අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S7E06 – Beyond the Wall] with Sinhala Subtitle (18+) | අපොයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 125 votes.
Please wait...

මේ හරිම කොපියයි. 🙂

ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම හින්දම ලීක් කොපියට සබ් එක දෙනවා. දෙම්දෝ නොදෙම්දෝ කියල හිතලා අන්තිමේ ඉල්ලීම් වලට ඉඩ දුන්නා. ඒක බලන්න පුළුවන් මට්ටමේ තියෙන හින්දා තමා දෙන්නේ. සඳුදට හරි එකට දාන්නම්. ලීක් කොපි සමහරක් කෑලි කඩල තියෙන්නේ. මේක සම්පුර්ණ එක. සමහර සම්පූර්ණ ඒවල අගින් කොටස් අඩුයි. ඉතින් අපි කියන එකම බාගන්න. නැත්තම් සඳුදා වෙනකම් ඉමු.

හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. මේ හයවෙනි කොටසයි. තව තියෙන්නෙ එක කොටසයි. සාමාන්‍යයෙන් අපි දන්නවනේ අන්තිම කොටසට කලින් කොටසේ අනිවා ප්‍රධාන චරිතයක නික්මයෑමක් හරි ලොකු සටනක් හරි තියෙන බව. අද ඒ ගැන දකින්න ලැබෙයි. එහෙනම් වෙනද වගේම සිතියම ඇසුරෙන් බලමු කලින් කොටසේ වෙච්ච දේවල් වුණේ කොහෙදිද කියලා.

මුහුද අසල නැගෙනහිර බලකොටුවේදී.. ( සිතියමේ අංක 01 )

මුල් කොටස් වලදි අපි දැක්කනේ වනචාරීන්ව මේ බලකොටුවේ මුර කිරීම බාර දෙනවා. මොකද දැන් කාසල් බ්ලැක් වල ඉන්නෙත් බොහොම සුළු නයිට්ස්වොච් ලා කට්ටියක් විතරයි. ඉතින් ජොන්, ජෝරා, ගැන්ඩ්‍රි ඇතුළු පිරිස එන්නෙ මෙතෙන්ටයි. මොකද බ්‍රෑන් වගේම හවුන්ඩ් පවා දැක්කා මෙතන්ට තමා ධවල ඇවිදින්නො පහර දෙන්නෙ කියලා. ඉතින් එක සොම්බියෙක් අල්ලගන්න ජෝන් ඇතුළු පිරිවර ඇවිල්ලා බලද්දි, ඒ වෙද්දිත් මෙතෙන්ට ආව හවුන්ඩ් ඇතුළු පිරිසව අත් අඩංගුවට අරන් ඉවරයි. කොහොමහරි අන්තිමේ මේ දෙගොල්ලො පිටත් වෙනවා එක සොම්බියෙක්ව අල්ලගෙන දකුණට ගෙනිහින් මේ තර්ජනය ඇත්තක් කියල ඔප්පු කරන්න.

වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 02 )

නිශාචර රජු නැගෙනහිර බලකොටුව දිහාට එන එක දකින බ්‍රෑන් ඒ බව දැනුම් දෙනවා ජොන්ට හා සිටඩෙල් එකට. මේ අතර ආර්යා දකිනවා උතුරේ වංශවතුන් ජොන් නැති එකට සමච්චල් කරන ගමන්ම සන්සට හොඳ කියන හැටි. පස්සෙ මේ ගැන ආර්යට දොස් කියනවා සන්සට. ඒ වගේම සන්සගේ යටි හිතේ නායකකමට තියෙන ආශාව ගැනත් ආර්යා දකිනවා. කොහොමහරි මේ අස්සෙ ලිට්ල්ෆින්ගර් ගේ ගැටේකටත් ආර්යා අහුවෙනවා. රොබ්ගෙ යුද්ධ කාලෙ කිංග්ස්ලෑන්ඩින් වල හිරකාරයෙක් වෙලා උන්න සන්සා ලැන්ස්ටර්වරුන්ගේ බලපෑම මත ලිව්ව පණිවිඩයක් තමා ආර්යට අහුවෙන්න ලිට්ල්ෆින්ගර් තියන්නේ. බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා.

ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )

මකරා පිටේ ආපහු ඩැනේරිස් ජොන්ව බය කරන්න වගේ ඔහු අසලටම මකරව මෙහෙයවනවා. හැබැයි ජොන් මකරව සුරතල් කරනවා. අපි දන්නවා වුණාට ජොන්වත් තවම දන්නෙ නෑනේ ඔහු ටාගේරියන් කෙනෙක් කියලා. ඒ වගේම ජොරාත් එතෙන්ට එනවා, පස්සෙන් පහු වේරිස් හා ට්රියන් කතා වෙනවා ඩැනේරිස්ව තනි තීරණ ගන්න එකෙන් වළක්වන්න ඕනා කියන එක ගැන. බ්‍රෑන්ගේ පණිවිඩය දකින් ජොන් පසුව ට්රියන්ගේ අදහසක් පරිදි තර්ජනය ඔප්පු කරන්න එක සොම්බියෙක්ව අල්ලගෙන එන්න තීරණය කරනවා. ඩැනේරිස් වෙනුවෙන් ජොරාත් ඔවුන්ට එක්වෙනවා. සර්සිටත් මේ සොම්බියව පෙන්වීම පිණිස, හමුවක් යොදාගන්න ට්රියන් හා ඩාවෝස් කිංග්ස්ලෑන්ඩින් බලා පිටත් වෙනවා. ඉන් පසුව ඔවුන් නැගෙනහිර බලකොටුව බලා පිටත් වෙනවා. ඩාවෝස් හා සමඟ එන බැරතියන් අවජාතක ගැන්ඩ්‍රි හා ජොන් තම පියවරුන් පිළිබඳ කතා කරනවා. හැබැයි ඔවුන් හිතන්නේ තම පියවරු යුද්ධ කරල දින්න බවයි. හැබැයි අපි දන්නවා ගැන්ඩ්‍රිගේ පියා තමා ජොන්ගේ නියම පියා වෙච්ච රේගාර්ව ඒ සටනෙදි මැරුවේ කියලා.

කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )

පණ බේරගන්න ජේමි සර්සිව මේ යුද්ධයෙන් අහක් කරගන්න හිතුවත් සර්සි නැවෙන්නෙ නෑ. පසුව බ්‍රොන් විසින් ට්රියන්ව ඔහුට මුණ ගස්වනවා. ටිකක් උද්වේගකර කතාවකට පස්සෙ සටන් විරාම ඉල්ලීමක් අරගෙන ජේමි යනවා සර්සිව මුණ ගැහෙන්න. හැබැයි මේ වෙනකොටත් සර්සි ඒ රහස් හමුව ගැන දන්නවා. සර්සිටත් ඕනා නියමිත වෙලාව එනකම් කල් මරන්නයි. මෙ අතර ඩාවෝස් ගැන්ඩ්‍රිව හොයාගන්නවා. ඔවුන් ආපහු ඩ්‍රැගන්ස්ටෝන් යන්න හදනකොට ඔවුන්ව මුරකාරයො දෙන්නෙක්ට කොටුවෙනවා. මුලින් නම් ලිස්සල යන්න සමත් වුණත් පසුව ට්රියන් හින්දා ඔවුන් ගැන සැක හිතනවා. ඒ වෙලාවේ ගැන්ඩ්‍රි තම පියා මෙන්ම තමුනුත් මිටිය හසුරවන්න දක්ෂයෙක් බව ඔප්පු කරලා එතනින් පැනගන්න සමත් වෙනවා.

රෝස මාවතේදී… ( සිතියමේ අංක 05 )

යුද්ධයෙන් පණ බේරගන්න සමත් වෙච්ච සොල්දාදුවන්ට දණ නමලා තමන් හා එකතු වෙන්න කියල ඩැනේරිස් කියනවා. එයට අකමැති වෙන රැන්ඩ්ල් ටාලිව හා ඩිකොන් ටාලිව පණපිටින් මකරා ලව්වා පුච්චනවා. මේ තීරණය වෙනස් කරවන්න ට්රියන් හැදුවත් ඩැනේරිස් එයට අකමැති වෙනවා. ඉතිරි සෙබළුන් දණ නවා යටත් වෙනවා.

ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )

බ්‍රෑන් එව්ව පණිවිඩය ප්‍රධාන ආචාරීන් විසින් පිළිගන්න අදිමදි කරනවා. එතන ඉන්න සෑම් ඒකට සෑහෙන්න උත්සහ දැරුවත් එය අසාර්ථක වෙනවා. පස්සෙ සෑම් ඔක්කොම දමල ගහල ආපහු යන්න තීරණය කරනවා, පොත් හා තවත් ලිපි ලේඛන වගයක් හොරකම් කරගෙනම. මේ අතර වැදගත් දෙයක් ගිලී දකිනවා. ඒක සෑම්‍ට එච්චර නොතේරුණත්, ගිලී හොයාගන්නවා, රේගාර් ටාගේරියන් තම විවාහයෙන් දික්කසාද වෙලා ආපහු විවාහයක් ඩෝන් කිට්ටුවදි කරගත් බව. මේ අනුව රේගාර්ගේ හා ලියෙන්නාගේ විවාහය වලංගු එකක්. ඒ කියන්නෙ ජොන් නිකන්ම ටාගේරියන් අවජාතකයෙක් නෙවෙයි. නීත්‍යානූකූල රේගාර්ගේ පුතෙක් හා ටාගේරියන් වරයෙක්, මිත්‍රවරුනී මේකෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි හිතනවට වඩා ලොකු බලපෑමක් මේ සිද්ධියෙන් කතාවට වෙනවා.

එහෙනම් මේ කොටස බාගෙන බලන්න. සඳූදා නියම කොපියෙන් ගේන්නම්. ඊට පස්සේ සතියෙ අන්තිම කොටස අරන් එන්නම්. අහ් කියන්න අමතක වුණානේ තරිඳු අයිය තාමත් එව්වෙ නම් නෑ. එව්වොත් සඳුදම දෙන්නම්. ජය෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – AMZN.WEB-DL, HDTV Proper AVS Releases. / BR – PSA

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

127 thoughts on “Game of Thrones [S7E06 – Beyond the Wall] with Sinhala Subtitle (18+) | අපොයි…. [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka chathuranga

    thanks machan

    Reply
  • Dasun dammika

    thanks royle ayiyah,,,

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • BIMBISHA INDURUGALLA

    digtm sub denna good luck!

    Reply
  • BIMBISHA INDURUGALLA

    thank u ayye!

    Reply
  • බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • sub eka banna denne nane macho. ” Page not found” ;(

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • bohoma sthuthi !!!!!!!!!! roili , tharindu oya dennatama.

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමටයි නිරවුල්කරන විස්තරයටයි

    Reply
  • Films walai tv series walai logical petta hoyanna giyoth comic balana eka ehema nawattanna wenne.supirima epiyak meka.Thanks saho

    Reply
  • kamal udaya

    godak thanks macho

    Reply
  • madu kulathunga

    ep7 daladatiyenne.eka pennuwata ganna bane

    Reply
  • next sub ekath ekmanata dannna bro

    Reply
  • දර්ශන

    7 වෙනි කොටසටත් සිංහල දාලා කියලා පෙන්නුවාට ඒක ක්ලික් කරහාම එන්නේ නැහැ. 7 ඩයුන්ලොඩ් කරගන්න පුලුවන් විදියක් කියන්න. ලින්ක් එක තියෙනවානම් වඩාත් හොදයි. තැන්ක්

    Reply
  • බොහොම ස්තුතියි!!!

    Reply
  • next ekata thama sub nedda bro

    Reply
  • ජය වේවා දිගටම කරගෙන යමු

    Reply
  • LSM HUSKAA

    sub 1ta tnks,jayenjaya & elapin browww.

    Reply
  • සදුන් විමලවීර

    Samawenna one cmnt karanna parakku unata..me sathiye epiya average ekak wage..season finale eka loku cliffhanger ekakin iwara wenawa kyla maisie williams kiyala thiyenwa..balamuko ehenm..jaya wewa!

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    තරිඳු අයියාගේ Review එක තාම නෑ වගේ.
    අන්තිම එපියෙන් හමු වෙමු.

    ජය වේවා !!!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි..
    කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.

    Reply
  • hammo GOT balapuwaama anik tv series balnna hithenneth naa,,.
    echcharatama pahara,,..

    sub ekath lesatama ,,.
    thanx..,

    Reply
  • ඔරිජිනල් කොපිය එනකල් හිටියෙ බෝම අමාරවෙන් ඉවසගෙන… බොහොම ස්තූතියි රොයිලි උපසිරැසියට වගේම විස්තරේටත්. කතාවෙ සමහර තැන් හොඳටම තේරුනේ විස්තරේ කියෙව්වම.

    Reply
  • thanks for sub brooo

    Reply
  • RIP Thoras & Benjan.Good Luck bro…one to go..

    Reply
  • ‌lahiru

    තැන්ස් අයියා!!!! සුපිරි………..

    Reply
  • tharangani

    harima copiyath balanna yanne..thanx 4 sub

    Reply
  • Subata thnx sahoo.. Jaya wewa..!!

    Reply
  • Chinthana De Silva

    Thanks a lot

    Reply
  • elanga epiya enne kawadada

    Reply
  • ikamaninma original episode ekata sub ekath ekka link ekath denna. iwasillak nathuwa inne original epiya blanakam.
    thanks

    Reply
  • මම තාම බැලුවේ නෑ හිතලම …අඩුම ගානේ original telecast එකටවත් පස්සේ බලනවා කියල හිතුව …මෙහෙම episode leak කරන එක නම් චාටර්ම වැඩක් ..next season එකට තමයි මේවා බලපාන්නේ ..HBO එකේ එවුන්ටත් එපා වෙනවා ඇති හොරාට බලනවා මදිවට තව ලීකුත් කරනවට …ආය ඉතින් රොයිලි නම් රොයිලි තමයි …හෙට බලල ඉවර වෙලාම කොමන්ටුවක් දාන්නම්කො ..පුදුම කරුමයක් මේ දවස් ටිකේ වින්දේ spoilers ලගෙන් ඇස් දෙකයි කන් දෙකයි බේරගන්න …පුළුවන් ඉක්මනට original කොපියට sub එක update කරන්න …ආය ඉතින් කියන්න දෙයක් නෑ

    Reply
    • game of thrones season 7 episode 6 official release eke tiyena link ekak ewannako

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • ChanakaWIJE

    ස්තූත්‍යි අයියේ. හොද කොපිය ලබුන ගමන් ඒක දෙන්න. ජය වේවා.

    Reply
  • චානුක සඳරුවන්

    අයියා ඔයාගෙ මේ මහන්සිය අපි හදවතින්ම අගය කරනවා
    ඔබට ජය………………

    Reply
  • sub ekata bhoma tanks…..

    Reply
  • Tnq roily aiya..7ep ekth lekd unth aniwa kaln dnna.

    Reply
  • උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • prathapa89

    thanks bro… eth monday ma balanwa…

    Reply
  • හම්බෝ…. තැන්ක්ස් වේවා සහෝ

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි. සඳුදා වෙනතුරු ඉන්නවා ද නැද්ද අනේ මන්දා රොයිලි තීරනයක් ගන්න බෑ බලමු හවස් වෙනකොට එහෙනම් ජයවේවා

    Reply
  • සබ් එකට ස්තූතියි අයියේ
    දැන් ඉතින් දවස් 10 ක් විතර ඉදපංකෝ ඊලග කොටහ බලන්න…
    ඉවසන්න බෑ අෆ්ෆා….

    Reply
  • බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට… ජය වේවා!!

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • tnk u very much brooooo

    Reply
  • සබ් එකට තෑන්ක්ස් රොයිලි අයියේ
    මේ ගැම්මට 07 ත් ලීක් උනොත් හොදා දැන්නම් ඉවසන්න බෑ…
    එහෙනම් ආයෙම සීසන් ෆිනාලේ එකෙන් හමු වෙමු

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    #ජය වේවා

    Reply
  • pathfinder

    හුටා…………..මකරෙකුත් වයිට් වෝකර්ස් කෙනෙක් උනා

    Reply
  • Thanks bro….***
    පින් කැමති පින්වතෙක් උඩ තියෙන ටොරන්ට් කොපියෙ හැෂ් ටැග් එක දෙන්ඩෝ..

    Reply
  • kavindu mihiranga

    Tnx roily bro

    Reply
  • page not found enawane ayye download karaganna bane

    Reply
  • මේ වගේ කතා ලීක් කොපි වලින් බලලා වැඩක්නැ.
    කතාවට වගේම අපේ ඇස් වලටත් පාඩුයක්.
    සදුදා වෙනකං ඉවසනවා.
    ස්තුතියි

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • නියමය රොයිලි සහෝ. සඳුදා වෙනකම් ඉඳලා හොඳ කොපිය බාගෙන බලනවා. ගොඩක් ස්තුතියි සබ් එකට.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • LSM HUSKAA

    අපොයි…. kiwwama bayat hitenawa aka hnda sanda wenakamma innawa web ma balanna.
    sub 1ta tnks,jayenjaya & elapin browww.

    Reply
    • yako 1080P poddakwath adu na….

      Reply
  • Keshan Wasala

    අවුලක් නෑ සදුදා වෙනකම් ඉවසන් ඉන්නවා එක්කෝ 😀 බලන එක හොදට පැහැදිලිව බලන්න ඕනේ 😛 සර්සිට ළමයෙක් ඉන්නවා කිව්වා එක බොරු කියලා හිතෙන්නේ මට විතරද ? මොනවා උනත් බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. සදුදාම web කොපියට ගන්නම් සබ් එක … ජය වේවා !!

    Reply
  • Dileepa nuwan

    බොහොම ස්තුතියි රොයිලි අයියේ..

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
    අද නම් කමෙන්ට් දාපු මුල් කිහිප දෙනා අතරට ආවා 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • සබ් එක ගන්න බෑනේ.. පේජ් නොට් ෆවුන්ඩ් කියල වැටෙනවා..

    Reply
  • කමක් නෑ අයියේ අනිත් එක බලන්න ටිකක් වැඩිපුර කල් ඉන්න වෙනවා එත් මේකට sub දුන්නට බොහොම ස්තුති ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *