Gumnaam (1965) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]
මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූහයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතාව ආරම්භ වන්නේ මිනීමරුම් දෙකකින්. ඒ ධනවත් මිනිසෙකු වන ඛන්නා තම ප්‍රතිවාදියා වන සොහාන්ලාල් ඝාතනය කිරීම සඳහා ඝාතකයෙකු කුලියට ගනී. ඛන්නා සොහාන්ලාල්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ මරණය ගැන සොහාන්ලාල්ගේ ලේලිය වන ආශාට දුරකථනයෙන් දැනුම් දෙයි. එවිටම කෙනෙක් පැමිණ ඛන්නාටද වෙඩි තබයි. දුරකතනයේ සිටි ආශා අධික ලෙස බියට පත්වේ. මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු, සමාජශීලී ආයතනයක් මඟින් සිදු කළ ලොතරැයි ඇදීමකින් ආශා ඇතුළු හය දෙනෙකුට විදේශ රටක සංචාරයක් හිමිවේ. මෙම ජයග්‍රාහකයින් හය දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජික ආනන්ද් රැගත් යානය නොදන්නා දිවයිනකට එහි දෝෂයක් බව පෙන්වා හදිසි ගොඩබෑමක් සිදු කරයි. කෙසේ වෙතත්, ආනන්ද් සහ අනෙක් මගීන් හයදෙනා ගුවන් යානයෙන් බැස ටික වෙලාවකින් එය හදිසියේ ගුවන් ගත වන අතර ආනන්ද් ඇතුළු අනෙක් හය දෙනා අතරමං වේ. පසුව ඇවිද යන මේ කණ්ඩායම මන්දිරයක් දැක එයට ඇතුල් වේ. වේටර්වරයෙක් හැරෙන්නට මෙම මන්දිරය හිස්ව ඇති බව පෙනේ. මෙහි තිබී, ඔවුන් සියල්ලන්ම අපරාධයකට සම්බන්ධ බවත්, ඔවුන් සියල්ලන්ම ඝාතනය වන බවත් හෙළි කරන දිනපොතක් ඔවුන් සොයා ගනී. ආශා සහ කිටී මෙම කණ්ඩායමේ තරුණියන් දෙදෙනා වු අතර අනෙක් පස්දෙනා පිරිමින් විය. ඉන් පසුව මොවුන් එකිනෙකා බැගින් රහසිගත ලෙස ඝාතනයට ලක්වන්නට විය. අන්තිමේදී කවුරුන් හෝ ඉතිරි වුණාද? ඇයි මෙසේ ඝාතනය වුයේ? මෙය කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, ටරානා, අනර්කලී, ඩාග්, ලව් මැරේජ්.”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Gumnaam Full Movie | Hindi Suspense Movie | Mehmood Movie | Manoj Kumar | Bollywood Thriller Movie යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිතුනයි, තත්පර දොළහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත YOUTUBE වෙබ් අඩවියෙන් ලබාගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 590 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
“””බොහෝම ස්තුතියි…තව තවත් රසවත් පැරණි චිත්‍රපට ලබාදෙන්න හැකියාව ලැබේවා.බුදු සරණයි.ජයවේවා “””
thanks..
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් ඔබට ස්තුතිය පල කරමි…
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
තෑන්ක්ස් සබ් එකට
Mr. Priyantha,
Old is gold, Thanks!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..