් වෙන් වෙලා එවා රොබෝවරු විනාශ කිරීම අරමුණු කරගත් කැප්ටන් මිසාතෝ කත්සුරාගි ප්‍රමුඛ “විලේ” (Wille) කණ්ඩායම දකින්න ලැබුනා. පිළිතුරු නැති ප්‍රශ්න ගොඩක හිරවුනු ශින්ජි ඉකාරිව යොදාගෙන ආයෙත් සිව්වන ඝට්ටනයක් සිද්ධ කරන්න කමාන්ඩර් ගෙන්දෝ ඉකාරි උත්සහ කරනවා. ඒත් විලේ සංවිධානයේ දැඩි උත්සහයෙන් ඒක ව්‍යර්ථ කරන්නට කැප්ටන් මිසාතෝ ප්‍රමුඛ කණ්ඩායම සමත් වෙනවා. දැනට නම් මිසාතෝ දිනුම්. ඒත් ශින්ජිව තාමත් ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ලෝක විනාශය වෙන්න තාමත් පුළුවන්ද? කමාන්ඩර් ඉකාරිගේ වෑයම මොකක්ද? ඒක ඉටු කරගන්න පුලුවන් වේවිද? මේ හැම දේකම ආරම්භය කොතැනද? අවසානය කොතැනද? Neon Genesis Evangelion යන්නෙහි සැබෑ අරුත මොකක්ද?
එහෙනම් නරඹන්න මේ Masterpiece එකේ අවසානය. මුල ඉඳන්ම නැරඹුවොත් මේ Masterpiece කතන්දරයේ රසය වැටහේවි. මේ චිත්‍රපටයේ උපසිරැසියට ගැලපෙන හොඳ පිටපතක් ඔයාට 1337x වගේම PSA වෙබ් අඩවි වලින් ටොරන්ට් ඔස්සෙ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. Baiscope Downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. දීර්ඝ කතාවක අවසානය මේක නිසා, අවසාන වශයෙන් කතාවෙ මුල ඉඳන්ම අපේ සිත්ගත් චරිතවලට පණ දුන්නු අයවත් බලාගෙනම යමු.
Shinji Ikari ලෙසින් Ogata Megumi
Rei Ayanami ලෙසින් Hayashibara Megumi
Asuka Soryu ලෙසින් Miyamura Yuko
Gendoh Ikari ලෙසින් Tachiki Fumihiko
Misato Katsuragi ලෙසින් Mitsuishi Kotono
Akagi Ritsuko ලෙසින් Yamaguchi Yuriko
Nagisa Kaworu ලෙසින් Ishida Akira
Kaji Ryoji ලෙසින් Yamadera Kouichi
අවසානයේදී කියන්නම ඕනි තවත් කාරණාවක් තියෙනවා. මේ මුළු සීරීස් එකම ක්‍රිස්‍තියානි සංස්කෘතියේ ඇතැම් තේමා නිරූපණය කරන කතාවක් වෙනවා. හැබැයි මේ තේමා එකක්වත් ක්‍රිස්තියානි සංස්කෘතියේ කිසිම දෙයක් නිරූපණය කරන්නෙ නෑ වගේම ඒවා ඇතුළත් කරල තියෙන්නෙ කතාවේ නිර්මාණාත්මක බව වෙනුවෙන් බව කතාවේ සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කරල තිබෙනවා. අපිට දකින්න ලැබෙන මේ තේමා ගැන ටිකක් හරි කියනවා කියල මම මීට පෙර ලිපියකදි සඳහන් කළා. ඒ වගේ අවස්ථා කිහිපයක් මම බොහොම කෙටියෙන් සඳහන් කරගෙන යන්නම්.✌️
ඒන්ජල්වරයෙකුගේ මරණයෙන් පසු ඇතිවන කුරුස හැඩයේ පිපුරුම සහ කුරුසයේ ඇණ ගැසූ ජේසුස් වහන්සේගේ ආකාරයෙන් සිටින ලිලිත්
ලිලිත්ට ගසන ලද ලොන්ගිනස් හෙල්ලය සහ අතීතයේදී ජේසුස් වහන්සේ මියගිය බව සහතික කිරීමට හෙල්ලයකින් අනින ලද බවට සැලකෙන “ලොන්ගිනස්” නම් රෝම සොල්දාදුවා
ඔන්න ඔය කිහිපය තමයි කතාවේ වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නේ. කලින් කිව්වත් වගේම මම කිව්වෙ බොහොම ටිකයි. තව හුඟක් දේවක් එමටයි. හුඟක් දේවල් කතාවේ විස්තර කරන නිසා කතාවෙදි වුනත් අපිට මේ කියන්නෙ මේ දේයි කියල පොඩි අදහසකට එන්න පුලුවන්. Evangelion Universe එක කියන්නෙ දවස් ගානක් උනත් කතා කරන්න පුලුවන් තරමේ මාතෘකා පිරුනු ගැඹුරු කතාවක්.🔥 ඔයා Evangelion References ගැන උනන්දු කෙනෙක් නම් හුඟක් තොරතුරු අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. එහෙනම් දැනට මම නවතින්නම්.
ඉතින් ස්වර්ණමය යුගයේ ඇනිමෙ නිර්මාණයකින්ම ආයෙමත් හමුවෙන පොරොන්දුවෙන් හමුවෙන කල් මම සමුගන්නම්. මේ උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා! අරිගතෝ🙏 Happy Anime✌️
Bye Bye, All Evangelions!
~ ලංකන් Weebs වෙනුවෙන් – හසරංග නදීෂ
<<<< Evangelion:3.0 You Can(Not)Redo (2012)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DUAL-AUDIO.JPN-ENG WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1429 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහෝම ස්තූතියි.ජය වේවා…!
NICE WORK.
Thanks jayawewa…!