අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gen V [S01 : E08] Sinhala Subtitles | ගොඩොල්කින් සරසවියේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි] (18+)

Rating: 9.6/10. From 19 votes.
Please wait...

Gen V [S01 : E05] Sinhala Subtitles

Gen V [S01 : E08] Sinhala Subtitles

හැමෝටම වාසනාවන්ත දවසක් වේවා. The Boys කතාමාලවේ ස්පින් ඕෆ් කතා මාලාවක් විදියට නිකුත් උන Gen V පළමු කතාමාලාවේ අවසන් කොටස ඔන්න උණු උණුවෙම ගෙනාවා. ට්‍රේලර් එක බලද්දි හිතට ඇල්ලුවේ නැති උනාට පළවෙනි එපියෙන්ම මේ කතාමාලාව ගොඩක් අයගේ හිතට අල්ලපු බව කියන්න ඕන. මෙදා පාර මේ කොටස අරන් එන්න මට භාර උනාට මම තාම කතාමාලාවේ කලින් කොටස් ඔක්කොම බලලා නෑ. ඒ නිසා මට පෙර කොටස ගැන ලියන්න බැරි වෙන එකට සමාවෙන්න ඕන. අද අවසන් කතාංගය නිසා මේ කොටස ඉතාම වැදගත් බවත් අමුතුවෙන් මතක් කරන්න ඕන නැති නිසා වෙන්නේ මොනාද බලමු.

අද කොටසින්. . . .

අද කොටස ගොඩක් සුවිශේෂයි කියලා දන්නවනේ. ඒ නිසා වැදගත් සිද්ධි කිහිපයක්ම බලාගන්න පුළුවන්. කේට් සහ සෑම් එකතු වෙලා හිර කරගෙන ඉන්න සූප්ලව එළියට කරගෙන කරන ලොකු විනාශයක් කරනවා. ඒ වගේම ඈශ්ලි සහ වෝට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය සෙවන් එක ඇතුලට ගන්න අළුත්ම සුපිරි වීරයෙක්ගේ අයදුම් පත්‍ර පරීක්ෂා කරන ආකාරයත් දකින්න ලැබෙනවා. අවසන් කොටස නිසා වැඩි දේවල් කියන්නේ නෑ හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ අන්තිමට කියනවා වගේ හැමෝම බලාගෙන හිටපු කෙනෙක්ව අද කතාංගයේ අන්තිමට බලාගන්න පුළුවන්.

ඒ වගේම මතක ඇතුව අන්තිමට තියෙන ක්‍රෙඩිට් සීන් එකත් බලන්න ඒකෙත් ලොකු පුදුම කිරීමක් තියෙනවා. පලවෙනි කතා මාලාව අවසන් උනාට දැනටමත් Gen V දෙවෙනි කතා සමයක් දක්වා දීර්ඝ කරපු බව ඔයාලා දන්නවනේ. මේ වගේම දෙවෙනි කතාමාලාවේ උපසිරසිත් බයිස්කෝප් අඩවියෙන් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙයි. එහෙනම් ඉතිං මගේ වැඩේ අහවරයි. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්තට විමා සහ හිරාන් සහෝටත්, කලින් කොටස් වලට උපසිරසි ගෙනාපු සහෝලා හැමෝටමත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවන තෙක් ජය වේවා !

අද කතාංගයේ නම – “Guardians of Godolkin”

කතා රචනය – Brant Englestein

අධ්‍යක්ෂනය – Sanaa Hamri

විකාශය වූ දිනය – 2023 නොවැම්බර් 03

IMDb අගය – 9.0

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

15 thoughts on “Gen V [S01 : E08] Sinhala Subtitles | ගොඩොල්කින් සරසවියේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි] (18+)

  • කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Thanks a lot Yuran saho sub ekata

    Reply
  • Thanks දෙවෙනි එකේ දි හමුවෙමු

    Reply
  • Thanks Brother…❤

    Reply
  • හැමදාම වගේම අදත් උපසිරසියට බොහොම ස්තුතියි මචෝ !
    ආයේ සීරිස් එකකින් සෙට් වෙමු.

    Reply
  • ආපු දවසෙම සබ් එකත් දීලනේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • Gindara wge sub eka dunnata tnx saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *