MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)ස්වර්ණරේඛා සෙව්වන්දිසිංහල උපසිරැසි

Full House [EP 10] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Full House

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.

නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.

ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…

මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.

ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.

එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/jN2D” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න[/button]

6d10317bae60c56a456044abe929521cfbeddeac

[button link=”http://tinyw.in/Cqjw” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න[/button]

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

[button link=”http://tinyw.in/kR7Y” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න[/button]

f50654da474750f3d56722833e0c43480006f4c5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5945 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

31 thoughts on “Full House [EP 10] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

  • ayeshiiii

    Mata download karanna bene? Unsuccessful

    Reply
  • විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න ගන්නවා

    Reply
  • බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • niyamai niyami “සෙව්වන්දි” akka degatama sub karamu jaya…..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සෙව්වන්දි 😀 😀

    Reply
  • Thank u for your sub……..

    Reply
  • ස්තුතියි ඉක්මනට මේක දුන්නට අක්කේ…….
    ඔයාට පුලුවන්නම්’the Heirs’ එකටත් උපසිරැසි දෙන්නකෝ

    Reply
  • ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න
    අක්කට ගොඩක් ස්තුතියි …………………….. 🙂

    Reply
  • thank you..thank you..thank you…………..!

    Reply
  • thanxxxx…………..

    Reply
  • thanxxxxx…………………

    Reply
  • අක්කේ ඉක්මනටම sub දාල දෙන්න,අත්තමටම ඔයාට ගොඩාක් පින් හිතට සතුට ලබා දෙන මේ කතාව අපිට දෙනවට,,,,

    Reply
  • Thanks akkooAneee henam okkoma dannkoo.. Mn dapu okkma baluwaaa.. Ithuru tikath dennkooo akkoo

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Givantha Arshakularathne

    අක්කෙ, සුපිරි.

    Reply
  • ස්වර්ණරේඛා සෙව්වන්දි

    ඉක්මනටම ඉතුරු ටික ලැබෙයි,මම ඔක්කොටම සබ් දාලා ඉවරයි , 😀

    Reply
    • ayeshiiii

      Mata download karanna denne nene… 1 idanma. Ai a?

      Reply
  • sewwandi thnak u so much.ane den kathawe hodama kotas yanne.asawen balagana inne ithuru kotasuth enakan.ane sewwandi ikmanin ithuru Episode denna hode

    Reply
  • 9 දවස් දෙකහමාරෙන් ආවම මට නිකමට වගේ හිතුනා 10 ටිකක් කලින් දෙයි කියලා love you සෝ much උම්මා

    Reply
  • 9 දවස් දෙකහමාරෙන් ආවම මට නිකමට වගේ හිතුනා 10 ටිකක් කලින් දෙයි කියලා love you සෝ much උම්මා

    Reply
  • I am 1st….Thanks for sub sewwandi..keep waiting for next EP

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *