අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිසිසිල ප්‍රසාද්

Ghost in the Shell (2017) with Sinhala Subtitles | මිනිස් මොළයක්! රොබෝ ශරීරයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 88 votes.
Please wait...

මට තියෙන්නෙ මිනිස් මනසක්…
මගේ ශරීරය නිෂ්පාදනය කරන ලද කබොල්ලක්…
මගේ වර්ගයේ පළවෙනියා මමයි…
ඒත්, අන්තිම කෙනා මම නොවේවි…
එයාලා අර්ථ දක්වන ආකාරයට, අපි මතකයන්ට ඇලී ගැලී ඉන්නවා…
ඒත්, අපිට අර්ථ දක්වන දේ තමයි අපි කරන්නෙ…
මගේ අවතාරය දිවි ගලවා ගත්තා, අපේ ඉදිරි අය වෙනුවෙන් සිහිපත් කරලා දෙන්න…
මනුෂ්‍යත්වය තමයි අපේ ගුණාංගය කියලා…
මං දන්නවා, මං මෙහේ ඉන්නෙ මොනවා කරන්නද කියලා…
ඒ වගේම, මං කවුද කියලා…
මං තමයි, මේජර් මීරා…
නොහොත්…? 

දීර්ඝ නින්දකට පස්සේ මං ඇස් ඇරලා බැලුවා… මුලින්ම මට හුස්ම ගන්න අමාරු වුණා. ඒත්, පස්සේ ඒක හරි ගියා. මං ළඟ එකම එක දොස්තර කෙනෙක් හිටියා. මොකක්ද දෙයියනේ මේ වෙන්නේ…? මට මගේ මුළු ඇඟම දැනෙන්නේ නැතුව ගියා… දොස්තරලා කියපු දෙයින්, මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. මට අනතුරක් වුණාලු… මගේ ශරීරය නම් බේරගන්න බැරිවුණත්, මොළය විතරක් බේරාගත්තා කියලා කිව්වා. අන්තිමේට මට සිද්ධවුණේ, මිනිස් මොළයක් සහිත රොබෝවෙක් ගෙන් සෑහීමකට පත්වෙන්න. මගේ පහුගිය මතකයන් ගැන කිසිම පැහැදිලි හෝඩුවාවක් මතකයේ රැඳිලා තිබුනේ නැහැ. ඒ දේවල්, හරියට මීදුමක් වගේ නොපැහැදිලි තත්වයක තිබුණේ. අනාගත පෘතුවියේ, දහසකුත් එකක් රොබෝවන් අතරේ, ප්‍රථම වතාවට සුපිරි බලයක් සහිත මිනිස්-රොබෝ ගැහැණිය බවට මාව පත්වුණා.

කාලය ගෙවිලා ගියා. හැන්කා රොබෝටික්ස් සමාගමේ ආරක්ෂක නිලධාරියෙක් විදියට මං වැඩකරන්න පටන් ගත්තා. නැතිනම්, සුපිරි ආයුධයක් විදියට. දවසක්, නොසිතූ දෙයක්ම සිද්ධවුණා. හැන්කා රොබෝටික්ස් ආයතනයේ ප්‍රධාන මනුෂ්‍ය-රොබෝ විද්‍යාඥයින් කිහිප දෙනෙකුම හැක් (Hack) කිරීමට භාජනය කොට, ඝාතනය කරනු ලැබුවා. මේ දේවල් කවුද කරන්නෙ, මොන හේතුවක් නිසාද කරන්නෙ කියලා කිසිම හේතුවක් දැනගන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ ඝාතන සිදුකරලා තිබුනේ, ගෙයිෂා නම් ව්‍යාපෘති රොබෝවන් භාවිතා කරමින්, මස්තිෂ්ක හැක් කිරීමක් මගිනුයි. ඒ වගේම, අවසානයට එකම එක පණිවිඩයක් පමණක් අපි වෙනුවෙන් “කුසේ” කියන නොහඳුනන පුද්ගලයෙක් ඉතිරි කරලා ගිහිල්ලා තිබුණා. “හැන්කා රොබෝටික්ස් හට සහාය දෙන්නන්
විනාශ කල යුතුයි…” කුමක්ද මේ තර්ජනය…? ඇයි මෙහෙම තර්ජනය කරන්නෙ…? අපි දිගටම හොයාගෙන ගියා. අවසානයේ, මගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණියා… මෙතෙක් කාලයක් පුරාවට, මගේ මිනිස් මොළයට වධ දුන් දහසකුත් එකක් ප්‍රශ්නාර්තයන් හට පිළිතුරු ලැබුණා… ඒ නිසා, සමහරුන්ට නම් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවුණා… නමුත්, අවසානයේ මට නම් ශාන්තිය උදා වුණා…

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, හොලිවුඩ් චිත්‍රපට රසික රසිකාවියන් ඉමහත් නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටපු, Scarlett Johansson ගේ නවතම සිනමා සිත්තම. මාවල් සිනමා විශ්වයේ, Black Widow නම් කාන්තා සුපිරි වීර චරිතය සහ Lucy (2014) චිත්‍රපටය නිසාවෙන් අතිශය ප්‍රසිද්ධියට පත්වූ සුරූපිණියක් ලෙස Scarlett Johansson ගේ නාමය ප්‍රේක්ෂක ඔබගේ මතකයේ ගැඹුරටම කා වැදී ඇතුවාට සැකයක් නම් නැහැ. එසේනම්, ඇයගේ අයස්කාන්ත රංගනයෙන් හැඩ වැඩ ගැන්වී, Action, Crime, Drama යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ මාර්තු මස 31 වෙනි දින නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, ඇමරිකානු ඩොලර් මිලියන 110 ක බරපැනක් දරා නිෂ්පාදනය වුණා වූද, ඇමරිකානු ඩොලර් මිලියන 166.2 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගන්වෙන්නා වූ මෙම සළරුව වෙනුවෙන්, මේ සටහන ලියවෙන මොහොත වන විට, පනස් දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින්, imdb දර්ශකයේ 6.8 ක අගයක් සනිටුහන් වී තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Snow White and the Huntsman (2012) අධ්‍යක්ෂණය කරන ලද , Rupert Sanders විසින්.

ඒ වගේම, විශේෂ ස්තුතියක් පුදකරන්න ඕනේ, හසන්ත අයියට. මොකද, චිත්‍රපටය පුරාවටම නොදන්නා වචන අනන්තවත් තිබුණා. චිත්‍රපටය බලනකොට තේරේවි, මේකේ කොච්චර නම් තාක්ෂණය සම්බන්ධ වචන අන්තර්ගත වෙලා තියෙනවද කියලා. ඉතිං, මේ දේවල් කියාදෙමින්, මගේ පිහිටට හිටියෙ හසන්ත අයියා. ඒ වෙනුවෙන්, හසන්ත අයියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.

එසේනම්, අනාගත ලෝකයේ, අර්ධ මිනිස් රෝබෝවෙකුගේ වීර වික්‍රමාන්විත චාරිකාවක් සමගින් පුරා හෝරා එක හමාරක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ද්වේශය, කුතුහලය, දුක, සතුට අතරේ දෝලනය වෙමින්, නැවුම් වූ සිනමා අත්දැකීමක් ලබාගන්නාක් මෙන් සියළුම බයිස්කෝප් සහෘදයන් වෙත සෙනෙහෙ සිතින් ආරාධනා කරමින්, අවසරයි අදට ඔබගෙන් සමුගෙන යෑමට. හැමදෙනාටම ජයවේවා!!!

NEW

Ghost in the Shell (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ghost.in.the.Shell.2017.1080p.BluRay.x264-DRONES

ලබාදී ඇති උපසිරැසිය, සියළුම BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SisilaPrasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

71 thoughts on “Ghost in the Shell (2017) with Sinhala Subtitles | මිනිස් මොළයක්! රොබෝ ශරීරයක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • thisumdeemantha

    Thanks for subtitles bro!!!

    Reply
  • Hashan M. Priyadarshana

    Sub ekata thanks bro..
    Jaya wewa!

    Reply
  • Supun shanika

    Tnz Bro Digatama karagena yanna

    Reply
  • බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට..
    එක හාදයෙක් ගෙනාපු ෆිල්ම් වල මේකත් තිබ්බා..
    ඔන්න සබ ගත්තා.. මේන් ගියා..
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • සාරංග J. ලියනගම

    ගොඩක් ස්තුතියි…
    ජය වේවා!!

    Reply
  • ලස්සන විද්‍යා ප්රබන්ධ චිත්රපටයක්, ඒකටම ගැළපෙන සබ්ස් දීමක්!
    ගොඩක් ස්තුතියි සිසිල!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • මචන් download link එක වැඩ නෑ

    Reply
  • Download karnna bane bro sub eka

    Reply
  • Ranula prashan

    Sub ekata thankz saho. Lassana film ekak

    Reply
  • ප්‍රදීප්

    සබට තුති

    Reply
  • ඉෂාන් මදුෂ

    උපසිරැසිය br update කලාට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • sub ekata godak sthuthiy.

    Reply
  • nirodha uthpala

    Legendary movi eakak subtitle karanna hambavela theyenne supirima porak ge athata ne eahenam baya Venna deyak na elatama athi …subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava. ………. brrip eakath update karahan bro mata balanna indala epa velaI thiyenne

    Reply
  • WEB-DL එක BRrip එකට වැඩ. හැබැයි තත්පර ගානක පොඩි වෙනසක් තියනව. ඒකත් හදල දැම්මනම් වටිනව. ස්තුතියි සහෝ.

    Reply
    • මට වැරදුන. WEB-DL එකත් BRrip එකට කිසි අව්ලක් නැතිව වැඩ.

      Reply
  • thanks sisila bro…

    Reply
  • tbsdarshana

    Thanks for Subtitle.
    Blue ray rip eka release karala …

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • චරිත්

    බොහෝම ස්තූතියි සිසිල සහොදරයා ..

    Reply
  • පැතුම් චතුරංග

    එල සිසලා අයියේ..
    සබට තැනකු වේවා…

    Reply
  • Update ekata godak stuthi saho ..
    Scarlett akka inna ewa kohoma nobala innada
    Supiri

    Reply
  • chanu mikhail

    onna banooo……………
    thnxxxxxxxxxxxxx u
    sub ekata……….
    jaya…….!!!!

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි..

    බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය…

    Reply
  • Ela bn..
    “Bahubali 2” ekatai “fast and furious 8” ekai sub dipanko bn

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට. BR ආවමම බලනවා. ස්කාර්ලට් ජොන්සන් ඉන්න එකක් නොබලා ඉන්නෙ කොහොමද?

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • chanu mikhail

    meke anime film eka baluwa, meka enakan hitiye
    elama thanx bro
    puluwan nam meke anime ekatath sub denna
    jaya…..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Link eka Ganna Kiwwata Link eka Naaaa Boruwata ne Daanne

    Reply
  • Thanks for the sub ..!

    Reply
  • mahesh babu

    Thawath paharakne……
    Ela ela….jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. අනිවා බැලීමක් තමා. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මමත් BR අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    හම්මේ, මස්සිනා, මේක නම් එනකම්ම ඉදපු ෆිලුමක් බලන්න.
    ස්කාර්ලට් අක්කිව බලන්න.
    හම්මේ…
    මෙන්න ගන්නේ නෑ, පිස්සුවක් අතෙයි. හොදකොපි බලන්නේ. ඔය රෙද්දේ කොරියන් සබැ එක්ක බලද්දී ෆිලුමේ ගතිය නැතිවෙලාම යනවා.
    සබට තැන්ක්ස් හොදේ.
    ජය වේවා!!

    Reply
  • M.B.H.M Marasinghe

    Sisila saho oya namm…sub machine 1k ne..patta machan..elazz…Gdluck…!!!

    Reply
  • niayamai…supiri filumak..br 1ka awama update parak danna.thanks saho..sub ekata..keep it up…jaya wewa……

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි.br ආපුවාම තමයි බලන්නේ
    පුලුවන්නම් කාට හරි කියලා මේකේ anime film ටිකටත් අනිවා සබ් දෙන්න කියන්න සහෝ
    ජය වේවා!

    Reply
  • Udara Damith B/K

    වෙබ් හරි බ්ලු රේ හරි අවම බලනවා

    Reply
  • Thisara Neo

    නිකුත් වෙචචි දවසෙම බැලුවා මේක.. නියම කතාවක්…. සබට තුති සහෝ… br ආවම ආපහු බලනවා….

    Reply
  • dilan lakmal

    Film eka download wenna dala meka kotanne.supiri film ekak wage.loweth ne sisila aiya ela.thanks bro.

    Reply
  • Gathsara Umesh Kumara

    Bohom sthuiy sabata ayyee…..ukmnun theath upasuresykin hamuwemmo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *