Watch Trailer

Frozen (2013) | උණුසුම් ගිම්හානය යලිත් රැගෙන එමු… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය උපසිරසි වලට අදහස් දක්වපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි කියමින් ඔන්න ඔයාලට අලුත් එකක් අරන් එන්න හිතුවා. උණු උනුවෙන්මයි මේ ගෙනාවේ. නම දැක්ක ගමන් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ මේ මොකක්ද කියලා නේද. කමක් නැහැ මම පොඩ්ඩක් මේක ගැන කියලා ඉන්නම්කො. මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි…

Frozen-2013

පහුගිය උපසිරසි වලට අදහස් දක්වපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි කියමින් ඔන්න ඔයාලට අලුත් එකක් අරන් එන්න හිතුවා. උණු උනුවෙන්මයි මේ ගෙනාවේ. නම දැක්ක ගමන් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ මේ මොකක්ද කියලා නේද. කමක් නැහැ මම පොඩ්ඩක් මේක ගැන කියලා ඉන්නම්කො.

මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක පෙට්ටි කාර්යාල (ඔව් ඔව් Box office තමා :P) වාර්තාවක් සමගිනුයි.

තව කියනවනම් ඉතින් 71 වන ගෝල්ඩන් ග්ලෝබල් සිනමා සම්මාන උළෙලට නාම යෝජනා ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ තමයි හොදම නැවුම් ගීතය ලෙසට “Let It Go” නම් ගීතයත්. හොදම පරිගණක සජිවිකරණයට හිමි සම්මානය දිනාගැන්මටත්. ඒ සදහා කරට කර තරග කරුවන් දෙන්නෙක් ඉන්නවා. The Croods සහ Despicable Me 2 යන සුපිරි සජිවිකරණයන් ද්විත්වය. තරගකරුවන් තිදෙනාගෙන් imdb හි වැඩිම අගයක් වාර්තා කරගැන්මට සමත් වෙලා තියෙන්නේ නම් ඉතින් මේ සිනමාපටය තමයි. ඒ 2013 වසරේ සජීවිකරණ සිනමාපටයක් වාර්තා කල වැඩිම අගය වූ 8.1 ක් වැනි ඉහළතම අගයක්. මේ සිනමා සිත්තම තවත් සම්මාන 31ක් සදනා නිර්දේශ වී ඉන් සම්මාන 16ක් දිනාගැනීමටත් සමත් වෙලා තියනවා. කොහොම උනත් ඩිස්නි සිනමා පටයකට වසර 6කින් හොදම සජිවිකරණයට හිමි ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය හිමිවෙලා නැහැ. පික්සර් හමුවේ හැම වතාවකදීම පසු බහින්න වෙලා තියනවා. ඒත් මේ වතාවේ පික්සර් අඟියෝගය එල්ලවෙලා නැතිවුනත් Despicable Me 2 වෙතින් ඊට නොදෙවෙනි අඟියෝගයක් එල්ලවෙලා තියනවා. ඔයාලා කලින් බලලා තියනවානම් Tangled (2010) සිනමාපටයේ නිමවුම් කරුවන්ම තමයි මේකටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් 86 වැනි ඔස්කා සම්මාන උළෙලේදී හොදම සජිවිකරණය ලෙසින් සම්මාන ලබාවි කියලා මම හිතනවා.

පඳුර වටේ තැලුව ඇති නේද. 😉 දැන් කතාව දිහාවට හැරෙමු එහෙනම්. අහ් තව දෙයක් තියනවා. අද ඔයාලට මේ උපසිරස අරන් එනකොට මේකේ ආදායම ඩොලර් මිලියන 640ක් පමණ වන අතර. එය මෙතෙක් ලොවපුරා වැඩිම ආදායම් ලද සිනමාපට අතර 72 වන ස්ථානය දිනාගන්නට සමත් වෙලා තියනවා, තවම මේක ලොව පුරා තිරගතවන බැවින් ඉදිරියේදී මෙහි ස්ථානය තවත් ඉහලයාවී.

මුලින්ම කියන්න ඕනා. මේක තමයි මම කරපු අමාරුම උපසිරස සම්පුර්ණයෙන්ම ගීත 9 ක්ද කොහෙද තිබුනා. නිකම් මට පිස්සු වගේ දැන්. ඒත් ඒවා අත්හැරියොත් ඔයාලට ලොකු අසාධාරණයක් වෙනවා නොව. ඒ ටිකත් කළා ඔන්න.

කතාව මෙහෙමයි ඇනා සහ එල්සා කියන්නේ ඇරන්ඩල්හි කුමාරිකාවන් දෙන්නා. ඒ දෙන්නට මායා බලයන් තියනවා ඇනා කියන්නේ ඒ දෙන්නගෙන් හුරතල්ම කෙනා එයා තවම හරි පොඩියි එයා එයාගේ මායා බලය පාවිචි කරන හැටි දන්නේ නැහැ තවම. ඒත් අක්කා දන්නවා. එයාට පුළුවන් හිම වැස්සක් වස්සවන්න අයිස් මවන්න. දවසක් මේ දෙන්නා ඒ විදියට සෙල්ලම් කරමින් ඉන්නකොට වැරදීමකින් එල්සාගේ මායා බලය ඇනාට බලපානවා. එතැනදී මුළු කතාවම වෙනස් වෙනවා. ඇනාගේ ජීවිතය වෙනස් වෙනවා. එල්සා තනිවෙනවා. රජු සහ රැජිණිය මිය යනවා. අරන්ඩල් වලට නැව රැජින ලෙසින් එක දිනකදී එල්සා අභිෂේක ලබනවා. මුළු මහත් රාජධානියම අනතුරකට බදුන් වෙනවා ඇනා තමන්ගේ තනිකම නැති කරගැන්මට සත්‍ය ප්‍රේමයක් හොයනවා පිවිතුරුය. පියකරුය. බිහිසුනය පළමු පෙම කියන්නහේ ඇනාටත් එලෙසින්ම වෙනවා අන්තිමේදී ඇනාගේ ජීවිතය බේරගන්න සත්‍ය ආදරයක් අවශ්‍ය වෙනවා. රාජධානිය අනතුරින් බේරගන්න හරිම අපුරු යාළුවො තුන්දෙනෙක් මුණගැහෙනවා. ක්‍රිස්ටෝෆ් කියලා අයිස් වෙලදාම් කරන කොලු ගැටයෙක් සහ එයාගේ යාලුවා බල්ලෙක් වගේ හැසිරෙන හිම මුවා “ස්වෙන්” සමගින් හරි අපුරුතම මිතුරා, සිනමාපටයේ සිත් ඇදගන්නාම චරිතය හිම බබා “ඔලොෆ්”

ඔයා මොන වයසක හිටියත් කමක් නැහැ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම බලන්න. මේ කතාව ඔයාලට අපුරුතම විනෝදයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයි. බොරුනම් පුර්ව ප්‍රචාරක පටය නරඹන්නකෝ පහලින් දීලා තියන. ඒ වගේම කමෙන්ට් ලැබෙන්නේ නැති නිසාවෙන් උපසිරසි කිරීමේ ආසාව ටිකෙන් ටික නැතිවේගෙන යනවා වගේ හැගෙනවා. බලමු කට්ටිය ලස්සන සිනමාපටයක් අරන් ආවට වැය කරපු කාලයට මහන්සියට කලගුණ සලකන්න දන්නවද කියලා. ඔව් ඔව් කමෙන්ට් තමා ඕනා… අපි බලාපොරොත්තුවෙන එකම දේ එච්චරයිනේ ඉතින් 😉 හැම කෙනෙක්ටම ජය හා සතුට!

Frozen (2013) on IMDb

 

 

375 MB (WEB) කොපිය මෙතනින් බාගන්න ef556c4f3013dae9ffdcb73b5bea5870868a1d28 805 MB (BR) කොපිය මෙතනින් බාගන්න 25b4cd46e389e96f80ee42e418cd89d3a65ecd66 1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න 4956a4e976ea948025c3c3554567ca2820f65f64

 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,381 downloadsDownload Frozen-2013.BR_.zip381 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

17,381 downloadsDownload Subtitles381 KB

259 comments

  1. driftkingdj

    ela ada mama 1st. thanx machan. enakan hitiye meka

    1. Xකොලුවා

      එල කාලෙකින් එලඅඅඅඅඅ ෆිල්ම් එකක්

  2. ganidu

    තෑන්ක්ස් වේවා!!

  3. Sujith

    Thanx bro!! :)

  4. කේ.යූ.ජී. උදාර

    නියමයි ශාන් කොලුවෝ......
    උණු උණුවෙම මෙව්ව දෙනවට බොහොම පිං.

  5. Hasitha prasad

    ජය වේවා සබ් වලට

  6. quik

    thanks

  7. ගයාන් රූකාන්ත

    ඔන්න ගත්තා කොපිය හොදයි නේද

  8. zumo man

    elazzz thnxzzz

  9. rusuru | රුසිරු

    නියමයි සහෝ පට්ට දැන්ම බාන්න දැම්ම

  10. wow

    wow,,, maru :D

  11. amilatk

    jayen jaya!!!

  12. yasomal

    supiri hoda copy anakam unne scr dan ana awa maru digatama subs denna

  13. Aditha Praween

    නියමයි
    මරු ෆිල්ම් එක
    බොහොම ස්තුතියි සහෝ
    දිගටම සුබ් කරමු

  14. vee

    maxxa maxxa macho

  15. hk_rabbit

    thanks brother

  16. DilanH

    බොහොම ස්තුතියි මචෝ !! එළකිරි

  17. gayan

    fatta machan thanks onna kjalekin post ekak dammaa

  18. dulo

    jayawewa thawa honda ekaka denna

  19. dinidu madushanka

    ela ela bro great job

  20. nipuna prasad

    ade pattama animation akak ne maru

  21. eranga

    gr8 macho

  22. was

    බොහොම තුති!

  23. ccnp

    Thanks

  24. jana

    thx macho

  25. shann

    මේක එනකම් උන්නේ දැන්ම බානවා විමා එහෙනම්

  26. DILAN ASANKA

    niyama film eka

  27. හර්ෂ ලහිරු

    දැන් මේක බාලා ප්ලේ කරන්නවත් හම්බුන්නෑ
    මේකා සබ් දීලා ජයවේවා විමා :P
    කොල්ලා මේ දවස්වල ෆ්‍රී එකේ වගේ :D
    සබ් දෙනවනෙ හිටු කියලා

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, විමෝ මේකනම් එනකම්මයි බලාන උන්නේ.. Tangled ෆිල්ම් එක බලපු හාදයෙක්නම් මේක ලොවෙත් අතාරින්නෙ නැහැ, මමනම් ආසම මේ සත්තුගෙන් පට්ට ආතල් වලට, Tangled එකේ අස්පයා වගේ..පට්ටයි අප්පා..
    මේකේ ට්‍රේලරෙත් දැක්කා මුවාගේ ආතල් ටිකකුත්..
    එහෙනම් ඔන්න ගත්තා හොදේ..(ඉස්සෙල්ලා හිටු දීලා තියෙන කොපි වල සයිස් ටික බලනකම්, ගත්තයි කිව්වට එව්වත් බලන්න එපයි,)..අපොයි ස්කිරිග් එකක් නොවැ..
    පිස්සු හැදෙයි..
    ඉන්නවා හොද එකක් එනකම්...
    ජය...

  29. Kani

    enakam balan hitiye..
    tnx vima...

  30. ch4

    patta machan

  31. dilan

    elakiri kollloooo

  32. Amil

    ආසාවෙන් බලාගෙන හිටියේ මේක සබ් එකත් එක්කම නරබන්න....
    තැන්ක්ස් මචෝ...

  33. udaya kumara

    niyama wedak yalu. thank u so much.

  34. “චූටී මල්ලි”

    මේක නම් බැලිය යුතුම ඇනියක්
    මම නම් හොද 1ක් එනකම් ඉන්නවා
    හොද එකටත් අප්ඩේට් කරන්න හොදේ
    ලගදි ඉදන් කමෙන්ට් අඩුයි තමා බන්
    මොනාකරන්නද අපේ උන්ගෙ හැටි තමා
    සබට තුති
    ඔබට ජය...............

  35. නලින්

    එළ එළ විමා ! ගොඩම තමයි.
    ඔන්න බැවෙන්න දානවා!

    ජය වේවා!

  36. Dhanushka

    thankssssssssssssssssssssssssssssss

  37. Rakitha ranathunga

    Patta patta
    Enakanmai hitye
    Sub ekata bohoth thanks

  38. tharindu

    Sub walata thanx saho

  39. DNA

    එළ මචෝ !

  40. Ayesh

    mamath baaganno

  41. යශෝධ

    ඔන්න මාත් බානවෝ......... විමා සහෝට ජය..!

    මරු ආ ඇනිමේ නම් ඉතින් බානවමයි... එලස්... :-D

  42. piyumal

    thanks bro... jayawewa!

  43. Keshan Wasala

    හොද කොපියන් එනකන් ඉන්නවා මචං තැන්කුයි ඈ :D

  44. nipuna

    thanx bro

  45. dhanushka

    ahanna dayak naha me film eka supiriyatama athi,thanks mac subtitle walata ALL THE BEST

  46. tharindu

    super thanks

  47. Darshana Madushan

    Thanks bro.......!

  48. ARA

    thankzz machan...

  49. දිනිඳු සම්පත්

    උඹ කාලෙක ඉඳලා බුකියේ මේකෙ පොටෝ දම දමා හිටියේ මේකට තමයි කියලා මට නිකමට හිතුනා. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය වේවා!

  50. Menu

    බොහොම ස්තුතියි සහෝ!!

Load more comments