හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් පමා වෙන්න…

හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් පමා වෙන්න පුළුවන් කියලා. එහෙම කියන්න හේතුව තමා වෙස්ටරොස් වලට ශීත කාලය වගේම ග්‍රීෂ්ම සෘතුවත් අවුරුදු ගාණක් පැවතීම. නැතුව අපිට හුරු පුරුදු විදියට සෘතුවක් පවතින්නෙ මාස 3-4 නෙවෙයි. ඉතින් ඕක නොදැන ඔහේ කතාව බලන්න පුළුවන් තමා. හැබැයි ඇති තේරුමක් නෑ. ඒකයි ඉතින් මම මේ කතාවෙන් ගන්න රසයම ඔයාලටත් දෙන්න මේ සෑහෙන වෙලාවක් කැපකරලා ලිපි ලියන්නෙ. 🙁 කමක් නෑ ඉතින් මේවා වැඩක් නැති අයත් ඇතිනේ…. හරි ගිය සතියෙ කොටස ටිකක් මතක් කරගම්මු.
ප්‍රාකාරයේදී…
ජෝන් ටෝමුන්ඩ් එක්ක හාඩෝම් බලා පිටත් වෙනවා. හැබැයි ගොඩ දෙනෙක් අකමැතියි එයා මේ කරන්න යන දේට. ඊට පස්සෙ ඒමොන් ටාගේරියන් මිය යනවා. ඔහු තමා වෙස්ටරොස් වල උන්න අවසාන ටාගේරියානු වරයා. මේ තමා ඩැනේරිස්ගේ පියා වෙච්ච පිස්සු රජාගේ මාමා. කොහොමහරි ඔහුගේ මරණෙන් පස්සෙ සෑම්ට සිද්ධ වෙනවා ගිලීව තවත් සහෝදර ආරක්ෂකයන් දෙදෙනෙක් ගෙන් ආරක්ෂා කරන්න වෙනවා. සෑම් අම්බානෙක ගුටි කෑවත් අවසානයේ ජෝන් ගේ වෘකයා ආපු හින්දා තමා ඔහු බේරුණේ. ඊට පස්සෙ නම් හොඳ තෑග්ගක් සෑම්ට ලැබුණා. 😉
උතුරෙදි.
විනටෆෙල් වල හැමදාම රෑ රැම්සිගෙන් අපයෝජනයට ලක්වෙන සන්සා රීක් හෙවත් තියෝන්ගෙන් උදව් ඉල්ලනවා කුළුණේ ඉටිපහනක් දල්වලා ඇයව බේරගන්න බලන් ඉන්න බ්‍රියෙන්නේට සංඥාව දෙන්න. හැබැයි තියෝන් ඒක ගිහින් රැම්සිගේ කනේ තියෙනවා. රැම්සි කරන්නෙ සන්සට ඒ පණිවිඩය කියපු සේවිකාවව මරලා ඇයගේ මිනිය සන්සට පෙන්නනවා.
මේ අතර වින්ටර්ෆෙල් වලට පහර දෙන්න එන ස්ටැනිස්ගේ හමුදාවට ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනවා. හිම හින්දා සැපයුම් මාර්ග බිඳ වැටිල අශ්වයන් මියයනවා. ඒ වගේම කුලී හමුදා කණ්ඩායමකුත් පැනල යනවා. ඩාවෝස් කියනවා කාසල් බ්ලැක් වලට ආපහු පහු බහිමු කියලා. හැබැයි ස්ටැනිස් ඒකට අකමැති වෙනවා මොකද ඒකෙන් අවුරුදු ගාණක් පමා වෙන්න පුළුවන් කියලා. මේ අස්සෙ මැලිසැන්ඩ්‍රා කියනවා සටනෙන් ජය ගන්න නම් ඔහුගේ දියණිය වෙච්ච ශිරීන්ව ගිනි දෙවියන්ට බිලි දෙන්න ඕනා කියලා. ඒකට ස්ටැනිස් නම් කොහොමත් කැමති නෑ වගේ.
කිංග්ස් ලෑන්ඩින් වලදි.
ඔලෙන්නා උත්සහ කරනවා ලොකු ගේ කුරුල්ලාව බය කරලා හෝ අල්ලස් දීලා නම්ම ගන්න. ඒත් ඒ දෙවිදියටම අසාර්ථක වෙනවා. ඊට පස්සෙ ඇයට ලැබෙන පණිවිඩයක් නිසා ඇය යනවා පීටර් බේලිෂ් ගේ විනාශ කරල තියෙන ගණිකා මඩමට. එහිදි ඇය බේලිෂ්ට තර්ජනය කරනවා, තම වංශය වැටුනොත් ඔවුන් දෙදෙනාම හවුල් වූ ජොෆ්‍රිගේ මරණය ගැන රහස් එලිකරනවා කියලා. හැබැයි ඒ වෙලාවේ බේලිෂ් විසින් ඔලෙන්නට තෑග්ගක් විදියට රහසක් කියනවා.
මේ අතර ටෝමන් කියනවා ඔහු පූජකයන්ව මරල හරි මාජරිව බේරගන්න ලෑස්තියි කියලා. හැබැයි සර්සි කියනවා එච්චර පාච්චල් නොවී ඇයට ඔහු හා කතා කරලා මාජරීව හා ලෝරස්ව නිදහස් කරගන්න දෙන්න කියලා. ඒ වෙනුවෙන් ඇය මුලින්ම මාජරීව හම්බවෙන්න ගිහින් ඔච්චම් කරලා පළි ගන්නවා. ඊට පස්සෙ ඔවුන්ට දඬුවම් දීම ගැන නායක පූජකට ස්තූති කරන වෙලාවෙ සිදුවෙන්නෙ නොසිතූ දෙයක්. ලාන්සල් විසින් එළිකරල තියෙනවා රොබට් රජුගේ මරණයට ඔවුන් දෙදෙනාගේ දායකත්වය ගැන. ඒ හින්දා සර්සිවත් හිර කරන්න ගෙනියනවා. අනුන්ට කපන්න ගියේ වළේ ඇයත් වැටෙනවා.
ඩෝන් වලදි.
මාර්සෙලාව ජේමිට මුණගස්වනවා. හැබැයි මර්සෙලා සර්සිට වඩා හිතුවක්කාරයි. ඇය ආපහු යන්න බෑම කියනවා. මේ අතර විෂ තලයකින් තුවාල වුණ බ්‍රොන්ව සෑන්ඩ් ළමයින්ම බේත දීලා හිරේදි මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරගන්නවා.
පටු මුහුදෙන් එහා…
ඩැනෙරිස්ට ඩාරියෝ කියනවා වංශවත් පවුලකින් කසාදයක් කරගන්නවා වෙනුවට, ඒ පවුල් වල සියලු දෙනාම මරා දාන්න කියලා. ඒත් ඇය ඒකට විරුද්ධ වෙනවා. මේ අතර ජෝරා හා කොට ආදිපාදව මිරීන් වල වෙළෙන්දෙක් මිලදී ගන්නවා. ඔවුන්ගේ මහා තරඟා වලියට කලින් සුදුස්සාව තෝරගන්න තර්ඟෙ බලන්න නොහිතපු විදියට ඩැනේරිස් හා අනාගත සැමියා එනවා. කොහොමහරි ඩැනේරිස් ඉන්න බව දැනගන්න ජෝරා මැද්දට පැනලා ඇයගේ අවධානය ගන්නවා. හැබැයි අවසානයේ ඒ ජෝරා බව දැනගෙන ඔහුව අයින් කරන්න කියලා ඇය කියද්දි කොට ආදිපාද එතෙන්ට ඇවිල්ල ඇයට කියනවා ජෝරා තමාව ගෙනාවේ ඇයට තෑග්ගක් විදියට බවත්, තමා ට්රියන් ලැනිස්ටර් බවත්.
————————-
හොඳයි අපි කලින් කොටසෙදි ටාගේරියන් ආක්‍රමණයට එනකම් කතා කළානේ. ඊට පස්සෙ වෙස්ටරොස් වල ස්වාධීන රාජධානි හතෙන් හයක් එක රජෙක් යටතේ තියෙන රාජධානි බවට පත්වුණා මතක ඇතිනේ. ඊට පස්සෙ ඇතිවෙන යුද්දෙ ගැන අපි දැන් බලමු. මේක තමා වෙස්ටරොස් ඉතිහාසයේ විනාශකාරීම සිවිල් යුද්ධය විදියට සැලකෙන්නේ.
Dance of the Dragons
ටාගේරියන් ආක්‍රමණයෙන් අවුරුදු 129 කට විතර පස්සෙ හා රූපවාහිනී කතා මාලාවේ පටන්ගැන්මට අවුරුදු 170 කට විතර කලින් තමා මේ යුද්ධය සිදුවෙලා තියෙන්නේ. මේක විනාශකාරී වෙන්න එක හේතුවක් තමා සටන් කළ දෙපැත්තටම මකරුන් ඉඳීම. අපි විස්තර ටිකක් බලමු.
මේ යුද්ධය පටන් ගත්තේ පළමු විසේරිස් රජුගේ මරණයත් එක්කයි. ඔහුට පළමු බිරියට දාව උන්නෙ එකම එක දියණියක් විතරයි. ඒ තමා රුනෙයිරා කුමරිය. ඔහුගේ දෙවෙනි විවාහයෙන් ඔහුට ළමුන් කීපදෙනෙක් උන්න වගේම එයින් වැඩිමලා තමා දෙවෙනි ඒගොන් කියන්නේ. ඇඩ්ඩාල් නීතිය අනුව කාන්තාවකට වඩා ළාබාල පිරිමි දරුවෙක්ට වැඩි උරුමයක් තිබුණත්, දැන් මේ වෙද්දි ටාගේරියන් පාලන සමයේ අවුරුදු 130 ක් විතර ගෙවිලා තිබ්බත්, උරුමය පිළිබඳ නීති හරියටම ලියවිලා තිබිලා නෑ. ඉතින් රැජිනක් පාලනය කරනවා කියන එක ඔවුන්ට ටිකක් අමුතු දෙයක් වුණා.
ඉතින් පිය රජු මැරුණ දාම දෙවෙනි ඒගොන් කුමන්ත්‍රණයක් කරලා කිංග්ස් ලෑන්ඩින් වල ඔටුනු පළඳිනවා. ඒ වෙනකොට ඊළඟට ඔටුන්න හිමි උරුම්මක්කාරයට නියමිත තැන වෙච්ච ඩ්‍රැගන්ස්ටෝන් වල උන්න රුනෙයිරා කුමරියත් ඒකට පිළිතුරු විදියට ඔටුනු පළඳලා ඒගොන් ද්‍රෝහියෙක් විදියට නම් කරනවා.
ඉතින් එකම පවුලේ සහෝදර සහෝදරියන් එකිනෙකාත්, ඔවුන්ගේ මකරුන් අනික් පැත්තෙ මකරුන් එක්කත් සටන් කරනවා. ඒ අතර ඇතිවෙන විවිධ කැරලි වලිනුත් බොහොම විනාශයක් සිදුවෙනවා. ඒ වගේම දෙපැත්තෙම මකරු විශාල සංඛ්‍යාවකුත් මිය යනවා. කොහොමහරි අවසානයේ දෙවෙනි ඒගොන් විසින් තම මකරාට, රුනෙයිරා කුමරියව ඇයගේ පුත්‍රයා බලාසිටියදීම, කන්න දෙනවා. ඒ වගේම දෙවෙනි ඒගොන් රජත් තම තුවාල හින්දා මාස කීපයකින් මිය පරලොව යනවා. ඊට පස්සෙ වෙන පිරිමි උරුමකරුවන් නැති හින්දා රුනෙයිරා කුමරියගේ පුත්‍රයා තෙවෙනි ඒගොන් නමින් රජ වෙනවා. ඔහුගේ රාජ සමයේ පසු කාලෙදී ඉතිරි ටාගේරියන් මකරුන් ස්වල්ප දෙනත් වඳවී යනවා. එතනින් පස්සෙ ආපහු මකරුන් ඉන්නෙ දැන් මකර මව වෙන ඩැනේරිස්ටයි.
ආරම්භය – 129 AL
අවසානය – 131 AL
ස්ථානය – වෙස්ටරොස්.
ප්‍රතිඵලය – කැරැල්ල ආරම්භ කළ දෙවෙනි ඒගොන් හා රුනෙයිරා යන දෙදෙනාම මිය යෑම.
– රුනෙයිරා ගේ පුත්‍රයා ඔටුනු පැළදීම.
– යළි යථා තත්වයට පත් වීමට පරම්පරාවක් ගත වූ විනාශයක් සත් රාජධානියට සිදුවීම.
– ටාගේරියන් මකරුන් අභාවයට යෑම.
————-
Conquest of Dorne
මේ වෙනකම් ටාගේරියන් වරුන්ට ඩෝන් යටත් කරගන්න බැරි වෙච්ච බව අපි දැනගත්තනේ. මේ තමා සුළු කාලයකට හරි ඩෝන් සත් රාජධානියට යටත් කරගත්ත යුද්ධය. අපි විස්තර බලමු එහෙනම්.
කලින් සටනෙන් පස්සෙ මම කිව්වනෙ තෙවෙනි ඒගොන් රජගේ පාලන සමයේදී අවසන් මකරත් මියගිහින් මකරුන් වඳවෙලා ගිය බව. හැබැයි මේ සටනේ කතා නායකවා වෙච්ච එම රජුගේ පුත් කුමාරයට “තරුණ මකරා” නමින් නමක් පට බැඳෙනවා. ඊට හේතුව තමා ටාගේරියන් පළවෙනි රජතුමාටත් බැරි වෙච්ච ඩෝන් රාජ්‍යය එක මකරෙක්වත් නැතුව පළමු ඩේරොන් ටාගේරියන් යටත් කරගැනීම. ඒ වෙද්දි ඔහුගේ වයස යන්තම් අවුරුදු 14 ක් විතරයි. කලින් පාර වෙච්ච වැරදි මඟ ඇරවාගෙන ඔහු ප්‍රධාන බලකොටු මඟ හැරලා එළුවන් ගෙනියන මාර්ගයක් ඔස්සෙ එක පැත්තකින් එනකොට, ඔහුගේ සෙනවියෙක් අනෙක් පැත්තෙන් මූදෙන් ගිහින් ගොඩ බැහලා ඩෝන් වල බලකොටුව අල්ලාගන්න සමත් වෙනවා.
මින් පස්සෙ ඔහු එහි පාලනයට ටයිරෙල් වංශයේ ලයොනෙල් ටයිරෙල් නම් පාලකයා පත් කරනවා. හැබැයි මුල ඉඳන්ම ඩෝන් වැසියෝ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් ටාගේරියන් ලේ හලන්න සමත් වෙනවා. අවුරුදු 4 ක් විතර මෙහෙම සටන් කරන ගමන්ම විෂ නයි ලව්වා දෂ්ට කරවල පාලකයව මරා දැම්මට පස්සෙ ආපහු තරුණ මකරම යනවා ඒක ආපහු අල්ල ගන්න. මේ වෙලාවෙදිනම් ඩෝන් වැසියෝ යන්තම් අවුරුදු 18 ක් වෙච්ච ඒගොන් ටාගේරියන්ව මරල දානවා. එහෙම කරන්නේ සාමය වෙනුවෙන් එන විදියට සාකච්ඡාවකට ආපු වෙලාවක කියවෙනවා. මේ තරුණ මකරා එක්ක ඒ වෙලාවේදි Alester හා Ser Olyvar the Green Oak කියන කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයෝ දෙන්නත් එතෙනදි මිය යනවා. ඒ වගේම මකර නයිට් හෙවත් ඒමොන් නම් ආරක්ෂකයාව තුවාල ලබා අත් අඩංගුවට ගන්නවා.
ඒ විදියට මාටේල්වරු විසින් අවුරුදු 4 කින් පස්සෙ ආපහු ඩෝන් රාජ්‍ය සත් රාජධානියෙන් වෙන් කරගන්න සමත් වෙනවා. විස්තර වලට අනුව ඩෝන් අල්ල ගන්න ටාගේරියන් වරුන්ට මිනිස්සු 10,000 ක් අහිමි වෙද්දි ඒක රැකගන්න මිනිස්සු 50,000 ක් අහිමි කරගන්න වෙච්ච බව කියවෙනවා.
ඩේරෝන් ගේ මරණයෙන් පස්සෙ, අලුතෙන් රජකමට පත්වෙච්ච පළමු බේලෝර් ටාගේරියන් රජු ඩෝන් හා සමඟ සමාදාන වෙන්න තීරණය කරනවා. තම ඥාති සොහොයුරෙක් වූ මකර නයිට් හෙවත් ඒමොන් නම් තුවාල ලබා අල්ලා ගත් කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයාව බේරාගැනීමට සර්ප වලක හිස් පතුලෙන් ගමන් කළ බවත්, ඔහුට සර්පයන් දෂ්ට කළත්, ඔහුගේ ශුද්ධවූ කෙනෙක් නිසා ඔහුට කිසි හානියක් නොවූ බවත් පැවසෙනවා. හැබැයි ඉතින් ඕක උපමාවක් බවත්, සර්ප වල යනු ඩෝන් දේශය හා සර්පයන් යනු ඩෝන් වැසියන් බවත් කියවෙනවා.
කොහොමහරි ඔහු ආපහු කිංග්ස් ලෑන්ඩින් වලට ආවේ ද්විත්ව විවාහ ක්‍රමයක් යටතේ ස්ථිරසාර සාමයක් සඳහා අඩිතාලම දමිනුයි. ඒ තම ඥාති සොහොයුරෙක් වූ හා, බේලොර් රජුගෙන් පසුව රජකමට පත්වූ දෙවෙනි ඩේරෝන් ටාගේරියන් හා එවකට ඩෝන් පාලකයාගේ සොහොයුරිය වූ මීරියා මාටෙල් සමඟත්, පසුව තම සහෝදරිය වූ ඩැනේරිස් නම් කුමරියව ඩෝන් හී කුමාරයෙක් වූ මාරොන් මාටෙල් හට විවාහ කරදෙනවා. මෙසේ ඩෝන් අවසානයේ 197 AL හිදී නිල වශයෙන් සත් රාජධානියට එකතු වෙනවා.
ආරම්භය – 157 AL
අවසානය – 161 AL
ස්ථානය – ඩෝන්, වෙස්ටරොස්.
ප්‍රතිඵලය – පළමු ඩේරොන් ටාගේරියන් ඩෝන් යටත් කර ගැනීම.
– පසුව ඇතිවූ කැරලි වලින් පළමු ඩේරොන් ටාගේරියන් මියගොස්, ඩෝන් නැවතත් ස්වාධීන වීම.
————-
Blackfyre Rebellion
ටාගේරියන් රාජ වංශයේ 11 වෙනි රජු වෙච්ච IV වෙනි ඒගොන් හෙවත් නොවටිනා ඒගොන් නම් රජුගේ කල් ක්‍රියාව හින්දා වෙච්ච කැරැලි මාලාවක් තමා මේ බ්ලැක්ෆයර් කැරැල්ල කියන්නෙ. ඇත්තටම ඔක්කොම කැරලි 05 ක් සිදුවෙනවා. අවසාන එක ගැන අපි ඊළඟ එකෙන් බලමු. මුලින්ම කැරැල්ලට හේතුව බලමු.
IV වෙනි ඒගොන් හෙවත් නොවටිනා ඒගොන් හට ස්වජාතක හා අවජාතක දරුවන් බර ගාණක් උන්න බව කියවෙනවා. රජුගේ මරණ මංචකයේදී ඔහු තම අවජාතක ළමයින් හැම දෙනාවට ස්වජාතක තත්වය උසස් කරනවා. ඉතින් එයින් උසස්ම කෙනා වෙච්ච ඩේමොන් බ්ලැක්ෆයර් තමා සිංහාසනයට නියම උරුමක්කාරයා බව පවසමින් ඔවුන් එසොස් හී සිට කැරලිගහන්න ගන්නවා ස්වජාතක උරුමක්කාරයා වෙච්ච දෙවැනි ඩේරොන් ටාගේරියන්ට විරුද්ධව. මේ කැරලි 05, අවුරුදු 60 ක් තිස්සෙම විටෙන් විට ඇතිවූ ඒවායි.
ඉන් මුල්ම එක විශාලම එක වුණා වගේම සාර්ථක වෙන්න ඔන්න මෙන්න ළඟටම ආව එකත් වුණා. නමුත් Battle of the Redgrass Field නම් අවසාන සටනෙන් ඩේමොන් බ්ලැක්ෆයර් මිය යනවා. එයින් පළමු කැරැල්ල අසාර්ථක වෙනවා. ඩේමොන් සමඟම ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වූ ඒගොන් හා ඒමොන් මිය යනවා.
දෙවෙනි කැරැල්ල (212 AL) සැලසුමෙන් එහාට යන්න ලැබුන් නෑ. එහි මූලිකයා වූ ඩේමොන් ගේ තෙවෙනි පුතාව පණපිටින් අල්ලාගත්ත හින්ද තමා එහෙම වුණේ.
තෙවෙනි කැරැල්ලට (219 AL) නායකත්වය ගත්තේ ඩේමොන් බ්ලැක්ෆයර්ගේ හතරවෙනි පුත්‍රයා වූ හේගොන් ගේ නායකත්වයෙන්. එවකට වෙස්ටරොස් වල පාලකයා වුණේ පළමු ඒරිස් ටාගේරියන් විසින්. මේ කැරැල්ල අවසාන වුණේ යටත් වෙච්ච හේගොන්ව මරා දැමීම මඟින්.
හතරවෙනි බ්ලැක්ෆයර් කැරැල්ල ඇතිවුණේ 236 AL අවුරුද්දෙයි. පළමු හේගොන් ගේ පුතා වෙච්ච තෙවෙනි ඩේමොන්ගේ නායකත්වයෙන්. එසොස් වල නිදහස් නගර වලින් සාදාගත් හමුදාවත් සමඟ වෙස්ටරොස් වලට ගොඩ බහිනවා. ඔහු බලාපොරොත්තු වෙනවා පළමු ජයග්‍රහණ කීපයකින් සමඟ වෙස්ටරොස් වල වංශ වලින් තම පැත්තට සහය ලැබෙයිද කියලා. හැබැයි මේ වෙද්දි බ්ලැක්ෆයර් මුල් කැරැල්ල වෙලා අවුරුදු 40 ක් ගෙවී ඇති නිසා, මේ වෙද්දි ඉන්න වංශවතුන්ට මේ හමුදාව පෙනුණේ අහුලගත්ත කුලි හමුදාවක් විදියටයි. Wendwater Bridge නම් සටනෙදි උසැති ඩන්කන් නම් නයිට්වරයා විසින් තෙවෙනි ඩේමොන් ව මරා දමා මේ කැරැල්ල නිම කරනවා.
පස්වෙනි හා අවසාන එකට වෙනම නමක් කියනවා. ඒ ගැන තමා මේ පහළ කියවෙන්නේ.
ස්ථානය – සත් රාජධානිය, වෙස්ටරොස්.
ප්‍රතිඵලය – සිංහාසනය කැරැල්ල පරදා ජය ගැනීම.
————-
War of the Ninepenny Kings
මේ තමා අවසාන බ්ලැක්ෆයර් කැරැල්ල. මේ කැරැල්ල වෙන කාලේ වෙද්දි අපි රූපවාහිනි කතා මාලාවේ දකින සමහර චරිත අපිට හමුවෙන්න පටන් ගන්නවා. මේ කැරැල්ලට නායකත්වය දෙන්නෙ බ්ලැක්ෆයර් පරම්පරාවේ අන්තිමයා හා කැරැල්ල ආරම්භ කරපු ඩේමොන් බ්ලැක්ෆයර්ගේ මුනුබුරා විසිනුයි. ඔහුගේ නම මේලිස් බ්ලැක්ෆයර් නොහොත් යක්ෂ මේලිස් බව කියවෙනවා. ඒ වගේම වෙස්ටරොස් වෙත යන්න කලින් හරිහමන් හමුදාවක් නඩත්තු කරන්න ඕනා හින්දා ඔහු නිදහස් නගර වලදී කුලී හමුදාවක් පටන් ගන්නවා. ඒකේ නම රන් කණ්ඩායමයි.
එහි නායකත්වය දරපු මේලිස් විසින් තවත් මුහුදු කොල්ලකාරයෝ, ජාවාරම්කාරයෝ හා එකිනොකි සියලු දෙනා එක්ක හදාගත් හමුදාවෙට වෙස්ටරොස් වල උසුළු විසිලු නම් පට බඳිනවා. ඒ අනුව තමා බොහොම අපිළිවෙළ සුළු හමුදාවක් කියල ඇඟවෙන්න Ninepenny කියන නාමය යෙදෙන්නේ.
මේ හමුදාවෙන් මුලින්ම කරන්නේ ලිස් හා මිර් අතර තියෙන හැමදා කාටද අයිති කියන තර්කයට පදනම් වෙච්ච භූමිය අල්ලාගන්නවා.
එතන ඉඳන් අර මම කලින්ම පළමු මිනිසුන් වෙස්ටරොස් වලට ආව හා පසුව Children of the Forest වරුන් විසින් දූපත් පෙළක් කළ Stepstones නම් දූපත් පෙළ හරහා වෙස්ටරොස් වෙත ආක්‍රමණය දියත් කිරීම තමා ඔවුන්ගේ අරමුණ වුණේ.
හැබැයි වෙස්ටරොස් වලට පය තියන්න කලින් ටාගේරියන් වරුන් විසින් අර Stepstones හිදී ආක්‍රමණික හමුදාවට මුහුණ දෙනවා. විශේෂයෙන් බ්‍රෙන්ඩන් ටලී (නෙඩ් ස්ටාක් විවාහ කරගත් කැට්ලින් ටලීගේ මාමා) හා සර් බැරිස්ටන් සෙල්මි (කවුද කියලා කියන්න ඕනා නෑනේ. පහුගිය කොටසක ඩැනේරිස් ගාව ඉන්නකොට හාපිගේ පුතුන් අතින් මිය ගිය කෙනා) දක්ෂ ලෙස සටන් කළ බව කියවෙනවා. විශේෂයෙන් බැරිස්ටන් සෙල්මි තමා ද්වන්ධ සටනකින් බ්ලැක්ෆයර් පරම්පරාවේ අන්තිමයා වෙච්ච මේලිස් බ්ලැක්ෆයර්ව මරා දාල මේ කැරලි මාලාව සදහටම අවසාන කරල දාන්නේ.
අපි මීට කලින් දැකපු අය ගැන සදහන් කරනවා නම්, මේ සටනට කලින් දා තමා ටයිවින් ලැනිස්ටර් (සර්සිගේ තාත්තා) නයිට් පදවියෙන් පුද ලබන්නේ. ඒ වගේම ඔහු හා සමඟ සටන් කළ බාල සොහොයුරා වූ කේවන් ලැනිස්ටර් සටන අවසානයේ නයිට් පදවියෙන් පිදුම් ලැබෙනවා. ඔවුන් දෙදෙනා සටන් කළේ ඒරිස් කුමරුගේ හමුදාවේ. මේ කියන ඒරිස් කුමරු තමා පසු කාලෙක පිස්සු රජා වෙන්නේ. ඔහු තමා අපි දන්න ඩැනේරිස් ටාගේරියන්ගේ තාත්තා. ඒ වගේම සර් බැරිස්ටන් සෙල්මිව පසුකාලෙක මේ දක්ෂකම් හින්දා කිංග්ස්ගාර්ඩ් සේවයට උසස් කරනවා. ඒ වගේම, ලිට්ල්ෆින්ගර් හෙවත් පීටර් බේලිෂ් ගේ පියා, ටලී වරුන් සමඟ හිතවත් වීම නිසා කුඩා පීටර් බේලිෂ්ව ටලි වරුන් සෙවණේ ඇති දැඩි වෙන්න ඉඩ දෙනවා. ඕකට ගිහින් තමා ඔහු කැට්ලින් ස්ටාක් එක්ක පෙමින් වෙළෙන්නේ. (හැබැයි ඇයට බඳින්න වෙන්නෙ නෙඩ් ස්ටාක් ව. ඔය ආදර කතාව හින්දා තමා පීටර් තාමත් ස්ටාක් වරුන්ට කැමති)
ආරම්භය – ~259 AL
අවසානය – ~259 AL
ස්ථානය – වෙස්ටරොස් හා එසොස් අතර ඇති ස්ටෙප්ස්ටෝන් නම් දූපත් පෙළේ.
ප්‍රතිඵලය – සිංහාසනය කැරැල්ල පරදා ජය ගැනීම.
– බ්ලැක්ෆයර් පරම්පරාවේ අවසානය.
——————-
Reyne Rebellion
මේ තමා සර්සිගේ පියා වූ ටයිවින් ලැනිස්ටර්ගේ බලපරාක්‍රමය දසත විහිඳුවන්න හේතු වෙච්ච කැරැල්ල. ටයිවින් හා කේවන් War of the Ninepenny Kings යුද්ධයෙන් පස්සෙ නයිට්වරුන් වෙලා ආපහු වෙස්ටලෑන්ඩ් වල කාස්ට්ලිරොක් බලා යන්නේ තම පියාණන් වූ ටයිටස් ලැනිස්ටර් විසින් පවුලේ ධනය වැඩකට නැති ආයෝජන වල යොදෝලා විනාශ කළා වගේම අපකීර්තියට පත්කරපු තම පවුලේ නම්බුව රැකගැනීමේ අභිප්‍රායෙන්. මේ කාලේ සර්සි කියන්නෙ කුඩා ළමයෙක් බව කියවෙනවා. කොහොමහරි ටයිටස්ගේ දුර්වල පාලනයට එරෙහිව ඔවුන්ගේ උපවශයක් වගේම වෙස්ටර්ලෑන්ඩ් වල දෙවෙනියට ධනවත්ම පවුල වෙච්ච කස්ටමියර් වල රෙයින් වංශය විසින් ලැනිස්ටර් වරුන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. මුලින්ම ඔවුන් ටයිටස්ව විනිශ්චයකාරයන් ඉදිරියේදී අපකීර්තියට පත් කළාට පස්සෙ තමා කැරැල්ල ගහන්න පටන් ගන්නේ.
රෙයින් වංශයේ සලකුණ වුණේ රතු සිංහයායි. ලැනිස්ටර් වරුන්ගේ සලකුණ රන් සිංහයායි. ඒ හින්ද තමා මේක සිංහයන් අතර සටනක් බවට සලකුණු වෙන්නේ. කොහොමහරි ඒ කැරැල්ල බොහොම දරුණු විදියට මර්දනය කරන්නෙ බොහොම කපටි, තරුණ ටයිවින් විසින්. ඒකෙන් තම පවුලේ ගෞරවය ආපහු ඇතිකරගන්න ටයිවින් සමත් වෙනවා. එම පරපුරේ කුඩා ළමයා වෙනකම් සියලුම දෙනාව මරා දාල ඒ වංශය සදහටම ඉවත් කරලා දානවා. ඒ දරුණු මර්දනයෙන් පස්සෙ පස්සෙ “ලැනිස්ටර් වරු කවදත් තම ණය ගෙවනවා” කියන ඔවුන්ගේ ප්‍රසිද්ධ පවුලේ ආදර්ශ පාඨයට නරක පැත්තට තේරුමක් එකතු වුණා කියලා කියවෙනවා. හැබැයි එම වංශයේ නිල ආදර්ශ පාඨය වෙන්නෙ Hear Me Roar! කියන එකයි. ඒ වගේම අර මර්දනයෙන් පස්සෙ තමා The Rains of Castamere කියන ප්‍රසිද්ධ සිංදුව ගෙතෙන්නෙ.
ආරම්භය – ~260 AL
අවසානය – ~260 AL
ස්ථානය – වෙස්ටලෑන්ඩ් හී කස්ටමියර්.
ප්‍රතිඵලය – රෙයින් වංශයේ අවසානය.
– වෙස්‍ටලෑන්ඩ් හී බලය ආපහු ලැනිස්ටර් වරු සම්පූර්ණයෙන් සතු කර ගැනීම.
———
Defiance of Duskendale
මෙනමින් හැඳින්වෙන්න සටන සිදුවුණේ 276 AL සමයෙදීයි. මේ කාලේ රජකම් කළේ අපි නිතරම කතා කරන දෙවෙනි ඒරිස් ටාගේරියන් නම් රජතුමායි. එහෙම කිව්වට වැඩියෙ මත්කෙට ආවෙ නැතුවට පිස්සු රජා කිව්වොත් නම් නිකන්ම මතක් වෙයි නේද? හැබැයි මේ දෙවෙනි ඒරිස් ටාගේරියන් රජතුමා 259 AL වල්දී රජකමට පත්වෙන කොට එහෙම ස්වභාවයක් තිබිල නෑ. ඇත්තෙන්ම ඔහු රාජ්‍ය පාලනය පටන් ගන්නේ බොහොම සුභවාදි විදියටයි. ඔහුගේ පියාගේ හා සීයාගේ කාලේ ඉඳන්ම රාජ සභාවේ උන්න මහලු අයව අයින් කරලා තරුණ ශක්තිමත් අයව ඒ වෙනුවට ආදේශ කරපු බව කියවෙනවා. ඉතින් ඔහුගේ රාජ්‍ය සමය මුලින් හොඳ විදියට ආරම්භ වුණත් පසුව තමා ඔහුට පිස්සු වැටෙන්නේ. එහෙම පිස්සු වැටෙන්න හේතුවුණේ මේ සටන කියල කියවෙනවා.
සටන ගැන කතා කරන්න කලින් කියන්න ඕනා, මේ රජුගේ පුරෝහිත හෙවත් හෑන්ඩ් ඔෆ් ද කිංග් විදියට උන්නේ ටයිවින් ලැනිස්ටයි. ඔහුව ඒ තනතුරට බඳව ගත්තේ අපි කලින් කතා කරපු රෙයින් වංශය විසින් ඇති කරපු කැරැල්ල මර්ධනය කරපු ආකාරය ගැන පැහැදිලා කියල කියවෙනවා. ඉතින් මේ අතරතුරේදී ටයිවින්ට ඕනා වෙනවා තමාගේ දියණිය වෙච්ච අපි හැමෝම දන්න සර්සිව පිස්සු රජාගේ පුතා හා ඊලඟ උරුමක්කාරයා වෙච්ච රේගාර් ටාගේරියන්ට බන්දලා දෙන්න. හැබැයි පිස්සු රජා කරන්නෙ ඒක ප්‍රතික්ෂේප කරල ඩෝන් වලින් කුමාරිකාවක්ව රේගාර්ට බන්දල දෙනවා.
ඩන්කන්ඩේල් වල ඩෙනිස් ඩාක්ලින් නම් සාමිවරයා රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරලා නව නගරයක් හා තම වැසියන්ට අයිතිවාසිකම් වගයක් ඉල්ලා සිටිනවා. මේ වෙලාවෙදි රජු තීරණය කරනවා, තමන් සමඟ අමනාපයෙන් ඉන්න ටයිවින් ව පැත්තකින් තියලා, තමුන්ම ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න. ඉතින් රජු කුඩා සේනාවක් එක්ක යනවා ඩෙනිස් ඩාක්ලින්ව මරල දාන්න. හැබැයි වෙන්නෙ ඩාක්ලින් රජුව තම බලකොටුවෙ හිර කර ගන්න එකයි.
ඊට පස්සෙ ටයිවින් විසින් විශාල සේනාවක් අරගෙන බලකොටුව වටකළත්, ඔහුට මුකුත් කරගන්න ලැබෙන් නෑ මොකද ඔහු එක අඩියක් හෝ තිබ්බොත් රජුව මරන බව කියන නිසා. මෙන්න මේ වෙලාවේ බැරිස්ටන් සෙල්මි හොරෙන්ම බලකොටුවට රිංගල රජුව බේරගන්න සමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රාණ ඇපකාරයෙක් නැති ඩාක්ලින් සාමිවරයා ගේට්ටු ඇරල ජීවිත දානය ඉල්ලුවත් ඔහුව හා ඔහුගේ පවුලේ සියලු දෙනාව ඝාතනය කරනවා. ඒ වගේම ඔහුට උදව් කරපු ඔහුගේම උප වංශයක් වෙච්ච හොලාර්ඩ් වංශයටත් අත්වෙන්නෙ ඒ ඉරණමමයි. හැබැයි බැරිස්ටන් සෙල්මිගේ ඉල්ලීම හින්දා කුඩා ළමයෙක් වෙච්ච ඩොන්ටොස් හොලාර්ඩ්ව බේරනවා. ඒ තමා ජොෆ්‍රි රජුගේ කවටයෙක් වෙලා ඉඳලා, බේලිෂ්ගේ උපදෙස් පිට සන්සව මඟුල් ගෙදර දා පිටමන් කරන කෙනා. මතකයි නේද බේලිෂ් අන්තිමේ ඔහුවත් මරල දානවා.
කොහොමහරි මේ සිදුවීමේන් පස්සෙ රජුගේ මානසික ස්වභාවය වෙනස් වෙන්න ගත්තා කියල කියවෙනවා. මේ අතර තමා පිස්සු රජා ටයිවින්ගේ පුතා වෙච්ච ජේමිගෙ දස්කම් දැකලා ඔහුව කිංග්ස්ගාර්ඩ් ආරක්ෂක සේවයට බඳවගන්නවා. ඕකට ටයිවින් බොහොම අවුල් යනවා. මොකද ඔහුට එතකොට ඉතුරු වෙන්නෙ පවුල ගෙනියන්න කොට ආදිපාදව විතරයි. මෙන්න මේ හිත් අවුලත් එක්කම තිබ්බ නොහොඳ නෝක්කාඩුව තවත් උග්‍ර වෙලා ටයිවින් තම තනතුරෙන් අස් වෙලා කාස්ට්ලි රොක් වෙතට ආපහු යනවා.
ආරම්භය – 276 AL
අවසානය – 276 AL
ස්ථානය – ක්‍රවුන්ලෑන්ඩ් හී ඩන්කන්ඩේල්.
ප්‍රතිඵලය – ඩාක්ලින් හා හොලාර්ඩ් වංශ වල අවසානය.
———-
ඊළඟට අපිට තියෙන්නෙ බොහොම රසවත් හා විස්තර වලින් පිරුණු රොබට් බැරැතියන්ගේ කැරැල්ලයි. මේක වෙස්ටරොස් වල ඉතිහාසයේ ප්‍රමුඛතම සිදුවීමක් මෙන්ම අපි නිතර නිතර කතා කරපු හා වෙනත් කාරණා වලදී නිතරම ඇදිල ආව සටනක්. මේ සිද්ධිය වෙන්නේ රූපවාහිනී කතා මාලාවේ පළමු කොටස පටන් ගන්න හරියටම අවුරුදු 17 කට විතර කලිනුයි. ඉතින් ඔන්න මේ සටනේ වෙච්ච සිදුවීම් ටික එකින් එක බලන එක ලබන සතියට කල් දාමු. එදායින් මේ ලිපි පෙළ අවසාන වෙනවා.
ඔයාල අහපු ප්‍රශ්න වල පිළිතුරු මම ඉදිරියේදී ලබාදෙන්නම් මේ ලිපි මාලාව ඉවරයක් කරලම. සමහර විට ඒ වෙද්දි ඒ සමහර ප්‍රශ්න වලටත් පිළිතුරු ලැබෙයි. බලමු ඉස්සරහට.
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.384
Due to copyright issues, we do not provide any torrent links.
71,364 downloadsDownload GOT.S05.E08.Sinhala.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
138 comments
Keshan Wasala
නුවන්
හැමදාම එකම හෑල්ල ලියන්නැතුව ලියන්න දෙයක් නැත්තං සබ් එක විතරක් දීපං බං...
නිකං අපේ වෙලාව කන්නෙ නැතුව...harshana
Royili ayye ph eken baladdi .ssa eka poddak kachal. Puluwan nam .srt walin hari .idx walin wage denna balanna. E wagema lip liyana eka nawaththanna epa. Apita oya poth kiyawanna bane. E nisa me lipi watinawa.
x man
Yako ubata meka wisthare kiyawanna bari nam nikam idapiya. Metha awith loku tlk denne nathuwa. Maha ra wenakam sub eka liyala wenna athi neh me welawata meka dila thiyenneth. Ubala wage kelehi gunayak danne nathi yakku nisa thamai minihekuta hariyata wadak karanna wath bari me rate. Thopi methanata ennne nathuwa eng sub ekath ekka balapiya. Yako me tv eke me tharam hodata dala dena sub eka ekka baluwath kathawa hariayata thrum ganna amarui.
Mama nam royly aiye oya ge me rasawath lipi nisama thamai meka asawen balanne. Api dannawa me wage mi harak kiyana ewwa oyala satha pahakatawath ganan ganne na kiyala. Jaya wewa next episode eken hamuwemu.
සිනෙත් ගමාච්චිගේ
ඉස්සෙල්ලම ඔලුව අතගාලා බලපන් අං දෙකක්වත් ලාවට එනවද කියලා.මේ විදිගට මහන්සි වෙලා උපසිරැසිය හදන්නේ කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි. මී හරකෙක් වගේ කමෙන්ට් දාන්න කලින් පොඩ්ඩක් උපසිරැසියක් හදලා බලපන්.එතකොට තේරෙයි ඒකේ තියෙන අමාරුව.තොපි වගේ උන් මේ සයිට් එකට එන්නේ නැත්තම් ගොඩක් හොඳයි, ඇත්තටම මම කියන්න කැමතියි කිසිම දෙයක් නිකන් ලැබෙනකොට කිසිම අගයක් නැහැ. ඒක හින්දා පොඩි හරි ගානක් ගෙවලා හරි සයිට් එකට රෙජිස්ටර් වෙන්න හැදුවනම් ඔය සේරම හරියයි, රොයිලි අයියේ.
Oberyn Martell
මේ වගේ ජාතකේ අවුල් තියෙන උන්( නුවන්/රංග ) බ්ලොක් කරන්න විදිකක් නැද්ද මේ සයිට් වලින්
Inusha Ambagahawaththa
Roil aiye oya ponnayo kiyana katha ganan ganna epa..api wedak karaddi ekata wiruddawa katha karana minissu godak innawa kiyanne..hathuro godak innawa kiyanne api karapu wede hariyatama karala kiyana eka..aiye minihek diyunu unoth hathurek ge issarahin genath thiyanne mal wadamak..apita weradunoth hathurek genath thiyanne mal pokurak..aiyta ara ponnaya arema katha kiyanne aiya sarthaka nisai.. aiyala me site eken karanne loku sewayak..eka api agaya karanawa.. ara Nuwan Ranga kiyana nam walin ena awajathaka un wenuwen aiyalage watina kalaya weya karanna epa thathparaakwath...ita wada hodai e welawe ballekta kanna bath tikak gihin denwa...aiyage lipi nisa kathwa gemmen balanna puluwan..lipiya adu unama gemma madi..mara mahansiwela eka liyana bawa api dannawa..thanxx hodeee...
jaya wewa !!!lol
ow bn ape hondata e mnussaya diga wistharayak liyanne apita kathawa therum ganda.eyata onenam noliya enda thibuna..
ඉසු ඩිපි (Isu DP)
ආයිත් අහලා, මේ විස්තර නැත්නම් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ කතාව බලයි, මෙලෝ තෙරුමක් නැතුව.
එක නිසා දිගටම ලිපි ඔනේ. එක උගුඩුවෙක් කෑගහලා තිබුනා දැක්කා. අපේ කට්ටිය උට සලකලත් තියෙන්නෙ ආයි මදි නොකියන්න. :-P
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DUdara Madawa
අඩෝ මේ නිකන් පොන්න කත කියන්නෙපා. තොපි වගෙ බල්ලො හින්ද තමයි මෙ රටට හෙන ගැහිල තියෙන්නෙත්. කෙනෙක් හොද දෙයක් කරද්දි එ දේට වචනෙකින් හරි උදව් කරනවා වෙනුවට කුප්ප කතා කියලා එ කෙනට කරන හොඳ දේත් එපා කරන්නෙපා පොන්නයො. තව දෙයක් මන් මෙතන ඉන්න අනිත් බුද්ධිමත් අයගෙන් සමාව ඉල්ලනවා කුනුහරප කියෙව්වට.එත් මෙ වගේ අවජාතකයොන්ට මෙ භාශාවෙන් නොකිය බැහැ.
රංග
නුවන් සිරා මචං.
බය නැතුව කියන්න ඕන දේ කියලා තියෙනවා,
මේකේ ඉන්න ගොඩ බයියන්ට මේවා තමයි විස්තර. යකෝ පොඩ්ඩක් හොයලා බලහං මේවද ඇත්ත විස්තර කියලා.
මොනාද යකෝ මේ ගොබ්බ නම්?
කොට ආදිපාද. ජෝජ් මාටින් දන්නවනං බඩ කපං මැරෙනවා.Keshan Wasala
අනේ නුවන් මහත්තයෝ අනේ රංග මහත්තයෝ උබලා මේ ලිපි වලට අකමැති නම්. මේකේ තියන නම් වලට අකමැති නම් පව් නොදී ගොහින් ඉංග්‍රීසි සබ් එක්ක බලපං මොකටද මේ ටයිප් කරලා මහන්සි වෙන්නේ ... මේ ලිපි කියවන එවුන් ඕනේ තරම් ඉන්නවා මේ පහල.. උන් දන්නවා මේ කතාව උබල වගේ අවට ගියාට ඔය සුපිරි විරයෝන්ගේ කතා වගේ බලලා වැඩක් නෑ කියලා ඉතින් එහෙම එවුන්ට හරි කියවන්න රොයිලි අයියා මහන්සි වෙලා සබ් හදල විතරක් නෙමෙයි මහන්සි වෙලා ලිපිත් ලියලා අපිට දෙන කොට මොන අහවල් එකකටද උබලා මෙතන බෙරිහන් දෙන්නේ මේ ලිපි කියවල බලපල්ලා හැමදාම එකමද කියන්නේ කියලා උබල ඕක තේරුම් ගන්න බැරි තරම් මැටි මොල්ලු නම් මේ කතාව බලන එක නවත්තපල්ලා.. මේ පෝය දවසේ පව් නොදී ගිහිං පිනක් දහමක් කරගනින් ...එන්න එපා මේ පැත්ත පළාතේ හිපාටුවෝ ටික..
රොයිලි අයියේ සමාවෙන්න ඕනේ මේ උගුඩුවො ටික කියන එව්වා ගණන් ගන්න එපා!!
chathu
pinata sub eka aragena mahansi vela sub dana unta thawa ekak ewa kiyannath enawa ponnayo denna. yako mewala thiyenne aththa visthara ubala wage gon vesiyonta mewa therenne na. mekata enawa nam avilla sub down load karan palayan puka nodi ape kollanata mukuth nokiya.
thanks roy saho saubwala eka eka ponnayo ka gahuwqata ganan ganna epa digataa sub denna.නුවන්
අනේ බං රොයිලි,
උබ මගේ ජාතකේ හොයන්නේ උබ හොයා ගනිංකෝ උබේ.
“මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර “ උබම මෙහෙම දාගෙන අපේ ස්තූතිය ඉල්ලන්න ලැජ්ජ නැද්ද බං.
අහිංසක කොල්ලො රවට්ටං සබ් හදාගෙන සයිට් එකෙං සල්ලි හොයන්නේ අපිද.
ලැජ්ජයි ඕයිනුවන්
මූ හිතං ඉන්නේ මූට වඩා එකෙක් නෑ කියලා.
හරියට කොල්ලෙක් වැඩක් කරං ඉන්නකොට මූට ඉරිසියාව ගහලා ඌව එලෝ ගන්නවා.
උබට වඩා වැඩ්ඩෝ ඉන්න බවත් මතක තියා ගනිං.--------
නුවන් හෝ මොකක් හෝ නමක් තියෙන ඔහේට දෙන්න තියෙන උත්තරෙත් මෙතෙනම දෙන්නම්. ඔයා කතාව පටන් ගත්තෙ ලිපියෙ අඩුපාඩු කියලා. දැන් මේ එලෝපු කතාවක් කියනවා. හොඳටම තේරෙනවා කවුද මෙතන කුහක කියලා. තාමත් වටේ යනවා මිසක් කෙලින් කතා කරගන්න බැරිව දඟලනවා. කෙලින්, හරි නමෙන් ඇවිල්ලා කතා කළානම්, ඔහේට වෙච්ච ප්‍රශ්නෙට මීට වඩා හොඳ උත්තරයක් දෙන්න තිබ්බා. ඔයාගේ උපසිරැසියක් අපි දෙන්න බෑ කිව්වද? ඒකද මේ? අනික මේ ලිපි කියවන්න කියල ඔයාට මෙතන බල කරල නෑ. කියවන්න බැරිනම් නෑවිත් හිටියනම් හරිනේ. කෙල්ලෙක් කමෙන්ට් එකක් දැම්මහම නලියලා කුණුහරුප කමෙන්ට් දාන, තමුන්ගේ ප්‍රශ්නෙ හරියට කෙලින් කියාගන්න බැරි උඹ හරිම පජාත පොරක් බන්. ඒකනම් මම හරියටම කිව්ව කලින් කමෙන්ට් එකෙනුත්. උඹම ඒක ඔප්පු කරගන්නවා.
JustToGetPriority
අඩෝ අපි උඹේ ලිපි කියවනවා ඩො!!උඹ/උඹේ ලිපි නැත්නම් අපි GOT වලට Love කරන්නේ නෑ <3 අනික මම මේ ටිකම තමයි Bookmark දාලා අපේ එව්න්ට දෙන්නෙත් කියවපන් කියලා..මේවා නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ ඔයි!
Thats all XDLahiru
Ela Suraaa....
ROACH
roily saho me buruwo kiyana ewa ganan ganna epa. api oya dana dewal kiyawanawa. mun ka gahanne mun hariyata apita sub denawa wage
නයන
කවුරු කොහොම කිව්වත් මේ ලිපි අපි හැමදාමත් ආසාවෙන් කියවන්නෙ. කියවන්න බැරි කෙනෙක් ඉන්නවනම් කට වහන් ඉන්න. රොයිලි සහෝ.. අපිට මේ ලිපි ගොඩක් වටිනව. දිගටම දෙන්න.
Gamage
kawda ban roily ayye mey nuwan kiyana halaya. api GOT walata mey tharam asa roilyge sud ekai lipi pelai nisa, maha gon ponna katha kiyana un gana salenna epa, anika wadima sub karapu oyata mey gon talk danne irisiyawata
devinda
Nuwan,Ranga mcn mata umbala wage unta kynna dyk na.umbala wage unta mama danna ekama nama awajathakayo kyna eka witharai.amma thaththa ahawal wade kupadi kamata krapu nima api me loketa awa kyla hithana SANNASGALA type eke ponnayo umbala.sinhala danne na wage hitapanko me tika kywanne nathuwa.api sinhala.apita time tyenwa bn kywanna.umba loku talk nathuwa sub eka bagena palayan.naththan English sub eka dagena blapan.
lol
ow bn ape hondata e mnussaya diga wistharayak liyanne apita kathawa therum ganda.eyata onenam noliya enda thibuna..
lol
Palla PO****O yanda
cham
GOT wala yana wala kali tika witharak balana unta uba oya dana wisthara therenne na ban. wala scene tike sub tika witharak thibunama unta hodatama athi...
SSG
එල Comnt එක මචන්.@x manඇන් උබ නිකන් දෙන්නේ නැතුව ඉන්නවද. උබ වගේ එවුන් තමයි උන්ම සබ් දාගෙන උන්ම cඔම් දාගෙන ප්‍රසිද්ද වෙන්න හදන්නෙ
SSG
uba atha gala balaganinko ube oluwa. ube oluwe an enne neththnam passa paththa atha gala balaganin.
Achintha Sameera
නුවන් ssg
සබ් එක දෙන එකාටත් එපා කරවන්න එපා බන්,,
දෙන විදියට අරගෙන බලපන්කො බන් සබ් එකAchintha Sameera
බොක්ක උබ ඕවා ගණන් ඵන්න එපා
ishan
hukahan ponna raogayo
dasun
thanx
charith
ඉක්මන්ටම sub එක දීල තියෙන්නෙ,
නියමයි.mahima
ස්තුති සහෝ :) :)
තව එපිසොඩ් දෙකයි කියලා මතක් වෙද්දි දුකේ බෑ :'( :'(
මොනවා වෙවිද කියලා හිතා ගන්නත් බෑ හැමදාම වගෙ
ඉතිහාස පාඩමටත් ස්තුති සබ් එකටත් ස්තුති !! :) :)Sahanya
බොහෝම ස්තූතියි සහෝ..
chanaka
mechchara loku deyk kohoma krnwda kyla hithagnna bha..
sirawatama mchan ubala maara porawal..
thank you very much..Prabhath
elaaaaaaaaaaaaazzzzz .!!!!!!!
samee
Ane manda royly aiya sub ekata wadiya post eke type karala wage. Mona unath me tv eka balana ayata loku sadharanayak karanawa oya. Jaya!!
Malinda
Thanks machan sub eka dankan aharan hitiye... elazzz :)
Damith
අම්බේ සබ් එක දෙනකම් බලං හිටියේ
තැන්ක් වේවා .buddhika
ada lipiyat maru ....sub aktat tnx
Nivandaka
aka aka labbo kiyana ewa ganan ganna epa.GOT kiyanne monawage pasubika yana kathawakda kiyala dna ganna pirisa wadi. ekek dennek ara kathawak yanawata balana un innwa. oya me karana wade suppa. thanaks godak. oyage kalaya kaparalameka apita denawa kiyanna mole tiyana unta therenawane. obata jaya.
Lakshan
Thanks saho....
නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජය වේවා !
Ravindu Thenabadu
එක එකා කියන ඒව ගනංගන්න එපා අයියෙ. අවංකවම නම් මං මේ කතාව බලන්නෙ නෑ. ඒත් අනිවා ඔයාගෙ ලිපිය කියවනවා. ඒකෙන් සෑහෙන දෙවල් දැනගන්න පුළුවන්...
තෑන්ක්ස් අයියෝ....
harsha
රොයිලි මම නම් මේ කතාවට වඩාත්ම කැමති මේ විස්තර නිසයි. මේ ටික කියවලා ඉවර වෙලා තමයි කතාව බලන්නේ. මේ වැඩෙන් මීට වසර 5කට කලින් ගිය කොටස් පවා මතක් වෙනවා. වෙනස එපා මේවිදිය හොඳයි ඉතුරු කොටස් 2ක් මෙහෙමම යමු. ජයවේවා
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa.....history lesson eka hinda full tv series ekama therum ganna puluwan wenawa....kohewath enna pandithayan kiwwata oya me wade atha arinna epa aiye....digatama wade karan yanna....
THARINDU
LIPIYTI,SUB AKTI GODAK THANKS.LIPIYA GODAK WATINEWA.
Anushka
ඔයා සෑහෙන්න මහන්සි වෙනවනේ සහෝ මේ වැඩේට, ඔයාගේ කාලය කැප කරගෙන.
සුපිරි වැඩක්. ලිපි පෙළ සුපිරි.Dimal
බොහෝම ස්තූතියි රොයිලි සහෝ , අනිවා ඔයාගෙ ලිපිය කියවනවා. කියවලා ඉවර වෙලා තමයි කතාව බලන්නේ ස්තුතියි රොයිලි.ජය වේවා !
Sam
thnkss sahoo..aniw aoyage lipiya godak watinawa..eka kiyewwma tamai katawa hodata terenne..
jaya wewa,,elzz..vimukthi
නියමයි...
D.Chamara
niyama wetharayak sahooo niyamai thanks sahoo
Dean
thx mchn sub and kuppi tikata
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
R.D
Patta Royly Aiye...........ක්ෂණිකව සබ් එක ගේනවට බොහෝම ස්තුතියි.මේක එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නේ......
Jay
Thankz machan.....
Jaya Wewa.....kavinda
niyamai saho thankz wewa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharindu Chathuranga
Thanx .... supiriy pahadili kireema
neranji
පොත නොකියවපු කෙනෙක්ට මේ තොරතුරු හරිම වැදගත් වෙනවා!! මේ පොත් ටික ගෙන්වා ගන්න ලාබදායී ක්‍රමයක් නැද්ද? මම කියලා තියෙන්නෙ වෙන අයගෙන්. ඔක්කොම කලෙක්ෂන් එක ගන්න ඕනෙ
Dean
torrent site ekaka search krnna poth tika hoya ganna puluwan PDF version
Tharindu
Thank you very much roily aiye.... ela ela me parath lipiya hodatama dila thiyanawa.....katawa hodata pahadili wenne lipiya kiyawala baluwama...itin bann dala kiyewwa.....bohoma pin hode...:-)
Nchamara
thnks..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න රොයිලි අයියේ හොරා වගේ ඊයේ ම කතාව බලවා..
දැන් තමයි මේ කමෙන්ට් එකක් දාන්නේ..
මමනම් හිතුවෙම ජෝනා ඊයේ මළාම තමා කියලා...
ලේ වතුර වෙලා හිටියේ..
ඔන්න ඊයේ කොටහන්ම් කියලම වැඩක් නැහැ...
ටිරියන් උන්නැහෙත් හොද ටෝක් ටිකක් දෙනවා නේද..
ඒත් පව් අර ජෝරා...
එහනම් දැනුයි ඔන්න් කතාව නැගලා යන්නේ මටනම්..
ජය වේවා!!යශෝධ
සෑහෙන දවසකට පස්සේ ආපහු GOT බලන්න සෙට් වුනා.. අග මුල හිර වෙලා හිටියේ.. ලිපි ටික නම් ලොකු උදව්වක් ලොකු අයියේ ඒ නිසාම.. පස් වෙනි සීසන් එක ඇත්තටම හතර තරමටම හිතට වැදුනද කියන්න අමාරුයි. ඒත් ඉතින් මේ කතාවේ.. twists වෙන හැටි ගැන හිතුවම කොයි මොහොතේ මොන වගේ වින්නැහියක් වෙයිද කියලා බලාපොරොත්තුවක් තියාගෙන බලනවා. එල එලස්ස්ස්.. බොහොම ස්තූතියි උපසිරසට. ජයම වේවා...!
කේ.යූ.ජී. උදාර
සබ් එක වගේ ම මේ ලිපි මාලාවත් බොහොම වටිනවා. මේ විදිහට ම දිගට ම යමු රොයිලි..........
channa
බොහෝම ස්තූතියි සහෝ
ජයම වේවා…!HashN
Thanks bro
akalanka
තෑන්කූ වේවා මේ කරන්න වු උපකාරයට.. ජයෙන් ජය වේවා බයිස්කොප්
MaAl
Nice work brother. @ nuwan stfu man
pushpika
roili aiyage lipi tika nisa me katawa godak rasawath wenwa..thnx sub ekata.
roxy pedro
ගොඩාක් ස්තුතියි sub 1ට..
පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි, .srt type එකේ subtitle file 1කුත් දෙනවද? phone eke .ssa subtitles පිස්සු කෙලිනවා...ප.ලි.
description එක ගොඩාක් වටිනවා,ඒක දිගටම දාන්න.
ජයෙන් ජය!me
Thanks
Anymouse
Thanks Bro ...
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
වාව් වාව් රොයිලි අයියේ.
සබ් එක වෙනත් මාර්ගයෙන් දුන්නාටත් ස්තූතියි!!!
ඔන්න දැන් මේ සීසන් එක නියමේටම නැගලා යන්න පටන් ගත්තා කලින් එක වගේ.
කාරනෙ නම් කලින් එකේ එපි 5,6 වෙද්දී නැගලා යන්න ගත්තා.
මේකෙ දැන් තමා නැගලා යන්න ගත්තේ.
ටිරියන් කාරයා යම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්තු එක ඉදිරි සීසන් එකට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා.
වින්ටර් එක එනවා එනවා කියලා කලින් සීසන් එකේ සිට කතා කරපු එක දැන් අපිට දකින්න ලැබෙනවා. ඒක ජෝන් කාරයා බලාපොරොත්තු උනාට වැඩිය කලින් කියලා මේ එපියේ දැකගත හැකියි. ඒ වගේම දරුණු හමුදාවක් වයිට් වෝකර්ස්ලා ගාව ඉන්න බව අද දකින්න පුළුවන්.
බලමු ඉදිරි එපි දෙකේ මොකක්ද වෙන්නේ කියලා.
මං හිතන විදියට සර්සි අක්කාට නඩුවේ මොකක්ද ලැබෙන තීන්දුව තමා සීසන් එකේ අවසානය වෙන්නේ කියලා.
අර පැත්තෙන් රැම්සි හොඳම 20ක් අරන් සටනට ගියොත් සන්සාට පැන ගන්න අවස්තාවක් තියේවී.
මොකක්ද වෙන්නේ කියලා බලන්න ඉන්න තමා වෙන්නේ.සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ.
සුපිරි ලිපියටත් ගොඩාක් ස්තූතියි!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
එහෙනම් "The Dance of Dragons" කොටසින් හමුවෙමු.
ජයෙන් ජයම වේවා!!!!!Yukthi
sub ekat ela vistaret ela.....
thank you wewaSajeevi
Thanks
Lapz
thnkx bro....
tonkra
Mr.royly..thank you very much...
vinuk ashan
sub akt tnq ayye
discreption akth ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ගොඩක් ස්තුතියි අයියේ ඔන්න අද රෑ වෙනකම්ම හිටියා මේක එනකම් :D මෙන්න සබ ගත්තා බලලා ඉවර වෙලා ඇවිල්ල කියවනවා :)