Watch Trailer

Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බොඩිගාඩ් නිවාඩුව සහ අපරාධ හනිමූන් [සිංහල උපසිරසි] [18+]

නැවතත් ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් The Hitman’s Bodyguard (2017) කතාවට පසුව මයිකල් බ්‍රයිස්ට සිද්ධවෙන අලකලංචි වලින් පිරුණු දෙවනි චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි ඔයාලා හමුවට මේ ගොඩවදින්නේ. පලමු චිත්‍රපටයේ දී මයිකල් බ්‍රයිස් AAA (Triple A) ගණයේ ආරක්ශාව සපයන අති සාර්ථක ආරක්ශණ සමාගමක් මෙහෙයවනු ලබනවා. ඒ…

නැවතත් ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් The Hitman’s Bodyguard (2017) කතාවට පසුව මයිකල් බ්‍රයිස්ට සිද්ධවෙන අලකලංචි වලින් පිරුණු දෙවනි චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි ඔයාලා හමුවට මේ ගොඩවදින්නේ. පලමු චිත්‍රපටයේ දී මයිකල් බ්‍රයිස් AAA (Triple A) ගණයේ ආරක්ශාව සපයන අති සාර්ථක ආරක්ශණ සමාගමක් මෙහෙයවනු ලබනවා. ඒ වගේම කතාවේ සම ප්‍රධාන චරිතය වුනු ඩැරියස් කින්කේඩ් කියන කුලී මිනීමරුවා නිසා මයිකල් බ්‍රයිස්ගේ මේ සාර්ථක ආරක්ශණ සමාගම නැත්තටම නැතිවෙලා ඔහුගේ ආරක්ශණ බලපත්‍රය අවලංගු වෙලා යන්නේ, ඩැරියස් අතින් බ්‍රයිස්ගේ ඉහලම සේවාදායකයෙක් වෙන කුරසාවා කියන පුද්ගලයා ඝාතනය වීමත් සමගයි. නමුත් ඔහුට තමුන්ගේ පරණ පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවූ ආකාරයට උදව් ඉල්ලීමක් සිද්ධ වෙන්නේ බෙලරූසයේ ඒකාධිපති පාලකයාට එරෙහිව සාක්ශි දීමට සිටින සාක්ශිකරුවෙක් ආරක්ශා කරදෙන ලෙසයි. ඒ ආකාරයෙන් ඩැරියස් කින්කේඩ් සහ මයිකල් බ්‍රයිස්ගේ මුහුණට මුහුණ මුණගැසීමත් සාක්ශි දීමට උසාවි සංකීර්ණය දක්වා ඩැරියස් කින්කේඩ්ව ආරක්ශාකාරීව රැගෙන යාමත් සිද්ධ වෙන්නේ හාස්‍යජනක ගැටුම් රාශියක් මධ්‍යයේ. මේ ආකාරයෙන් සිදුවන කතාව අවසානයේදී මයිකල් බ්‍රයිස් ඔහුගේ ජීවිතය පරදුවට තබමින් ඩැරියස් කින්කේඩ් වෙඩි ප්‍රහාරයකින් බේරාගනු ලබනවා. මෙහිදී යම් ආකාරයක මිත්‍රත්වයක් මොවුන් අතර ගොඩ නැගෙන සේයාවක් සමගයි කතාව අවසන් වෙන්නේ.

දෙවනි කතාව ආරම්භ වෙන්නේ මෙම මුල් කතාවේ අවසානයයෙන් පසු කාලයක් පාදක කරගෙනයි. මයිකල් බ්‍රයිස් විසින් ඩැරියස් කින්කේඩ්ව ආරක්ශා කරගෙන උසාවියට එන අතරමගදී බ්‍රයිස්ට දැනගන්න ලැබෙන්නේ කුරසාවාගේ මරණයට වගකිව යුත්තා ඩැරියස් කින්කේඩ් බව දැනගන්නට ලැබෙන්නේ. ඔහුගේ පරිපූර්ණ ජීවිතය සීසීකඩ විසිරි විනාශ වී ගියේ ඩැරියස්ගේ ක්‍රියාවක් බව දැනගැනීමෙන් පසුව ඔහු තදින්ම මානසිකව පසුබෑමකට ලක්වෙනවා. තමුන්ගේ මනෝ චිකිත්සකවරියගේ උදෙස් මත ආරක්ශක වැඩ, අවි ආයුධ, ලේ ගැලීම් වලින් ඈත්ව නිස්කලංකව නිවාඩුවක් ගතකිරීමට යන්නේ මේ උපදෙස යටතේයි. නමුත් වැඩි කාලයක් මේ ආකාරයට ඔහුට නිවාඩුව ගතකිරීමට ලැබෙන්නෙ නෑ.

ඩැරියස් කින්කේඩ්ගේ පෙම්වතිය වුනු සෝන්යා දැන් ඔහුගේ බිරිඳ බවට පත්වුනු පසුව මධුසමය ගතකිරීමට ගිය දිනයත් බ්‍රයිස්ගේ නිවාඩුව ගතකරන දිනයත් එකිනෙකට සමගාමීව අහම්බයක් ලෙස සිද්ධ වනවා. එමෙන්ම ඩැරියස්ගේ පරණ සතුරන් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන යාමත් සමග සෝන්යාට තමුන්ගේ සැමියාව බේරාගැනීමට උදව් අවශ්‍ය වෙනවා. ඩැරියස්ගේ උපදෙස් මත ඇය මයිකල් බ්‍රයිස්ගේ උදව් පතාගෙන ඩැරියස්ව බේරාගැනීමට යාමත් සමගයි කතාව ආරම්භ වන්නේ.

ඩැරියස් බේරාගැනීමේ මෙහෙයුමත් සමග ඔවුන්ට තව තවත් රසවත් නමුත් භයානක කරදර සමූහයකටම මුහුණ දෙන්න සිදුවනවා. මයිකල්ට තමුන්ගේ නිවාඩුව අහිමිවීමත්, සෝන්යාට තමුන්ගේ මධුසමය අහිමි වීමත් අතරේ ජීවිතය බේරාගැනීම දෙපාර්ශවයටම පොදු කාරණාවක් බවට පත්වෙනවා. ඒ අතරතුර තවත් පාර්ශවයන් කිහිපයකින්ම ප්‍රශ්ණ ගැටලු ඔවුන් තිදෙනාටම යොමුවන අතරේ තමුන් තිදෙනා අතරේ තියෙන පෞද්ගලික ප්‍රශ්ණත් ඒ අතරටම පැමිණීමත් සමග ඔවුන් විශාල අවුලකට පත්වෙනවා.

සෝන්යා කින්කේඩ් සහ ඩැරියස් කින්කේඩ් යන දෙපල තරමක් නපුරු චරිත දෙකක් වගේම කිසිම පාලනයක් නොමැති චරිත දෙකක් ලෙස කතාව තුලින් තදින්ම මතුවන්නේ ඔවුන් දෙපලගේ ආදරණීය පරුෂ වචන නිසාවෙන්. ඒ නිසා පොඩි අයට මේ කතාව බලන්න එපා කියලා කියන ගමන්ම මම අදට සමුගන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / Extended WEB / Extended Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

56,522 downloadsDownload Hitmans-Wifes-Bodyguard-2021-Extended-Blu-Ray.zip272 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

56,522 downloadsDownload Subtitles272 KB

98 comments

  1. Lahiru

    උපසිරසියට ස්තුතියි සහෝ
    බලන් හිටියේ සබ දෙනකන් බයිස්කෝප් එකේ
    වෙබ් කොපිය තාම ඇවිත් නැද්ද සහෝ

    1. Anonymous

      web copy eka thiye

  2. Kushan

    Sub akta thanks

  3. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. wije

    Fear Street 2021 sub denne nadda

  6. Anonymous

    Thanks bokka❤️

  7. indika 75

    thanks..

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    1. Kesara

      I care a lot sub eka denne nhththe ay
      ado y bn dn kochchara kalda

  9. Jameel

    Thanks brow. Supiri wade

  10. Anonymous

    Thank u

  11. Sahan

    Ryan innawana nm ithin aniwa baamak tmai
    Thnkz brother

  12. Bobby

    Thank you very much Pranith

  13. Charith

    සබ් එකට තෑන්ක්ස්

  14. Anton priyahantha

    Great!.. Thank you!

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  16. Anonymous

    Thanks bro❤️

  17. Sandaras

    Thankuu bro

  18. Anonymous

    Plz update webrip

  19. Tharindu07

    Thanks Machooo....!!!! Jayaweva....!!!

  20. Anonymous

    තැන්කු වේවා

  21. Anonymous

    බොහොම ස්තූතියි සහෝ සබ් එක එනකං බලන් හිටියෙ

  22. Roshan

    Tnx bro...Good luck...

  23. සාරංග ජේ. ලියනගම

    Thanks

  24. Anonymous

    Ela ela

  25. Anonymous

    Thanks

  26. Anonymous

    Thnkz bro

  27. jeewan

    Bro shock wave 2021 sub danna puluwanda?

    1. Anonymous

      Sweeny paris 1 puluwannam try karanna

  28. Gayan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  29. Yash

    තෑන්ක්ස් සහෝ

  30. Pramukmili

    Thanks bro........

  31. Udaya Fdo

    Thank you

  32. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  34. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  35. ඇරිස්ටෝටල්

    අම්බෝ මේවනෙ කොල්ලො සබ්. කෙලින්ම අමුවෙන් දෙන්නෙ, කැ# සබ් එක. ෆිල්ම් එකත් සුප්ප සබ් එක නිසා. පට්ට පහරක්

  36. Shaggy

    Thank you very much

  37. madushan

    thanks sub akata

  38. Anonymous

    Sub එක සෙට් වෙන්නේ ණෑ හු#&

  39. nimesh

    thanks.. space jam eke sub ekath dennako

  40. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  41. Kantha_DLA

    can update to extended version please.......

  42. Tharindu Wickramasinghe

    Thank you bro sub ekata.
    Puluwan nam extended version ekatath update karanawada?

  43. Suraj

    plz update extended version

  44. Anonymous

    සබ් එකට thanx extended ekata update eka dennako

  45. sasanka sathyajith

    Thanks for the sub

  46. jagath55

    Thanks

  47. Anonymous

    mhattayoo meka webrip ekata hadanna barida

  48. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!

    1. Tharindu Lakmal

      Sub eka Update karanna Full ekatta

  49. Janiru

    web rip ekata update karanna

  50. Kaushan

    WEBrip එකට update කරන්නෝව් ❤️

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.