Watch Trailer

Hamilton: I nationens intresse (2012) | ස්වීඩනයේ ජේම්ස් බොන්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

[box]වර්තමානයේ අපි සියල්ලන්ම ජීවත්වන්නේ සියල්ල මුදල මත පදනම්ව අගයක් නියම කරන ලෝකයකයි. මෙහි මිනිසාගෙ කාලයට ලැබෙන අගය විවිධාකරයි. නමුත් යම් මිනිසෙක් ඒ කාලය තව කෙනෙකුගේ යහපත සඳහා එහෙම නැත්නම් තව කෙනෙක්ට උදව් වෙන්න නොමිලේ යොදවන්න පටන් ගත්තොත්? එහෙව් දවසක් ඉතිහාසයේ අපි පහුකරගෙන ආව. ඒ 2009 ජූනි 26 වැනිදා…

Hamilton I nationens intresse (2012)වර්තමානයේ අපි සියල්ලන්ම ජීවත්වන්නේ සියල්ල මුදල මත පදනම්ව අගයක් නියම කරන ලෝකයකයි. මෙහි මිනිසාගෙ කාලයට ලැබෙන අගය විවිධාකරයි. නමුත් යම් මිනිසෙක් ඒ කාලය තව කෙනෙකුගේ යහපත සඳහා එහෙම නැත්නම් තව කෙනෙක්ට උදව් වෙන්න නොමිලේ යොදවන්න පටන් ගත්තොත්? එහෙව් දවසක් ඉතිහාසයේ අපි පහුකරගෙන ආව. ඒ 2009 ජූනි 26 වැනිදා. එදා ඉදලා කී දෙනෙක් තමගේ ඒ වටිනා කාලය තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් කැප කරන්න ඇති ද? ඒ කාලය දින සති මාස හා අවුරුදු වලින් කොයි තරම් ප්‍රමාණයක් වෙන්න ඇති ද? අපි කිසිම කෙනෙක් ඒක කියන්න දන්නේ නැහැ. නමුත් අපි ඒක දන්නවා, ඒ තමයි වසර 3කුත්, මාස 10යි, සති එකකි දින හතරක් ගෙවිල තියනවා පළමු සිංහල උපසිරැස අන්තර්ජාලයට නිකුත්වෙලා. වතුර බිංදුවක් මහා ගංගාවකට පාර කපනවා වගේ අද වෙනකොට ඒ උපසිරැසිය උපසිරැසි 1000ක් දක්වා ඇවිදින්. ඉතින් එදා ඉඳන් අද වෙනකම් ඒ වෙනුවෙන් කැපවුන බයිස්කෝප් උපසිරැස කරුවන්ටත්, බයිස්කොප් අඩවියේ ඇඩ්මින් වරුන්ටත්, හැමදාම බයිස්කෝප් සමග ඉන්න ප්‍රේක්ෂකයන්ටත් මගේ හද පිරි ස්තුතිය පුදනවා මේ අවස්ථාවේදී. මේ සේවය තව චිරාත් කාලයක් කරගෙන යන්නට මේ සදහා උරදෙන සියල්ලන්ටම ශක්තිය, දිරිය, විරිය පතනවා මම.

එහෙනම් අද අරගෙන ආව බයිස්කෝප් එක ගැන කතා කරමු. මේක ස්වීඩනයේ නිපදවූ ක්‍රියාදාම චිත්‍රපටයක්. 2012 ජනවාරි මස 16 වෙනිදා තමයි ජනතාවගේ අතට මෙය පත්වන්නෙ. මෙහි භාවිතා කරන භාෂාව ස්වීඩන් භාෂාව හා 20% පමණ ඉංග්‍රීසි. Jan Guillou නම් ලේඛනයාගේ In the national interest නම් නවකතාවේ එන හැමිල්ටන් නම් චරිතය උපයෝගී කොටගෙන නව කතාවෙන් බැහැරට යමින් Kathrine Windfeld විසින් කල අධ්‍යක්ෂණයක් මේක. Mikael Persbrandt, Seba Mubarak, Pernilla August ආධීන් ප්‍රධාන චරිත රඟන මෙහි තවත් නළු නිළියන් රැසක් තමගේ රංගන ප්‍රතිභාව විදහා පානව. ස්වීඩනයේ ජේම්ස් බොන්ඩ් ලෙස මෙයට සිංහල නම් යොදන්න හේතුව වුනේ අන්තර්ජාලයේ පලවූ ලිපියක්. එයට අනුව නම් සාමාන්‍යයෙන් ක්‍රියාදාම සදහා ප්‍රසිද්ධියක් නැති ස්වීඩනයෙන් කල බොහොම අගනා සිත්තමක් මේක. මගේ මතයට අනුවත් බොහොම අනගි නිර්මාණයක් කියන්න පුලුවන් මේක.

එහෙනම් කතාවට හැරෙමු, හැමිල්ටන් කියන්නේ ස්වීඩන් බුද්ධි අංශයේ නිළධාරියෙක්. ඔහු රහස් මෙහෙයුමක නිරත වෙලා ඉන්නෙ අවි ගනුදෙනුවකට අදාල. ඔහු ජාවාරම් කරුවන් සමග වෙළඳාමක් සිදු කරන්න නියමිතව තිබෙනවිට එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා. සියල්ලන් ඝාතනය කර ස්කයි ශැඩෝ නම් මෝටාර් 200ක් ද රැගෙන ප්‍රහාරය එල්ල කල කණ්ඩායම පැන යනවා. හැමිල්ටන් තමයි ඇත්තටම එතනින් පැන යන්නේ… 😀 මේ අතර එම මෝටාර් උපයෝගී කරගෙන දේශපාලඥයෙකුට පහර දෙන්න ත්‍රස්තවාදීන් සමත් වෙනව. ඒ වගේම ඔවුන්ගේ තාක්ෂණික අංශයේ බෙන්ජමින් ලී නැමැත්තෙක් පැන යනව තවත් අයෙකු සමග. සෙත්‍රගෝන් නම් පෞද්ගලික හමුදාවක් මෙයට ඈදෙනව…. ඒ අතර වාරයේ හැමිල්ටන්ගේ පෙම්වතිය මිය යනව… මේ සියල්ල මැද හැමිල්ටන් කෙසේ නැතිවූ ආයුධ සොයා යනු ඇති ද? බෙනජමින් ලී යනු කවුද? ඔහුගේ භූමිකාව කුමක් ද? සෙත්‍රගෝන් හි යටි අරමුණ කුමක් වනු ඇති ද? මේ සියල්ල නැවැත්වීමට හැමිල්ටන් කෙබදු විසකම් පාන්නට සිදුවෙයි ද? මේ සියල්ල නැරඹීමට ඔබට බාරයි සිංහල උපසිරැස සමග.

උපසිරැස 1000ක් සදහා වසර 3ක් ගතවූ නමුත් මා සිතන විදිහට නම් 2000 ඒ තරම් දුරක නෙමෙයි තියෙන්නේ. ඒ සියල්ල වේගය කෙසේ වුනත් මේතාක් රැකගෙන ආ ගුණාත්මක බව සමග ඔබට ගේන්න අන්තර්ජාල සිංහල උපසිරැස කලාවේ මහ ගෙදර කටයුතු කරාවි. ඉතින් රැදෙන්න බයිස්කෝප් සමග මතුවටත් සිනමාවේ සුන්දරත්වය සිංහලෙන් විදගන්නට.

෴ චිරං ජයතු බයිස්කෝප්෴

Hamilton: I nationens intresse (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න feb338c41c7a950bffc31315def9f466fd6bb807 2.0 GB කොපිය මෙතනින් බාගන්න 2fa0c3221662590b41203fcabf9f1339f6f7a0e3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,521 downloadsDownload Hamilton.I.nationens.intresse.2012.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,521 downloadsDownload Subtitles93 KB

59 comments

  1. ganidu

    තෑන්ක්ස් වේවා!

  2. kalinga

    පට්ට පට්ට මේක නම් ලොවෙත් බලන්න ඕනේ... ජය!

  3. amilatk

    jaya wewa!!!!!!

  4. Isuru

    ela ela bro good work

  5. chami

    thnxxxxxxxxxxxx

  6. wow

    wow.... maru :D

  7. Dilan-

    මේක නම් පට්ට ෆිල්ම් එකක් වගේ. ජය වේවා සමීර !

  8. naleen

    patta pattaa

  9. නීනු

    යකෝ... මුන්ට අද වෙන වැඩ නැද්ද???????? හි හී... ජය වේවා!!! ජය වේවා!!! මේ.... කෝ අරක!!

  10. chamath cafe

    බයිස්කෝප් කියන්නේ කවදත් අංක එකේ පට්ටම සයිට් එක ඒක කතා 2 කක් නෑ .

    ජය වේවා!

  11. zumo man

    elaazzzzz thnxzzzz

  12. shann

    පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් නේ., බාන්න දැම්ම එහෙනම් .....ජය සමීර

  13. elakiri

    එළකිරි මචං

  14. ශාන් විමුක්ති [වීමා] 〠

    මම බැලුව අපේ "007" ගොයිය කොහේ අන්තරස්දාන වෙලාද කියල, කොහෙවත් අන්තරස්දහන් වෙලා නෑ, මේ ඉන්නෙ අප්පේ දිලිසි දිලිසි
    බොලා ගෙනත් තියෙන්නෙත් ලෝකල් 007 ගොයියෙක්ගෙ කතාවක්නෙ..
    බොලාටත් මේ වගේ ඇක්ශොන් එව්ව පේන්න බෑ වගේ ආහ්, බොලා කොරල තියෙන්නෙත් වැඩි කල කෝලහල කෑලි බෑලි නැති සුවීඩොන් මෙව්ව එකක්, බොලව් බලන් යනකොට ඒකත් 007 ආරෙ එකක්. හෙහ් හෙහ් හී...;)
    එල එල කොලුවෝ...
    උපසිරසියට බොහෝ...ම තුති වගේම බොලාටත් ජය වෙන්ට කියල පතනව :D

  15. chandana

    niyamai balanna one. tx

  16. අසංක

    අනිවා බැලිමක් මේක

  17. ns

    කෝ Bates Motel?

  18. ccnp

    Thanks

  19. දිනිඳු සම්පත්

    අර කිව්වත් වගේ 1000ට ගතවුනු කාලයෙන් බාගයක්වත් 2000ට යන එකක් නෑ මේ දෙන දීමේ හැටියට. බොහොම ස්තූතියි සමීර සහෝ 1000 වෙනුවෙන් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසි දාලා ගෙනාවට. ජයවේවා!

  20. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  21. MD

    thanks machan. good luck....

  22. devinda

    ela wadak machan :D

  23. damith

    ela ela thanx

  24. isuraj

    බලන්න වේලාවත් මදි මේ දෙන දෙවිල්ලට සමහර දවස්වලට එකක් ඉවර වෙද්දි තව එකක් දාල නියමයි මහන්සිවෙලා කරන වෑඩෙට ගොඩක් ස්තුති සමිර සහෝදරය අත්තටම කියනවානම් ගොඩක් සන්තෝසේන් ඔයාදෙන එවා බලන්නේ ආ තව පොඩි චොදනාවකුත් තියෙනවා චොද නාවක්ම නෙමෙයි පුළුවන් නම් බේට්ස් මොටෙල් එකත් ඉක්මනට දෙන්න එක දෙනකන් ඉවසිල්ලක් නතුව ඉන්නේ එහෙනම් ඉතින් දිගටම වෑඩේ කරගෙන යන්න අපි ඉන්නව හමදාමත් ඔයාදෙන බයිස්කෝප් දෙන සබ් ගන්න.ජයවේවා සමීර සහෝදරයා !!!

  25. jack

    ලොවෙත් නෑ. අපොයි දෙනවා කියලා මෙහෙමත් දීමක්. බෝහෝම පින් මේ වගේ සුපිරි
    චිත්‍රපට සින්හලෙන්ම අපිට ගෙනත් දෙනවට.

  26. නවීන් ලක්ෂිත

    අප්පට සිරි අන්තිමට සමීර සහෝ අද ස්වීඩන් ගිහින්නේ නැවතිලා තියෙන්නේ මේ දෙන තරමට බාන්න HDD එකේ උඩත් මදි වෙඉද මන්දා :p

  27. g-a-n-d-u

    අදම බලන්න ඕනේ මචෝ

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහ්හ්හ්..මෙන්න අපේ ජේම්ස් බොන්ඩ් කොල්ලා වෙනත් රටක බොන්ඩ් කෙනෙක් හොයා ගෙන..ඒකත් නරකම නැහැ සහශ්‍ර සැමරුමට....එකත් අලුත්ම බාන්ඩයක්..අනිවා බලනවා සහෝ...මගේ සුභ පැතුම්...

  29. නලියා

    නියමයි සමිරා සහෝ

    මෙක නම් මැක්සා මුවි එකක් වගේ

    ජය වේව මචෝ

  30. Nishan De silva

    මගෙන් උණුසුම් සුභ පැතුම් බයිස්කෝප් එකට :)

  31. dev

    maxxxxa katawak wage....
    bohoma stuti saho... .

  32. uda

    මෙච්චරකල් සමීර MI6 එක්ක එක්කාසු වෙලා බණ්ඩා 007 දේශීයකරණය කළා. ඒ ගමන මූ තව තවත් රටවල බුද්ධි අංශ එක්ක රහස් මෙහෙයුම් පටන් අරගෙන. ඒවයෙත් ඉන්න් හොදම එවුන් ලංකාවට කැන්දන් එන්ඩ පටන් අරන්. මූ මේවා කොහොම කරනවද මන්දා?

    මේකා අහන අහන එකා එනවනේ මූ එක්ක ලංකාවට. (හොද වෙලාවට කෙල්ලෝ නැත්තේ, නැතිනම් එහෙම... අම්මෝ...! වසලා හමාරයි අපි :P ) මොනවා වුණත් ස්වීඩනයේ ඔඅරලෝසු/ චොකොලොට් මිස මේ වගේ දේවල් අහලාම නෑ. දැන් බලන්ඩම පුළුවන්. සමීරනම් මේ යන යෑමට පුද්ගලික ඔත්තු සේවයක් හදනවා එක එක රටවල හොදම බුද්ධි නිලධාරියො එක්කහු කරලා.

    හොදා, හොදා. බොහොම තුති සහෝ... මෙතරම්ම හමුවෙනවා, දුලභ රටක සිනමාකරණයක් අපට සමීප කළ එක ගැන! ජය හොදේ...

  33. d2dinu

    ජයෙන් ජයවේවා!

  34. “චූටී මල්ලි”

    පට්ටනෙ සහෝ
    මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
    මාගෙ ප්‍රණාමය...
    ඔබට සදා ජය...

  35. හසන්ත වික්‍රමරත්න

    සමීර කොල්ලට නම් ජේමිස් බොන්ඩා කනේ පාරක් ගහලා වගේ. අහල පහලින් යන අය පේන්නෙත් ඒ වගේ. එහෙනම් මේ වගේ දවසක තවත් විදිහක ජේමිස් බණ්ඩ කෙනෙක්ව සොයාල අපිට සමීප කරපු එකට ගොඩක් ස්තුතියි.

  36. indika

    ela,,.. thnq...!!! :)

  37. indika perera

    thank's

  38. S H E N A L

    THANKS SAMEERA

  39. mudiya / මුදියා

    මගෙ අම්මෝ.මේව ඔක්කොම බාන්න වෙනවනෙ.බලන්නෙ කවදද දෙයියනේ.හැබැයි ඉතිං අතඅරින්නෙ නම් නෑ බොලව්.සහශ්‍ර සැමරුම වෙනුවෙන් අපේ සමීර සහෝටත් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  40. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ජයවේවා බයිස්කෝප් අඩවියට.

  41. pasi

    ela ela thanks sub 1 ta saho

  42. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. ස්විඩන් එකක් මීට කලින් බලලම නෑ. බයිස්කෝප් 007 බොන්ඩ් හාදයා නියමෙට ගැලපෙන එකම තෝරගෙන තියෙනවා. අනිවා මෙන්න බානවා. :P :P

  43. suranga

    පට්ට ෆිල්ම් එක ඕයි!!!
    ජේමිස් බොන්ඩ් ෆිල්ම් වලට වඩා හොදයි..
    සිංහලෙන් දුන්නට ස්තූතියි..

  44. ruchira

    1000 ta tanks

  45. අමිත් ධනංජය

    ඔන්න දැම්මා ඩවුන්ලෝඩ් වෙන්න.. :D

  46. GUNADASA DENIPITIYA

    bond ara gaththa thanks boss

  47. Lahiru Lakmal

    thnx machan weldn.............

  48. tharu

    thanks ayyala ....hamadama wage onna ada mamath wish karanawa...eawagema cirathkalayak baisope wajabewa!!!apita thawa thawa baiscope ona lesatama...methak apiwa balagaththawage thawath apiwa balaganna...Sthuti...Thanks....Grazie...

  49. Uraj Deemantha

    උපසිරැසි 1000ක්....... :) සෙල්ලම් නෑ..... :D

  50. ravi70

    jayn jaya

Load more comments