අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිආද‍ර කතාචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නබේනුක නිම්හාන් සේනාධීරසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Haseena Parkar (2017) Sinhala Subtitles | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 37 votes.
Please wait...

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නිර්මාණය වූවක් වීමයි. මෙහි කතාවට පදනම්ව ඇත්තේ 1993 දී මුම්බායි මහා පිපිරුමෙන් පසු ඉන්දියාවේ දරුණුතම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන Dawood Ibrahim ගේ සහෝදරියගේ ජීවිත කතාවයි. මොවුන් දෙපළම ඉන්දියාවේ රජ කල මැරයන් ලෙස හැදින්වීමේ වරදක් නෑ.හසීනා පාකර්ව ආමන්ත්‍රනය සදහා ඉන්දියානු ජනතාව Lady Don යන නාමය යොදා ගැනීමෙන්ම එය වඩාත් පැහැදිලි වෙනවා.

මේ සිනමා සිත්තම සදහා Imdb දර්ශකයේ 4.1 අගයක් ලැබී තිබෙනවා.ඒවගේම මෙය අයත් වෙන්නේ Drama, Crime කියන ගණයට. මුල සිට අවසානය දක්වා එක දිගට නැරඹීමට හැකි චිත්‍රපටයක් බවත් මතක් කරන්න ඕනේ .මෙහි ප්‍රධාන චරිතය නොහොත් හසීනා පාකර්ගේ චරිතයට පණ පොවන්නේ සුරූපී ශ්‍රද්ධා කපූර් විසින්.ඒ වගේම හසීනාගේ සොහොයුරා නොහොත් Dawood Ibrahim ගේ චරිතයට පණ පොවන්නේ සිද්ධාන්ත් කපූර් විසිනුයි.චිත්‍රපටයේ කතා පුවත කෙටියෙන් මෙහෙමයි.

මුම්කා යන කුඩා ගමේ ළමයින් දොලොස් දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් පවුලකට දාව උපත ලබන හසීනා පාකර්ගේ ප්‍රියතම සහෝදරයා තමා Dawood Ibrahim. හසීනාගේ පියා Ibrahim kaskar මුම්බායි පොලිස් ස්ථානයේ ප්‍රධාන කොස්තාපල්වරයා වශයෙන් සේවය කරනවා .තාත්තා කොතරම් ගරු කටයුතු ලෙස පොලිස් රාජකාරියේ නියැලුනත් ඔහුගේ ලොකු පුතුන් දෙදෙනා තාත්තාගේ ආදර්ශයට සපුරා වෙනස් මාර්ගයේ යමින් හොර බඩු ජාවාරම් කරමින් මුදල් හරි හම්බ කරනවා. ඉතින් මෙයාලගේ ගෙදර ප්‍රශ්නයක් නැති වෙලාවක් නැතිම තරම්.කොහොම වුනත් තාත්තා කොච්චර නොසැලකුවත් හසීනා තමාගේ අයියට ගොඩක් ආදරය කරනවා.මේ සිනමා සිතුවම පුරාවටම මෙයාලා දෙන්නගේ සහෝදර ප්‍රේමය ලස්සනට විස්තර කරනවා.කොහොමහරි අන්තිමට හසීනගේ ලොකු අයියලා දෙන්නම පොලීසියට පිං සිද්ධ වෙන්න රටටම ඕන කරන අපරාධකරුවන් වෙනවා. (ඉන්දියාවේ පොලීසියේ දූෂණ වගේම අක්‍රමවත් වැඩ පිලිවල එහෙමත් මෙහි අපූරුවට විග්‍රහ කර තිබෙනවා) . කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස හසීනාගේ දෙවනි අයියා මැරයන් අතින් මිය යනවා.ඉන් කෙටි කලකට පසු මැර ඉතිහාසයේ හිණි පෙත්තටම ළගා වෙන Dawood Ibrahim 1993දී බොම්බායේ මහා පිපුරුමක් සිදු කරනවා.එයින් ඔහු මුලු රටටම අවශ්‍ය කරන ත්‍රස්තවාදියෙකු බවට පත් වෙනවා. කෙසේ නමුත් ඔහුගේ වැරදි වලට මිනිසුන් ඔහුගේ සහෝදරියට දෝශාරෝපණය කරන විට හසීනා ඒවායෙන් නොසැලී මුලු මුම්බායි ප්‍රදේශයම තමන්ට ගරු කරන තැනට පත් කර ගන්නවා.ඉතින් ඒ කොහොමද කියලා නරඹන්නට ඔබ සැමට ආරාධනා කරනවා. මේ චිත්‍රපටය තෝරා දීම වෙනුවෙන් සිසිල ප්‍රසාද් සහෝදරය විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා. තවත් ලස්සන සිනමා සිත්තමකින් හමු වන තුරු මම සමු ගන්නවා. ඔබ සැමට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Benuka-Nimhan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

37 thoughts on “Haseena Parkar (2017) Sinhala Subtitles | කෲර සමාජයක තම ඉරණම වෙනස් කිරීමට නොදුන් දිරිය කත [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සබට තැන්කු සහෝදරයා….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි මචන්..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kaveeshanethmal

    Nice work… Thnx for the sub..

    Reply
  • Damithmadu

    තැන්කු හොදේ

    Reply
  • godak thanx bro hindi film ekakata sub eka dunnata.
    thawath aluth hindi film ekakata sub eka ikmanatama demu..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • asankabalage

    thanks thawa ekak karamu

    Reply
  • ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Sub ekata thanks sahoo

    Reply
  • ඒෂාන් කාංචන

    tnx sub ekata jaya weva.

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • patta film 1k..thnks saho subata..jaya.

    Reply
  • gihan perera

    Thanks bro…good job and god bless you…thawa hindi aluth movie sub danne…thanks so much…

    Reply
  • ස්තුතීයි

    Reply
  • බෝම ස්තුතීයි සහෝ.පෞද්ගලිකව හිංදි නොබැලුවත් මේක නම් බලනවා…ජයහෝ

    Reply
  • Thamoth Kavinda

    ස්තුතියි බ්‍රෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *